Pages

Saturday, December 17, 2011

අග...මුල...මුල ...අග



උත්සව සමයනේ,මේ කාලේ ජයටම යන වැඩක් තමා බූරුවා ගැසීම, ඉතාලියෙත් අපේ ලාංකිකයෝ අතර මේක බහුලවම යනවා, නීතිය ගත්තොත් ගෙයක් ඇතුලේ ගොඩක් දෙනෙක් ‍රැස්වී කෑ ගහලා අහල පහල මිනිස්සු කෝල් කරලා පොලෝසියෙන් පැන්නොත් මිසක් ඒත් ලංකාවේ වගේ පොලෝසියෙන් පැනලා බූරු ගහපු පැදුරු ඔලුවේ තියන් පොලෝසියට ගෙනියන්නේ නෑ,අපේ කස්ටිය මොකක් හරි බොරුවක් කියලා ශේප් එකක් දාගන්නවා ඇති,මොකද මම අහලම නෑ බූරු ගහලා පොලිසියෙන් ගෙනිච්චා කියලා, සමහර බූරු පොලවල් වලට ඇතුල් වෙන්නත් බෑලු යූරෝ 500,1000 සංවිධායකයන්ට පෙන්නන්නේ නැතුව,කොහොමද බූරු පොළේ ගුනාත්මකභාවය ,ඒවගේ තැන්වල විස්කි, බයිට්, සිගරට්, කෝපි, තේ නොමිලේ සපයනවා,අනික තමා ඒවගේ තැනක දින්න එකා අඩුම ගානේ යූරෝ විසිදහක්වත් අරගෙන තමා ගෙදර යන්නේ,පරදින එකත් ඕකේ අනිත් පැත්ත, මම අහලා තියනවා පැරදිලා හාට් ඇටැක් හැදිලා එතනින්ම ඇම්බියුලන්ස් පටෝපු උන් ගැනත්, ඇයි දෙයියනේ සමහරවිට අවුරුද්ද පුරා හම්බු කරපු සල්ලි සේරම ඔතෙන්ට පූජා කරලා කොහොම ගෙදර යන්නද ගැණිගෙන් ඉන්න ඈ.
මට මේක කියද්දි මතක් උනා කතාවක් අපේ ගමේ ‍රැකියාවට බූරු ගහපු පොරක් හිටියා, ඒත් ‍රැට ගෙදර ආවහම ගෙදර ගෑණි මූ දිනලද නෑද කියලා චෙක් කරලලු ගෙට ගන්නේ , පොර දිනන දාට ගෙදර ගැණි හරි සැලකුම් මැදලු ගේ ඇතුලට ගන්නේ, පරදිනදාට ඉතින් ගේ දොර අරින්නෙත් නෑලු,දවසක් පොර පොඩි අත් හදා බැලීමක් කලාලු, එදා ආවේ හොදටම පැරදිලාලු, ගේ දොර ගාවට ඇවිත් පොරගේ යාලුවන්ගේ එක එක නම් කියන ගමන් යමන්කෝ මම උබට මෙච්චරක් දුන්නා නේ,,උබට අච්චරක් දුන්නේ තවත් මදිද වගේ හයියෙන් කියනවලු,මේක ඇහිච්ච ගැණි දොර ඇරියලු ඇයි මේ යකා දිනලා සල්ලි බෙදනවා කියලා හිතලා,පොර කලේ එකපාරටම දොරෙන් ගේ ඇතුලට පැනපු එකලු.
ආ ආයේ එමු ඉතාලි බූරු පොලට,මේ වගේ ජයටම ගිය බූරු පොලකින් යූරෝ 25000 ක් වගේ ගානක් දිනපු පොරක් පහු ගිය සතියේ ගෙදර ගිහින් තියනවා, එදා ‍රැම ගෙදරට හොරු පැනලා,ප්ලැට් එකක උඩ තට්‍ටුවක හිටිය එකෙක්,කළු අර නින්ජලා වගේ මූන වහගෙන තුවක්කු අරගෙන පැනලා තියෙන්නේ, මුලදී නගරේ ආරංචිය ගියේ ලංකාවට යන්න ඉස්සරින්දා ගෙදරට හොරු පැනලා සල්ලි හොරකම් කලා කියලා,ගෙදරට පැන්නේ ඉතාලි ජාතිකයෝ 4ක් කියලා,ඔය පුවත අද ලංකාවේ ජාතික පුවත් පතකත් තිබුනා, ඒකේ නම් තිබුනේ මේ සල්ලි දිනුමකින් ලැබුනු ඒවා කියලා, හික්ස් හරිනේ දිනුමක් තමා සල්ලි බූරු ගහලා දිනලා ගෙනිච්ච සල්ලි නේ, ඒ එක්කම අද ආපු ආරංචියෙන් ආවේ අතන හොරු 4න් 2ක් ලාංකිකයොම තමා කියලා ඉතාලි පුවත් පතක තිබිලා ,,උන් දෙන්නව පොලිසියෙන් අල්ලලා,කොහොමහරි බූරුපොලෙන්ම දෙන්නෙක් කාව හරි ඉතාලි හොරු දෙන්නෙක් එක්ක එකතු වෙලා ගේම දීලා වගේ, කොහොම උනත් බූරු ගහලා දිනපු අනුන්ගේ සල්ලිම නේ. ඔන්න ඔහොමයි අපේ කස්ටිය අපේ රටේ නම ආරක්ශා කරන්නේ....

14 comments:

  1. මැද කතාවේ ජෝඩුව නම්, හොදට ගැලපෙන ජෝඩුවක් වගේ.... හෙහෙ

    ReplyDelete
  2. අපේ උන් කොහේ ගියත් අපේ අනන්‍යතාවය තහවුරු කරනවා නේ....
    ඩිලා උඹ කොච්චරක් විතර දිනලා තියෙනවද බූරු ගහලා? :D

    ReplyDelete
  3. එහෙනං අපි එන්නැ ඉතාලි :DDDDDDDDDDDDDD

    ReplyDelete
  4. ඉතාලියෙ හිටියෙ 'බූරු බබා' විතරයි, දැන් ඉන්නව 'බූරු ඩිලා' කෙනෙකුත්....හෙහ්...හෙහ්...

    ReplyDelete
  5. උඹ අහලත් ඇති ජා ඇල සුදු ***යා කියල එකෙක් ගැන . . පුල්ලි ගැහිල්ලට ලංකාවෙම අංක එක. ලංකාවෙ විතරක් නෙමේ . . . මූ බූරු ගස්සනව බං සීස එකට සිංග වලත් . . . කොහොමත් ලෝකෙ කොතන බූරු ගැහුවත් . . . අනිවා ඌ ලංකාවෙ එකෙක්. . .

    ReplyDelete
  6. අර ජෝඩුව මරු.. :)

    ReplyDelete
  7. මමත් ඒත් දින්නා කිව්වම කල්පනා කලේ එල නේ කියලා. මුං මාර මිනිස්සු බූරුවා ගහලද? හික් හික්

    ReplyDelete
  8. මූත් බූරු පොලක් දාන් ඉන්නවාද මන්දා. මෙච්චර විස්තර දන්නේ....:DDD

    ReplyDelete
  9. තව ටික දවසකින් ජාතික ක්‍රීඩාව පටන් ගනීවී...

    ReplyDelete
  10. @නෙලුම් - ඔන්න ජෝඩු නේද ඔහොමයි ඉන්න ඕනා

    @පූසා - ඕවා ප්‍රසිද්දියේ කියන්න පුලුවන් දේවල්ද බන්

    @බුද්දි - පාඩුවක් වෙන්නේ නෑ බන් ආවට

    @ඔබා මාමා -ඔන්න ඔබා මාමා අලුත් නමක් දන්නයි ලෑස්තිය

    ReplyDelete
  11. @ඕනයා - හික්ස් උබත් බූරු ඉතිහාසය යම් පමනකින් දන්නවා වගේ නේ

    @හසී -ආ මෙයාටත් අර ජෝඩුව ගැන හිත ගිහින් නේ

    @සංජු අක්කා -වෙන මොනාද ඉතින් බූරුවා තමා මේ

    @ප්‍රියන්ත අයියා -ඔහොම ඕවා ප්‍රසිද්දියේ අහන්න එපා අප්පා

    @දිනේශ් -ආ මචෝ ඔය පැත්තෙත් තියනවා කියලා මම දන්නවා

    ReplyDelete
  12. මෙහෙත් යනව වැඩේ ජයට. හැම සිකුරාදම අය්යල ගහනව..නිකං බොන්න සහ පැසිව් ස්මෝකින් වලට කියාපු තැන!

    ReplyDelete
  13. මචං . . හෙනම කාලයක් ජා ඇල නෙ මම හිටියෙ . . බූරු ක්‍රීඩාව කියන්නෙ ජා ඇල ජාතික ක්‍රීඩාව නෙ

    ReplyDelete
  14. ස්ථානය : මළ ගෙයක්
    වෙලාව : මධ්‍යම රාත්‍රියට ආසන්නයි

    හදිසියේම සුපුරුදු හඬක් නිකුත් වේ..
    (ටින නොනික් ටොයිංක් ඥැක්)

    දුවපල්ලා...........

    ඉක්බිති සියල්ලෝම..
    හප්පේ වැටවල් පෙරලගෙන වලං බිඳගෙන දුවන්නට ගති.

    චැං.. කොහෙද යන ** කොල්ලෙක් උගෙ චයිනීස් පෝන් එකේ පොලිස් වෝකි ටෝකි සද්දෙ දාං ඉඳල..

    පසුව ඌට අත් වූ ඉරණම ගැන නොඅසන්න....

    ReplyDelete