Pages

Saturday, June 29, 2013

බයිසිකල් නගරාධිපති

                                                            (නගරාධිපති ලෙස දිවුරුම් දුන් දා)
මේ දවස් වල මම උදේට දකින දර්ශනයක් තමා මේ බයිසිකලෙන් නගර සභාවට වැඩට යන මම ඉන්න නගරේ පලමු පුරවැසියා හෙවත් නගරාධිපති මහත්තයා.දැන් සතියක් විතර ඇති නගර සභා චන්දෙන් දිනලා වැඩ බාර අරගෙන.
ඉතාලිය අද ආර්ථික අතින් ගොඩක් පසු පස්සට ගිහින් කියන එක කියන්නත් දෙයක් නෙමේ,ප්‍රධාන පක්ශ 2 එකතු වෙලා හදපු හවුල් ආණ්ඩුව පවතින ආර්ථික අපහසුතා වලින් ගොඩ එන්න පුදුම වෙහෙසක් ගන්නේ,මේ ආර්ථික පසු බැස්ම නිසාමද කොහෙද මධ්යම වාමාංශික,දක්ශිනාංශික පක්ශ දෙක එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ.මේ අතරම මිනිස්සු පවතින දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන්න අරගෙන,දේශපාලන විරෝධී ‍රැල්ලක් ඉස්සරහට එනවා,පාර්ලිමේන්තු මැතිවරනෙදි ඒ ‍රැල්ල ගොඩක් ඉස්සරහට ආවා,ගොඩක්ම ඉදිරියට ආවේ විකට නළුවෙක් උනු ග්‍රීල්ලෝ හරහා,,,ජන්ද වයාපාරයේ ලොකු කොටසක් කලේ අන්තර්ජාලය හරහා,බ්ලොගර් සහ ‍ටුවිටර් විශාල වැඩ කොටසක් කලා,ග්‍රීල්ලොගේ බ්ලොග් එක ලෝකේ වැඩිම පිරිසක් නරබන බ්ලොග් කීපය අතරට ගියා,
මේ දේශපාලන විරෝධී ‍රැල්ල එක්ක තමා මේ නගරාධිපතිත් ඉස්සරහට ආවේ,ඉතාලියේ පසුබෑම පටන් ගත්තු නගරයක් තමා මම මේ ඉන්න නගරය,අද වෙනකොට නගර සභාව හිගන නගර සභාවක් වෙලා,,කොටින්ම පාර සුද්ද කරන මිනිස්සුන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ,මේකට ප්‍රධානම හේතුව හොරකම,කොමිස් කෑදර කමෙන් කරපු අසාර්ථක ව්යාපෘති,හැබැයි හොරුන්ට නිදහසේ ඉන්නත් නෑ දැන් එක එකාව අල්ලන්න අරගෙන,කට්ටියක් හිරේ දැනටමත්.
අවුරුද්දක්  විතර නගරාධිපති කෙනෙක් නැතිව කොමසාරිස් කෙනෙක් යටතේ දුවපු මේ නගර සභාවට පහු ගිය මාසේ ජන්දයක් ආවා,ප්‍රධාන පක්ශ වලට අමතරව ස්වාධීනව ඉල්ලපු අයත් උන්නා,,,ඒ අය තමා පවතින දේශපාලනයට විරෝධී ‍රැල්ල,බයිසිකල් නගරාදිපති භෞතික විද්‍යාව  ආචර්යවරයෙක්,මෙයා ඉතාලියේ උඩ කොටස සහ සිසිලි දූපත යා කරන්න හදන්න හදන පාලමට විරෝධය පලකරන කණ්ඩායමේ ඉදිරි නියමුවෙක්,මෙයාගේ ගමන බිමන කොහොමත් උනේ බයිසිකලෙන් ඉතින් ජන්ද මෙහෙයුම පටන් ගත්තෙත් බයිසිකලෙන්ම තමා,,,
ලොකු වාහන පේලියක්,ශරීර ආරක්ශකයෝ,විශාල වේදිකා, කොටින්ම විශාල ‍රැස්වීම්වත් තිබුනේ නෑ,, ඩෙනිම් කලිසමයි,පාලම් විරෝදයට ගහපු ටී ශර්ට් එකයි ඇදගෙන බයිසිකලෙන්ම එනවා, පොඩි හන්දි වලට,එතන පොඩි ‍රැස්වීම් ලෑස්ති කරනවා,,ඔහොම ක්‍රමයක් තමා ගියේ.

ජන්දයේ පලවෙනි වටෙදී  මධ්යම වාමංශික පක්ශ හවුලෙන් නගරාධිපති තනතුරට තරග කරපු තරුන අපේක්ශකයා දිනනවා,මීට ඉස්සල්ල බලේ තිබුනු පක්ශය 3 තැනට විසි වෙනවා,අපේ බයිසිකල් අපේක්ශක තුමා 2 තැනට එනවා,,,අවුරුදු 60 විතර උනාට තනිකර තරුණයෙක් වගේ හැසිරීම වැඩ,කිඩ,දැන් ඊලග වටයට සූදානම් වෙනවා,,,මේ වටේ 1 සහ 2 ස්ථාන ගත්තු අපේක්ශකයෝ 2 අතර විතරයි ජන්දය,මූනට මූනලා කරන රූපවාහිනී විවාදයෙදී අපේ බයිසිකල් මහත්තයා සෑහෙන ඉදිරියට එනවා,,
දෙවෙනි වටේ ජන්දයෙන් බයිසිකල් මහත්තයා දිනනවා,අලුත් නගරාධිපතිගේ කියන්න කාරනා ගොඩක් තියනවා,,මෙයාගේ තිබුනු සරලකම තමා ජන්දය දිනන්න ගොඩක් බලපෑවේ,සරල මිනිහෙක් වෙන්න මූලිකව බලපාලා තියෙන්නේ ටිබෙට්වලට ගිහින් බුදු දහම හැදෑරීම,මෙයගේ ලෝකේ වීරයෝ තමා මාටින් ලූතර් කිං,දලයි ලාමා,ප්‍රැන්සිස් පාප්තුමා,මේ මිනිස්සුන්ගේ තියන සරලකම එයාගේ ජීවිතේට ලොකු වෙනසක් කලාලු,ඒ අතරින් බුදු දහම එයාට සෑහෙන බලපැමක් කලාලු,ඒ සරලකම දකපු මේ මිනිස්සු මෙයාව විශ්වාස කලා,තමන්ගේ කඩා වැ‍ටුනු නගරේ මෙයා ගොඩ ගනී කියන එක අද සේරම විශ්වාස කරනවා,,නගරේ දියුනුව අපිටත් ගොඩක් දුරට බලපාවි.
මම මේ කල්පනා කලේ බුදු දහම තියන අපේ රටේ දෙශපාලකයන්ට මේ වගේ සරලකම පුරුදු වෙන්න බැරි ඇයි කියන එක,බලන් යනකොට මේ මිනිස්සු අලුතෙන් බුදු දහම ඉගෙන ගෙන ඒකත් තමන්ගේ රටේ දියුනුවට හරවන්න අරගෙන,අද කොහොමත් මෙහෙ දේශපාලනේට සරලකම ලොකු ආයුධයක් වෙලා,,මිනිස්සු පිලිගන්නේ ඒ සරලකම.

                                                         (නගරාධිපති මහත්තයා බයිසිකලෙන්)

23 comments:

  1. මේකෙන් අපේ රටට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනෙවා. ලෝකෙටම බුදු දහම දුන්නත් අපේ රටේ අය එක හරියට පිලි පදින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ "බෞද්ධාගම" කියන සංකල්පය fail.

      Delete
    2. @සුධීක -අපේ අය ඉගෙන ගන්නේ නෑ නේ

      Delete
  2. ඉතාලි නගරාධිපතියෝ බයිසිකලෙන් යනවා. අපේ උන් පෙජරෝ වල යනවා.

    එතකොට..

    අපේ මහජනයා බෝට්ටුවලින් හරි ඔහෙ පනින්න හදන්නෙ ඇයි බං ?

    :D

    ලංකාවෙ උන්ට මාර ඇම්මක් බං තියෙන්නෙ.

    “බඩට නැති වුනත් ලුණු කැද.. පයට ඕනමයි විල්ලුද...“

    ReplyDelete
    Replies
    1. @සෑම් - මචං අපේ උන් බෝට්ටු වල යෑම නැවතුනා 2003 දී,,,දැන් අමාරු උනාට පොඩ්ඩක්,මේ රටින් ගොඩ ගියා ඕනා තරම්
      අපේ උන් බයිසිකලෙන්ම යාවි ඇඩ් එකට පොඩ්ඩක් නම්

      Delete
  3. බෙලුස්කෝනි ගොයියට හුරේ දාන කට්ටිය තාම ඉන්න එකේ, මේ වගේ ආයාසයන් නිකන්ම තනි සිද්ධීන් වෙන්නත් ඉඩ තියෙනව. ඉතාලියේ සහ යුරෝපයේ යහපතට එහෙම නොවේවා, කියල ප්‍රර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. @මුහුදු -බෙරාව විශ්වාස කරන මිනිස්සු තාම ඉන්නවා බන්,,,ඒ අස්සෙන් ඔන්න අර රූබි කෙල්ලගෙ කේස් එකට මිනිහව අච්චු කලා

      Delete
  4. ලංකාවේත් ත්‍රීරෝද රථ රියදුරෙක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති වුණේ :D

    ReplyDelete
    Replies
    1. @හසිත -මට මතකයි පොරව බලෙන් නගරාධිපති කලා නේද හසිත

      Delete
  5. ආදර්ශමත් නගරාධිපති කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. @නලිනි- නලිනි අක්කේ ඇත්තටම මේ මනුස්සයා වෙනස් වෙන එකක් නෑ මේ ඉන්න විදිහෙන්

      Delete
  6. සරලකමයි සතුටයි එකට බැදිල තියෙන්නෙ,

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. @සිතුම් .හරියටම හරි

      Delete
  7. අපූරු සටහනක්... මෙවැනි මිනිසුන් ගැන අහද්දි සතුටක් දැනෙනවා තාමත් මනුස්සකම රැක ගත්ත මිනිසුන් ඉන්න එක ගැන.. විශේෂයෙන්ම තමන්ගෙ රටට ජනතාවට ආදරය කරන දේශපාලඥයො ඉන්න එක ගැන... අපට නැති උණත්...

    ReplyDelete
    Replies
    1. @තරු - අපේ රටටත් මෙහෙම අය එන්න කියලා ප්‍රාර්තනා කරමු

      Delete
  8. මචං මෙහෙ නගරාදිපති පයින් යන්නෙ .....මොකද වෙනීසිය ඇතුලෙ වාහනවත් බයිසිකල් වත් යන්න බැහෑනෙ ..... කුණු සුද්ද කරන මිනිහත් එක්ක බාර් එකකට ගිහින් දෙන්න එකට කපුච්චීනො එක බීලා එකට බ්‍රියෝශ් එකක් කාලා තමා වැඩ පටන් ගන්න යන්නෙ. ඒක මෙහෙ ඉන්න ඕනෙම කෙනෙක් දන්නවා.....සාමාන්යම සරල ජීවිතයක ගත කරන මනුස්සයෙක්...... අපේ මිනිස්සු කීයටවත් කරයිද ?

    ReplyDelete
    Replies
    1. @ශශී -අපේ රටේ එහෙම දෙයක් කවදාවත් වෙන එකක් නෑ බන්

      Delete
  9. මට අර නස්රුදින්ගේ කතාව මතක් වුනා. අර රජ්ජුරුවෝ ඇමති කමක් දෙන්න සුදුස්සෙක් ‍තෝරන කාලේ පොර හිටියලුමාලු දැලක් පොරවගෙන. මොකද කියලා ඇහුවම කිව්වලු පොර ඒකාලෙ කරපු රස්සාවට කෘතඥ වෙන්න කියලා. ඉතින් රජ්ජුරුවොත් පැහැදිලා මේකට ඇමති පට්ටම දීලා.
    පස්සෙ පාටියකදි රජ්ජුරුවෝ දැකලා පොර මාලු දැල නැතුව ඉන්නවා. මොකද කියලා ඇහුවම කිව්වලු, "මාලුවා අල්ල ගත්තට පස්සෙ මොකටද රජතුමනි ආයෙ මාලු දැලක්," කියලා.

    මට ඉතින් ඔය කතාව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. @ඩූඩ් -මම හිතන්නේ නෑ මෙයා එහෙම වෙයි කියලා

      Delete
  10. නගරාධිපති පාලමට විරුද්ධ වෙන්නේ ඇයි?ඔහු මාෆියා සාමාජිකයෙක්ද?මා අසා තිබෙන කරුණු අනුව සිසිලි දුපත් වලට යන පාලම්පාරු සේවය මෙහෙයවන්නේ මාෆියා සංවිධානය.

    ReplyDelete
    Replies
    1. @ඇනෝ - එහෙම කතා තියනවා ඇනෝ ඔය පාලම් කේස් එකේදී,,,ඒත් කන්ඩායම් දෙකක් ඉන්නවා පාලමට විරුද්ද එක කස්ටියක් වාමාංශික එයාලා පාලමට වියදම් කරන සල්ලි ඉල්ලනවා සිසිලිය ගොඩ ගන්න පුලුවන් කියලා ඒ මුදලින් ,,,පරිසර හිතකාමින් සෙට් එකක් විශාල පරිසර හානියක් වෙන නිසා විරෝදයි,,,,

      Delete
    2. මෙයා අර වාමාංශික කන්ඩායමේ කෙනෙක්

      Delete
  11. වෙනරටවල ඉන්න මෙවගෙ මිනිස්සු ගෑන ඔන තරම් අහල තියෙනව.එත් අපෙරටෙ ??????????????????

    ReplyDelete