Pages

Saturday, February 25, 2012

ඒක දඩුවමක්ද?


සරත් අයියා යුරෝපෙට ආවේ කොල්ලා කාලේ,ඇවිල්ලා චාටර් කාලා ජොබ් හොයාගෙන යම් ස්ථාවරයක හිටියා,යුරෝපේ කොහොමත් ඒ කාලේ සිංහල තරුන අවිවාහක ගැණු ළමයි ඉදලා නෑ, ඉදලා තියෙන්නේ සිංහලෙන්ම කිවුවොත් ඇන්ටිලා , ඇන්ටිලත් ඉතින් කොල්ලන්ගේ කරේ එල්ලෙන්නමයි බලන් ඉදලා තියෙන්නේ, සරත් අයියටත් ඔහොම ඇන්ටියෙක් සෙට් වෙලා, ඒ වෙනකොට සුද්දෙක් බැදලා පිට රටක පුරවැසිභාවය එහෙම අරගෙන ඉදලා තියෙන්නේ,, කොහොමත් ඒ කාලේ ඔය හික්කඩුව,බේරුවල,මීගමුව වගේ පැති වල හිටිය කෙල්ලෝ,ඇන්ටිලා පස්සේ වහ වැ‍ටුනු යුරෝපේ නාකි අර ගොල්ලන්ව බැදලා තමන්ගේ රටවල් වලට ගේනවා,නිකන්ම පුරවැසිභාවය, සමහරවිට යම් දේපලක් ඉතුරු කරලා මේ සුද්දෝ වලපල්ලට යනවා නැත්නම් අපේ ඈයෝ සුද්දන්ට බූට් එක තියලා මාරු වෙනවලු, ඒත් ලංකාවේ ඒ ප්‍රදේශ වල හිටිය පිරිමින්ට මේ චැන්ස් එක නෑලු , අහම්බෙන් සුද්දියෙක් සෙට් වෙලා ගිහින් පුරවැසිභාවය හම්බුනාට,ගොඩක් ගිය කොල්ලෝ ඉදලා තියෙන්නේ අනවසරයෙන් මේ රටවල, කොහොමහරි සරත් අයියට සෙට් උනු ඇන්ටිගේ සුද්දා ඒ වෙද්දී ඇන්ටිට යම් දේපලක් සල්ලියක් ඉතුරු කරලා වල කජ්ජ ගහලා ,ඉතින් තනියම හිටිය ඇන්ටිට සරත් අයියා සෙට් උනා ,සරත් අයිය මොකද කලේ අර ඇන්ටි එක්ක විවාහ නොවී ලිවින්ග් ‍ටු ගෙදර් ඉන්න ක්‍රමේට ලේසියෙන්ම කොලේ හදාගෙන පුරවැසිභාවයත් අරගත්තා.
සරත් අයියා යම් සල්ලියකුත් හම්බු කරගෙන ලංකාවට ගියා, ගෙදර දෙමව්පියෝ ඉතින් කපුවෙක් ලව්වා යෝජනාවකින් යම් කිසි දෑවැද්දකුත් එක්ක බ්‍රෑන්ඩ් නිව් කෙල්ලෙක් කසාද බැන්දා, කසාදෙන් පස්සේ අලුත් මනමාලිවත් අරගෙන ආයේ යුරෝපෙට එනවා, දෙන්න සතුටින් සමාදානෙන් විවාහ ජීවිතය ගෙනියනවා,පොඩි අවුලකට තියෙන්නේ සරත් අයියා අර ඇන්ටිව බලන්නත් සතියකට වරක් එක ‍රැයක් අර ගෙදරට යැම,මුල් මුල් කාලවල බිරින්දැට බොරු කියලා පැන්නට,ඉක්මනින්ම මෙයාගේ කනට මේ රහස එනවා, කොහොමත් මේවා හොයන කරන අය ලංකාවට වැඩිය මේ රටවල වැඩී කොහොමත්, පස්සේ සරත් අයියගේ පවුලට ළමයි දෙන්නෙකුත් එකතු වෙනවා,අහිංසක ගැණු කෙනෙක් උනු සරත් අයියගේ බිරිද සරත් අයියා සතියකට දවසක් ඇන්ටිගේ ගෙදර යන එක දැනගෙනත් පවුලේ ප්‍රශ්නයක් ඇති නොකරගෙන තමන්ගේ පවුල් ජීවිතය හොදින් ගෙනියනවා.
මේක සරත් අයියා ඉන්න ප්‍රදේශයේ ඉන්න ලංකාවේ අයට රහසක් නෙමේ සරත් අයියත් අර ඇන්ටිගේ ගෙදර යන එක හොරෙන් නෙමේ කලේ ප්‍රසිද්ධියෙම, සරත් අයියට කවුරුත් මේක කටක් ඇරලා නොකියන්න හේතුවක් තිබුනා එකක් මේ යුරෝපේ ගොඩක් ඔය කො‍ටු පනින වැඩේ හොරෙන් කෙරෙනවා ඕනා තරම් අනික සරත් අයියා කියන්නේ ඕනම කෙනෙක්ට අලුත් පරන ජාතිය නෙමේ ලාංකික කමට ඕනම උදව්වක් කරන කෙනෙක් ඒ වගේම ඒ උදව් වලින් සමහර විට හොද පරිප්පු කාපු කෙනෙක්, හරියට මිනිස්සු අදුනනවා ලෝකේ හැම රටකම වගේ ඉන්න දුප්පත් පෝසත් ලාංකිකයන්ව.
ඔහොම කාලේ යද්දී සරත් අයියා පවුල පිටින් ලංකාවට යනවා නත්තල් නිවාඩුවකට, ලංකාවෙදී සරත් අයියගේ ලොකු පුතා අවුරුදු 8යි , අසනීප වෙනවා කොටින්ම උණක් ගැනෙනවා, සතියක් විතර යනවා උණ බහින්නේ නෑ පස්සේ මෙයාල නවලෝක ස්පිරිතාලේ නවත්තනවා,ලංකාවේ මේ කාලේ ඩෙංගු රෝගයත් හැමතැනම නේ මුලදී මෙයාලත් එහෙම හිතනවා, රුධීර පරීකශන රාශියක් කලත් ඩොකාලා එක එක දේවල් කියනවා, මොකද්ද ලෙඩේ කියලා කියන්නේ නෑ, සරත් අයියා අදුනන දොස්තර කෙනෙක් සරත් අයියට කියන්නේ ළමයවත් අරගෙන ඉක්මනින්ම සරත් අයියලා ඉන්න රටට යන්න කියලා,නවලෝකේ දොස්තර කෙනෙක් සරත් අයියට කියනවා පොඩි එකාට ලියුකේමියා තත්වයක් වගේ තියෙන්නේ කියලා, සරත් අයියගේ ඔලුව ගිනි ගන්නේ ඒක අහපුවම,සරත් අයියා කියන්නේ ලංකාවේ සෑහෙන තරමකට ඉගෙන ගත්තු කෙනෙක් එයා මේ රෝග ගැනත් යම් පමනකට දන්නවා, නවලෝකෙන් පොඩ්ඩක් ළමයව දෙන එක පරක්කු කරනවා කොහොමත් ලංකාවේ ගොඩක් පුද්ගලික රෝහල්වල හැටියක් නෙ ඒක,සරත් අයියා මොකද කරන්නේ ඉක්මනින් එයා ටිකට් එක එදාම දාගෙන,එයා හිතවත් ලංකාවේ ඉහළ හමුදා නිලධාරියෙක් ලව්වා ළමයව ස්පිරිතාලෙන් එලියට අරගෙන ගුවන් තො‍ටුපලින් පිටවෙනවා ළමයා රෝගී තත්වයෙන් ඉද්දිම, යම් රෝගී තත්වයක් තියනවා නම් ගුවන් යානා වල මගියෙක්ව ගන්නේ නෑ නේ, කොහොමහරි සරත් අයියලාට කරදරයක් වෙනවා වෙනත් ගුවන් යානාවකට මාරු වීමීදී ළමයගේ රෝගී තත්වය දකින ඒ ගුවන් තො‍ටුපලේ අය මෙයාලව තියා ගන්නවා,එතනින් ඒ රටේ රෝහලකට දානවා ,ඒ රෝහලෙ සතියක් විතර යද්දී කියනවා මේ ළමයට ලියුකේමියා රෝගය තියෙන්නේ කියලා, පස්සේ සරත් අයියල ඉන්න රටේ එයාලගේ ජීවිත රක්ශන නිසා ඒ රටෙන් රෝගීන් ගෙනියන ඇම්බියුලන්ස් ජෙට් යානයක් යොදගෙන සරත් අයියලා පදිංචි රටට එනවා කෙලින්ම යන්නේ රෝහලටමයි ළමයව අරගෙන දැන් ඉතින් රෝගය ස්තීරයි ලියුකේමියාව කියලා, සරත් අයියා හදුනන ලාංකිකයෝ ළමයා වෙනුවෙන් නොයෙක් නොයෙක් ආගමික වතාවත් කරනවා ,උපදෙස් දෙනවා අරක මේක,
ඔය අතරදී සමහර ලාංකිකයෝ පුදුම කතාවක් ප්‍රචාරය කරනවා සරත් අයියගේ ළමයට අරවගේ රෝගයක් ආවේ සරත් අයියා ප්‍රසිද්ධියේ කරපු වැ‍රැද්දට් ,තමන්ගේ බිරිද ඉද්දී වෙනින් ගෑනියෙක් එක්ක තිබ්බ සම්බන්දයට, එයාට පව් සමා කර ගන්න කියනවා එයා ඇත්තටම මානසිකව උනත් ගොඩක් වැටෙනවා මේ නිසාම එයා ඇත්තටම අර අනියම් සම්බන්ධය අත් අරිනවා.
අනේ මන්දා සරත් අයියා ප්‍රසිද්ධියේ කරපු හින්දා ඒක වරදක් උනාද මොකද ඒ වගේ සම්බන්ද කම් මිනිස්සු මොනතරම් හොරෙන් කරනවද,අනික සරත් අයියා කරපු වරදට ඒ ළමයගෙන් දෙවියෝ පලි ගනීද? ඒ අස්සෙන් තව අය කියන්නේ ඒ ළමයා ඉහත ආත්මයක කරපු වරදක් මේ ආත්මෙදී පටිසන් දීලා
කාගෙද වැරද්ද කියලා මට නම් තේරෙන්නේ නැ,, මට නම් තේරෙන්නේ අර පොඩි එකා සෑහෙන්න දුක් විදිනවා ලියුකේමියා රෝගයෙන්....

19 comments:

  1. සරාගොයියා හරි මිනිහා....

    ReplyDelete
  2. ළමයාගේ ලෙඩෙයි ඔය සිදුවීම් අතරෙයි කිසිම සම්බන්ධයක් නෑ. මට හෙම්බිරිස්සාවක් හැදුනොත් ඒක මගේ පවුලේ කෙනෙක් කරන නරක වැඩක් නිසා වුනයි කිව්වොත් ඒක හද්ද ගොං කතාවක්නේ බං! හැබැයි "මගේ" නරක පුරුද්දක් නිසා "මට" ලෙඩක් හැදෙන්න පුළුවං.

    මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. කොහොමත් ගොඩක් වෙලාවට මිනිස්සු කියන අය බලාගෙන ඉන්නේ තව කෙනෙක්ට කරදරයක් වෙනකම් මොකක් හරි කටකතාවක් හදන්න බලාගෙන.

    සරත් අයියා කරපු නරක වැඩේ නිසා එයාට උනොත් වෙන්නේ එයාගේ හිතවතුන් අතර(බිරිඳ, දරුවන්,නෑයෝ යාළුවෝ ඇතුළු එයා ගැන දන්න කියන හැමෝම අතර) එයා ගැන අප්‍රසාදයක් ඇති වීම තමයි. අන්න ඒ අප්‍රසාදය නිසා නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔන්න සරත් අයියාට සමාජ රෝගයක් හැදුනානම් කියන්න තිබ්බා අර නරක වැඩේ හන්දා තමයි ඒක උනේ කියලා :D

    (මට හිතෙන හැටි!)

    ReplyDelete
  3. ඒ පොඩි ළමයාගේ ලෙඩෙයි තාත්තගේ වැරදි වලයි කොසිම සම්බන්දයක් නෑනේ.. ඒකනම් බොරු කතාවක්.. ඒත් ඉතින් මේ වගේ අවාසනාවන්ත ලෙඩ වලට ලොකු පොඩි භේදයක් නෑ...

    ReplyDelete
  4. heta ennan mekata koment karanna..ape yaaluwekuge year 11 igena ganna duwatath oya ledema kiyala me dan news eka aawe.

    ReplyDelete
  5. රට වටේම කාණු බෝක්කුවල උලන සුචරිත නෝන මහත්තුරු තමා ඔහොම එක එකාට පද හදන්නෙ වැඩිපුරම.
    දෙමාපියංගෙ පව් යන්නෙ ළමයිංගෙ කරපිටින් කියල මොන බණ පොතෙද බං තීන්නෙ?

    ReplyDelete
  6. ඕවා එක එකාගේ පිස්සු කතා මහා එවුන් වැරදි කරා කියලා පොඩි උන්ට ලෙඩ හැදෙනවා කියන්නේ අපේ ගම්වල පරණ මිනිස්සු.යුරෝපයේ ගිය මිනිස්සුත් ඕවා කියන එක නම් කණගාටුයි

    ReplyDelete
  7. හ්ම්ම්... අනේ මන්දා මිනිස්සුන්ගේ මනස්ගාත....

    ReplyDelete
  8. අර දෙවනි අදහස නම් ටිකක් සළකලා බලන්න පුළුවන්.. මොනවා වුනත් මනුස්සයෙක් මානසිකව වැටුන වෙලාවට මේ වගේ දෙවල් කියලා ඒ මනුස්සයව තව තවත් මානසිකව වට්ටන එක මහ බලු වැඩක්. ඔය බලු වැඩේ කරන්න අපේ ලාංකිකයෝ හරි දස්සයි..

    කතාවට ඍජුවම සම්බන්ධ නැති වුනත් මට යාළුවෙක් සෙට් වුනා ඔය වගේම චරිතයක් තියෙන. පොර මෙහෙන් යද්දිම ගෑනිට කියලා ගිහින් මම අවුරුද්දෙන් එනවා ගේ හදා ගන්න සල්ලි ඇරන්. හැබැයි "මේ" විදියට කරලා තමයි සල්ලි හොයා ගන්නේ කියලත් කියලා. ගෑනිත් අවසරේ දීලා. පොරත් එහෙ ඇවිත් මාසෙන් "ඇන්ටි" කෙනෙක් ඇල්ලුවා. ගැලෙව්වා අම්බානකම. අවුරුද්දෙන් ආපහු ලංකාවට ආවා. හැබැයි ඒ කතාව එතනින් ඉවරයි. යාළුවා දැනුත් ඉද හිට කතා කරනවා. අදහන්න බැරි වුනත් සමාජෙ මේ වගේ දේවලුත් වෙනවා.. :)

    ReplyDelete
  9. ඔබී ගෙන් අහල බලන්න ඕනෙ සරත් අය්ය කෙනෙක් වුනාට කමක් නැද්ද කියල

    ReplyDelete
  10. මානුෂික ප්‍රශ්නයක් නේද? කොහොම වුනත් ළමයගෙ ලෙඩෙයි තාත්තාගේ කල් ක්‍රියාවයි අතර සම්බන්ධයක් හිතන්න අමාරුයි. (ඒත් මගේ හිතට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අර මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ පර්යේෂණ වාර්තා.)
    අනිත් එක මොකද මන්දා මට හිතෙනවා කොටු පනින අය අතරිනුත් ඔය කියන සරත් අයියා හොඳ කෙනෙක් කියලා. එයා අර මනුස්සයව අමතක නොකළ නිසා.
    අනේ මන්දා! මේ ලෝකෙත් තියෙන්නෙ මාර මාර දේවල් නේද?

    (අනේ මන්දා මේ අපේ ඔබා මාමාටත් හිතෙන දේවල්... නාකි විසේ ගෙටත් උසේ කිව්වලු නේ? ;) )

    ReplyDelete
  11. ඕවා කතන්දර බං.. පිස්සු නැතුව ළමයට බෙහෙත් කරන්න කියපං..

    ReplyDelete
  12. මේ සිද්ධි දෙක අතරේ කිසිම සම්බන්ධයක් මමනම් දකින්නේ නැහැ...
    සරත් අයියා මොන වැරැද්ද කලත් එයා මානසිකව වැටිච්ච වෙලාවේ තවත් වට්ටන එව්වොනම් හරි කුජීතයි කියල තමයි මට කියන්න තියෙන්නේ

    අර දරුවාගේ අසනීප තත්ත්වය සුව අතට හැරේවා කියලා පතනවා....!!

    ReplyDelete
  13. නෑ මේක දඬුවමක් වෙන්න බෑ.. ඒක ඒ ළමයාගේ ප්‍රතිශක්තිය අනුව වෙන දෙයක්.. අම්ම අප්ප මොනා කළත් ලෙඩක් නොහැදී තියෙන ළමයි මේ ලෝකෙ නෑ...

    ReplyDelete
  14. ඕවලට කොටු පැනීමේ සම්බන්දයක් නැහැ. එත් ඉතින් මිනිස්සු කියන දේවල් නවත්තන්න බැහැනේ, කොහොමහරි කොටු පැනීම නතර උනානේ, දරුවා ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  15. @රත්නේ -ඒකනේ සරා ගොයියා හරි මිනිහා

    @පූසා -මොනා කරන්නද බන් මම මේකෙන් කියන්න ගියේ අපේ මිනිස්සු තාමත් ඔය විදිහට තමා හිතන්නේ

    @දිනේශ් -ඕක බන් අපිට තේරුනේ නැති උනාට,ගොඩක් උන්ට තාම තේරෙන්නේ නෑ

    @ඉන්දික උපශාන්ත -හික්ස් වැඩේ මුන් බන පොත් මොඩිෆයි කරලා ගන්නවා මේවගේ ඒවා කියන්න

    ReplyDelete
  16. @නිශාන් -කොහෙ ගියත් ලංකාවේ නේ බන්,,අපේ උන්ව කෝවේ දැම්මත් වෙනස් කරන්න බෑ

    @හසී -අනේ මන්දා නේන්නම් හසී

    @නාකියා -ඔය වගේ කතා මම ගොඩක් දැකලා තියනවා බන්,දත් ගලෝන පිරිමිත්,දත් ගලෝන ගෑනුත් බොහොමයි මේ රට වල

    @ඔබා මාමා -අනිවා ඔබී නැන්දා අවසර දෙනවා පොඩ්ඩක් ශේප් එකේ අදහස දාලා බලන්න

    ReplyDelete
  17. @ලකී වික්‍රමසිංහ - සරත් අයියා කොහොමත් සෑහෙන හොද මිනිහෙක්,අද කාලේ මිනිස්සු අතර

    @සෝරෝ -දොස්තරලා බෙහෙත් කරනවා බන්,,මේ ගොඩ දොස්තරලා එක්කනේ බැරි

    @ලොකු පුතා -කොහොමත් අපේ මිනිස්සුන්ගේ හැටියක් ඔහොම වෙලාවක මොකක් හරි කුනු ගොඩක් අවුස්සලා තවත් වට්ටන්න බලන එක

    @ශානි -අපේ මිනිස්සුන්ට ඔය වෙලාවට ප්‍රතිශක්තිය නෙමේ මතක් වෙන්නේ,අර පවුලේ මිනිස්සුන්ව වට්ටන්න

    @වර්නා -අපේ මිනිස්සුන්ගේ කටවල් අඩු වෙන්නේ නෑ මොනා වෙනස් උනත්

    ReplyDelete
  18. දරුවෙක් ලෙඩවෙනේ තාත්තගේ චරිතේ වැරද්දක් නිසා නෙවෙයි.තාත්තත් එක්ක තියෙන මොනයම් හේතුවක් නිසා මේවගේ කතා පතුරවන්නත් පුළුවන්.

    මොනවා වුනාත් පව් පොඩිඑකා..

    ReplyDelete
  19. පව් ඇත්තටම මේ ළමයා..කටකතා පතුරවන මිනිසුන්ට කියන්න මේ ළමයගෙ ජීවිතේ වෙනුවෙන් වචනෙකින් හරි උදව්වක්‌ කරන්න කියලා.අහිංසක ජීවිතයක්‌.ඒ තාත්තානම් වැරැද්දක්‌ කරන්නේ.ඒත් ඒ හැමදේම ඉවසන එයාගේ බිරිඳ ගොඩක්‌ නිහතමනි කෙනෙක්‌ වගෙයි.මේ වෙලාවෙ හිතෙන් වැටිලා ඉන්න ඒ මනුස්‌සයව තවත් වට්‌ටනවනම් ඒකත් මේ මිනිස්‌සුංගේ ලොකු වැරැද්දක්‌.

    ReplyDelete