Pages

Thursday, August 1, 2013

පාප්තුමා ශ්‍රී ලංකාවට ?

මේ දිනවල පුවත් මගින්,කට කතා මගින් ලාංකික ක‍තෝලිකයන් අතර යන පුවතක් තමා ප්‍රැන්සිස් පාප්තුමා ජනවාරි ලංකාවට එනවලු නේද කියන එක,මේ පුවත ස්ථීර නැතත් බොහෝ දුරට මේක ඇත්ත වීමේ සම්භාවිතාවය වැඩී.
ප්‍රැන්සිස් පාප්තුමාගේ පලමු විදෙස් සංචාරය පහු ගියගිය දවස් වල නිම උනා,ඒ බ්‍රසීලයේ පැවැත් උනු ලෝක තරුණ සමළුවට සහභාගි  වීමට ගිය ගමන,ඒ ගමන නිම වෙලා නැවතත් රෝමයට එන අතරතුර ගුවන් යානයේ සිටින මාධයවේදීන් සමග සිදුකරපු මාධ්ය හමුවෙදි තමා පාප්තුමාගේ ඊලග විදෙස් සංචාරය ආසියාවට කියන කතාව එලියට ආවේ,,,ඒ ගමන බොහෝ දුරට එතුමාගේ ජෙරුසලම් සංචාරය අතරට එකතු වෙන ඉඩ කඩ වැඩි කියන දේ,ඉතාලි පුවත් අඩවි වලින් දැක්කා,ඒ පුවත් අඩවි වලින් කියන විදිහට පාප්තුමා යන්න හිතන් ඉන්නේ ශ්‍රීලංකාවට හා පිලිප්පීනයට.
ප්‍රැන්සිස් පාප්තුමා අපේ මේ පුංචි දූපතට ආවොත්,,,අපේ බිමට පා තබන 3 පාප්තුමා බවට පත් වේවි,1977 දී සංචාරයක් අතරතුර ලංකාවට පැමිනි පලමු පාප්තුමා බවට පත් උනා 6 පාවුලු පාප්තුමා,නමුත් එතුමා ක‍ටුනායක ගුවන් තො‍ටුපලේම ‍රැදී ඉදලා පිට වෙලා ගිහින් තියනවා,1995 ජනවාරි 2 ජුවාම් පාවුලු පාප්තුමා දිනක සංචාරයක් සදහා ලංකාවට ආවා,,ගාලු මුවදොර පිටියේ දිව්ය පූජාවකුත් සිදු කලා,ක‍ටුනායක ඉදන් කොළබට ගියේ අර වෙඩි නොවදින  වීදුරු වලින් සාදපු රථයෙන්,,කොළබට යනකන්ම පාර දෙපස විශාල ජනකායක් ‍රැදී උන්නා එතුමාව පිළිගන්න,ඒ අවස්ථාවෙත් නොයෙක් නොයෙක් විරෝධතා තිබුනා එතුමාගේ පැමිනීමට විරුද්ධව,භික්ශුවක් ගාළු මුව දොර පිටියේ ගිණි තියා ගන්න සූදානමින් උන්නා,,ඒත් ඒ අවස්ථාවේ විශේසම සිදු වීමක් උනා,අපේ රටේ තියන ආගමික සහයෝගිතාව ලෝකෙට පෙන්නුවා. උත්සවයේ සැරසිලි කටයුතු දේශීය කලා නිර්මානවලින් හැඩ කරලා සැරසිලි අංශයේ මූලිකත්වය අරගෙන කටයුතු කරපු පූජ්ය මාපලගම විපුලසාර හාමුදුරුවෝ.ඇත්තටම එදා ඉතාමත් ලස්සන උත්සවයක් පැවැත් උනා. චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපති තුමිය ප්‍රමුඛ රජයත් විශාල සහයෝගයක් දුන්නා පාප් තුමාගේ ලංකා සංචාරයට.
2014 ජනවාරිත් අපිට ආගම් බේදයක් නැතුව ලස්සන උත්සවයක් දැක ගන්න හම්බ වේවි.මේ වනවිටත් ලංකාවෙන් ප්‍රැන්සිස් පාප්තුමාට ලංකාවට පැමිනෙන්න කියලා ආරාධනාවක් යවලා තිබෙනවා,එතුමා ඒක පිලි අරගෙනත් තිබෙනවා,ඒ 16 බෙනඩික් පාප්තුමා ලංකාවට ලබා දුන් මීගමුවේ බෝලවලානේ වැඩ නිමවෙමින් පවතින අන්තර්ජාතික දේවධර්ම  මධයස්ථානය විවෘත කිරීමේ උත්සවය සදහා.එය වතිකානුවෙන් ආසියාවට ලබාදුන් තිළිනයක්.
පාප්තුමාගේ ශ්‍රිලංකා ගමන ස්ථීර වේවා කියන පැතුමත් සමග අපි ලැස්ති වෙමු එතුමා පිළිගන්න,මේක ලංකවාට ලැබෙන ලොකු අවස්ථාවක් වේවි.

24 comments:

  1. බොහෝ දුරට මේක වෙන්න පුළුවන්. බෝලවලානේ අන්තර්ජාතික දේවධර්ම මධ්‍යස්ථානය විවෘත කිරීමට අමතරව තවත් විශේෂ දෙයකුත් වෙයි කියලා අනුමාණ පවතිනවා. ඒක ස්ථීර වුණාම කියන්නම්.

    ReplyDelete
    Replies
    1. තෝමස් කුරේ කාදිනල්තුමාට ප්‍රමෝෂන් එකක්වත් දෙන්නද?

      Delete
    2. අර කොටි මැල්කම්ටත් මොනවා හරි දීලා යන්න කියපිය

      Delete
    3. බෞද්ධ දරුවෝ උඩදාලා කඩුවට අල්ලලා මරපු හැටි... බෞතීස්ම වුනේ නැති දෙමාපියන්ව අමු අමුවේ මරපු හැටි පංසල් කඩපු හැටි කියලා සංදේශයක් බාරදෙනවා... පාප්තුමා නෙවෙයි . ක්‍රිස්තියානි පියතුමෙක් හැටියටවත් නෙවෙයි මනුස්සයෙක් හැටියටවත් මේක බාර අරගෙන මේකට උඩගෙඩි දුන්න ක්‍රිස්තියානි රටවලට, පුද්ගලයන්ට නිසි දඩුවම් දෙන්න මනුස්ස කමක් තියෙද කියලා බලමුද?

      Delete
    4. රවිඳු, ඔට්ටුයි බැරුවා

      Delete
    5. රවිදු
      //බෞද්ධ දරුවෝ උඩදාලා කඩුවට අල්ලලා මරපු හැටි... බෞතීස්ම වුනේ නැති දෙමාපියන්ව අමු අමුවේ මරපු හැටි පංසල් කඩපු හැටි කියලා සංදේශයක් බාරදෙනවා... //

      කවුද ??? ඔයාද ???
      මම හිතන්නෙ ඔය වගේ දෙයක් කරන්න තරම් බලවේගයක් මේ රටේ ඉතිරි වෙලා නෑ. එහෙම ඉතිරිවෙච්ච යම් බලවේගයක් තිබුන නං . . . වැලිවේරියේ සිද්දචෙව්ව මනුශ්‍ය ඝාතනය ඉදිරියේ (අඩුමගානෙ හැංගිලා බුකියෙන් හරි) නිහඩව ඉන්නෙ නෑ.

      අනික, පරම්පරා ගනනකට ඉහතදි සිද්දවෙච්ච දේට යුක්තිය ඉල්ලයිද ඔයා, මම හෝ වෙනත් ලාංකිකයෙක් මේ ඊයෙ පෙරේදා බොන්න වතුර ඉල්ලුව වැරැද්දට ඝාතනයට ලක්වෙච්ච මිනිස්සු වෙනුවෙන් යුක්තිය නොයිල්ලද්දි ???

      Delete
    6. පිස්සු විකාර කියවන්න එපා රවිඳු
      දැන් ඔය කියන දේවල් වුනා හරි
      මොකක්ද ඇති පලේ ඔය කියන දේවල් වලින්?
      මොනවද රටට ලැබෙන්නෙ............?

      පාප්තුමා කියන්නෙ ලෝකේ වැඩිම පිරිසක් අදහන ආගමේ
      නායකය. එතුම මම දන්න විදිහට නම් ලේසියකට ඔහොම ආරාධනා බාර ගෙන රටවල් වලට යන්නෙ නෑ. ඉතින් අපි සන්තෝස වෙන්න එපැයි එතුමගෙ ලංකා ගමන ගැන.

      Delete
    7. ඕනමැන්ටල් මොනාවද බං පාං වගේ කතා...
      මොනදේ ඇහුවත් උම්බටත් බෑ... අනුන්ටත් බෑ... උම්බෑ ද?? ඇත්ත පිරිස් බලයක් නම් නැහැ. අඩුම තරමේ තියන සංවිධානයටවත් මේක දැකල අයිඩියා එකක් ආවොත්.. ඒ කරපු අපරාධ අපරාධ නෙවිද? මේ රටට? අදත් අපි විදවන්නේ ඒ කරලා ගිය ජාතික සංස්කෘතික ආගමික අහේනිය නිසා නෙවිද??

      නිශ් අහන්නත් සංතෝසයි උම්බ පාප්පතුමා ව ළගින් ඇසුරු කරනවා කියලා... මාත් මතක් කොලා කියහන්.. පුලුවන්නම් මගේ සංදේසේ බාරගන්න කියහන් :D :D :D

      Delete
    8. රවිදු
      පාංද කේක්ද කියන්න මම දන්නෙ නෑ, ඒත් ඔයා කියන්න මම කොහෙවත් බෑ කියල නෑ.
      මම කිවුවෙ පරම්පරා ගානකට කලිං වෙච්චිදේකට සාදාරනේ හොයන්නය කියල කෙරෙන්නෙ නැති දේකට දගලනවට වඩා මේ ඊයෙ මරාදාපු (වතුර ටිකක් වෙනුවෙන්) මිනිස්සුන්ට සාදාරනයක් ඉටු කරගන්න ඕනෙය කියල.
      ඔය ඔයා අයිඩියා එකක් පහලවෙයි කියල බලා ඉන්න එකම සංවිදානයක්වත් ඒ අහින්සක මිනිස්සු වෙනුවෙන් එක වචනයක්වත් කතා කරන්නෙ නෑ මලාට . . . බොරුනං බලන්න

      ඒ වෙනුවට ඔයාල කටවල් ඇරගෙන ඉන්න අතීතයේ වෙච්චි දේවලට යුක්තිය ඉටුවෙනකං.
      මතක මතක තියාගන්න . . . හෙට අනිද්ද ඉපැරනි එංගලන්තයේ වහල් සංගමේ මහා සභා රැස්වීම පවත්තනව ලංකාවෙදි . . . ඒකට රතු කාපට් එක උඩින් එනව ඔය ඔයා කියන අතීත මිනීමැරුම් කරපු, සංස්කෘතික ආගමික අහේනිය ඇතිකල එංගලන්තෙ නියෝජිතයො
      ආයෙ පාප්තුමාගෙන් සාදාරනේ ඉල්ල ඉල්ල ඉන්න එකේ . . . අපේ අහේනියට ලක්වෙච්ච සංස්කෘතිය, ආගම (ඔයාගෙම වචන) වෙනුවෙන් පුලුවන්නං "පුලුවන්නං" එයාපෝට් එක ඉස්සරහ විරෝධය ප්‍රකාශ කරල බැනර් එකක් අල්ලං ඉන්න

      Delete
  2. ප්‍රර්ථනා කරනවා පාප්තුමා ට ලංකාවට එන්න ලැබේවා කියලා

    ReplyDelete
  3. කවුද බං ගිනි තියා ගන්න ගියේ......
    බලන් යද්දි පාරම්පරික රෝගයක් නෙව ඒක :D

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට කලිං හිටි පාප්තුමා (දෙවන ජුවාම් පාවුලු)ලංකාවට ආවෙලාවෙ තමයි ඔය සිද්දිය උනේ. එතුමා ලියපු පොතක් තිබ්බ ‍"ක්‍රොසිං ද ත්‍රෙශෝල්ඩ් ඔෆ් හෝප්" කියල. ඔය පොතේ තිබ්බය කියන (මම පොත කියවල නෑ) බුදු දහමට අගෞරව වන විදියේ කොටස් කීපයක් වෙනුවෙන් පාප්තුමා සමාව ඉල්ලුවෙ නෑ කියල තමා උන්වහන්සේ ලංකාවට ආවොත් ගිනිතියාගන්නවයි කියල ඔය කියන හාමුදුරුවො කීවෙ.

      ගිනිතියාගත්තෙ නෑ මයෙ හිතේ

      Delete
  4. මේ පාප් තනතුර දරන කෙනා කවුරු උනත් ගිය ගිය තැන විනාසයක් සිද්ධ වෙනවා මාස තුනක් යන්න කලින්. මටනං බයේ බැහැ මගේ රටට මොකක් වෙයිද කියලා මේ ආගමනයෙන්.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ආයෙ අමුතුවෙන් විනාසයක් වෙන්න දෙයක් නෑ පාප්තුමා ආවයි කියල

      Delete
    2. මේ රටට තව වෙන්න විනාසයක් තියෙනවද ඇනෝ

      Delete
    3. මේකේ ආයේ මොනවා විනාස වෙන්නද බන් අමුතුවෙන්???

      Delete
    4. @ Anonymous August 2, 2013 at 5:25 AM

      පාප්තුමාගේ පැමිණීමත් එක්ක තුන් මාසයක් යන්න කලින් විනාසයක් වෙනවා කියන කතාව කරුණු කාරණාත් එක්ක කිව්වාම නම් නේද හොඳ. එතකොට එහෙම එකක් තියෙනවාද නැද්ද කියලා හිතන්න පුලුවන්නේ

      Delete
    5. @රවිඳු..........දැන් අපිට අඩු වෙලා තියෙන්නේ සන්නද්ධ ආගමික ගැටුම් විතරයි.ඒ ටිකත් අවුලවන එක තමයි රවිඳුලාට බාරදීලා තියෙන රාජකාරීය.ගවයා යනු ශාක භක්ෂිකයෙකි.මතකද පොඩි කාලේ කියලා දෙනවා.

      Delete
  5. ජාත්‍යන්තර නායකයෙක් ලංකාවට පැමිණීම සම්බන්ධව සන්තෝෂයි :)

    …මුලින්ම ගිහාන් සහෝදරතුමා කියලා තියෙන විශේෂ දේ ජෝශප් වාස් පියතුමා සාන්තුවරයට එසවීම වත්ද ?

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. අහිංසක මිනිස්සුන්ට මානසික අස්වැසිල්ලක්වත් වෙන එක ලොකු පිනක් හැටියටයි මමනම් දකින්නේ.

    ReplyDelete
  8. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න යන රටක් විදියට මේ දේවල් බාර ගන්න වෙනවා. පාප් තුමා කියනෙත් සංචාරකයෙක්. එයාගේ තනතුරු පැත්තක තිබ්බම එයා අපේ සංචාරකයෙක්. ආවට ප්‍රශනයක් නෑ. එතුමත් එක්ක එන පිරිස කොපමණද ? එතුමා බලන්න අසල්වැසි රටවලින් එන ප්‍රමාණය කොපමණද කියන එක තමයි වැදගත්. එතුමාගේ ගමන සජීවීව ලෝකෙට පෙන්නුවොත් තමයි ලංකාව ලෝකෙම බලා ගන්නේ. ක්‍රිස්තු භක්තිකයන් වැඩි පිරිසක් අපේ සංචාරකයෝ. එතුමා ආවා කියලා පහක් හයක් වත් ආගම මාරු කරන්නේ නෑනේ.

    ReplyDelete

  9. ඩිලාන් ඔයා මගේ බ්ලොග් ඒකෙදි අහලා තිබුණ ප්‍රශ්නෙට අද තමයි උත්තර දෙන්න ඉඩක් ලැබුණේ.. පුළුවන් වෙලාවක ඇවිත් බලල යන්න ...

    \\\ඒත් මම මේ බ්ලොගේ තියන ගොඩක් පෝස්ට් එකිනෙකා අතර හුවමාරු කරලා තියනවා අඩුම ගානේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලවත් නොදන්න අය අතර පවා,,,ඒ ඔයා ඉතාමත් නොතේරෙන දේවල් සරලව පැහැදිලිව ලියන නිසා....\\\\


    බොහොම ස්තූතියි ඩිලාන් බ්ලොගයට ගොඩ වීම ගැනත් , අනිත් අය අතර ලින්ක් බෙදා ගැනීම ගැනත්. මම දැකලා තියෙනවා ඩිලාන් එනවා. මුලදී මම හිතුවේ සිත්තාරවී එනවා කියලා. එක දිගට පෝස්ට් කියව කියව ඉන්නවා දැකලා තියෙනවා ඔයා.. ඒ ගැන සතුටුයි ඩිලාන්..


    \\\ඒත් මේ යුරෝපා රටවලින් අපේ අය ගෙනියන මුදල් රුපියල් වෙන්නේ පුද්ගලික මුදල් හුවමාරු මධ්යස්ථාන වලින්,, විශේසයෙන් රණ් භාන්ඩ අලෙවිසැල් වල තමා ඔය දේ ගොඩක් සිදු වෙන්නේ,,,\\\

    ඩිලාන් මේ කියන්නේ මුන්ඩියර් ක්‍රමය ගැන නේද ..?

    \\\මම අහලා තියනවා ඔය ගොඩක් විදේශ මුදල් හොර පාරෙන් අපේ රටෙන් පිටට යනවා කියලා...ඒ දේ වලිනුත් අපේ ආර්ථිකයට ලොකු පාඩුවක් නේද වෙන්නේ....ඔය වගේ තැන් වලට රජය ඉඩ දීලා තියෙන්නේ මොකෝ \\\

    ඔය දේවල් වෙන්නේ හොරෙන් ඩිලාන්.. මේ ක්‍රමේදී ලංකාවට කොච්චර මුදල් එනවද , ලංකාවෙන් කොච්චර මුදල් එළියට ගියාද කියලා බලන්න ක්‍රමයක් නැහැ. ශ්‍රී ලංකා රජයට පාඩුවක් වෙනවා තමයි. ඒත් මේ ක්‍රමය යටතේදී රුපියල් බිලියන ගණන් මුදල් එහෙට මෙහෙට යන්නේ නැහැ. ඒ නිසා ලොකු අවුලක් නැහැ.. මේකේ ක්‍රමය වැඩ කරන්නේ මෙහෙමයි.

    01. ඔයා ඉන්නේ ඉතාලි
    02. ඔයාගේ පවුලේ අය ඉන්නේ ලංකාවේ
    03. මගේ නියෝජිතයෙක් ඉන්නවා ඉතාලි
    04. මම ඉන්නවා ලංකාවේ

    05. ඔයා මගේ ඉතාලි නියෝජිතයාට යුරෝ වලින් සල්ලි දීලා කියනවා " මේ සල්ලි ලංකාවේ ඉන්න මගේ අම්මලාට යවන්න " කියලා ..

    06. මගේ ඉතාලි නියෝජිතයා මට කෝල් කරලා කියනවා " ඩිලාන් මට යුරෝ 1000 දුන්නා. ඒ වෙනුවට රුපියල් වලින් ඩිලාන්ගේ අම්මලාට සල්ලි ගෙවන්න " කියලා ..

    07. මම කරන්නේ ඩිලාන්ගේ අම්මලාට රුපියල් වලින් සල්ලි දෙනවා..

    08. මම සහ මගේ නියෝජිතයා අතර සල්ලි හුවමාරු වෙන විදිහ ජිල්මාර්ට් එකක්.. කොහොම හරි අන්තිමට ඩිලාන්ගේ අම්මලාට රුපියල් ලැබිලා.. එච්චරනේ වෙන්න ඕනේ ...


    ඔන්න ඕකයි ක්‍රමය.. මුදල් වලින් මුදල් මවන්න පුළුවන් ඩිලාන්.. මගේ නම් එතරම් විරුද්ධත්වයක් නැහැ එවැනි දේවල් වලට. මොකද බදු වශයෙන් රජය අපෙන් ගන්න සල්ලි විනාශ කරද්දී අපි මොකටද බදු ගෙවන්නේ බඩට නොකා ..? ( නීතියෙන් තහනම් මේ ක්‍රමය ) ආණ්ඩුවේ ලොක්කොම තමයි මුන්ඩියර් සෙල්ලමේ ඉහළින්ම ඉන්නේ...

    රිප්ලයි පරක්කු උනාට සොරි ඩිලාන්..මේ ටිකේ වැඩ වැඩි උනා මට..

    එදිනෙදා ජීවිතය | Trance : 02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.

    ReplyDelete
  10. මේ පෝස්ට් එක දැකලා වෙන්න ඕනෑ අන්න ගෝඨාබය ග්‍රි සතියේ ද කොහෙද ඉටලි ගිහින් පෝප්ට ආරාධන කළය කියලා කියෙන්නේ.

    ReplyDelete