Pages

Sunday, December 30, 2012

දික්කසාදය රන්විමනක් කර ගත් ගෑණු

මුලින්ම කියන්නම් ඔන්න මේ පෝස්ට් එක බලන ගෑල්ළමෝ එහෙම මේවගේ කරන්න එපා ඔන්න. එක්කෝ සල්ලිකාරයන්ට කලත් අපි වගේ අසරණයන්ට නම් කරන්න එපා,එහෙනම් මුලින්ම කියන්නම් ඇයි මම මේ වගේ දෙයක් ලියන්න හිතුවේ කියලා.
පහු ගිය දිනක ඉතාලියේ පුවත් වල අපූරු පුවතක් ගියා ඒකත් ඉතින් අර ගෑණු හින්දම විහින් නැහෙන හිටපු අගමැති බෙරලුස්කෝනියා ගැනම තමා,බෙරාට මේ සැරේ උනේ දෙවෙනි ගෑණිගේ දික්කසාද නඩත්තු කේස් එක. මේ බෙරාගේ නිවුස් එකත් එක්ක ලෝකේ සල්ලිකාරයෝ දික්කසාද කරපු ගැණුන්ට ගෙවන නඩත්තු ලිස්ට් එකකුත් දාලා තිබුනා ඒක දැකපු මට කලන්තයක් වගේ ආපු නිසා බ්ලොග් එකට දාලා උබලවත් කලන්තේ හදවන්න හිතුනා.එහෙනම් අපි යමු ලිස්ට් එක බලන්න

1.හිටපු ඉතාලි අගමැති සිලිවියෝ බෙරලුස්කෝනි සහ දෙවෙනි දික්කසාද බිරිය වෙරෝනිකා ලාරියෝ.
 වෙරෝනිකාගේ නඩත්තුවට බෙරා දිනකට ගෙවන ගාන යූරෝ 100000 කි. (මෙච්චර ගානක් මොනා නඩත්තු කරන්න වැය වෙනවද මන්දා)


2 .ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකේ මුල් පෙලේ ඉන්නා රූබර්ට් මර්ඩොක් සහ දෙවනි දික්කසාද බිරිය වෙන්ඩි ඩෙන්ග්.
වෙන්ඩිගේ නඩත්තුවට රූබර්ට් නාකියට ගෙවන්න සිදු උනාලු  ඩොලර් 1700000000
 3. පෝමියුලා  ධාවන තරග අධ්යක්ශක සහ ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකේ ඉන්න බර්නි එක්ලෙස්ටෝන් සහ ස්ලාවිකා එක්ලෙස්ටෝන්
බර්නිට ගෙවන්න උනාලු ඩොලර් 1200000000 මුදලක්,,අපෝ මේ යකාට මේ ගැණිගේ උසටද කොහෙද මේ තරම් මුදලක් ගෙවලා තියෙන්නේ.

4. අංක 1 ගොල්ප් ක්‍රීඩක ටයිගර් වූඩ්ස් සහ එලින් නෝර්ඩග්‍රේන්, ගොල්ප් ගහලා ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකට ගිය ටයිගර්ට දික්කසාදයෙන් එලින්ට ගෙවන්න උනාලු ඩොලර් 750000000 මුදලක්, හයියෝ සල්ලි


5. ලෝක ප්‍රසිද්ධ සිනමා අධ්යක්ශක ස්ටීවන් ස්පීල්බර්ග් සහ ඇමී ලිරින්ග් ගේ දික්කසාදෙන් ස්පීල්බර්ග්ට ගෙවන්න උනාලු ගැණිගේ නඩත්තුවට ඩොලර් 100000000 මුදලක් අයියෝ ජුරාසික් පාර්ක් සල්ලි


6.සිනමා නලු හැරිසන් පෝර්ඩ් සහ අයියෝ පොරට ගැණු 2ක්ට ගෙවන්න වෙලා දැනට 3 ගැණි එක්ක නම් ඉන්නවලු.
  පළමු බිරිය මේරි මාර්ක්වර්ඩ් ට ගෙවන්න උනාලු ඩොලර් 95000000
දෙවෙනි බිරිය මෙලිස්සා මැතිශන් ට ගෙවන්න උනාලු 85000000,ශා පොඩි ඉතුරුවක් හිටලා දෙවෙනි පාර
7. ලෝක ප්‍රසිද්ධ ඉතාලි ඔපෙරා ගායක ලුසියානෝ පවරොත්ති සහ පළමු බිරිය අදුවා වෙරෝනි
 පොරත් විවාහ 2ක් ගිරිය පැලෙනකන්  කෑ ගහලා පොරටත් සැහෙන්න ගෙවන්න වෙලා දික්කසාදෙට, පස්සේ ඉතින් තරුන කෙල්ලෙක් එක්ක විවාහ වෙලා ඒකට වෙන්න ඇති අච්චර ගෙවුවේ. පොර ගෙවලා පවුම් මිලියන 80ක්.






8.අපේ ගමේ ගඩොල් පෝරණු රැකියාව කරන උපාලි දික්කසාදෙන් එයාගේ පවුලට රුපියල් 2000 ගෙවනවා,,අනේ උන් දෙන්නා කාගෙද කීමකට රෑවටිලා දික්කසාදෙට ගිහින් දෙන්නා රෑට අඩියක් ගහලා ගහ මරා ගත්තට හොදට හිටි ජෝඩුව.

තව ලිස්ට් එකක් තිබුනා මේ හොදටම ඈති මෙන්න මෙහෙම තමා ලෝකේ ඉන්න සල්ලි කාරයන්ගේ ජීවිත ගෙවෙන්නේ,,සල්ලි නෑති අපේ ජීවිත මොන තරම් සුන්දරද?












22 comments:

  1. බය වෙන්න එපා මචං අපේ රටේ ගෑණු ඔච්චර සල්ලි තියෙන මිනිහෙක්ව ලේසියට දාලා යන්නෑ. දාලා ගියොත් දාලා යන්නේ සල්ලි නැති නිසා තමා! :D

    ReplyDelete
  2. මේක මම කාලෙකට කලින් අහපු කතාවක්.. එක ඉංජිනේරුවෙකුට හොඳ බර පඩියක් තිබුනලු.. මිනිහට කොල්ලො තුන්දෙනෙකුත් ඉඳලා.. අවුරුදු 20, 18 වගේ.. කාලයක් යද්දි මිනිහගෙ බිරින්දෑ පුතෙකුගේ යාලුවෙක් එක්ක මෙව්වා එකක් පටන් අරන්.. මිනිහට මේක අහුවෙලා අවවාද කරත් හරිගියේ නෑලු.. අන්තිමට මිනිහා තීරණය කරාලු ගෑණිව දික්කසාද කරන්න.. ලොකු නඩත්තුවකුත් ගෙවන්න නියම උනාලු...

    මිනිහාට තිබ්බ ලොකුම අවුල ගෑණිව දික්කසාද කරනවාට වඩා ලොකු නඩත්තුව ගෙවන එකලු.. මොකද රස්සාවක් නැති අර කොල්ලටත් ගෑණිටත් මිනිහාගෙ නඩත්තු මුදලින් ජීවත් වුනෑකිනෙ.. මම මොකටද අනුන්ගෙ පවුලක් නඩත්තු කරන්නෙ කියන සිතිවිල්ල ආපු මිනිහා නීතිඥයාගෙන් ඇහුවලු නඩත්තු නොගෙවා බේරෙන ක්‍රමයක්.. නීතිඥයා කියපු විදිහට බේරෙන්න තිබ්බ එකම ක්‍රමය තමුන්ට නඩත්තු ගෙවන්න තරම් ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන බව ඔප්පු කිරීම පමණයි.. මිනිහා ඉංජිනේරුකම අතෑරලා රියදුරෙක් උනාලු..

    ReplyDelete
    Replies
    1. මේක නම් මරු අදහසක් තමා හරී

      Delete
  3. අනේ පවු ඒ මිනිස්සු කිම්බක් නිසා නැහෙන හැටි විතරක්...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන් කිම්බේ බලේ තමා ඔය

      Delete
  4. කසාදයක් කර ගන්නත් බය හිතෙනවා මෙව්වා දකිද්දි

    ReplyDelete
    Replies
    1. කර ගන්නත් වෙනවා බන් බය පැත්තක තියලා

      Delete
  5. මේ ලගට ඔබ විය හැක ...
    ( අවදානයෙන් විවාහය රැකගන්න )

    ReplyDelete
  6. සනත් ජයසූරියට කියක් ගෙවන්න උනා කියල කව්රු හරි දන්නවද???

    ReplyDelete
    Replies
    1. නෑ නේ දන්නවා නම් කියපන්කෝ

      Delete
  7. දික්කසාද කරනවට වඩා අමාරුවෙන් හරි තියන් ඉන්න එක හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. හොදම දේ හරීගේ ක්‍රමේ නැත්නම් කට්ට කාගෙන ඉන්න එක තමා බන්

      Delete
  8. ඇගේ හිරිගඩු පිපෙනව...

    ReplyDelete
  9. 2013 දී සැමට මනසින් විමසා ගන්න පුළුවන් හොඳම යහපත් තීරණය තුලින් ජිවිතය ජිවත් කරලිමට හැකි වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  10. මේකේ නොම්මර 2 ට තියන එකනම් වැරදි. Wendi Deng කියන්නේ Rupert Murdoch ගේ තුන්වෙනි බිරිඳ සහ ඒගොල්ලෝ දික්කසාද වෙලා නෑ. මේ ලෝකේ සල්ලි කාරයෝ බඳින්නේ රූපේ ලස්සන ඉගනගත්තත් වැඩක් නොකරන ගෑනු උනාට Wendi Deng තාම මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි ඉතින් එයාගෙ පටන් ගැන්මනම් ටිකක් අවුල් තමයි :)

    ඒවගේම තමයි දික්කසදෙන් පොඩි ගානක් ගෙවල බෙරිච්ච සල්ලි කාරයොත් ඉන්නවා තමන්ගේ හුඟක් සල්ලි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා. ඒවා නඩුවකදී වත්කම් විදියට ගණන් ගත්තට බෙදන්නේ නැහැ.

    ReplyDelete
  11. oya kisima deyak wandi hatiyata labunu nathi gahanu ayath lankawe innawa... ganu kenage waraddak nathiwath....

    ReplyDelete
  12. අපේ අම්මේ... ඕක එන්න එන්නම ලංකාවෙත් බෝවෙනවා වගේ.

    ReplyDelete