මේ වෙද්දී නොයෙක් නොයෙක් හේතු කියනවා මේ තරුනයා සියදිවි හානිකරගත්ත එක ගැන, මේ තරුනයා ඉතාලියෙම ඉපදිලා සම්පූරන යුරෝප් ක්රමේටම හැඩගැසී ජීවත් වෙච්ච කෙනෙක්,පහු ගිය දවස් වල ඉතාලි ජාතික තරුනියක් වෙච්ච තමාගේ ප්රේමවන්තියත් මෙයාව අතැරලා ගිහින් තියනවා,ගෙදරින් කියන්නේ එදා රන්ඩුවට හේතුව විභාගය අසමත්වීම කියල.
ඒත් මට හිතෙන විදිහට ඉතාලියේ ජීවත් වෙන ලාංකික පවුල් වල සිදුවෙන පොදු දෙයක් බවට පත් වෙච්ච ප්රශ්නයක්,මොකද දෙමවුපියන් සහ දරුවන් අතර සබදතාවය ඉතාමත් නරක පැත්තට හැරිලා තියනවා,,මොකද උදෙන්ම ගෙදරින් පිටත් වෙන දෙමවුපියන් සහ දරුවන් මුන නොගැසෙන තරමට ඇත් වෙලා, ඒ එක්කම යුරෝප් ක්රමේටම හැඩගහෙන දරුවන් උනත් ගෙවල් වලට එන්නේ රැ නිදියන්න ඕනා උනාම බවට පත් වෙලා, දරුවන්ට දක්වන ආදරය ගොඩක් දුරට අඩු වීම මම මේ දිවිනසාගැනීමට හේතුව විදිහට දකිනවා,
ආරංචි විදිහට මේ තරුනයා ලග කාලෙක ඉදන් කිසිම කෙනෙක් එක්ක ආශ්රයක් නැතුව තනියම ඉන්න පුරුදු වෙලා තියනවා,තමන්ගේ හිටිය ලගම යාලුවන්ගෙන් පවා ඇත් වෙලා තියනවා, මට පේන්නේ ලොකු මානසික පීඩනයක ඉදලා වගේ.මගේ යාලුවා කියපු විදිහට එයාලත් මේ දිවිනසා ගැනීමට පැහැදිලි හේතුවක් දන්නේ නැ, එද ගෙදරින් රන්ඩුකරන් එලියට බැහැලා ගිය වෙලේ පාරෙදී මෙයාට එයාගේ මාමා කෙනෙක් හම්බවෙල කතා කරලා ගිහින් තියනවා,ඒත් ඒ කෙනත් වැඩිය ගනන් අරගෙන නැ මොකද මේ තරුනයා රැ 9,10ට පාරෙදී දකින්න ලැබෙන හින්දා. කොහොමහරි අවසානෙදී තවත් තරුන ජීවිතයක් අකාලේ විනාශ වෙලා ගිහින්, පැහැදිලි හේතුවක් නැති දිවි නසා ගැනීමක්. දෙමවුපියන් උනත් සල්ලි හොයන එකටම වඩා දරුවන් ගැන අවධානයක් යොමු කරන්න ඕනා,අනික විදේශ රටක ඉද්දී ඒක ගොඩක් තදටම කරන්න ඕනා දෙයක් මම හිතන්නේ,සංස්කෘතික 2ක ජීවත් වීමේදී දෙමවුපියන් දැනගන්න ඕනා දරුවන්ව යහමග ගෙනියන්න. අන්තිමේදී සල්ලි හොයන්න ආපු දෙමවුපියන්ට තමාගේ දරුවගේ නරක්වී විරූප වී ගිය මල ශිරුර ලැබුනේ. ප්රශ්න තිබුනත් නැතත් දරුවෝ විදිහට අපෙත් යුතුකම් ගොඩක් තියනවා,අපිත් ඒවා ගැන හිතන්න ඕනා.