Pages

Thursday, July 19, 2012

වාසනාව දොර ඇරලා බලනවා...


ඒ 2002 අවුරුද්ද මට මතක විදිහට ,සාලේ බත් කනවා මහජන සම්පත බලන ගමන්, එක පාරටම කාපු බත් කට හිර උනේ මහජන සම්පතට තෑග්ග ගන්න ආපු පොරව දැකලා,හුටස් ඒ උන්නේ අල්ලපු ගමක තිබුනු කොළනියේ සරත්,නම සරත් උනාට මිනිස්සු සේරම කිවුවේ සරා කියලා අපේ පැත්තේ ගඩොල් පෝරණුවක වැඩ කලේ,සරා තෑග්ග ගන්නකොට මම හිතන්නේ ඒ වෙලේ මිනිහව දන්න අපේ පැතිවල මිනිස්සුන්ගේ හාට් නවතින්න ඇති,මට කාපු බත් කට හිර වෙලා කැස්සකුත් ආවා,මිනිහා සුපිරි තෑග්ග දිනලා මට මතක විදිහට කෝටියක්,පහු වෙනිදා ඉදන් මැටි ගොඩවල් එක්ක ඔට්‍ටු උනු නිකන්ම සරා කෝටි සරා උනා,මිනිහගේ නමට ඉස්සරහින් කෝටි කියන නම වැ‍ටුනා, සතියක් දෙකක් යද්දී සුදු සරමයි සුදු කමිසෙයි අදගත්තු කෝටි සරා හැමතනම යන්න ගත්තා අලුත්ම හොන්ඩා බෙන්ලියක, වෑන් එකක් ගත්තා,ටිපර් එකක් ගත්තා,ලොකු පොල් ඉඩමක් ගත්තා,කෝටි සරා සුදු කමිසේ බොත්තම් භාගයයි දැම්මේ අර හිල් හිල් මේස් බැනියමක් ඇදන් ලොකු චේන් එකක් දාගෙන උන්නේ,කමිසේ සාක්කුවේ 1000 කොළ කීපයක්ම තිබුනා කොයි වෙලෙත්,කෝටි සරා දැන් මුදලාලි කෙනෙක්.
ඔහොම යනකොට කෝටි සරාට යාලුවෝ ගොඩක් සෙට් උනා,මිනිහා හැමදාම චයිනීස් වල බොනවා, ටික දවසක් යනකොට මීගමුවේ පැත්තේ කැරෝකේ වලටත් යන්න ගත්තලු,සල්ලිකාරයා වෙන්න ඉස්සල්ලත් මිනිහා බූරු පොලවල් වල උන්නේ ගඩොල් රස්සාවෙන් හොයපු සල්ලි වලින්,දැන් මිනිහා සුපිරි බූරු පොලවල් වලට යන්න ගත්තා,40 පැනපු පොර උනාට දැන් සල්ලි තියනවා නේ,,මිනිහට හැමතැනම ගැණු ඉන්න ගත්තා,ඉස්සර මැටි නාගෙන උන්නු සරා දිහා බැලුවෙවත් නැති ගෑණු සරාගේ පස්සෙන් දැන් එක දිගට,, මැටි නාගෙන උන්නු සරාගේ ගෑණිත් අලු ගසා දාලා හැඩ වැඩ වෙලා උන්නා,, ඒ වෙනකොට ඉතින් සරාගේ වටේ උන්නු අලුත් යාලුවොත් සරා නැති වෙලාවට ගෙට රිංගුවලු, කෝටි සරා යුවල සුපිරි ජීවිතයක් ගෙනිච්චා තමන්ගේ දරුවනුත් එක්ක, දෙන්න සමගියෙන් සමාදානෙන් සතුටින් දෙන්නගේ ජීවිතේ ගෙනිච්චා,සරාගේ වටේ උන්නු ගැණු කීප දෙනෙක්ම ගෙවල් දොරවල් හදාගෙන තිබුනා ,ඒ වගේම තමා ගෑණිට ලංඋනු මිනිස්සුත් යහමින් සල්ලි කඩාගෙන තිබුනා.
2012 වෙනකොට කෝටි සරා ජෝඩුව ආයේ මැටි ගොඩට වැටිලා, මොකෝ උනේ සරා කියලා අහනකොට ජෝඩුව දෙන උත්තරේ හොද හිනාවක් එහෙම දාලා රුපියල් 10 ක් කරපු කෙළිය ඔය මදෑ කියනවලු, දෙන්නගේ හිතේ කිසිම දුකක් නෑලු දෙන්න සාමයෙන් සමාදානෙන් ආයේ මැටි ගොඩේ.
සිරිපාලත් ඔය අහල පහල ගමක පොඩි ගඩොල් පෝරණුවක් කරගෙන ජීවිතය ගෙනියපු පොරක්,මිනිහගේ ජීවිතේ වෙනස් කලා එක කතරගම ගිය ගමනකින්,ඔය කතරගම ගමනකදී මිනිහට කවුද සාස්තර කාරයෙක් කියලා තියනවා ඔයාට ලගදිම ලොකු ලොතරයි දිණුමක් අත ලග කියලා,අනේ අසරණය ගමට ආපු දා ඉදන්ම ලොතරයි ගන්න ගත්තා පිස්සුවෙන් වගේ,කාලයක් ඔහොම ලොතරයි එක්කම ඔට්‍ටු උනු මිනිහට පොඩියට කරන් ගිය ගඩොල් පෝරණුවත් අතපසු උනා,වැඩි කාලයක් ගියේ නෑ සේරම බංකොලොත් වෙලා මිනිහා මානසික ලෙඩෙක් උනා,පහු ගිය කාලෙම මානසික ලෙඩේට බෙහෙත් ගත්තලු දැන් නම් පොඩියට ආයෙත් ගඩොල් පෝරණුව පටන් අරගෙන.
ඔය ගමක මම දැකපු චරිත දෙකක්, මහා ලොකු දෙයක් නැති උනාට ඒ චරිතත් එක්ක අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩයි කියලා මට හිතුනා.

19 comments:

  1. wasanawa athatama awath karume thama neh.ayiyo salli.

    ReplyDelete
  2. රුපියල් 10ට කරපු හරිය මදෑ බං.. ආයෙ තව මොනවද..

    ReplyDelete
  3. හයියෝ සරා!!!! ;)

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete
  5. ඔන්න මමත් ආවා. මමත් දන්න කෙනෙක් ඉන්නව ඔය සිද්ධියම උනු. මිනිහටත් කෝටියක් වගේ ගානක් හම්බ උනා. ඉතුරු හරිය ඉතින් ඔය වගේම යි. දිනුමක් ඇදෙයි කියලා බලාගෙන හැමදාම ස්වීප් ගන්න අය ඕන තරම් ඉන්නව. ඒත් ඇදෙන්නේ 20 ට තමයි. දෙය්යෝ දෙන්නේ එක්කෝ සල්ලි, නැත්නම් මොලේ. ඔය දෙකම දෙන්නේ නෑලු නේ.

    ReplyDelete
  6. මම පත්තරේක කියෙව්වා එක මනුස්සයෙක් තමුන්ට ඇදුනු කෝටි දෙක අවුරුදු දෙකෙන් වියදම් කරලා දැන් කඩේක තේ හදනවා කියලා..

    ශිහ්.. හරියට වියදම් කරන්න දන්න අපිට වැටෙන්නෙ නෑනෙ ඔව්වා..

    ReplyDelete
  7. "ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ " කවිය ලිවුවෙ නිකම්යැ ඒ කාලෙ

    ReplyDelete
  8. මේ කතාව පත්තරේකත් ගියාද කොහෙද. එකෙත් අන්තිමට වාර්තාකරු අහනව ආයෙ ටිකට් එකක් ගන්න අදහසක් නැද්ද කියල. මිනිහ උත්තර දෙනව 'රුපියල් 10 ක් කරපු හරිය මදිද මහත්තයො' කියල.

    ReplyDelete
  9. උඹත් ඔය පොඩි පොඩි සූදු ගනුදෙනු වලට සම්බන්ඬ වෙලා රට රට වල මිනිස්සු රවට්ටනවා කියලා මම අහලා තියෙනවා... ඒක ඇත්තද..?

    ReplyDelete
  10. සල්ලි තිබුනට වැඩක් නෑ හරියට වියදම් කරන්න දන්නේ නැතිනම්. ඒත් ඉතින් ලෝබයා වගේ ස්ල්ලි පොදි ගහගෙන ඉඳලා වැඩක් තියෙනවාද ? :D

    ReplyDelete
  11. ඔය බීටලයියා කියා ආරංචිය මටත් ආවා. පරිස්සමෙන් මචං ආයේ පිස්සු හැදිලා තමයි නවතින්නේ! පේනවනේ සරාට වෙච්චි හදිය! :D

    ReplyDelete
  12. ඔය කතාවට සමාන කතාවක් මමත්අහලා තියනවා
    මේ කතාව ඒකට වඩා ලස්සනයි

    ReplyDelete
  13. @අවතාර් -වාසනාව විතරක් තිබිලා බෑ බන්

    @පසන් - ඒක ඇත්ත බන් උන් ජෝඩුව හරි එක අතකට

    @හසී -හයියෝ සරා ගොයියා

    ReplyDelete
  14. @හිරු හිමාවි - හ්ම් බලන්නකෝ උනු වැඩේ නේ

    @චන්දන -එක්කෝ රු.10 මොළෙත් එන්න ඕනා නේද බන්

    @හරී -හා හා හැම එකාටම එහෙම එන්නේ නෑ බන්,,මහන්සි වෙලා වැඩ කිරීමේ තියරිය අපිට හිත හදා ගනින්

    ReplyDelete
  15. @සිදූ -ඔය කවියටමද අර කකුලුවා නටන්නේ ලිපේ වතුර රත් වෙනකන් කියලා කියන්නෙත්

    @කොල්ල කාරයා -මේ වගේ කතා තමා බන් ඔය ලොතරයි දිනන වැඩිපුර උන්ට තියෙන්නේ,මේක ඇත්ත කතාවක් අපේ අල්ල්පු ගමක

    @බීටල -මේ ප්‍රසිද්දියේ කතා කරන දේවල් නෙමේ බොල ඔය

    ReplyDelete
  16. @ළහිරු -මොනා කරන්නද බන් ඕක බැංකුවක දාගෙන පොළියෙක් ඔය ජොලිය කරන්න තිබුනා

    @පූසා -මේ අපි ඕක මෙතන කතා නොකර ඉමු බන්

    @අටම්පහුර -ඔය වගේ කතා ගොඩක් තියේ බන්

    ReplyDelete
  17. බලන් ගියහම මුන්ගෙ පැත්තෙ ඉන්න ඔක්කොම මූ වගේමයි.
    සූදු කෙලිනව.............

    ReplyDelete
  18. මහධන සිටුපුතාටත් වුනේ ඔය ටිකම තමා. හැබැයි මිනිහට නම් ටිකට් එකකින් නෙමේ සල්ලි හම්බුනේ පරම්පරාවෙන්. මිනිහා කොහොම හරි සරා කරපු ජාති හුඟක් කරලා පරම්පරා 7 ක් හිස්සේ එකතු කරලා සල්ලි වියදම් කරනවා

    ReplyDelete
  19. මේකෙන් හොඳ කෙටිකතාවක් ලියන්න පුළුවනි. මේ කෝටි සරාට ඇදුනේ සිරිපාල ගත්තු ලොතරැයිය ද?

    ReplyDelete