Pages

Sunday, April 10, 2011

මගේ කොම්පියුටර් පන්තිය



කාලෙකින් මට මගේ බ්ලොග් එක මතක් වෙලා පොඩි කතාවක් දාන්න හිතුනා,මොනා කරන්නද මම ලියන්නෙක්ට වඩා හොද කියවන්නෙක්,,,අනික මේ බස් කර්මාන්තේ ඔලුවටම ගහලා නේ,බ්ලොග් ලියන කියෝන අයව කම්මැලි කරලා කියලා හිතෙනවා වෙලාවකට,,ඒත් බස් වැඩෙන් කට්ටියව ගොඩක් ලන් වෙලා.
හරි කතාවට යන්නම්.ඔන්න මම ආයෙත් ඉගෙනීමේ පැත්තට හිත ගිහින් වැඩ කරන ගමන් පොඩි කොම්පියුටර් කෝස් එකක් කරන්න හිතුනා.මම අදුනන ඉතාලි ජාතික ගුරුවරියක්ට මගේ කාරනාව කියලා එයා ගොඩක් සතු‍ටු උනා ඒකට,,ඉතින් එයා මුල ඉදන් කරන කොම්පියුටර් කෝස් එකක් හොයලා දෙන්න පොරොන්දු උනා.ඔන්න පස්සේ එයා මට ඉස්කෝලෙක විස්තර,දින රෙජිස්ටර් වෙන විදිහ කිවුවා,මමත් ඉතින් ඉස්කෝලෙට ගිහින් රෙජිස්ටර් වෙන වැඩේ කලා.එයාලා කිවුවා පටන් ගන්න දිනේ කෝල් කරලා කියන්නම් කියලා.කෝස් එකේ ස්වභාවය උනේ පරිගනක මූලික දැනුම ඒක උපයෝගිකරගෙන ECDL කෝස් එකට යන්න පුලුවන්.මමත් ඉතින් ඒක හින්දා තමා මේක කරන්න හිතුවේ.
මේ මාසේ පටන් ගද්දිම වැඩේ පටන් ගත්තා සතියකට පැය 4ක් උනේ,සෙනසුරාදා දවසක,,මමත් ඉතින් උදෙන්ම ගියා ඉස්කෝලෙට,මේ කෝස් එක විවෘත උනේ වැඩකරන අය සදහා විතරයි.ඉතින් මමත් ගිහින් ඉන්නවා පටන් ගන්නකන්, බැලුවා විදේශිකයෝ කවුරුත් ආවෙත් නැ,මම එලියට වෙලා ඉන්නේ,,හැබැයි නාකි මිනිස්සු එකා දෙන්න එනවා,වයස ගිය උන් තමා ආවේ,,මම හිතුවේ ඉතින් මිනිස්සු එක එක දේ වලට මේ තැන් වලට එනවා නේ.මමත් ඇතුලට ගියා ඇතුලෙන් ඇහුවා පන්තිය තියන තැන ,එයාලා කිවුවා පන්තිය පටන් ගන්න යන්නේ ඉක්මනින් යන්න කියලා.මම ගිහින් පන්තියට ඇතුල් වෙන්න යද්දී බැලුවේ ඉන්නේ සේරම වයස උන්,15ක් විතර හිටියා,,මම බැලුවා මේ මොකෝ කියලා ආයෙ හැරුනා එලියට ගියා,මෙහෙම නාකි උන් පන්තියේ මොකද කියලා මම දන්නේ නෑ නේ,එතකොටම තමා ඒකෙ උගන්නන සර් ආවේ,පොර ඇහුවා මොකද කියලා මම කිවුවා මෙහෙම පන්තියට ආවේ කියලා රෙජිස්ටර් කොලේ දුන්න.මාර වැඩේ පොර කිවුවා මේක තමා පන්තිය.මට හීන්දඩිය දාල ගියා යකෝ මේ නාකි සෙට් එක මොන කෙන්ගෙඩියක් කරන්නද අනික කොම්පියුටර්.අනේ මමත් ගිහින් වාඩි උනා,,අල්ලපු එකා හෙන හිනාවක් දැම්මා 70 විතර පොරක්.මුලින් ඉතින් සර්කාරයා කෝස් එකේ හැදින්වීම කරලා එක එකාව අදුන ගන්න නම විස්තර ඇහුවා.බලද්දී මේ කෝස් එක වැඩිහිටි අයට කරන එකක් නේ ඉතින් 18 වැඩි මාවත් මේකට දාලා දැන් මම තමා බාලම එකා.වැඩිමල්ම එකාට 78ක්..මම දැන් කල්පනා කරනවා මොකටද මුන්ට කොම්පියුටර්..ඇයි දෙයියනේ උඩට යන්න වීසා ඇප්ලයි කරලා ඉන්න උන් සේරම..මොකෝ ඒ වීසා වලට මේ සුදුසුකම් ඕනේ නැ නේ,,අනික මෙයාලට ECDL නෙමේ මේකවත් ඉවර කර ගන්න පුලුවන් වෙයිද දන්නේ නැ,,මට පස්සේ ඉන්න අඩුම වයස එකාට 54ක් විතර ගැණු කෙනෙක්,ගෑනුත් ඉන්නවා 5ක් විතර.නාකි උනාට ඉතින් ඉන්න යන්නේ කෙල්ලෝ වගේ තමා.
මේ නාකි සේරම පෙන්ශන් ගිය උන්,ගෑනුත් එකෙක් දෙන්නෙක් වැඩට යන්නේ නෑ අනිත් උන් පෙන්ශන්.මම විතරයි වැඩට යන එකා..අනිත් මාර වැඩේ කියන්නේ නාකි උන් එසේ මෙසේ උන් නෙමේ ගුරුවරු,ඩොකාලා ,එක එක හොද ජොබ් කරපු උන්,වැඩේ ඉතින් මෙයාලගේ කාලේ මොන කොපියුටර්ද ඒවා නෑ නේ.දැන් පෙන්ශන් ගිහින් ගෙදර ඉද්දී තමා මේවට ආස හිතිලා ඉගෙනගන්න එන්නේ.මොනවා උනත් මම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් මට උනේ,මොකෝ මම හිතුවද මෙහෙම පෙන්ශන් ගියත් වැඩකාරයෝ එක්ක එකට ඉගෙන ගන්න.සෙල්ලමක් නෙමේ මමත් දැන් හෙන වැඩකාරයෙක්,මගේ අල්ලපු මේසේ ඉන්නේ ඩොකෙක්. මමත් ඉතින් එකෙක් දෙන්නෙක් එක්ක කතා කලා මෙහෙ ඉන්න පෙන්ශන් ගිය කට්ටිය හරි ආසයි එයාලට මහත්මයා කියනවට වඩා,,ඒකාලෙ ජොබ් එකේ විදිහට කතා කරනවට,,ඉතින් දොස්තර,ප්‍රොෆෙශර්,ඒ වගේ කියනවට පුදුම ආසවක්,,මොකද ඒ වගේ ඒ මිනිස්සුන්ට කවුරුත් කියන්නේ නෑ නේ දන්න කෙනෙක් ඇර ඒ නම් කියලා,,මමත් ඉතින් කට්ටියට එහෙම කතා කරන්නේ ,,අනික ඉතින් පට්ට නාකි හින්දා මෙයාලට තේරෙනවත් අඩුයි,ඉතින් දවස් දෙකයි පන්තියට ගියේ මට හෙන තැන.
ඒත් මේ මිනිස්සුන්ගේ උනන්දුව මට හිතා ගන්නවත් බැ.තමන් වයසට ගියත් ඉගෙන ගන්න එක නවත්තලා නෑ ,,ඒ මිනිස්සු හොදටම දන්නවා මේකෙන් එයාලට වැඩක් වෙන එකක් නෑ කියලා,ඒත් පොඩි හරි දැනීමක් අරගන්න තමා එයාලට ඕනා..මොකද කොයිවෙලේක හරි ඒක ප්‍රයෝජනවත් වෙයි සමහරවිට,,අපිටනම් හිතෙන්නේ මේ මිනිස්සුන්ට පිස්සුද කියලා.අපේ රටට මේවා පිස්සු වගේ නේ පේන්නේ,,ඒත් ඉතින් ඉගෙන ගන්න වයසක් ඕනෙ නෑනේ,අපේ රටේ වගේ නම් මෙහෙම නාකි කෙනෙක් මෙහෙම පන්තියකට ගියොත් තරුන අය හිනා වෙයි විහිලු කරයි. අනික අපේ අයට ඉගෙනීම ඕනා වෙන්නේ ටික කාලයයි ඒක නවත්තලා දානවා,මොකද මමත් නවත්තගෙන හිටියේ,ආයේ ආසාව ආවට.මේ දවස් වල විදේශික අයට ඉතාලි උගන්නන පන්ති ගොඩක් තියනවා ඒත් අපේ මිනිස්සු ඒවටවත් යන්නේ නෑ.මොකද සල්ලි පස්සේ විතරනේ,,අනික මගේ පන්තියත් සම්පූර්න නොමිලේ.පොත් වලටවත් මට සල්ලි ගියේ නෑ.මේ නාකි මිනිස්සු එක්ක මම කොම්පියුටර්වලට වඩා ලොකු පාඩම් ඉගෙන ගත්තා මේ දවස් 2ට.තව තව විස්තර එයි ඉස්සරහට මම දෙන්නම්කෝ මගේ පන්තිය ගැන විස්තර.

8 comments:

  1. තොටිල්ලේ ඉදලා මැරෙනකම්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවලු නේ අයියේ....

    ReplyDelete
  2. ඉගන ගන්න එකට ඇත්තටම වයසක් බලපාන්නේ නැහැ. හැබැයි වයස්ගත වෙනකොට මුහුණ දෙන්න වෙන ගැටළුත් එක්ක ප්‍රායෝගිකව සමහර‍ වෙලාවට එහෙම දෙයක් කරන්න අමාරුවෙන්න ඉඩ තියෙනවා. අනික අපේ රටේදි වගේනම් ආර්ථික ගැටළුත් මුල්තැනට එනවානේ...

    ReplyDelete
  3. කොම්පියුටර් ගැන ඉගෙන ගන්නවා වගේම ඔයාට ඒ වයසක අයගෙන් ජීවන පාඩමත් ඉගෙන ගන්න පුළුවන් බෝනස් එකක් විදිහට

    ReplyDelete
  4. අඩේ මමත් අහලා තිබ්බා ඔය යුරෝපා රටවල අවයසක උදවිය බොහොම් ආසාවෙන පරගණක පාඨමාලා හදාරනවා කියලා. අනික ඩොකාලා ප්‍රොෆාලාව අදුරගන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද :)

    ReplyDelete
  5. ඉපදුන දවසේ ඉඳන් මැරෙනකම්ම අපි කරන්නේ මොනවමහරි දෙයක් ඉගෙන ගන්න එක තමයි. අපේ රටෙත් මේ වගේ ඉගෙන ගන්නවනම් හොඳයි. අපේ වයසක කට්ටිය මේ වගේ පංති වලට යන්න ලැජ්ජ නිසා ගොඩක් වෙලාවට දැනුම ලබා ගන්නේ නැතුව ඔහේ ඉන්නවා. රජයේ ආයතන වල කී දාහක් ඉන්නවද එහෙම අය. ඒ අයටත් මේ වගේ පංති දාලා එයාලගේ දැනුම පුලුල් කරනවනම් හොඳයි. ඒකෙන් ඉතින් කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවෙනවනේ.....

    ReplyDelete
  6. අහ් වෙලාවට දිගටම පන්තියට යන්න තීරණය කලේ.අද අවුරුදු දවසේ මතක් වෙලා මෙහෙට ආවේ.සුබ අලුත් අවුරුද්දක් සහෝ

    ReplyDelete
  7. මටත් හිතිලා තියේ ඔය මොනවා හරි පන්තියකට යන්න...
    හිතිලා නෙවෙයි හෙට අනිද්දටම මොකක් හරි එහෙකට යන්න ඕන..ඉගෙනීමටයි..ජීවිතේ වෙනසකටයි දෙකටම හරියන්න...

    ReplyDelete
  8. ඒක ඇත්ත. හැම තැනම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා තමා.

    මම අදයි ඹන්න මේ පැත්තෙ ආවේ.

    ඒක නෙමේ උඔ ඔහෙ කොහෙද ඉන්නෙ......?

    ReplyDelete