Pages

Wednesday, February 1, 2012

ටොයිලට් පේපර්


කාලෙක ඉදන් වෙලාවෙන් වෙලාවට හිතට මහා කරදරයක් උනු ප්‍රශ්නයක් මම මගේ බ්ලොග් එකට දාන්නයි යන්නේ,හිතේ තද කරන් ඉන්නම හිතෙන්නේ නෑ දැන් නම්. අද උදෙත් ප්‍රශ්නේ ආව හින්දම මේක එලියට දානවා, ඔන්න උදේ මම පොඩි වැඩකට ගියා පොලිසියට, ඒ කියන්නේ ‍රැදී සිටීමේ බලපත් නිකුත් කරන අංශෙට, අප්පේ දිග පෝලිමක් ඔන්න පු‍ටුවක වාඩි වෙලා ඉදගෙන ඉන්නවා දැන්, ඔය වෙද්දී තමා බඩ ඇතුලෙන් මහා පෙරළියක් වෙන්න ගත්තේ, බඩේ පෙරළිය හිමින් හිමින් පස්ස පැත්තට යනවා කියලා දැනෙන්න මහා කාලයක් ගියේ නෑ, හරි දැන් ඉතින් ඔලුව වටේ කරකෝලා බැලුවේ අර WC කියන අකුරු දෙක ගහලා තියෙන්නේ කොහෙද කියලා හොයන්න,මොකද මට දැන් තේරෙනවා තව වැඩි වෙලාවක් නෑ මේ මහා පෙරළිය භූමිකම්පාවකට හැරවෙන්න වැඩි වෙලාවක් නෑ කියලා,ඔන්න එතකොට තමා දැක්කේ අර අකුරු දෙක මිනිහෙකුයි ගැණියෙකුයි ඇදලා තියෙන්නේ, හිත හිත ඉන්න වෙලාවක් නෑ මෙට්‍රෝ කෝච්චියක වේගෙන් මාව ඇදිලා ගියා ඔය දොර ගාවට, ඇතුල් උනා ඒ ඇතුලේ දෙපැත්තට දොරවල් දෙක,එක දොරක මිනිහා ,අනික් දොරේ ගැණි, තව පොඩ්ඩෙන් ඔය දෙකත් මාරු වෙනවා හදිසියට,කොහොම හරි කල්පනාවෙන් හිටිය නිසා හරි දොරට ඇතුල් උනා,එතනත් ඉතින් එකින් එක වහපු පුංචි කාමර නේ,හොද වෙලාවට උදෙන්ම හින්දා මමද කොහෙද අද දවසේ මේකෙ වැඩ පටන් ගත්තේ,හරි ශෝක් එකට තිබුනා මගේම වෙලාවට ,ගිය වේගෙනටම ගිහින් දොර වහගෙන බර හෑල්ලු කර ගත්තා කියමුකෝ ඔන්න එතකොටයි ඔලුවෙ ගින්නක් ආවේ ,හුටස් පිහා ගන්න කොල රෝල විතරයි,අර ටොයිලට් පේපර් කියන්නේ අන්න ඒ රෝල විතරයි, මොනා කරන්නද ඉතින් සුද්දගේ රටේ ඉන්නවා නම් මේ කට්ටත් කන්න එපෑයි,,,මම ඕකට සමහර දවස් වල මගේ බෑග් එකේ තියන වතුර බෝතලේ පාවිච්චියට ගන්නවා,,අද ඒකත් නැ, මූන බෙරි කරගෙන ගත්තා කොල රෝල ඔන්න දැන් පස්ස පිහ දාන මෙහෙයුම පටන් ගත්තා,සුද්දට බැන බැනම,,යකෝ මුන්ට පොඩි ටැප් කැල්ලක් මේකෙන් හයි කරන්න බෑද කිය කිය, ඒකත් කරගෙන ආයේ එලියේ ටැප් එකෙන් පොඩ්ඩක් මූන අත හෝදගෙන,,ඇයි මේ සීත කාලෙත් මට දාඩිය දාලා හිටියේ තිබුනු බරට,ඔන්න ආයේ ඇවිත් ඉද ගත්තා පු‍ටුවෙන්,
ඊලගට මම දන්නවා එක දෙයක් ඔය කොලෙන් පිහ දාගෙන ඉන්න බැරි ලෙඩක් මට මේ අවුරුදු 5 ම තියනවා,,මොකද මම කීප සැරයක්ම කරන්න ආපු වැඩේ දාලා ගෙදර ගිහින් තියනවා, කොහෙදි හරි කොලෙන් පිහ දාපු දවසට, ඒ ලෙඩේ තමා පස්ස පැත්තට ඉදි ක‍ටු වලින් අනිනවා වගේ මහ අමුතුම දෙයක්,, ඒක මොළේට යනකන්ම දැනනවා,එතකොට ඉතින් පු‍ටුවක ඉදගෙන ඉන්නත් බෑ, කියා ගන්න බැරි අමුතුම ලෙඩක් ඒක,, මම ඒක හින්දම වතුර බෝතලේ බෑග් එකේ ගෙනියන එක පුරුද්දක් කරගෙන තියෙන්නේ,,දැන් ඔයාලා හිතයි ඊයා මේකා බොන වතුර එකෙන් නේද මේ කියලා, මොනා කරන්නද හදිසි අවස්තා හැමදාම වෙන්නේ නෑ නේ. ඒක ඒ ඒ වෙලාවට පහසු අයුරින් ඒ වතුර පාවිච්චියට ගන්නවා.
ඇත්තටම මේ කොලෙන් පිහ දාගන්න අත්දැකීම ඔය පිටරට ඉන්න සේරමන්ටම ඇති, නොකීවට ඕකෙන් පිහ දාගෙන ඉන්න අමාරුයි කොහොමත්,අපි ඉතින් පොඩි කාලේ ඉදලම වැඩේ කරගෙන හෝදගන්න පුරුදු උනු ජාතියක්,සමහර ජාතින් ඉන්නවා ලොකු වැඩේට හෝදන්නේ නෑ පොඩි වැඩේ කරලා හෝදනවා, මේක මහ ප්‍රශ්නයක් වෙන වෙලාවක් තියනවා ඒ තමා දිග ගුවන් ගමනකදි, ඒ අත්දැකීම නම් පිටරට ඉන්න සේරම අයට තියනවා,කොහොමද පැය 5,6 යද්දී අනික ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩක් යන්නේ කෙලින්ම,මග ගොඩ බැසීම් නෑ, රෝමෙට එන්න පැය 9ක්,10ක් ගත වෙනවා,ඔය වෙලාවට අර වගේ ලොකු බරක් සෙට් උනාම බඩුම තමා,කොහොමත් අර චූටි ටැප් එකෙන් වතුර අරගෙන හෝදන්නද,,අනික මුල් පැය 3,4 ඔය ටොයිලට් හොදට තියනවා ඊට පස්සේ ඉතින් ගන්න දෙයක් නෑ,ඇයි ඉතින් 200ක්,300ක් ඉන්න තැනක ඔය පොඩි කාමර තුන හතර ඇතිද,ඒ මදිවට ඉතින් හෝදන්න නෑ,,අපිට කොහොමත් හෝදන්න ඕනම හින්දා,,මිනිස්සු එක එක විකාර කරන බව පේනවා පොඩ්ඩක් ඕක ඇතුල බලද්දී, මේ ගුවන්තො‍ටුපලවල් වලත් ඇත්තටම තියෙන්නේ වැඩේ කර ගන්න විතරයි, මම ගුවන්තො‍ටුපලවල් කීපයකම සෑහෙන වෙලාවල් ඉදලා තියනවා,,පහු ගිය ටිකෙත් හිටියා අඩු මුදලට ගුවන් ටිකට් පත් අර ගත්තහම ඔහොම ක‍ටු කන්නම වෙනවා නේ, ඉතාලියේ රෝම ගුවන්තො‍ටුපල, ජර්මනියේ මියුනික් ගුවන්තො‍ටුපල, ස්විඩනයේ ස්ටොක් හොල්ම් ගුවන් තො‍ටුපල, මම පහු ගිය ටිකේ කට්ට කාපු තැන්,, කොහොමත් ඉතින් එතකොට අතෙන්ට යන්න වෙනවමයි,,ඔය එක තැනකවත් හෝදන්න තිබුනෙත් නෑ කොල විතරයි, ක‍ටුනායක මතක නෑ මොකද වැඩි වෙලාවක් ඔතන ‍රැදෙන්නේ නෑ එක්කෝ ඉක්මනින් එලියට යනවා නැත්නම් ගෙදරින් එද්දි බරවල් හෑල්ලු කරගෙන නේ එන්නේ.
මේ සුද්දා පස්ස හෝදන්නේ නැත්තේ ඇයි කියන එකත් මට මාරම ප්‍රශ්නයක්,,කාලෙකට ඉස්සර අපේ රටෙත් හේදුවද,නැද්ද මන්දා ,මොකද ඉස්සර ඔය වැඩේට කියන්නේ බැද්දට යනවා නේ , අපේ රටෙත් ඔය වැඩේට බැද්දට ගිහින් මොකක් හරි ස්වභාවික කොල වර්ගයක් පාව්ච්චි කලාද දන්නේ නෑ ,හැබැයි පැරනි නටබුන් වල වැසිකිලි නටබුන් කීපයක්ම මමත් ඇස් දෙකින් දැකලා තියනව අපේ පැරනි නටබුන් අස්සේ, ඒවා දකිද්දී හිතෙනවා බාල්දියක් අරගෙන යන්න ඇති ඒ කාලේ, ඒත් මෑත කාලේ අපේ රටේ ඔය ඈත ගම්වල වැසිකිලි හදලා දීලා තියනවා මිනිස්සුන්ට , බැද්දට යන්න එපා කියලා,, ගොඩක් මිනිස්සු ඒවා ප්‍රයෝජනයට ගත්තේ පොහොර ගබඩාව විදිහටලු, ඔය මිනිස්සු නෙමේ මමත් පොඩි කාලේ අපේ හරිය වැඩිය ජනාකීර්න නෑනේ , ගේ පිටි පස්සේ තිබුනා කඩා වැ‍ටුනු සිමෙන්ති බැම්මක් , ආතල් එකේ පුල් ඒසී පිට ඕක උඩට නැගගෙන තමා වැඩේ කලේ, හැබැයි උදැල්ලක් වතුර බාල්දියක් ගෙනිච්චා,සමහර දවස් වලට ඉතින් උදැල්ල ඕනා උනේ නැ,,බල්ලෝ නම් දුවනවා දැක්කා, ඒ ඉතින් හිච්චී කාලේ කරපු වැඩ නේ...
දැන් දැන් ලංකාවේ සුපර් මාර්කට් වලත් ඔය කොල රෝල් විකුනන්න ඇවිත්,මොකටද මන්දා,අපේ අයත් කොල පුරුද්දට එන්නද මන්දා,සමහරවිට ලස්සනට තියන්නද මන්දා.හිතා ගන්න බෑ,හැබැයි ඉතින් කොලේ රගේ පොඩ්ඩක් ටෙස් කරල බලන්නකෝ අත්දැකීමක් නැති අය....

21 comments:

  1. හි..හි..කොළේ රඟේ..

    තාම නම් විඳලා නෑ..බලමුකො ඉස්සරහට

    ReplyDelete
  2. හෆොයි... මෙයානම්...

    ReplyDelete
  3. තාම ඔය ආතල් එක මටත් ලෑබිලා නම් නෑ...

    ReplyDelete
  4. ආ දැන් මොටද ඕවා - වතුර ඕනැත් නෑ කඩදහි ඕනැත් නෑ - සිංහල බ්ලොග් අවකාශය තියෙන්නේ!

    ReplyDelete
  5. මේක මාර කතාවක්නෙ මහත්තයො. අපි හිතාගෙන හිටියෙ යුරෝපයෙන්ම වතුරෙන් පුක හෝදන සුද්දො ඉන්නෙ ඉතාලියෙ කියලනෙ. බලන්න මේක.

    Bidets are common bathroom fixtures in many southern European countries, especially Italy, where they are found in 95% of households and Portugal, where bidets are in the majority of flats.

    http://en.wikipedia.org/wiki/Bidet

    ReplyDelete
  6. තාමනම් පාවිච්චි කරලා නෑ. අනේ කවදාවත් පාවිච්චි කරන්න ලැබෙන්නත් එපා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ! :D

    ReplyDelete
  7. හප්පා කතා කරන්න එපා..මං ඔය කට්ට එක පාරක් කෑවා... ඒ මේ ලංකාවේම ටිකක් ඈත පළාතක සුද්දන්ට හදපු ගේ පොඩ්ඩක සතියක් ඉන්න උනෑයින්.. පලවෙනි දවසේ ඕක කලා..හැබැයි එහෙමම අනිත් පැත්තට මාරු වෙලා නා ගත්තා.. දෙවෙනි දවසේ ඉදන් එළියෙන් හදලා තිබුන සේවක වැසිකිලිය පාවිච්චි කලා..හරීඊඊඊ සනීපයි...

    ReplyDelete
  8. මමත් කවමදාකවත් ඔය කොලෙන් පිහගෙන මගේ වැඩේ අවසන් කරලා නම් නැහැ . මේ තියන වතුර පනිට්ටුව කොයිතරම් හොඳද ?

    ReplyDelete
  9. මම නං දැං ඕකට පුරුදු වෙලා....ගොඩක් වෙලාවට පිහින්නෙත් නෑ....

    ReplyDelete
  10. මම ඔය අත්දැකීමට මූණ දුන්නේ මුල්ම පාර ෆ්ලයිට් එකේ එද්දි.. කොරන්න දෙයක් නැති කමටම ඉතින් ගිහින් වැඩේ කර ගත්තා.. හැබැයි මෙතන නොතේරෙන එක දෙයක් තියෙනවා.. ඒ තමයි ගොඩක් වෙලාවට මේ වගේ පොදු ස්ථාන වල විතරයි මේ ක්‍රමේ තියෙන්නේ..ගෙවල් වල ඔය ක්‍රම දෙකම තියෙනවා..

    ReplyDelete
  11. @හරී - කරලම බලන්නකෝ

    @හසී -හපොයි

    @අසංක - අරගෙන බලන්න

    @තිස්ස අයියා - ඔව්,,ඔව් මේ දවස් වල හොදටම පිහ දාගන්නවා කට්ටියම

    ReplyDelete
  12. @ඇනෝ - ඇත්තටම මම කිසිම පොදු ස්තානයක ඔය පහසුකම දැක්කේමනෑ,ගෙවල් වල නම් තියනවා ඒත්, මම දැකපු විදිහට ඒවා පාවිච්චී කරනවද කියන සැකය ආවා..

    @පූසා - උබට ඉතින් වැලි ගොඩක් තිබුනොත් ඇති නේ

    @මාරයා -මෙන්න ඒ අත්දැකීම අරගෙන,කොහොමද බන් ඕක කරගෙන එලියට ආවහම

    @සදරු -ඒකනේ බන් වතුර බාල්දිය උස්සගෙන යන ආතල් එක ටැප් එකෙන්වත් නෑ බන්

    @ඔබ නොදුටු ලොවක් - හක්,,හක්,,උබට නම් ඒ වැඩේ අල්ලලා ගිහින් වගේ

    @දිනේශ් -මචෝ ගෙවල් වල උනුත් හෝදන්න ලස්සනට හදන් ඉන්නවා නම් තමා ඒත් ගොඩක් උන් ඒක පාවිච්චී කරනවද කියලා නම් මට සැකයි

    ReplyDelete
  13. මේකනෙ.. දැං ඔය අපේ කන්තෝරුවෙත් ඔහොම කඩදහි රෝල තියනව.. මම දකින විදියට උදේට තියනව වගේ නෙමේ හවස් වෙද්දි ඉවර වෙනව.. මමත් කල්පනා කලා මේ මොකද මුං සුද්දො වගේ කොලේ විතරද පාවිච්චි කරන්නෙ කියල.. පස්සෙ ටික දවසක් යද්දි මට තේරුනා සීන් එක.. වතුර මල අල්ලල හෝදල රෝලෙන් තෙත මාත්තු කරන්නෙ.. හොහොමද මොලේ... ටොයිං නේ !!

    ReplyDelete
  14. මම නම් ඔය රෝලක් අරන් තියලා තියෙන්නේ අත පිහදාන්න.... :D

    ReplyDelete
  15. හෝදන එක පිහදානවට වඩා සනිපාරක්ෂිත බවෙන් අඩුයි. කකුල් දිගේ බේරෙනවා. අත හොඳටම හෝද ගන්න වෙනවා. මමත් හැදුනේ ලංකාවේ උනත්, දැන් නම් ගෙදරින් පිටතදී හෝදගන්න යන්නේ නැහැ. පිහදාගෙන ඉන්න එක දාහෙන් සම්පතයි. ඔය පස්සේ කටු ඇනෙන එක මොකක්ද කියල ඔයාම හොයාගන්න.

    ReplyDelete
  16. එක පොරක් කොලෙන් පිහ දාගන්නකොට කොලේ චුට්ටක් ඉරිල චොකලට් ටිකක් ඇඟිල්ලක ගෑවුනාලු. ඒ පාර අත ගැසුවලු චොකලට් චුට්ට විසික්ක වෙන්න. අර චොකලට් ගෑවිච්ච ඇඟිල්ලම වැදුනලු බිත්තියෙ. වේදනාව හින්දම දාගත්තලු ඇඟිල්ල කටේ, දාගෙන සූප්පු කොලාලු. මේක වුනේ වතුර බෝතලේ අරං යන ඩිලාන්ට නෙමේලු.

    ReplyDelete
  17. සිංගප්පුරුව, මැලේසියාව වගේ රට වලට අයිති ප්ලේන් වල නැති වුනාට, එයාපෝට් වල කක්කුස්සි ජාති දෙකම තියෙනව. ස්කොටින් පෑන් එක්කම. විසේසෙන්ම මං හිතන්නෙ, මුස්ලිම් කට්ටිය හිටගෙන චු නොකරන නිසාත් චු කොලාම ජුන්ඩ හෝදන නිසාත් වෙන්නැති.

    ReplyDelete
  18. රෙන පුකට මොන කැටයම්ද.....

    ReplyDelete
  19. සිස්ටර්න් එක එලියෙ තීන ටොයිලට් එකක් නම් පොඩ්ඩක් ඒකෙ පියන උස්සල කොල ගුලියක් අස්සට දාල තෙමල ගන්න පිහදාන්න. වැඩේ හෝදන තරම්ම නැතත් ගොඩ. :D

    ReplyDelete
  20. මම පොතක දැක්කා, සීතල රටවල මිනිස්සු ගොඩක් සීතල උනාම වතුර මිදෙනවා වගේ ප්‍රශ්න නිසා ඔය කොලේ පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඇති කියලා තියෙනව. ඒක හරි ඇති.

    ReplyDelete
  21. මේක දැක්කහම මුකුත් නොලිය ඉන්න බැරි උනා
    සොරි බං ඇනෝ එන්න උනාට
    දන්නවනේ ලංකාවේ අයගේ හැටි ..
    අපහාසෙට උපන් පුත්තු නේ.
    මං ලංකාවේ ඉන්නකොට වතුරෙන් හේදුවා.
    පිට රට ගිය පළමු දවසේ ඉඳන් කොල තමයි තාමත්.
    හේතුව ?
    රෙන පුකට මොන කැටයම්ද බං?
    පහසු මොකක්ද ? තියෙන්නේ මොනවාද ඒක පාවිච්ච් කරාම මොනවා වෙනවද ?
    අපිරිසිදුයි ? හොඳට ක්ලීන් උනා වගේ දැනෙන්නේ නැහැ ?
    ඕක බන් මානසික ලෙඩක් ... වෙන එකක් නෙවෙයි .. පොඩි කාලේ ඉඳන්ම අපේ ඔලු වලට පුරෝපු
    මෝඩ අදහසක් විතරයි ... වතුරෙන් හෙදුවහම හොඳටම ක්ලීන් කියන එක
    දැන් වතුරෙන් පුක හෙදුවහම එයිට අඟලක් උඩින් මාර්ගයේ තියෙන අපද්‍රව්‍ය ත් ක්ලීන් වෙනවද ?? නැහැ නේ ..
    එතකොට ඇඟේ ඉතුරු වෙලා තියෙන ගූ ???
    බටයක් ගහල ඒවා ඔක්කොම ෆ්ලෂ් කරලා ආආ දැන් පිරිසිදුයි කියනවද ?? නැහැ නේ ...
    මල කියන්නේ පැය කීපෙකට කලින් බොහොම උජාරුවෙන් කාල ඇඟ ඇතුලට ගියාට පස්සේ ඇඟේ තියෙන කුණු
    ජරාව එක්ක එකතු වෙලා අපද්‍රව්‍ය බවට පත් වෙච්චි දෙයක් විතරයි... එකට ඉකේ චී කියනවනම් , අර ලස්සන කෑම ටික එහෙම ජරාවක් බවට පත් කරපු
    ඇඟටත් චී කියල ඩේටෝල් ටිකක් බීපන්... සුද්ද වෙලා යන්න .
    අපරදිග වැසිකිලි හදල තියෙන්නේ වතුර පාවිච්චි නොකර භාවිතා කරන්නයි. ඒවාට යන ලංකාවේ අය
    කොමෝඩ් උඩ කකුල් දෙකෙන් වාඩි වෙලා බොග දාන්න , වතුර හැම තැනම හල හල අපිරිසිදු කර කර පුක හෝදන්න
    ගන්න හින්ද එයිට පස්සේ ඒකට යන එකාට බොහොම අපහසුයි අප්පිරියයි එතන පාවිච්චි කරන්න. කොමෝඩ් ගැට්ටේ සපත්තු අඩි පාරවල්.
    හැම තැනම වතුර ඉහිරෝල. හරක් ගාල වගේ. අනුන්ට කරදරයක් නොවෙන්න ආත්මාර්ථ කාමී නොවී බොග වත් දාන්න ලංකාවේ අපි දැන්වත් ඉගෙන ගමු.

    ReplyDelete