Pages

Monday, July 2, 2012

පෝයදා ආ ගොපළු යකා


පහු ගිය වෙසක් දවස,අවුරුදු 5ට පස්සේ වෙසක් එකට දන්සැල් කන්න ගියා,මරු ට්‍රිප් එක, ලංකාවට ආවහම ගෙදර ඉන්නවට වඩා කරන්නේ ඇවිදින එකනේ,වෙසක් දාත් ලොකු දන්සල් වටයක් ගිහිල්ලා රෑ 12ත් පහු වෙලා ගෙදර එද්දී,වැ‍ටුනා විතරයි නින්දේ,ඒත් උදේ පාන්දරින්ම ගෙදරට ආපු හිතවතෙක්ගෙන් ලැබුනේ නරක ආරංචියක්,ගමේ කෙනෙක් සර්පයෙක් ගහලා කොළබ දැඩි සත්කාර ඒකකයේ. ඒ වෙද්දිත් අපේ සීයගේ සෙට් එකම අපේ ගෙදර ‍රැස් වෙලා උන්නේ, අපේ අවට 60 පැනලා සැදෑ සමය ගෙවන සෙට් එකම සීයගේ ගෙදර තමා සෙට් වෙන්නේ,හැමදාම වගේ මේ සෙට් එක මෙතන සෙට් වෙනවමයි, සීයත් තනියම නේ ඉන්නේ ,එතන උන්නා කියන්නේ රටේ,ගමේ ඉතිහාස කතා ඕනා තරමක් අහන්න ඉන්න පුලුවන්,ඔන්න මෙතන උන්නු සීයගේ යාලුවෝ පටන් ගත්තා, පෝය දවසට සර්පයෙක් ගැහුවා කියන්නේ බේරගන්න බෑ,අනික ගහලා තියෙන්නේ මහ පෝය දවසේ හද පායගෙන එනකොට, ඔය කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ,එයාලා ඒක ඇත්ත කරන්න උදාහරනත් කිවුවා, වෙසක් ,පොසොන් දවස් වල සර්පයෝ ගහලා අරයා මැරුනා මෙයා මැරුනා කියලා, සමහරවිට මොකක් හරි කේස් එකක් වෙලා සර්ප විශ ශරීරගත වෙන වේගේ වැඩි වෙනවද මන්දා?
ඔන්න හැන්දෑ උනා සෙට් එක ආයේ ‍රැස් වෙලා ඒ වෙද්දී ආරංචිය දරුනුයි,අර මාමා ජීවිතයෙන් සමු අරගෙන,හරි හොද කෙනෙක්,මම දැකපු දා ඉදන් කලේ සත්ව පාලනය තමා තවත් කොහෙද රජයේ තැනක වැඩ කලා,,මම දැක්ක දා ඉදන් පෙන්ශන් ගිහින් සත්තු එක්කම දකින දකින වෙලාවට උන්නේ,,හරක්, එළුවෝ,කුකුල්ලු.ඌරෝ වගේ සත්තු එයාලගේ ගෙදර උන්නා,,පොඩි ගොවිපලක් වගේ,,එදා සර්පයා ගහලා තිබුනෙත් හරක් ලෙහන්න ගිය වෙලේ,සෙනසුරාදා හැන්දැව ගමේ අය පල්ලි යද්දී ඒ මාමා හරක් ලෙහන්න යන ගමන් අපේ සීයා එක්ක කතා කරලත් තිබුනා,, පල්ලිය ගාවම තිබුනු පොඩි පතහක්,,ඒක පොඩි කැලැවක් තිබුනා,ඕකේ තමා එයා හරක් බැදලා තියෙන්නේ,,එක හරකෙක් ලිහලා අනික් දෙන්නව ලිහන්න ගිය වෙලේ තමා උනු දේ වෙලා තියෙන්නේ, අර හරකා වෙනදා පුරුද්දට තනියම ගෙදර ගිහින්, ඒ මාමගේ ගෙදර අය එයා ඇවිත් කියලා බලද්දී එක හරකෙක් විතරක් ගේ පිටි පස්සේ,පස්සේ තමා එයාව හොයන්න අරගෙන තියෙන්නේ, ගෙදරින් ගිහින් පැය දෙකක් විතර,,කොහොම හරි යද්දී එයා ඒ හරක් ලගම වැටිලා ඉදලා,සෑහෙන තරමකට එතන පොඩි පොඩි ගස් කඩා දමලා,ඒ වෙද්දී අශිහියෙන් වගේ ඉදලා තියෙන්නේ කටින් සෙම දාගෙන, කොහොම හරි ස්පිරිතාලෙට ගෙනෙහින් තිබුනා ඒ ගමන්,,එතනින් කොළබ යවලා. ඒ පහු වෙනිදා තමා එයා අවසන් ගමන් ගියේ.
හරි ඔන්න දැන් පහු වෙනිදා උදේම මේ සර්ප කතාව වෙනස් වේගෙන යන්නේ,,ගමේ අලුත් කතාවක් යනවා,සර්පයෙක් ගැහුවා නම් කෝ සර්පයා ගහපු තැන,ඔය පතහේ මීට අවුරුදු ගානකට කලින් තවත් කෙනෙක් හරක් ලිහන්න ගිහින් මැරිලා ඉදලා තියනවා, ඔන්න ඔය කතා අස්සේ ඉස්සරහට එන චරිතයක් තමා ගොපළු යකා,
සීයගේ සෙට් එක දෙකට බෙදෙනවා,,ගමේ තව ආරංචි එනවා මෙතෙන්ට,එක කස්ටියක් සර්පයගේ පැත්තට,අනික් අය ගොපළු යකාගේ පැත්තට,සර්පයා ගැහුවට පස්සේ එයා එතන සර්පයා හොයලා,ඒකයි එතන ගස් කොලන් පොඩි කරලා තිබුනේ,,මොකද ඒ මාමා වයස උනාට ගොඩක් ශක්තිවන්තයි, ඒ සර්ප දස්ථය පැත්තේ ඉන්න අය,නැ ගස් කොලන් කඩලා දාලා එයා ගොපලු යකා එක්ක පොර බදලා,අන්තිමේදී ගොපලු යකාගේ පහරකින් එයාට ඔහොම උනේ,ඒ ගොපලු යකා පැත්තේ කතාව.
කොහොම හරි ඔහොම කතා ගොඩක් අස්සේ වැඩි බර ගොපලු යකාගේ පැත්තට යන්න ගත්තා,ඒකට ලොකුම හේතුවක් උනේ මරණ පරීක්ශන වාර්ථාව නැති කම, ඒ මදිවට සර්පයා ගහපු තැන නෑ, ඒ එක්කම සර්ප කතාව කියන අය කියනවා පොළගා ගහන්නේ තිරස් අතට, නයා වගේ සිරසට නෙමේ,, ගොඩක් සර්පයෝ සිරස් අතට ගහන්නේ එතකොට පාර හිටිනවා,,පොළගට පාර හිටින්නේ නෑ කියලා.
ගොපළු යකා මේ චරිතය හරකුන්ට අධිපති දෙවියෙක් කියලා කියන්නේ,,රන් කෙවිටක් අතින් අරගෙන හරක් පට්ටිවල රාත්‍රියට කිරි දොවන්න එනවා කියලා කියන්නේ ඒ එක්කම අදුර වැටීගෙන එනකොට හරකුන් සිටිනා තැන්වල ගැවසෙනවලු.ඔය මම අපේ සීයලගේ සෙට් එකෙන් අහපු කතා. මේවගේ ඇත්ත නැත්ත මොකද්ද මම දන්නේ නැ,කොහොම හරි එදා අර මාමගේ අවසන් කටයුතු කරපු වෙලේ ඒකට ආපු ගොඩක් අය කතා කලේ ගොපළු යකෙක් ගැන,,එයා වැටිලා හිටිය තැන බලන්න ගිහින් තියන අය ගොඩයි,,ඒත් තවත් කොටසක් මේ පොලගෙක්ගේ විෂ නිසා උනු දෙයක් කියලා කියන්න ගත්තා.කොහොම හරි ඒ ටිකේම ගොපලු යකා ගැන තමා හැම තැනම කථාව, තරුන අය මේක විහිලුවකට ගත්තට වයසක අය මේ කතාව විශ්වාස කලා වගේ මම දැක්කේ,,ඒ මීට අවුරුදු ගානකට ඉස්සල්ලත් මෙවැනිම මරනයක් සිදු වීම,මම ආරන්චි කරලා බලනකොට තාමත් මරණ පරීකශන වාර්ථාව ගෙදර අයට දීලා නෑ,,සර්ප විශක් හදුනා ගන්න ක්‍රම වේදය කොහොම වෙනවද කියලා මම දන්නෙත් නෑ,දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකින් බලාපොරොත්තු වෙනවා.
ඒ මරණය අමතක වෙනකන් සර්ප විශ වගේම ,ගොපළු යකාගේ ප්‍රාහාරයත් අතර ගමේ මිනිස්සු ඉදී. කොහොමත් මරණ පරීකශන වාර්ථාව එනකන් මේක අභිරහස් මරනයක් විදිහට තියේවි.එකම දේ මේක මිනීමැරුමක් නොවීම.ඒ මිනිමැරුමක කිසිම සලකුනක් නොතිබීම.


(ගොපළු යකා කියන්නේ නම් සුදු ඇදගත් හිස ගවයෙක්ගේ හිස මෙන් තියන පොරක් ලු,,මම දෑකලත් නෑ ,ගොපලු යකෙක් දැකපු කෙනෙක් ඉන්නවදෝ ඔයාලා අතර)

13 comments:

  1. mama dakala thiyenawa RAN KEWITA film eken :D

    ReplyDelete
  2. ගොපලු යකා නැත්තං ගොපල්ලා සත්තුන්ටනං ගහනවා කියලා අහලා තීනවා..
    ඔය බල්ලො එහෙම කොර ගහන්න ගන්නෙ එකපාරටම ඒකලු...
    මිනිස්සුන්ට ගහපු කතාවක්නං මේ ඇහුවමයි...

    ReplyDelete
  3. අහලා නම් තියෙනවා..දැකලා නම් නැ...

    ReplyDelete
  4. බයානාකම යකා මිනිහ තමා.. රෑ ජාමේ ගොඩක් පොළගගෙන් අනතුරු වැඩියි..

    ReplyDelete
  5. මමත් දැක්කා රන් කෙවිට ෆිල්ම් එකේ හිටියා.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ගොපළු යකා ගැන මාත් විස්තර අහලානම් තියෙනවා.. ඇත්ත නැත්ත ගැනනම් ඉතින් නොදනී..

    ReplyDelete
  7. ගොපලු යකාව වර්තමානෙට හොඳටම අරගෙන ආවේ උදයකාන්තගේ රන් කෙවිට film එකෙන්. ඒකේ දෙවෙනි කොටසත් mea අවුරුද්දේ අපිට බලන්න පුලුවන්ලු. ගොපලු යකා අසවල් එකටද අර අහිංසක මනුස්සයාට බැස්ටිය දුන්නේ ???

    ReplyDelete
  8. මමත් දැකල නැතෝ....:)

    ReplyDelete
  9. ඔහොම තමා මොකක් හරි සිද්ධියක් වුනාම කතන්දර ගොඩයි.. අන්තිමට රටේ ලෝකෙ උන් දන්නවා ගෙදර උන්ට වැඩිය..

    ReplyDelete
  10. ගොපලු යකා ගම්භාර දේවතාවන්ගෙ තවත් එක වේශයක් කියනවනේ.. ඒ කියන්නේ හූනියම් දේවතාවටම තමාලු...

    ReplyDelete
  11. සර්ප විෂක් හඳුනා ගන්න දේශිය වෛද්‍යය ක්‍රමයෙදි නම් යොදා ගන්නව කියන්නෙ දූත ලක්ෂණ. ඒ කියන්නෙ වෙද මහතාඅ ලඟට රෝගියා පිලිබඳව පනිවුඩය රෑගෙන එන තැනත්තා ගේ හැසිරීම අනුව. සර්පයාව මරලා ගෙනියන්න ඕන නෑ. අවාසනවට දැන් නම් එහෙම දක්ෂතා තියන වෛද්‍යවරු අඩුයි. බටහිර වෛද්‍ය ක්‍රමයෙදි නම් කොහොම කරනවද දන්නෙ නෑ. රුධිර පරීක්ෂාවක් කරනව ඇති. සර්පයාගෙන් සර්පයාට උගේ විෂ වල අඩංගු රසායන සංයුතිය වෙනස් ලු ?
    …අදමයි අවේ මේ පැත්තට. කමෙන්ට් එක දිග උනාට සොරි වෙන්න ඔනි.

    ReplyDelete
    Replies
    1. ගොපළු දෙයියෝ...

      මේක අපේ අම්මගේ ගමේ කතාවක්. ගමේ ලොකු අත්තල ගොවිකම් කරා කියන්න මම පොඩ්ඩක් වත් ලජ්ජා නැහැ.. මම ඒ ගැන කියන්නේ පුදුම ආඩම්බරයකින්. ගමේ ලොකුඅත්ත ඉන්න කලේ කුඹුරු, හරක් පට්ටි, මී හරක් පට්ටි එහෙම කළා. ආයේ නියමයි... කමතේ කොළ මඩින්න කලින් පාන් පැලක් එහෙම හදල දෙවියන්ට බාර හාර වෙලා තමයි ඔක්කොම කරන්නේ. අහල තියෙනවද ගොපලු දෙවිය ගැන? ඉස්සර ලොකු අත්තගෙ පට්ටියට නිතරම වගේ එයා එනවා.. මට අන්තිමට මතක අවුරුදු 7-8 දී වගේ. අපෙ අම්මල එහෙම දැකල තියෙනවා. එයා උදේ 3.30 ට, 4.00 ට විතර රන් කෙණ්ඩියක් අරගෙන ඇවිත් එයාගේ කිරි ටික සුදු වැස්සි ගෙන් දොවාගෙන යනවා. එයා විනාඩි 10-15ක් විතර එතන කිරි දොවනවා. එයා කිරි දොවල යනකම් ලොකුඅත්ත පට්ටිය පැත්තේ වත් යන්නේ නැහැ... "දැන්මම දොවන්න යන්න වෙන්නේ නෑ.. අන්න ගොපල්ලා ඇවිත් දොවනවා.... ඔන්න ඔහේ අරගෙන ගිය දෙන්.. අපි පස්සේ දොවමු" කියල අත්තම්ම එක්ක කියවනවා... එයා පිටත් වුනහම තමයි ගෙදර අය යන්නෙ. ගොපල්ලා ඇවිත් ගිය දවසට දෙනුන් ගෙන් දොවල ඉවර කරන්න බැරි තරමට කිරි... බුරුළු වලින් කොච්චර කිරි දෙව්වත් බුරුළු පිරිල....එදාට කිරි අස්වැන්න පුදුම විදිහට සරුයි....



      එක දවසක්... අපෙ පොඩි මාමා ඉපදෙන්න ඉන්නකොට අත්තම්මට දොළ දුකක් හැදිලා... අමුතු එකක්.. හරක් මස් කන්න. ලොකු අත්තටත් කරන්න දෙයක් නැහැ. දොළ දුක හින්දම ටිකක් ගෙනල්ල අත්තම්මට විතරක් ගෙදර ඉව්ව. ඊළඟ දවසේ ලොකු අත්ත නැගිටලා මිදුලට යද්දී ගෙදර අයට බොන්න කිරි ගන්න සුදු වැස්සි මෙයාව දැකල ලනුව කඩාගෙන දුවල... ලොකු මාමලයි, ලොකුඅත්තයි එයාලගේ අයියල මල්ලිලයි, ඔක්කොලම වැස්සිව අල්ල ගන්න පන කඩාගෙන දුවල. වෙල පුරාම වැස්සි දෙක කරගෙන දුවනවලු. අල්ලන්නම බැරි වෙලා වැස්සි කැලේට පැනල දුවල.... කට්ටිය අපහු දවල් 11 ට විතර හොඳටම හෙම්බත් වෙලා ගෙදර ගිහින් කඹයක් එහෙම අරගෙන එන්න.. මද්දක ගහල හරි අල්ලගන්න බලාගෙන. ඒ ගෙදර එනකොට පාන්දර කඩාගෙන දිව්ව වැස්සි උදේ හිටපු තැනම පොල් ගහ යට දිගේලි කරල ඉඳගෙන ඉන්නවලු...!! ඒ වෙලාවේ ගොපල්ලා වැස්සිගේ වෙස් අරගෙන මෙයාලට වද දීල.. දඬුවම් කරල.... හරක් මස් ඉව්වට..කියලයි ලොකු අත්ත ඉස්සර කියන්නේ...

      ඔබල කොහොම විශ්වාස කරයිද කියන්න නම් දන්නේ නෑ... ඒත් අපෙ අම්මල, ලොකු අම්මල තාමත් ඒව ගැන කියනවා. අම්ම අපිට බොරු නොකියන බව මං දන්නව. මං ඇස්දෙකට දැකල නං නෑ.. ගොපල්ලව. ඒත් ඉස්සර අපි පොඩි කාලෙ ගමේ ගියාම ලොකුඅත්ත අරවගේ දේවල් කියනව ('අදත් ගොපල්ල ඇවිත්', 'දැන්ම යන්ඩ එපා.. අරය දොවනකං ඉන්ඩ' වගේ කතා) මට අදටත් මතකයි..

      Delete
  12. පොලඟා කෑවා කියලා කියන්නේ ගොපලු යකා ගැහුවම තමයි.
    අපේ ගෙවල් පැත්තෙ ඔරිජිනල් ගොපලු යකයි ඩුප්ලිකේට් එකයි ඉන්නවා. ඔරිජිනල් එකා ඩුප්ලිකේට් එකාට ගැහුවා. මිනිහා පොලඟෙක් කෑවා කිය කියා හැමතැනම කිය කිය යනවා.
    හොදට ගස් නගින්න පුලුවන් වෙන්න ඕන ගොපලු යකා වෙන්න. රාජිත සේනාරත්න ඔය ගොපලු යකාගෙන් වැඩ ගන්න බුවෙක් තමයි

    ReplyDelete