Pages

Wednesday, June 20, 2012

ඉදිරි අසුනේ ගැ‍ටුම


කාලෙකින් ආයේ පෝස්ට් එකක්, ලංකාවේ ඉද්දී මොන පෝස්ට් ද,,පහු ගිය සතියේ ආයේ ඉතාලියට ගොඩ බැස්සා.අද පෝස්ට් එක නම් ලංකාවෙදි උනු දෙයක්,
ඔන්න දවසක් මම ඉන්නවා වාහනේට වෙලා වාහන පාක් එකක, පොඩි නින්දකුත් දාගෙන උන්නේ,ඔය මීගමුව ටවුන් එකේ තියන සල්ලි ගෙවන වාහන පාක් එකක්, මගේ වාහනේට අල්ලපු වෑන් එකක් තිබුනා,කවුරුත් නම් උන්නේ නෑ,පොඩ්ඩකින් දොර ඇරලා වහන සද්දයක් ආව ගමන් මට ඇහැරුනා, එතකොට එතන උන්නේ අවුරුදු 35,40 වගේ ජෝඩුවක්,,දෙන්නා වාහනේට නැගලා ටිකක් සද්දෙට කතා කරනවා ඇහුනා, කොහොමත් ඉතින් සද්දෙට කතාවක් ඇහෙනකොට ඒවට ඇහුම්කන්දෙන එක පුරුද්දක් නේ,මගෙත් කන ඒ පැත්තට ගියේ මටත් නොදැනිම, ඒ එක්කම මගේ ඇස් දෙකත් වැහුනේ මම මේ කතාවට ඇහුම්කන් දෙනවා කියලා ඒ ජෝඩුවට තේරුනොත් කතාව නවත්තයි කියන සැකේට,අපරාදෙනේ කම්මැලිකමේ ඉන්නකොට ඔය වගේ චැන්ස් එකක් නැතිකර ගන්න එක.මමත් ඉතින් හිමීට තවත් වීදුරුව පාත් කරගෙන හොදට කනත් එහාට හරෝල තදට ඇස් වහ ගත්තා,,එතන මිනිහා උන්නේ මගේ පැත්තට වෙන්නමයි, ඔන්න ගිය කතාව මට ඇහුනු විදිහට මේකයි.
අයිසේ අම්මා පස්සේ සීට් එකේ තනියම ඉන්නකොට තමුසෙට තිබුනා අම්මා එක්ක පස්සේ සීට් එකට නගින්න,තමුසෙට කොච්චර කිවුවත් වැඩක් නෑ අම්මා වාහනේ යනකොට පස්සේ සීට් එකට නගින්න කියන එක,,තමුසෙට තියෙන්නේ ඉස්සරහා සීට් එකේ යන ලෙඩේමයි, තව පොඩ්ඩෙන් අම්මා එයි නගිනවා අම්මා එක්ක පස්සට.
එතකොටම පටන් ගත්තා ගැණිත්,මට ඕනා සීට් එකෙයි මම යන්නේ කවුරු නැග්ගත් මම යන්නේ මට ඕනා තැන,ඒක වෙනස් කරන්න තමුසෙට බෑ,කවුරු කිවුවත් මම යන්නේ මට ඕනා තැන,ඇයි අම්මා පස්සේ තනියම ගියාට මොකක් වෙනවද?මොකෝ පස්සේ සීට් යන්නේ නෑද එතකොට,
කට වහපන් උබ අම්මා පස්සේ සීට් එකේ යනකොට අම්මා එක්ක පස්සේ සීට් එකෙන් නගින්න ඕනා..
මම මේ සැර බාල කරලා ලිවුවේ ඕනා හරිය විතරයි තව කතා ගියා සෑහෙන්න,ඉස්සරහා සීට් එකට වලියක් ඒක.
මම දකින විදිහට ඇත්තටම ගොඩක් කාන්තාවන්ට තියන ලෙඩක් ඕක ඉස්සරහා සීට් එකේ යන ලෙඩේ,අර පොරගේ අම්මා වෙන්න ඇති පස්සට නගින්න ඇත්තේ,තමන්ගේ අම්මා නිසා අරයටත් පස්සට යන්න කියන්න ඇත්තේ, බොරුවට පස්සේ සීට් එකට යන්නේ නැතුව අර ගෑනු කෙනත් රණ්ඩු කර කර ඉස්සරහා සීට් එකේ, අපූරුවට දෙන්නා පස්සේ උන්නා නම් මිනිහා නිකන්ම ඩ්‍රයිවර් වෙලා අර දෙන්නා නෝනලා වෙනවා නේ.
ඒ අම්මා ඉන්න තැන තාත්තා උන්නා නම් කොහොමද? ඔයිට වඩා දරුණු වෙන්න තිබුනා කේස් එක,තමන්ගේ ළමයිව පිටි පස්සේ දාගෙන දෙන්නා ඉස්සරහා යන එක වෙනම දෙයක්,,එක්කෝ වැඩිහිටි පිරිමියෙක්,වැඩිහිටි කාන්තාවක් එහෙම වාහනේ යන්න ආවා නම් වැඩිහිටි පිරිමියට ඉස්සරහා සීට් එක දෙන එක වැදගත් මම හිතන්නේ,ඒ වගේම වැඩිහිටි කාන්තාවක් වාහනේ යන්න එනවා නම් ඒ කෙනත් එක්ක වාහනේ පිටි පස්සේ සීට් එකේ යන එක වැදගත්,මේ මගේ අදහස මම කිවුවේ,ඔයාලටත් වෙන වෙන අදහස් ඇති. මොකක් උනත් මේ සීට් එකක් නිසා ඒ වගේ තැනක් නොතැනක් නැතුව ජෝඩුවක් රණ්ඩු වෙන එක නම් මහ කැත වැඩක්.

13 comments:

  1. oya wayase ayata one na samahara kellantath thiyena ledak oka

    ReplyDelete
  2. ඒ රණ්ඩුව තේරුමක් නෑ බං.. ගෑණි මිනිහයි නන් ඔයිට වඩා තේරුං ගන්න ඕනි.. අම්මා පස්සෙන් ඉන්න එක නෙමේ ගැටළුව.. දෙන්නට දෙන්නා ඔය තරං පොඩි සිද්දියකට ඔහොම නන් ජීවිතේ ඔයිට වඩා අමාරු තීරණ ගනිද්දි කොයි තරං මරා ගනීවිද.. හයියෝ.. ඔහොම එව්වා දකිද්දි පවුල් කන එකත් එපා වෙනවා බං..

    ReplyDelete
  3. "එක්කෝ වැඩිහිටි පිරිමියෙක්,වැඩිහිටි කාන්තාවක් එහෙම වාහනේ යන්න ආවා නම් වැඩිහිටි පිරිමියට ඉස්සරහා සීට් එක දෙන එක වැදගත් මම හිතන්නේ"
    ඒ කෑල්ලටනං එකඟයි. ඒත් ගෑණියි මිනිහයි ඉස්සරහ ගිහිං අම්ම පස්සෙ සීට්එකේ ගියා කියල වරදක් කියන්න බෑ.

    "...මීගමුව ටවුන් එකේ තියන සල්ලි ගෙවන වාහන පාක් එකක්, මගේ වාහනේට අල්ලපු වෑන්...."
    ඉතාලියෙ ඉඳල ඇවිල්ලත් ඉතාලියෙනේ ඉඳල ති‍යෙන්නෙ! :-)

    ReplyDelete
  4. වෙන මොනා හරි ප්‍රශ්නයක් වෙන්න ඇති ඕක උඩින් යවන්න් ඇත්තේ!

    ReplyDelete
  5. අපෝ ලැජ්ජාවේ බැහැ..ඔය වගේ සුලු එව්වාටත් රණ්ඩු වෙනවද ..කොහෙන් ගියත් මොකද ගමන යනවා නම්...මම නම් අහනවා හබී කියන එක හෙහේ..චුටි රණ්ඩු ලොකු රණ්ඩු වෙනවා..එක දෙක වෙනව..නැති ලෙඩනේ අප්පා.

    ReplyDelete
  6. @ රාජ්,

    මීගමුව කියන්නෙ පුංචි රෝමය.. පුංචි ඉතාලිය කියන්නෙ වෙන්නප්පුවට.. රෝමය තියෙන්නෙත් ඉතාලියෙ කියන්න එපා ඔන්න..

    ReplyDelete
  7. හරි හෝ වැරදි හෝ වේවා මහ පාරෙ කෑගහගන්න කලින් දෙන්නට හිතන්න තිබ්බා මිනිස්සු නිදි වගේ ඉඳගෙන අපේ කතා අහගෙනයි ඉන්නෙ කියලා. :P

    ReplyDelete
  8. ආ යන්තම් බ්ලොග් ලෝකෙට ගොඩ බැහැලා වාගෙ. මේ ඔයා එන්න එපා මීගමුව වෙන්නප්පුව පැත්තෙ මිනිස්සුන්ට එක එක කතා හදන්න. ප්‍රදේශ ද්‍රෝහී වෙන්න එපා හරිද?

    ඒ වුණාට ඇත්තම කිවුවොත් මේ වගේ මැදිවියෙ දෙන්නෙක් එහෙම හැසිරුණ එක හරි මදි නේද? අනිත් එක මේ වගේ පොඩි එකෙකුත් එහා පැත්තෙ ඉද්දි.

    ReplyDelete
  9. ඇන්ටෙනා පාර දාගෙන ඉඳලා හොරා වගේ..

    ReplyDelete
  10. මේක මේ රණ්ඩු සරුවල් වෙන්න දෙයක් නොවෙයිනේ, මම නම් හිතන්නේ එකිනෙකාට ගරු කිරීම / තේරුම් ගැනීම මදි කමේ ගැටළුවක් ,,,

    තව දෙයක් පුරුද්දට හරි , ආසාවට හරි අනුන්ගේ කතාවකට හොරෙන් ඇහුන් කන් දීම , හොඳ දෙයක් නෙවෙයි ..

    ReplyDelete
  11. ඔතන ඔය සීට් අවුලට අමතර වෙන අවුල් ඇති. නැත්තම් සීට් එක වගේ පොඩි දේකට විවාහ වුණු යුවලක් රණ්ඩු වෙනවා කියන එක හිතන්න අමාරුයි. හැබැයි "මෙහෙම පසුවුණොත් අඹු සැමි හැම වේලේ- කොහොමට සුතන් ලබනෙද ගොන් වෙදරාළේ" කිව්වළු. එක්කො මේ දෙන්නා ලඟදිම වෙන් වේවි. වෙන් නොවුනත් සදාකාලික අපායක ජීවත් වේවි

    ReplyDelete
  12. hihi lajjaawe baa issarahaa seat ekata randu wenawaa kiyanne

    ReplyDelete