Pages

Monday, April 26, 2010

ඉතාලි බසයේ කතාව

ඔන්න මන් ඉතාලියෙදි,හැමදාම උදේට යන බස් එකෙ දකින,අහන්න ලැබෙන දෙවල් තම මේ,,බස් එකෙන්ම පටන් ගන්නම් කො, මේ බස් එක අපේ බස් වගෙ නම් නෙමෙ
හැමදම උදෙ 7.30 වෙද්දි බස් එක වෙලවට හෝල්ට් එකේ,අපේ ගේ ගාව හෝල්ට් එකෙන් තමා මන් බස් එකට ගොඩ වෙන්නෙ,බස් එකට යටි ගිරියෙන් කෑ ගහන කොන්දෙකුත් නම් නෑ,මෙහෙ කොහොමත් කොන්දො නෑ නෙ,
මේ බස් එකේ හැමදාම යන කට්ටියක් ඉන්නවා එයාලව හැමදාම දකිනව,මමත් ඉතින් දවස් 6 උදේට මේ බස් එකෙන් තමා වැඩට යන්නෙ,ඔන්න මන් කියන්නම් මෙකෙ යන අයගේ විස්තර,රියදුරත් ඉතින් හරිම විනෝද මිනිහා,බස් එකට ගොඩ උන ගමන් මිනිහ සුබ උදෑසනක් කියනවා, සින්දුවෙන්,විහිලුවෙන් තමා මිනිහා ඉන්නෙ, මේ බස් එකේ හැමදාම යනවා නියම පොරක් මිනිහව දකිද්දි මට මතක් වෙන්නෙ අපෙ විමල් වීරවන්ශ මහත්තයව,මොකද මේ මිනිහා බස් එකෙ මිනිස්සුන්ට ඇහෙන්න හයියෙන් සමාජ වාදය තමා කතා කරන්නෙ ,මිනිහට මානසික රෝගයක් තියනවා,ඇමරිකාවටත් පලු යන්න බනිනව,භාශා 5න් විතර කතා කරනවා ඒවා කාටවත් තේරෙන්නෙ නෑ ඔහේ කෑ ගහන එක තමා මිනිහගෙ වැඩේ, කිසි කෙනෙක් මිනිහට හිනා වෙන්නෙ නෑ,මොකද ඉතාලි අය පිස්සු අයට හිනා වෙන්නෙ නැති නිසා,අනිත් අය තමා ඉස්කෝලෙ යන උන් සෙට් එකකුත් යනවා,උන් ගැන නම් කියලා වැඩක් නෑ,ඒ සෙට් එකෙ කෙල්ලො යන්නෙ කොල්ලන්ගෙ කරේ නැගල,පොත් බෑග් තියෙන්නෙ බස් එකේ බිම,අපි නම් මොන තරම් පොත් බෑග් එකට ගරු කලාද නේ,සමහර උන් බස් එකේම ඉදගෙන කිස් කර කර තම යන්නෙ,යුරෝපෙ හැටි නෙ නේද,තව ඉතින් ඉතාලි අය කීප දෙනෙක් යනව වැඩට යන අය,අනිත් අය තමා ලාන්කික 4 ක්,පිලිප්පීන් ජාතිකයන් කීප දෙනෙක්,කොහොමත් මේ කට්ටිය හැමදාම මේ බස් එකේ යනව,මම තම ලන්කාවෙ අයගෙන් වයසින් අඩු කෙනා,අනිත් 4 දෙනාව මන් අදුන ගත්තෙත් මෙ බස් එකෙදිම තමා,මෙයාලා හැමදාම මගෙන් ලන්කාවෙ නියුස් අහනවා,එයලා දන්නව මම නෙට් එකෙන් බලනව කියලා,සුනිල් අන්කල් ඉතින් කාලෙන් කාලෙට,එක එක දේශපාලකයන්ට බනින එක තමා කරන්නෙ,ජනාධිපති වරනය කාලෙ ජෙනරාල් ට පලු යන්න බැන බැන තමා බහිනකන්ම යන්නෙ,පස්සෙ ජනාධිපති තුමාට පලු යන්න බනිනව ජෙනරාල් ව හිර කලා කියලා,අද උදේ බැන්නෙ මර්වින් සිල්ව ට දුන්න ඇමතිකම ගැන කියලා,අනිත් ඇන්ටිලා 3 දෙනාම ජනාධිපති තුමට පුල් භක්තිය තමා, වෙලාවකට මෙයාල මාර වලි යනව,මේ ඇන්ටිල 3 ගෙන් දෙන්නෙකුට මන් කියන්නෙ අක්කෙ කියලා ,අපේ අම්මටත් වඩා වයස උනාට අක්කෙ කියල තමා කියන්නෙ,මුල් දවස් වල ඇන්ටි කියලා යකා නැග්ගා එයාලට,අක්කෙ කියපුහම නිකන්ම සේප් උනා,මේ බස් එකට සමහර දවස් වලට නගින සමහර ලන්කාවෙ අයගෙ හිනාව මුනෙ ගෑවිලාවත් නෑ,අපේ රටේ කෙනෙක් දැකපුවහම පොඩ්ඩක් හිනවෙන්නෙවත් නැත්තෙ මොකද කියල මම නම් දන්නෙ නෑ,මම නම් හැම ලන්කාවෙ කෙනෙක් එක්කම හිනා වෙනවා,ඒත් 90% දෙනා අහක බලාගන්න එක තමා කරන්නෙ,ඒ උනාට පිට රටක ඉද්දි තමන්ගෙ රටේ කෙනෙක් එක්ක හිනා වෙලා වත් යන එක තමා නේද හොද, මේ තමා උදෙට මගේ බස් ගමන....

8 comments:

  1. නියමයි...මාත් ඉතින් ඉතාලියෙදි බස් එකේ ගිහින් තියෙනවා...මේ වගෙ දේවල් දිහා බල බලා. අර මුලින්ම ඔයා කියපු දේ ගැන කියන්න හිතුනා.කෙනෙක්ගෙ යම් කිසි අඩුපාඩුවක් දැකලා හිනා වෙන අය ඉන්නෙ අපේ රටේ විතරක් වෙන්න ඇති...මොකද අපේ අය හිනා වෙන්න හරි දක්ෂයිනෙ. නේද ඩිලාන් .....

    මීට පස්සෙවත් ඉතින් වයස බලලා කතා කරන්න :) specially ආන්ටිලාට අක්ක කියන්න.නැත්තම් ගුටි තමා...

    ReplyDelete
  2. ඩිලාන් , පුළුවන්නම් Layout එකේ Post setting වලින් Post font size එක ටිකක් ලොකු කරන්න. කියවන අයට ඉතා හොඳින් කියවලා රස විඳින්න පහසුවක් වේවි.වැරදි පෙන්නන එක කරදරයක් නම් සමාවෙන්න. මම හිහනවා මේ font size එක පොඩි වැඩී කියලා :)

    ReplyDelete
  3. ශා ඉතාලියෙන් තවත් එක්කෙනෙක් නියමයි....

    මාත් ඉස්කෝලෙ ගියේ බස් එකේ හැබැයි capolinea ඩිපෝ එකටම ගිහින් නගින නිසා හැමදාම ඉඳගෙන යන්නෙ, මම නම් වාඩි වෙන්නෙ පිටිම පස්සෙ ජනේලෙ ගාව, කන් දෙකේ ගහ ගන්නව mp3 player එක... ආයෙ බහින කන්ම ඒක ගලවන්නෙ නෑ... ඉස්කෝලෙ යන පොඩි උන් කියා ගන්න කුනුහරුප ඇහෙන්නෙ නෑ එතකොට....

    ReplyDelete
  4. ආසාවෙන් කියෙව්ව ලිපියක් හොදයි දිගටම ලියන්න

    ReplyDelete
  5. ගොඩාක් ස්තුති දිල්,එහෙම හිතන්නෙ නම් නෑ,මොකද ඔයා නේ බ්ලොග් එක පටන් ගත්තු දවසෙ ඉදන් මගෙ බ්ලොග් එකේ තියන අඩු පාඩු පෙන්නල දෙන්නෙ,ඒක නිසා ඔයාගෙ අදහස් බලාපොරොත්තු වෙනවා දිගටම

    ReplyDelete
  6. මරු ලයිෆ් එක නේද?ලංකාවෙ අපිටනම් උදේ වැඩට යනව කියල මතක් වෙනකොටත් මොකට ජීවත් වෙනවද කියල හිතෙනව.ගාමන්ට් එක ලගින් බහිනකොට කකුල් දෙකේ ගන්න දෙයක් නෑ.පාගලම.දවසක් බස් එකේ ඩ්‍රැවාගෙ බර්ත් ඩේ එක කියල හැමදාම බුවා ලගටම වෙලා යන කෙල්ලො ටිකක් මෑන්ට කේක් කවන්න ගිහින් නූලෙන් ඇලකට නොයා බේරුනේ.හැබැයි කිස් කරනවට වඩා වැඩි දේවලුත් මේ බස් එක ඇතුලෙනම් වෙනව.

    ReplyDelete
  7. හරිම රසවත්,ඉතාලිය කියන්නෙ යුරොපයේ හදවත වගෙ,කතොලික ආගමෙ කෙන්ද්‍රස්තානය විදිහට තිබ්බත් ලංකාවත් එක්ක පුදුම බැදීමක් තියනව කියලයි මට හිතෙන්නෙ.කොච්චර ලොකෙ රටවල් තිබ්බත් අපෙ අය යන්නෙම ඉතාලි.හලාවත,මහවැව,මාරවිල,වෙන්නප්පුව පැත්තට ආවොත් බලාගන්න පුලුවන් ඒ උප සංස්කෘතියෙ අලංකාරය.මොකද මම ඒක එහෙදි අත් විදල තියනවා.

    පොඩ්ඩ්ක් ජේද කඩල ලිව්වනම් තවත් පැහදිලියි.

    ReplyDelete
  8. ඇයි ඉතිං මේනැති නෑකම් හදාගෙන කතාකරන්න යන්නේ?
    නමින් කතා කළා නං ඉවරයි නේද?

    ReplyDelete