Pages

Friday, March 16, 2012

සූදුව




සූදුව කියන්නෙත් අපේ සමාජයේ මුල් බැහැගෙන තියන දෙයක් ,පෝසතා දුප්පතා කියලා නෑ දෙගොල්ලොම මේකට ඇබ්බැහි වෙනවා, සමහරවිට අපි උනත් විහිලුවට හරි මොකක් හරි සූදුවකට ඔට්‍ටුවක් අල්ලලා ඇති මතක් කරලා බලන්න,ලොත‍රැයියත් එක්තරා සූදුවක් නේ. කැසිනෝ, ජැක්පොට් , අශ්ව රේස්,බලු රේස්,ඔ‍ටු රේස්,කුකුල් පොර ,කාර් රේස්, බයික් රේස් වගේම සියලුම ක්‍රීඩා වලට ලෝකේ හැමතැනම ඔට්‍ටු අල්ලනවා.
මම ඉන්න නගරේ හරි ජයට කරගෙන ගියා ලාංකීය ආහාර විකුනන කෑම කඩයක්,කොහොම හරි මෙතෙන්ට මිනිස්සු එනවා වැඩි වෙද්දී මේ කඩේ අයිතිකාරයා ගෙනාවා මේ කඩේට ජැක්පොට් යන්ත්‍ර , මොකද ඉතාලියේ ජැක්පොට් යන්ත්‍ර,ඔට්‍ටු මධ්යස්ථාන බොහොමයි,අපේ පොරත් ඉතින් කෑම කඩේ ලස්සන වෙන්නත් එක්ක පැත්තකින් තිබ්බා ජැක්පොට් මැශින් 2ක්, ඕකට දාන්නේ යුරෝ කාසි, අපේ මිනිස්සුත් ඔතන සෙල්ලම් කරන්න නිකන්ම පුරුදු උනා,අනේ කඩේ අයිතිකාරයත් ඉක්මනින්ම ඕකට පුරුදු උනා,පොර කඩේ ලාච්චුවෙන් මාරු කාසි අරන් ඕකට ඔබනවා,දිනන මගුලක් නෑ, කොහොම හරි ලගදී ආරංචියක් ආවා කඩේ වෙන කාටද විකුනලා කියලා, ගහපු ජැක්පොට් ගැහිල්ලට ඒක එහෙම නොවී බෑ,කඩේට යන යන වෙලාවට රෝල් එකක් ඉල්ලන්න යන්න ඕනා ජැක්පොට් මැශින් ලගට,කොහොමත් මේ වෙද්දී ලාංකිකයෝ ගොඩක් අය, මම ඔය ඔට්‍ටු දාන තැන්වල,ජැක්පොට් මැශින් ලග දැකලා තියනවා නිරන්තරයෙන්ම, ඔය අතර අශ්ව රේස් සහ පුට්බෝල් තරග ඔට්‍ටු බහුතරය,පුට්බෝල් වලට ඔට්‍ටු ඇල්ලීමත් හොද දැනුමක් වගේම නිරන්තරයෙන්ම යුරෝපේ පුට්බෝල් ක්ලබ් වල තොරතුරු ගැන හොද අවධානයෙන් ඉන්න ඕනා.ඇත්තටම මම ඔය පුට්බෝල් ඔට්‍ටු අල්ලන කීපදෙනෙක් එක්ක ඔය ගැන කතා කරලා තියනවා,පිස්සු හැදෙනවා ලංකාවේ පලවෙනි අගමැති කවුද කියලා ඇහුවොත් උන් එකෙක් දන්නේ නෑ කවුද කියලා , ඒ උනාට මැන්චෙස්ටර් යුනයිටඩ්,බාසිලෝනා,ඉන්ටර්,මිලාන් ආසනල්,රෝමා වගේ පුට්බෝල් ක්ලබ් වල ක්‍රීඩකයන්ට වතුර අදින එකාගේ නම් පවා මේ කස්ටිය දන්නවා.
ඔන්න දවසක් මම ඔය අශ්ව රේස් ඔට්‍ටු අල්ලන තැනකින් යද්දී අපේ තාත්තගේ යාලුවෙක්ව හම්බුනා,මාත් ඉතින් කතා කරන්න ඔතන නැවතුනා,පොරත් අශ්වයෝ ඔස්තාර් කෙනෙක්,මාත් එක්ක කතා කරන ගමන් එතන ටීවී එකට ඔලුව දානවා, ඔට්‍ටු අල්ලලා රේස් එක පටන් ගන්නකන් බලන් ඉන්නවා කොහෙද දුවන රේස් එකක් ඔන්ලයින් යන්නයි ලෑස්තිය ඒකට පොර ඔට්‍ටු අල්ලලා,මට පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා පොර ගියා ඇතුලට, මමත් දැක්කා අශ්වයෝ දුවන්න පටන් ගත්තා,මටත් ආසාවක් ඇවිල්ලා මමත් ඕක කටත් ඇරගෙන බලන් හිටියා,,දැන් අර පොර උඩ පනිනවා ,පොරගේ අශ්වයා තමා මේ ඉස්සරහින් දුවන්නේ,කොහොම හරි මිනිහා කට කනේ තියන් එලියට ආවා රේස් එක ඉවර උනාම,තව ටිකකින් රිසල්ට් එනවා,ඔට්‍ටුවෙන් එයාට හම්බෙන ගානත් එක්කම කියලා,,ඔන්න ආයේ ගියා ඇතුලට බලාගෙන එන්නම් කියලා,,ඒ එක්කම ඇහුනා දඩාස් ගාලා කුනු බක්කියක් පෙරලෙනවා, බලද්දී අර පොර කුණු බක්කියට පයින් ගහලා,අනේ මිනිහගේ අශ්වයා දින්නට තරග නීති කඩකරලලු ,අසරනයා දුවද්දී කකුල යන රිද්මය වෙනස් කරලා,ඒ තරගේ කකුල යන රිද්මය වෙනස් කරන්න බෑලු,පොර එනවා අස්පයා මැරිච්ච ජොකියා වගේ මොකද සතියෙම පඩිය එතෙන්ට පූජා කරලා ඒ වෙද්දී පොර ඉදලා තියෙන්නේ.
මේ ඔන්න මම නම් මේ සූදුවට නෑ ඔන්න හරිය,, සමහර දවස් වලට ලොත‍රැයියක් සීරුවට,ලොටෝ එකක් මාක් කලාට වෙන දේවල් වලට නෑ,,හැබැයි මගේ බ්ලොග් එකේ මීට ඉස්සල්ලත් බූරුවා ගැසීම ගැන පෝස්ට් එකක් තියනවා, මම නාපෝලි සංචාරෙකට ගිය වෙලේ එහෙ ලාංකීය කෑම විකුනන කඩේක හරි අපූරු දැන්වීමක් දැක්කා ,අවාසනාවට මට ඒක පොඩි පොටෝ එකක් ගන්න බැරි උනා කඩේ සෙනග හිටිය නිසාත් ඕවා පොටෝ ගන්න ගිහින් ගුටි කන්න වෙයි කියලා ආපු බයට. ' 25 , 26 සහ 1 යන දිනයන්හී මෙම ස්ථානයේ කැටපොලක් පැවැත් වේ.' ඔන්න ඕක තමා කොම්පීතරෙන්ම වැදගත් විදිහට ලියලා ලස්සන බෝඩරයකුත් දාලා හදලා තිබුනු දැන්වීම. දන්නවා නේ ඔට්‍ටුවට කැට ගහන හැටි ඒකත් මරු සෙල්ලම.
අහලා තියනවද ලුණුවිල, පොල් පරීක්ශනාගාරය තියෙන්නේ එහෙ,වෙන්නප්පුව ආසනේ තමා ලුණුවිල කියන ගම,අපේ අල්ලපු ගමක් වෙනව ඕක,,ඔය ගම කාලයක් පොල් පරීක්ශනාගාරයට අමතරව තවත් ප්‍රසිද්ධියක් ගත්තා ලොකු සූදු පොලක් නිසා,එතන බූරුවා ගැසීම සහ කුකුල් පොර තමා තිබුනේ,අනිත් එක රජයේ අනුග්‍රහය ලබපු තැනක් මෙතන,ලොකු සල්ලි කාරයෝ තමා එතන ගැවසුනේ,පෙජරෝ,මොන්ටේරෝ,ප්‍රාඩෝ වගේ ලොකු වාහන තමා ඔතන තිබුනේ,ඔතන වෙනම සල්ලි පොලියට දෙන පොරකුත් හිටියලු,එතනම තමන් එන වාහනේ උගස් තියලා එතනම පැරදීල බස් එකේ ගෙදර ගිය මිනිස්සු ඕනා තරම් ලු.
කුකුල් පොර කියද්දී මතක් උනේ මාත් එක්ක වැඩ කලා පිලිප්පීන් කොල්ලෙක් පොර දවසක් කිවුවා ඒ රටේ කුකුල් පොර නීතිගත ක්‍රීඩාවක්ලු,මට වීඩියෝ වගයකුත් පෙන්නුවා,හයියෝ ක්‍රීඩා ගාර ඇතුලේ ඒවා වෙන්නේ,කුකුල්ලු ලේ පෙරාගෙන මැරිලා වැටෙනවා,කකුල් වල පොඩි පිහි හයි කරලයි ක්‍රීඩාව වෙන්නේ,,මම පොඩි වීඩියෝ එකක් හොයා ගත්තා මෙන්න,,,ඒත් ලේ පෙරාගෙන ඒවා නම් නෑ ඒ වගේ.


කොහොමත් මිනිස්සු මේ දේවල් වලට ගිහින් විහින් විනාශ වෙන එක තමා වෙන්නේ,තමන්ගේ ජීවිතේ පවා විනාශ කර ගත්තු මිනිස්සු ඉන්නවා සූදුව නිසා,ඒ වගේම කෝටිපතියෝ හිගන්නෝ වෙලා තියනවා සූදුවෙන්,,අර සක්විත්තත් සූදුවෙන්ලු නේ ඔය සේරම දේවල් උනේ.ලොත‍රැයියක් ඉදලා හිටලා සීරුවට මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ, ඒත් සූදුවට ඇබ්බැහි වීම කියන්නේ වෙනම හිතලා බලන්න ඕනා දෙයක්. සන්තානං මැණියනේ ඊයේ ලොටෝ වල තෑග්ග යූරෝම 7450000 දල වශයෙන් රුපියල් 150 වැඩි කරලා බලමු හොදයි කොහොමද රුපියල් වලින් කියලා මම නම් දන්නේ නැ ඕක සිංහලෙන් කියන්නවත්. මමත් මාක් කරන්න ඕනා ලබන සතියේ,, මී ඇස් දෙක පල්ලා මගේ බ්ලොග් එක පලෝ කරන සියල්ලන්ටම ඉන්දියාවෙන්ම ආනයනය කරලා මරුතිය බැගින් ලබා දෙනවා මේ ජය මල්ල දිනපු ගමන්.

15 comments:

  1. කපටියා! මූ කිලයා තියෙන්නේ "මී" ඇස්දෙක පල්ලා කියලා නොවැ! :D

    ReplyDelete
  2. "මගේ බ්ලොග් එක පලෝ කරන සියල්ලන්ටම ඉන්දියාවෙන්ම ආනයනය කරලා මරුතිය බැගින් ලබා දෙනවා මේ ජය මල්ල දිනපු ගමන්. "

    ඔන්න මම ටක්ගාලා ෆලෝ කරා... :)

    සූදුවෙන් විනාශ වෙන්න ලොකුම හේතුව කොච්චර පැරදුනත් සූදුව අතහරින්නෙ නැතිකම..

    ආසාවට නෙමෙයි මිනිහා හිතන්නෙ එකක් ගොඩ දාගත්තොත් නැතිවුන සල්ලි ආයෙ ගන්න පුලුවන් කියලා හිතලා දිගටම සූදු කෙලිනවා..

    මම් කරලා තියෙන එක සූදුව ස්විප් විතරයි.. හැබැයි මගේ සංකරණ සංයෝජන හා සම්භාවිතා දැනුමට අනුව ස්විප් ගැනිල්ල තමයි නරකම සූදුව ..මොකද කියනවානම් අනිත් හැම සූදුවකටම වැඩිය දිනීමේ සම්භාවිතාව අඩුම ස්විප් ගැනිල්ලෙ..රේස් එකක් ගොඩ යන්න තියෙන චාන්ස් එක ඊට වඩා වැඩී..

    ReplyDelete
  3. මේ බ්ලොග් එකට ආව දෙවෙනි දවස ඹන්න මමත් ෆලෝ කරන්න සෙට් වුනා.ඊට පස්සේ තමයි පොස්ට් එක කිියව්වේ එතකොටනේ දැක්කේ මරුටි දෙන කතාව ලොටො එක වැඩකරන්න කියලා මාත් භාරයක් වුනා මරුටිය තැපෑලෙන් එවනවද ඇවිල්ලා ගෙනියන්න ඹීනෙද

    ReplyDelete
  4. මෙමත් ගියා ලංකාවේ ලොකුම සූදු පොලට (CSE)අැදන් ඉදපු ෙරද්ද විතරයි ඉතුරුවුනේ.

    ReplyDelete
  5. ඔය ජය මල්ල ඇදුනොත් මොනවා කරන්න බැරිද මචං.. මමත් හැම සෙනසුරාදම ලොටෝ එකක් දනවා..

    ReplyDelete
  6. මම වැඩ කරන්නෙත් සුදුවලට සම්බන්ද ආයතනයක IT රස්සාවක් නේ.මමත් ඉඳල හිටලා දිනලා තියෙනවා.ඒත් ඔට්ටු අල්ලන්නෙත් ඉඳල හිටලා.

    මටත් මරුටියක් ගන්න වාසනාවක් ඇති නේද?

    ReplyDelete
  7. අනේ මට නම් එපා අනේ මරුටි....:D

    ReplyDelete
  8. මී ඇස්දෙක පල්ලා රුපියල් දෙකේ කාසි දාලා ඉස්කෝලේ පිටිපස්සේ මෝලගේ කඩේ මම නං ජැක්පොට් ගැහුවෙ නෑ....

    ReplyDelete
  9. ස්වීප්, ලොටෝ, කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ හරියට ගණන් ඉගෙන ගත්තෙ නැති එකට රජයෙන් ගහන ටැක්ස් එකක්.

    මේ බ්ලොග් එක අදම 'අන්ෆොලෝ ' කොරන්න ඕනෙ, බැරිවෙලා මරුටියක් දුන්නොත් හෙම මළකෙලියයි :-))

    ReplyDelete
  10. හිකිස්‌.... අනේ අනේ මෙහෙමත් කොල්ලෙක්...

    ReplyDelete
  11. //මී ඇස් දෙක පල්ලා මගේ බ්ලොග් එක පලෝ කරන සියල්ලන්ටම ඉන්දියාවෙන්ම ආනයනය කරලා මරුතිය බැගින් ලබා දෙනවා මේ ජය මල්ල දිනපු ගමන්.//

    හනේ හනේ, අපිව තම්බන්න හදන්නේ මී ඇස් කියල මේ අයියා... :))

    ReplyDelete
  12. ඔබ කියන දේට මමත් සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා, මම ඉන්නෙත් ඉතාලියේම තමා, අවාසනාවකට මෙහෙ පදිංචි / රැකියාව කරන අපේ රටේ අයත් ගොඩක් පුරුදු වෙලා සූදුවට. විශේෂයෙන් කැසිනෝ සූදුවට තමාගේ වාහනේ උගස් කරපු අයත් ඉන්නවා, ඒ වගේම සුදුව නිසා හොදටම ණය වෙච්ච අයත් ඉන්නවා, මේ තත්වය ඇත්තටම අවාසනාවන්තයි.

    visit : www.thunsitha.tk (තුන්සිත )

    ReplyDelete
  13. අනේ මට නම් මරුටියක් හරි කමක් නෑ අප්පා රෝද හතරක්නෙ. පස්සෙ කාලෙක පංචිකාවත්තට වත් විකුනන්න පුළුවන්නෙ

    ReplyDelete
  14. ඒ වුනාට ලුණුවිල ට ගහපු මඩ මරුටියෙන් ශේප් කරගන්න නම් හම්බෙන්නෙ නෑ

    ReplyDelete
  15. අපොයි අපේ ගේ පිටිපස්සේ තිබුන සූදු පොට්‌ එක ගැනත් ලියල... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. මමත් දැන් ඉන්නේ ඉතාලියේ තමා. messina වල.

    ReplyDelete