Pages

Saturday, February 19, 2011

ඌ මිනීමරුවෙක්

පහු ගිය දවසක මම ජීවිතයේ දකින්න අප්‍රියම කරන මිනිහෙක් මට මුනගැහුනා අහම්බෙන්.මම වැඩ ඉවර වෙලා ගෙදර එද්දී එක පරටම මම ඉස්සරහට හමූන මේ මිනිහා පුතා මාව අදුනනවද කියලා ඇහුවා.මමත් ඉතින් ඔව් කිවුවේ මේ මිනිහගේ මූන කවදාවත් අමතක නොවන හින්දා,පස්සේ මිනිහා අම්මා,තාත්තා කොහොමද,මාමලා කොහොමද එක එක විස්තර ඇහුවා මමත් කෙටි උත්තර දීලා ඉක්මනින්ම මම යන්න ගියා.
2002 ජනවාරිය මම සා.පෙ කරලා ගෙදර ඉන්න කාලෙ,තවත් අපේ ගමේ කොල්ලො සෙට් එකේ තව කීප දෙනෙක්ම විභාගෙ කරලා පාරෙම තමා වැඩේ,ඔහොම ඉද්දී එක පාරටම ආරන්චියක් ආවා චන්දනයව පොලිසියෙන් ගෙනිච්චා මිනිමැරුමකට කියලා,චන්දනයා කියන්නේ අපිට වඩා වසර 2න් විතර වැඩිමල්,අපේ ගෙවල් ගාව ගඩොල් පෝරණුවක වැඩ කරන කොල්ලෙක්,ගම කොහෙද දන්නෙත් නෑ මුගේ තාත්තත් නෑ අම්මා,බාප්ප එක්ක තමා ඒ පෝරණුවේ හිටියේ,හැබැයි අපේ ගමට ඇවිල්ල වසර කීපයක් මුඅ ඉස්කෝලෙ යන්නෙත් නෑ, අහද්දී කියන්නේ 5 වසරට වෙනකන් ගියා පස්සේ නැවතුනා කියලා,ඒ උනාට ගඩොල කදුවල තියන ගඩොල ගාන කැල් එකක්වත් නැතුවා ඉතා ඉක්මනින් කියන්න මූට හැකියාවක් තිබුනා,කාටවත් වරදක් කරපු අහින්සක කොල්ලා,හැබයි මූට වයස 15 විතර වෙද්දිම ගංජා වලට පුරුදු උනා,
ඔහොම කාලෙ යද්දී තමා අපේ ගමෙන් 1990 විතර ඉතාලි ගිහින් ඉතාලියේදි ලෝක අපතයෙක් උන තුශාරයා පාත් උනේ හැබැයි මූ කාලෙන් කාලෙට ගමට එනවා හැබැයි සතේ අතේ නෑ,මූ ඉතාලියට යද්දිත් ගමේ රස්තියාදුකාරයෙක් වෙලා තමා ඉදලා තියෙන්නේ එතකොට ඌට 17 විතර ඇතිලු, ඒ ගිහින් ලෝකේ තියන සේරම මත් කුඩු වලට පුරුදුවෙලා, එහෙම ඉද්දි තමා 2001 විතර මු ආයේ කඩා පාත් උනේ ගමට,මුඅ ඉතාලියේ ඉදලා ආවට කවුරුත් මූව ගනන් ගන්නෙත් නෑ මූ ගාව සතේ අතෙත් නෑ.ඔහොමෛද්දී තමා චන්දනයව මූට සෙට් උනේ ඌත් ගංජා කාරයා නේ.නියම ඩබල ඒ ටිකේ මුන් දෙන්න එකටම තමා.
එත් ඔහොම 2001 ඔක්තෝම්බර් විතර එකපාරටම තුශාරයා අතුරුදන උනා ආරන්චී උනේ ආයේ ඉතාලි ගියා කියලා,ගමේ කාටවත් හොයන්න උවමනාවක් තිබුනෙත් නෑ..පස්සේ ඔහොම කලෙ යද්දී තමා අපිට අර ආරන්චියා ආවේ චන්දනයව පොලිසියෙන් ගෙනිච්චා කියලා. පස්සේ විස්තර හොයලා බලද්දී අපේ ගමට එහා තවත් ගම් 2,3 හරහා තමා ගිංඔය යන්නේ ඒ අස්සේ මිනී ඇටක‍ටු වගයක් හම්බෙලා මේකට තමා චන්දනයව ගෙනියලා තියෙන්නේ,අපිත් ඉතින් කික් එකටම බයිසිකල් වලින්ම ගියා පොට් එකට මහා පාලු තැනක් පුංචි කැලෑවක්,ඒ යද්දී පොලිසියෙන් පිරිලා, චන්දනයවත් ගෙනල්ල එතන ඇටක‍ටු හොයනවා තාම.අන්තිමට හම්බුනා අපි බලන් ඉද්දී ,එතන මිනිස්සු පිරිලා හිටියා,අපිට තාම මීටර් උනේ නෑ මොකද්ද මේ සීන් එක කියලා,පස්සේ ඒ ටිකකින් මහේස්ත්‍රාත් ආව ඒ වෙද්දී තමා අපිත් සීන් එක හොය ගත්තේ මොකද ඒ වෙද්දී අපේ ගමේ හිටිය ගොලු පවුලේ කීප දෙනෙක්ම අඩ අඩ එතන හිටියා පස්සේ හොයලා බලද්දී ඒ ගෙදර ගොලු කෙල්ල බැදලා ඉන්න මිනිහාගෙ ඇටක‍ටු කියලා ආරන්චි උනා.ඒ පවුලේ සේරම ගොලු ,ඒ කොල්ලව මේ කෙල්ලට සෙට් වෙලා සීදූව ගොලු ඉස්කෝලෙදී කොල්ලත් ගොලු,,පස්සේ මේ කෙල්ලව බැදලා අපේ ගමේ හිටියා.
මේ මිනි මැරුමට ඒ වෙලාවේ
සාක්කි දුන්න අය, චන්දනයා සාක්කි දුන්න විදිහ අනුව මම දැන් වෙලා තියන කතාව කියන්නම්..
තුශාරයා ගමේ හිටිය වෙලේ මේ ගොලු කොල්ලට ඉතාලි පිස්සුවක් බෝ කරලා කොහොම හරි.ඒ කාලේ බෝට්‍ටුවෙන් මිනිස්සු ඉතාලි යන කාලේ,තුශාරයා මේ ගොලු කොල්ලවත් බෝට්‍ටුවෙන් ඉතාලි යවන්නම් කියලා. කොහොම හරි වැඩේට මූ රුපියල් 50000 ක් අරගෙන.පස්සේ ඉතාලි යන්න බෝට්‍ටුවට ගෙනියන ගමන් තමා මුන් අර කොල්ලව අරගෙන ගිහින් තියෙන්නේ මේ ගමනට චන්දනයත් ගිහින් තුශාරයා එක්ක,කොහොමහරි මුන් අර කොල්ලව අර පාලු හරියට ගෙනියලා ,මේ පාලු හරිය ගංජා කාරයෝ,කුඩු කාරයෝ පාවිච්චි කරන තැනක්.එහෙම යද්දී තුශාරයා බැග් එකේ කබයක් දාගෙන ගිහින් තියෙන්නේ.මු පස්සෙන් එකපාරටම අර කොල්ලගේ බෙල්ලට කබේ දාල චන්දනයත් එක්ක එකතු වෙලා බෙල්ල හිර කරලා මරලා දාලා,ඒ කැලේ අස්සෙම දාලා හිමින්ම මාරු වෙලා, චන්දනයට ඒ වෙලවේ 3000 දීල,තුශාරයා එක පාරටම අතුරුදන් වෙලා, පොරගේ ප්ලැන් එකට පොර ඉතාලියටම ගිහින්.
ඔහොම යද්දී තමා චන්දනයා මේ කතාව මුගෙ කටින් පිටවෙලා තියෙන්නේ ගමේ කොල්ලන්ට.මූ මේක කියලා අඩල තියනවා තැන් තැන් වල.පස්සේ මේ කොල්ලො මේක පොලිසියට කියලා මෙහෙම එකෙක් මිනීමැරුමක් ගැන කියලා අඩනවා කියලා.
පස්සේ තමා චන්දනයව ගෙනියලා මේ මිනිමැරුම හොයගත්තේ,,ඒත් ඒ වෙලාවේ ඇටක‍ටු කීපයක් විතරයි තිබුනේ මොකද ගංවතුර,කබරයෝ කාල මිනිය දාපු තැනින් ගොඩක් ඇතට ගිහින්, පොලිසිය අමාරුවෙන් ඒක හොය ගත්තේ චන්දනය පෙන්නපු තැනින්. අනිතිමට 3000 ට මිනිමැරුමට හවුල් උනාට චන්දනයා රිමාන්ඩ් උනා තුශාරයා 50000ත් අරගෙන ඉතාලි පැන්නා.මේ තුශාරයව තමා මට පහු ගිය දවසක හම්බ උනේ.
චන්දනයා කාලයක් කාලයක් රිමන්ඩ් එකේ ඉදලා 2010 ඇප හම්බෙලා එලියට ඇවිල්ල.කොහොම හරි මූ උසාවියට පෙනී හිටින්නේ නැතුවා ආයෙත් රිමාන්ඩ් කියලා ආරන්චී.මම හිතන්නේ මූට එලියේ ඉන්නවට වඩ ඇතුලේ ඉන්න එක හොදයි වගේ,ආරන්චියේ හැටියට මූට රිමාන්ඩ් එකේ හෙන තැන ඇයි දැන් කාලයක් ඇතුලේ නේ.එහෙම පරන උන් රිමාන්ඩ් එකේ හෙන වැඩකාරයො ලු .තුශාරයා නම් හිටියා වගේම ඉන්නවා,කරපු වරදට නීතියෙන් දඩුවම් නැති උනාට ඌට දඩුවම් හම්බවෙයි,තාම ගෙවන්න අරගෙන නෑ වගේ .මේ වගේ පවු කාරයෝ ගෙවලා තමා මැරෙන්නේ ඉක්මනින්ම මැරෙන්නෙත් නෑ.කවදාහරි ඉතාලියේ පාරකම උත් මැරිලා යයි.නීතියේ දඩුවමට වඩා ස්වභාවධර්මයේ දඩුවම බරපතල වැඩී.

4 comments:

  1. උඹ හරි මචං. නීතියේ දඩුවමට වැඩිය, ස්වභාවධර්මයේ දඩුවම හෙන සැරයි.

    ReplyDelete
  2. මිනිස්සු මේ තරමට තිරිසන් සතුන්ටත් අන්තවෙන්නෙ කොහොමද කියලා හිතා ගන්නත් අමාරුයි..........

    ReplyDelete
  3. ඔව් අයියා කියනවත් වගේ මේ මිනිස්සු විදවලයි මැරෙන්නේ කවදාම හරි

    ReplyDelete