
කාලෙකින් ආයේ පෝස්ට් එකක්, ලංකාවේ ඉද්දී මොන පෝස්ට් ද,,පහු ගිය සතියේ ආයේ ඉතාලියට ගොඩ බැස්සා.අද පෝස්ට් එක නම් ලංකාවෙදි උනු දෙයක්,
ඔන්න දවසක් මම ඉන්නවා වාහනේට වෙලා වාහන පාක් එකක, පොඩි නින්දකුත් දාගෙන උන්නේ,ඔය මීගමුව ටවුන් එකේ තියන සල්ලි ගෙවන වාහන පාක් එකක්, මගේ වාහනේට අල්ලපු වෑන් එකක් තිබුනා,කවුරුත් නම් උන්නේ නෑ,පොඩ්ඩකින් දොර ඇරලා වහන සද්දයක් ආව ගමන් මට ඇහැරුනා, එතකොට එතන උන්නේ අවුරුදු 35,40 වගේ ජෝඩුවක්,,දෙන්නා වාහනේට නැගලා ටිකක් සද්දෙට කතා කරනවා ඇහුනා, කොහොමත් ඉතින් සද්දෙට කතාවක් ඇහෙනකොට ඒවට ඇහුම්කන්දෙන එක පුරුද්දක් නේ,මගෙත් කන ඒ පැත්තට ගියේ මටත් නොදැනිම, ඒ එක්කම මගේ ඇස් දෙකත් වැහුනේ මම මේ කතාවට ඇහුම්කන් දෙනවා කියලා ඒ ජෝඩුවට තේරුනොත් කතාව නවත්තයි කියන සැකේට,අපරාදෙනේ කම්මැලිකමේ ඉන්නකොට ඔය වගේ චැන්ස් එකක් නැතිකර ගන්න එක.මමත් ඉතින් හිමීට තවත් වීදුරුව පාත් කරගෙන හොදට කනත් එහාට හරෝල තදට ඇස් වහ ගත්තා,,එතන මිනිහා උන්නේ මගේ පැත්තට වෙන්නමයි, ඔන්න ගිය කතාව මට ඇහුනු විදිහට මේකයි.
අයිසේ අම්මා පස්සේ සීට් එකේ තනියම ඉන්නකොට තමුසෙට තිබුනා අම්මා එක්ක පස්සේ සීට් එකට නගින්න,තමුසෙට කොච්චර කිවුවත් වැඩක් නෑ අම්මා වාහනේ යනකොට පස්සේ සීට් එකට නගින්න කියන එක,,තමුසෙට තියෙන්නේ ඉස්සරහා සීට් එකේ යන ලෙඩේමයි, තව පොඩ්ඩෙන් අම්මා එයි නගිනවා අම්මා එක්ක පස්සට.
එතකොටම පටන් ගත්තා ගැණිත්,මට ඕනා සීට් එකෙයි මම යන්නේ කවුරු නැග්ගත් මම යන්නේ මට ඕනා තැන,ඒක වෙනස් කරන්න තමුසෙට බෑ,කවුරු කිවුවත් මම යන්නේ මට ඕනා තැන,ඇයි අම්මා පස්සේ තනියම ගියාට මොකක් වෙනවද?මොකෝ පස්සේ සීට් යන්නේ නෑද එතකොට,
කට වහපන් උබ අම්මා පස්සේ සීට් එකේ යනකොට අම්මා එක්ක පස්සේ සීට් එකෙන් නගින්න ඕනා..
මම මේ සැර බාල කරලා ලිවුවේ ඕනා හරිය විතරයි තව කතා ගියා සෑහෙන්න,ඉස්සරහා සීට් එකට වලියක් ඒක.
මම දකින විදිහට ඇත්තටම ගොඩක් කාන්තාවන්ට තියන ලෙඩක් ඕක ඉස්සරහා සීට් එකේ යන ලෙඩේ,අර පොරගේ අම්මා වෙන්න ඇති පස්සට නගින්න ඇත්තේ,තමන්ගේ අම්මා නිසා අරයටත් පස්සට යන්න කියන්න ඇත්තේ, බොරුවට පස්සේ සීට් එකට යන්නේ නැතුව අර ගෑනු කෙනත් රණ්ඩු කර කර ඉස්සරහා සීට් එකේ, අපූරුවට දෙන්නා පස්සේ උන්නා නම් මිනිහා නිකන්ම ඩ්රයිවර් වෙලා අර දෙන්නා නෝනලා වෙනවා නේ.
ඒ අම්මා ඉන්න තැන තාත්තා උන්නා නම් කොහොමද? ඔයිට වඩා දරුණු වෙන්න තිබුනා කේස් එක,තමන්ගේ ළමයිව පිටි පස්සේ දාගෙන දෙන්නා ඉස්සරහා යන එක වෙනම දෙයක්,,එක්කෝ වැඩිහිටි පිරිමියෙක්,වැඩිහිටි කාන්තාවක් එහෙම වාහනේ යන්න ආවා නම් වැඩිහිටි පිරිමියට ඉස්සරහා සීට් එක දෙන එක වැදගත් මම හිතන්නේ,ඒ වගේම වැඩිහිටි කාන්තාවක් වාහනේ යන්න එනවා නම් ඒ කෙනත් එක්ක වාහනේ පිටි පස්සේ සීට් එකේ යන එක වැදගත්,මේ මගේ අදහස මම කිවුවේ,ඔයාලටත් වෙන වෙන අදහස් ඇති. මොකක් උනත් මේ සීට් එකක් නිසා ඒ වගේ තැනක් නොතැනක් නැතුව ජෝඩුවක් රණ්ඩු වෙන එක නම් මහ කැත වැඩක්.