Pages

Monday, May 7, 2012

මවුබිමේ සිට

බ්ලොග් එක ආයේ පාලුවට යන්න ගත්තා, ඒකට නම් පැහැදිලි හේතුවක් තියනවා.පිටරටක ඉන්න කෙනෙක්ට මවුබිමට ආවහම මොන බ්ලොග්ද,මමත් පහු ගිය20 වෙනිදා මව්බිමට ගොඩ බැස්සා,,අපේ බ්ලොග් යාලුවෝ නම් ගොඩක් දන්නවා,,මොකද අවුරුදු උත්සවේදී මෙච්චර කාලයක් මම නොදු‍ටු යාලුවෝ ගොඩක් මට මුණගැහුනා නේ,,අවුරුදු උත්සවේ නිසා ගොඩක් සතු‍ටු උනා,,ඒ වැඩේ පිටිපස්සේ හිටිය කට්ටියටම ගොඩක් ස්තූතී.
ඊයේ වෙසක් දවස වෙනකන්ම නොයෙක් නොයෙක් ගමන් වැටිලා මම ගෙදර වැඩිය ‍රැදී සිටියෙම නැති තරම්,, දැනට ගිය ලොකුම ගමන තමා ශ්‍රීපාද චාරිකාව දුම් රියෙන්,,ඒක මරු අත්දැකීමක් උනා,මගේ ජීවිතේ පලවෙනි වතාවට තමා ශ්‍රී පාද ගමනක් ගියේ ඒකත් දුම් රියෙන්,බදුලු කෝච්චියෙන්,හැටන් වලින් බැහැලා,නල්ලතන්නියට බස් එකෙන්,ශ්‍රීපාදේ ලේසියෙන් නැගගන්න පුලුවන් උනත් බැහැ ගන්න නම් ගොඩක් දුක් වින්දා,,ඒ ස්තානය ඒ තරමට පූජනීය උනත් ,මම දකපු දේ තමා එතන මිනිස්සුන්ගෙන් මුදල් කඩා ගන්න තැනක් වෙලා,පිරිත් නූල් විකුනන්නේ මහා අමුතු විදිහකට,,,රුපියල් 100 කොළ වලට විශේස පිරිත් නූලක් බදිනකොට,ආධාර පෙට්ටි වලට මාරු කාසි දමන්න එපා කියලයි කියන්නේ,,සමහරවිට කන්දේ ඉදන් ඕවා උස්සගෙන බහින්න අමාරු නිසා වෙන්න ඇති,,,ඒ වගේ ආධාර එකතු කරන තැන් කීපයක්ම දැක්කා,පිරිත් නූල් විකුනන වැඩක් වගේ එතන කලේ.
පහු ගිය දවස්වල පොඩි පොඩි චාරිකා කීපයකටම පස්සේ(පොඩි චාරිකා ගැන නම් ලියන්නේ නෑමයි අහන්නත් එපා) වෙසක් චාරිකාවක් සෙට් උනා,මාතලේ යාමකට,මාතලේ අලුවිහාරේ එහෙම වැදපුදාගෙන,නකල්ස්,රිවර්ස්ටන් කන්ද තරනයට,,ඒක නම් මරුම ගමනක් උනා.උදේ පාන්දරින්ම ගෙදරින් පිට උනේ,වසර පහකින් තමා වෙසක් එකට මම රටේ උන්නේ,,,ඒ කාලේ එක්ක බලද්දී නම් දන්සල් නම් ගොඩක් අඩුයි, ‍රැ කඩෙන් කන්න උනා ඒ තරමට දන්සල් අඩුයි,,කොහෙ දන්සල් දෙන්නද මේ වගේ කාලෙක,
රිවර්ටන් කන්දේ දවසෙම ගත කලා,,ලස්සන පරිසරයක් තියන එතන අද දකින විදිහට නම් පොලිතින් අරක්කු බෝතල්,ප්ලාස්ටික් දේවල් තැනින් තැන දකින්න හම්බුනා,අපේ කස්ටිය ඒ වගේ තැනක් ‍රැක ගන්න හොදට දන්නවා නේ, එතන හොදට රසවිදලා,කුබුක්කන් ඔයට ආවේ හොදට නාගන්න,,ගිය බදාදා අර ගත්තු ඒවත් ඉවර කරන්න එපැයි,,ඒවත් ඉවර කරගෙන,,එක දෙයක් කියන්නම්ම් වෙරි උනත් අපේ සෙට් එක පොලිතින් උරයක්වත් බිමට නම් දැම්මේ නැ, හිස් බෝතල් ටිකත් ආයේ ගෙදර ගෙනාවා,,ආ කුබුක්කන් ඔය ලග නම් රහසිගතව මත්පැන් විකිනුනා,,අපි ඉතින් වේලාසනම අරගෙන තිබුනු නිසා ඒ වගේ තැනකින් අරගත්තේ නැ, කොච්චර බාර් වැහුවත් ඉතින් කරන්න දෙයක් නැ,, උවමනා මිනිස්සු ලග ඒවට විසදුම් තියනවා,බීම සාධාරණය කරනවා නම් නෙමේ මේ,,ඒත් ඉතින් මේ දේවල් සානුකම්පිතව කල්පනා කරලා මමත් උන් එක්ක සෙට් උනා.
තවත් මාසයක් විතර ‍රැදී සිටින්න බලාපොරොත්තුව ඉන්නේ,,ඉදිරි සැලසුම් ගොඩක් තියනවා,,ආයේ බ්ලොග් එකට එන්න වෙන්නේ රටින් පිට උනාමද මන්දා,,එහෙනම් කස්ටියටම ජය වේවා!!!!

13 comments:

  1. පිරිත් නුල් විතරක් නෙවෙයි දැන් භාවනාවත් විකුනනවා.

    ReplyDelete
  2. ආ අපි දැක්ක ආව කියල පොටෝ වලින්..
    ආව ගමන් රට වටේම ගිහිල්ලනෙ.. පේන විදියට තනියමනම් නෙවේ ගිහින් තියෙන්නෙ.. (පොඩි චාරිකා) :D

    දැං හැමදේටම සල්ලි සල්ලි තමයි.. :/

    ReplyDelete
  3. අනේ එක පොඩි චාරිකාවක් ගැන කියන්නකෝ... අපිත් ඒවා දැනගන්න එපැයි... ;)

    ආවාත් හරි රවුම් ගහන එකමයි වැඩේ නේද?

    ReplyDelete
  4. චාරිකා වලට 'මී වදේ' එක්කං ගියෙ නැද්ද ?

    ReplyDelete
  5. අඩේ උඹ ආවද? අපිට කිව්වෙවත් නෑ නේ?

    ReplyDelete
  6. ආ කොල්ල ලංකාවෙද?

    කොහොමද ඉතින්. කවද දිහාද එන්න හිතන්නේ? එමින් ගමන් පුලුවන් නම් මීට් වෙලා යන්න.

    ReplyDelete
  7. මචන් .. ඊළඟ පාර ටිකට් එක මගෙන් ගනින් ... (ඔන්න මම නොකිව්වයි කියන්න එපා :) )
    www.agenziawings.it

    මෙය මුදල් නොගෙවා පළකරන ලද දැන්වීමකි

    ReplyDelete
  8. මට මේ වගේ පොස්ට් එකක් ලියන්න තව මාස 4 ක් වත ඉන්න වෙනවා.

    මචං මම දාන්න විදියට වෙසක් එකට දැන් සැල් අඩුයි.පොසොන් ඇසල එකට තමා වැඩියෙන්ම තියෙන්නේ.

    ReplyDelete
  9. දන්සැල් අඩුයි කියන එක නම් මටත් දැනුනා. ඒත් ඉතින් කන්නවත් හරියකට නැති මිනිස්සු කොහොම දන්සැල් දෙන්නද.

    ReplyDelete
  10. ප්‍රීතිමත් නිවාඩු කාලයක්! :)
    henryblogwalker the Dude

    ReplyDelete
  11. මේක දැක්කෙ අදනෙ මම !

    ReplyDelete
  12. අඩෝ උඹ අපිට හොරා ආවද.. නිකමට වත් කිවුවේ නෑ නේ එනවා කියලා..

    ReplyDelete
  13. මම අදමද කොහෙද ආවේ ආයෙත් එන්නම් , නිවාඩු පාඩුවේ ඔක්කොම බලලා යන්න

    ReplyDelete