Pages

Thursday, April 22, 2010

ඉසුරු සොයා ඇවිත් අවසන් ගමනේ...

මම මේ ලිපිය ලියන්නෙ ඉතාලියෙ මාසයක් වගේ කාලයකදි,ශ්‍රි ලාන්කික 4 දෙනෙක් ඝාතනය ට ලක් වෙලා පෙට්ටියෙන් ආයෙත් ලන්කාවට ගියා,4 දෙනාම පිහි ඇනුම් වලින් තමා මිය ගිහින් තියෙන්නෙ,මිනි මැරුම් 3 ට වරද කරුවන් උනෙත් ශ්‍රි ලාන්කික අයම තමා,පිරිමි අය 3 දෙනෙකුත්,එක කාන්තවකුත් මෙහෙම අවසන් ගමන් ගියා,එක මරනෙක සැක කරුවන් තාම සොයගෙන නැතිලු, ඒ මරනෙටත් සැක කරන්නෙ ලන්කාවෙ කෙනෙක් අතින්ම උනා කියල තමා,අනේ මන්දා මොන තරම් බලාපොරොත්තු තියා ගෙන මේ රටට එන්න ඇති ද,මොන තරම් අමාරුවකින් එන්න ඇතිද, සමහර විට ලක්ශ ගානක් නය වෙලා ඇති,ඒත් ඒ හැම දෙයක් ම ඉවර වෙලා
පෙට්ටියෙන් ආයෙත් ලන්කාවට යනවා.
මේ මිනිමැරුම් වලට හේතු නම් මන් හරියට දන්නෙ නැ,මිනිස්සු එක එක කතා කියනව,සමහර ඒවට නම් මට පේන හැටියට හේතුව මත්පැන්,ගොඩක් අය තාම තේරුම් අරගෙන නැ ඇයි අපි මේ රටට අවේ කියල,
මේ දෙවලින් වෙන එකම දේ අපේ ලාන්කිකයන් ගැන ඉතාලි අයට තියන විශ්වාශය
නැති වෙල යන එක තමා,මොකද ඉතාලි අය අපේ අය ගැන කතා කරන්නෙ ගොඩක්
පැහැදීමකින් හින්දා,අපි හොද මිනිස්සු කියලා තමා ඒ අය නිතරම කියන්නෙ.

5 comments:

  1. මෙහෙමයි. මම ඉතාලියේ Bologna වල ටික කාලයක් ජීවත් උන කෙනෙක්. තවමත් මගෙ relations ල එහෙ. මම මේ කියන දෙයින් කාවවත් අඩු තක්සේරුවට ලක් කලා කියලා හිතන්න එපා. මම මේවා ලියන්නේ හේතු සාධකත් ඇතුවයි.
    ඉතාලියට යන හුගාක් දෙනෙක් යන්නෙ මහ සල්ලි ගොඩක් හොයන්න බලාපොරොත්තුව. සමහර අය ගිය ගමන්ම වගේ හුගාක් වෙනස් වෙනවා. ශ්‍රී ලාංකීක කම අමතක කරනවා. අමුතු අමුතු ජීවිත රටාවටල හුරු වෙනවා. නෑ කියන්න බෑ. ඔයත් මේවා දැකලා ඇතිනෙ.
    එහෙම ජීවිත වෙනස් කරපු අය හුගාක් වෙලාවට ප්‍රශ්ණ වලට මූණ දෙනවා. හොදට පටන් ගත්ත පවුල් ජීවිත කීයක් බිඳිලා තියෙනවද ?

    මම දන්න කීප දෙනෙක් දික්කසාද වෙලා තියෙනවා වගේම දික්කසාද වෙන්නත් කලින් අලුත් පවුල් ජීවිත පටන් අරගෙනත් තියෙනවා.

    රටේ වරද නෙමේ. ඒ රටතුල ඉන්න ශ්‍රී ලාංකීක අය හැසිරෙන ආකාරය තුල මෙවැනි දේවල් සිද්ධ වෙනවා කියලයි මම හිතන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න

    ReplyDelete
  2. word verification අයින් කලාට ස්තුතියි

    ReplyDelete
  3. දිල් ඔයාට ගොඩක් ස්තුති කරනවා word verification මතක් කලාට
    ඔයා කියන එක 100% ඇත්ත,හැම කුනු ගොඩකම හේතුව රටට දාල හරි යන්නෙ නෑනෙ

    ReplyDelete
  4. මචෝ මම ඉන්නෙ නාපොලි. ඔය සිද්ධි දෙකෙන් මැරුණු නිසානේ කට්ටිය දැන ගත්තේ. මෙහෙ තව සිද්ධි වුණා. එක පිහි ඇනුමක් එකම කාමරයේ පාටියක් දානකොට වෙලා අහම්බෙන් මිනිහා බේරුණේ. තව එකක් තමයි ලංකාවෙ බැඳපු මිනිහෙක්ම වැඩ කරන ගෙදර ඉන්න ඉතාලි වයස අවුරුදු 14ක ගෑණූ ලමයට අතවර කරලා පොර හිරේ.

    තව මෝඩයෙක් ගෙදර පාටිය දාලා. ආපු කට්ටිය පහලට බැහැල වලියක් දාගෙන නිසා ඒක බේරන්න යන්න ගියාට වෙරි නිසා එයාගෙම බිරිඳ දොර ලොක් කරලා. මේ මනුස්සයා දෙවෙනි තට්ටුවෙ ඉඳන් බැල්කනියෙන් පහලට පැනලා වලිය බේරන්න. ඇඳුම් වේලන වැලක කකුල පැටලිලා ඔලුව පහලට හැරිලා වැටිලා මිනිහා එතනමයි. ඔය පවුල් කඩාකප්පල් කර ගැනීම් අත ඇරලා.

    කීප දෙනෙක් කරන වැරදි නිසා ඔක්කොමන්ටම තමා නරක නාමය යන්නෙ. තියෙන ලොකුම වැරැද්ද මට හිතෙන විදියට කට්ටියට මෙහට ආපු මූලික කාරණාව යූරෝ හම්බවෙද්දි අමතක වෙනවා. කොටින්ම මුල අමතක වෙනවා. බීමත් කම අනික.

    අර කිව්වත් වගේ ඕකෙන් වෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට තියෙන තත්වය නැතිව් වෙන එකයි. ඊට පස්සෙ ජොබක් හොයන්න වෙන දුක කියන්න අවශ්‍ය නෑ නේ මචෝ. :)

    ReplyDelete
  5. මෙහෙත් මිනී මැරුමක් සිද්ද උනා, මෙට්‍රො එකකත් තව ලංකාවෙ පිරිමි කෙනෙව මරල දාලා කියල ආරන්චී... රෝමේ ලංකාවේ හිඟන්නෝ ඉන්නවලු... අනේ මන්දා... ලැජ්ජාවෙ බැහැ

    ReplyDelete