Pages

Friday, February 25, 2011

ගමින් ලියුමක් ඇවිල්ලා....

ලගදී මට හරි අපූරු ලියුමක් හම්බ උනා,හම්බ උනා කිවුවට පුංචි හොරකමක්. ඔන්න මම හොරෙක්ම නෙමේ,පහු ගිය දවසක මම ගියා ලාංකිකයෙක්ගේ පරිගනකය පොඩි ලෙඩක් වෙලා ඒක බලන්න,ඔන්න මම පරිගනක මේසය උඩ තිබුන මේ ලියුම දැක්කා.කොහොම හරි මමත් ටිකක් හොට දාලා බැලුවා අනුන්ගේ ලියුමක් නේ.අනුන්ගේ දේවල් හොයන එක කොහොම නවත්තන්න හිතුවත් අමාරුම වැඩක් ඒක.අනිත් එක ඉතාලියට ලංකාවෙන් ලිපි එන එක නැවතිලා තියෙන්නේ ,අපි නම් ඉස්සර ලියුම් ගනුදෙනු කලා ඒත් මේ දුරකතන,පස්සේ ස්කයිප් ඇවිත් ලිපි හුවමාරුව නැති උනා නේ.මටත් කුතුහලයක් ආවේ ඒ හින්දා ලංකාවෙන් ආපු ලියුමක්, ඒත් එක්කම ගෙදර ලොක්කා මල්ලි මේසේ හැඩි වෙලා ඉන්න අස් කරන්නම් කියලා අර ලියුමත් එක්කම එතන තිබුන කොල කැලි ටික ඒ මේසේ යටම තිබුන කුනු බක්කියට දැම්මා,ඔන්න මට එතකොට හිතුනා මේ ලියුමේ ඉතුරු හරිය කියවන්න , මම මොකද කලේ හිමින්ම මේ ලියුම අර කුනු බක්කියෙන් ඉස්සුවා, ගෙදර පොර එහා මෙහා වෙනකන් ඉදලා, ඔන්න ගෙදර ඇවිත් තමා මම මේ ලියුමේ ඉතුරු හරිය කියවල දැම්මේ, ලියුමේ අපූරුව ඔන්න ඔයාලට බලන්නත් එක්ක මම ලියලා දාන්නම්.
ලොකු පුතා වෙත,
පුතේ මම පහු ගිය මාසේ උබ එවපු සල්ලි වියදම් උන හැටි තමා මේ.
ස්කූල් පීස් - 5500
වැන් එකට - 2400
කම්පියුටර් පීස් - 200
ක්ලාස් පීස් - 1000
ලයිට් බිල - 1500
ගැස් එකට - 1750
ටෙලිපෝන් බිල - 1800

හාල් 20කිලෝ = 20*75 =1500
සීනි 10 කිලෝ =10*100=1000
පිටි පැකට් 6= 6* 250 = 1500
පොල් ගෙඩි 15 = 60*15 =900
තේ කොළ 1 කිලෝ = 800
පොල් තෙල් බෝතල් 4 = 350*4 =1400
සබන් ඇගේ ගාන 8 =35 * 8= 280
සබන් වළං,පිගන් සෝදන්න =20 *5=100
රින්සෝ =480
දත් බේත් = 148 *2 =295
තුන පහ = 1000
එළවලු =2000
මාළු, මස්,කරවළ ,බිත්තර =3000

උදය කෑමට 100ක් ළමයින්ට=100 *30 =3000
බස් එකට මට ළමයින්ගේ වැඩ වලට =500
පලතුරු =1000
ළමයිට කඩචෝරු කන්න =200

පුතේ මේ වියදම් දළ වශයෙන් මම ලිවුවේ.දැන් එළෝලු මිල 250g රුපියල් 50 ,60 75 ගානට යන්නේ,අනිත් එක පොඩි උන්ගේ පැන්සල්,මකන, පාට පෙට්ටි,ගම්,පොත් ඉවර උනාම ඒවටත් වියදම් වෙනවා,මගේ පෙන්ශන් එකෙන් වියදම් වෙන ඒවා මම ලිවුවේ නෑ,උබලා මට එවන සල්ලි මාරු කරලා වියදම් උන විදිහ තමා මේ ලියලා තියෙන්නේ, ලේලිට කියපන් ලගදී ලංකාවට ආපු කෙනෙක්ගෙන් වියදම් හරිද වැරදිද කියලා බලන්න කියලා.

මෙතන මම ඊට පස්සේ තිබුන ඒවා ලියන්නේ නෑ,,මෙතනින් ඉවර කරනවා.මොකද ඔයාලා මේ ලියුම ගැන හිතන්නේ මේ ලියුම හරිද වැරදිද? මේ ලියුම ඒ අම්ම එවලා තියෙන්නේ මොකක් හරි කේස් එකක් ඇදලා තියනවා වගේ ලේලි, නැන්දම්මා ලේලි ප්‍රස්නයක් ගිහින් තියනවා වියදම් සම්බන්දව, රජයෙන් පෙන්ශන් ගිය අම්මට පුතා රාජකාරියක් බාර දීලා,ඒකෙ වියදම් හොයන්න යන අපූරු ලේලිල ඉන්න රටක් තමා මේක . යුරෝ කෑදර කම ගහන මිනිස්සුන්ට හැදෙන ලෙඩක් තමා මේක,ලංකාවට යවන සල්ලි වල වියදම් හොයන එක. මේකේ අම්මද වැරදි, පුතාද , ලේලිද , පහු ගිය මාසේ තියන මිල මේ මාසේ වෙනස් වන රටේ වැරද්දක්ද?

14 comments:

  1. ඩිලාන් අයියේ.. කැතයි හොදේ අනුන්ගේ ලියුම් මොනා වුනත් බලන එක නම් හරි..... :/

    මේක එවපු ලියුමේ හැටියට පුතා බෙල්ලේ ගලක් බැදන් ගගකවත් පනින්න ඔනා..අපි ඉන්නේ නම් 21 වෙනි සියවසේ එ උනාට එදා ලේලි-නැන්දම්මා ගැටුම් එහෙම්මයි..මෙකේ එක පැත්තකින් විතරක් හිතන්න හරි අමාරුයි.. ලේලි කෙනෙක් නිකම් එන්නේ නැනේ..එයාටත් අම්මා කෙනෙක් ඉන්නවා... නැන්දාම්මා කෙනෙක් කියන්නේ එයාට ත් දරුවෝ ඉන්නවා..ලේලි ට ඇයි බැරි තමන්ගේ අම්මා එක්ක ඉන්නවා වගෙ අර අම්මා එක්ක ඉන්න ... නැන්දාම්මා උනත් හිතන්න ඔනා තමන්ගේ දරුවෙක් වගේ සලකන්න... එක අතකින් අත්පුඩි ගහන්න බැ... මෙවා මැද ඉන්න මනුස්සයා දැන ගන්න ඔනා ප්‍රශ්නේ දිහා එක ඇහකින් නොබලා දෙපැත්තෙන්ම හිතන්න...විශෙන්ම කපටිකම ඔනා මේ වගේ ප්‍රශ්නයක් විසදන්න... හරියට කිරි හන්දා විසික් කරන්නත් බැ...උණු නිසා බොන්නත් බැ වගේ.. මෙවා විසදන්න බැරි ප්‍රශ්න නෙමේ..උවමනාවක් නැතිකම... එ නිසා එක පවුලකින් පටන්ගන්න මේ ප්‍රශ්නේ බහුතරයක් පවුල් වල දකිනවා... රටේ වැරද්දක් කියන්න බැ මෙකට... ආර්ථිකේ නෙමේ නේ පවුල කියන්නේ..ඒ ආර්ථිකේ මේ ඉතාලියෙත් තියෙනවා බැරි පවුල් තියෙනවා..හැමෝම පොසත් නැනේ... ප්‍රශ්නේ තියෙන්නේ අපේ සංස්කෘතික හිත් වල... හිතේ කුණු ඇරලා බැලුවොත් රටේ වැරද්ද නෙමේ කියලා පෙනේයි..

    ReplyDelete
  2. නිම්ශා නගාට- නගේ නෑන්දම්ම ලේලි ප්‍රශ්නේ විසදන්න ඔයාගේ විසදුම හරියටම හරි.මේ ලිපියෙන් මම ඒ ප්‍රශ්නේ වගේම තව ප්‍රශ්නයක් තියනවා,,අපේ රටේ ඉහල ගිය බඩු මිල, ඒකත් මේ ලියුමෙන් එලියට පැනලා, ලේලි පහු ගිය මාසේ යවපු යුරෝ නැන්දම්මට මේ මාසේ මදි වෙලා.ලේලිගේ වැරැද්ද ලේලි ලංකාවෙන් ආපු වෙලාවේ තිබුන විදිහටම හිතාගෙන ඉන්න එක.

    ReplyDelete
  3. ඈ බං,මූ සුපර් මාකට් එකක්වත් දාලද??

    ReplyDelete
  4. ඇත්ත මචං සීන් එක.. අද ලංකාවේ ජීවත් වෙනවා කියන එක එන්න එන්නම අමාරු වෙනවා.. අපිට තාම මේක දැනෙන්නේ නෑ ​අපි තාමත් ගෙදරින් යැපෙන නිසා..

    අනිත් අතින් බැලුවම ලේලිත් සාධාරණයි.. ඒ මනුස්සයා දන්නේ නෑනේ මෙහේ තත්ත්වේ.. ඒක නිසා වෙන්න ඇති එයා ගේම ඉල්ලන්න ඇත්තේ..

    ReplyDelete
  5. අපි දැන් කනවා නෙවෙයි ලෙවකනවා

    ReplyDelete
  6. මේ යන විදිහට නම් ලුණුයි බතුයි කන්නත් බෑ. ලුණුත් ගනන්. හාලුත් ගනන්. එල්ලිලා මැරෙන්නත් බෑ කඹත් ගනන්. වස බොන්නත් බෑ. කෘමිනාෂකත් ගනන්. මරෙන දවසක ඔහෙ මැරෙනකල් ඉන්න තමා තියෙන්නෙ.

    ReplyDelete
  7. මොනා කියන්නද මංදා.... :/

    ReplyDelete
  8. නිම්ශා නගා හොයාගත්තේ වලිය, අනිත් අය බඩු මිල.....

    ReplyDelete
  9. හපෝ මෙහෙමත් ලේලිලා...ෂිඃ...

    ReplyDelete
  10. සහෝදරයා බොහෝ පුතාලට සිද්ද වෙන දෙයක් තමයි නෝනා කෙනෙක් කැන්දන් ආවාම උන් ඒ නෝනගේ සහ එයාගේ පවුලේ අයට ඕන විදියට නැමෙන එක. ඒක මට නම් උනේ නැහැ. ඒත් ම‍ගේ මලයට නම් වුනා. මිනිහත් රට තමයි ඉන්නේ, හැබැයි ඌ ගැන විස්තර අම්මත් අහන්නේ උගේ නොනාගෙන්. අම්මට කෝල් නොකරට එහාට කතා කරනවා. තව ගොඩක් විස්තර තියෙනවා. මේක හැමතැනකම සිද්දවෙන දෙයක් කියල තමයි ඉතින් කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ...

    ReplyDelete
  11. හප්පා! මොක්කා කියනවද කියාලා ශිතාගන්ට බෑ අප්පා....

    ReplyDelete
  12. ඕකට විසදුම් 2 ක් තියෙනවා..
    01. ඔය අම්මා ඒ රටට ගෙන්න ගත්තා නම් හරි..

    02 උබ අනික් දවසෙ හොරාට ලියුම් නොකියවා ඉදිං.. :D

    ReplyDelete
  13. හුම්ම්ම් මෙ යන විදිහට ගියොත් ... ත්ව මොනවා වෙන්න පුලුවන්ද....?

    ලේලිත් වෑරදි .... මොකද තමන්ගේ දරුවෝ හදාගන්න අමාගෙන් ඔහොම ගනන් හිලවු ගන්න එක නේද.?

    ReplyDelete
  14. හොරෙන් ලියුම් බලපු එක නම් වැරදි අය්යේ.....අපේ රට දැන් යන විදිය බැලුවොත් මෙහෙම හරි කන එක ලොකු දෙයක්

    ReplyDelete