Pages

Monday, December 12, 2011

ජීවිතයේ තවත් කඩ ඉමක්....



මාසෙකට සැරයක් ගාට ගාට යන මගේ බ්ලොග් එකේ මේ මාසේ පලවෙනි පෝස්ට් එක,, ලියන්න දේවල් ඔලුවට ආවට මොනා කරන්නද ලියවෙන්නේ නෑනේ. ආ තවත් පණිවිඩයක් මගේ බ්ලොග් එකේ කොටන 3වෙනි රට. ලංකාවට ගිය වෙලාවකත් බ්ලොග් එකේ කුරු‍ටු ගෑවා පටන් ගත්තේ නම් ඉතාලියෙදි නේ, මේ පෝස්ට් එක කොටන්නේ ස්විඩනයේ ඉදන්. අදට සති 2ක් උනා මෙහෙට ගොඩ බැහැලා. ඉස්සරහට මෙහෙ විස්තරත් කියන්නම්,
ආ ජීවිතයේ කඩ ඉමක් කියලනේ පටන් ගත්තේ,,ඔව් අද නම් මට විශේස දවසක් සමහරවිට අද ඉදන් මගේ ජීවිතයේ 3 කොටස පටන් ගනීද මන්දා, ලංකාවෙදි 1 කොටස ගියා පාසල් ජීවිතයත් එක්ක 2 කොටස ගෙවුනා ඉතාලියේදි, අදින් පටන් ගන්න මගේ 26 වෙනි උපන්දිනයත් එක්ක තවත් රටකදී මගේ 3 කොටස ලියන්න ගන්න ගොඩක් ඉඩ තියනවා, ඒකට මේ දවස් වල පුල් ට්‍රයි බලමු.මොකද මමත් ලොකු බලාපොරොත්තු ලොකු ප්ලැන් එක්ක නෙමේ තාමත් මගේ ගමන යන්නේ, එන එන පැත්තට ගහ උලුවස්සා ක්‍රමේට. කොහොමහරි අවුරුදු 26ක් ගෙවුනා රටවල් 2කදී, අප්පේ ඉතාලියට එද්දි මම පොඩි එකානේ, පලවෙනි ඉතාලි කොලේට ගත්තු පොටෝ එකක් අම්මා ගාව තාම තියනවා ඒක දකිද්දී හිනා යනවා, පාස්පෝට් එකත් දෙවෙනි එක මේ වෙද්දි,පලවෙනි එකේ නම් මම පොඩිම එකා ඉන්නේ දෙවෙනි එකේ දැන් ඉන්න එකාමයි ඉන්නේ. අත්දැකීම් නම් ගොඩක් ගත්තා ඉතාලියෙදි, ඒවට මම ගොඩක් ආසයි, ලොකුම අත්දැකීමත් ගත්තානේ හපොයි තව පොඩ්ඩෙන් ඉතාලියේ ඉදන් උඩට යන්න වීසා එකත් අරගෙන උඩට ගිහින් එහෙන් ඩීපෝට් කලා නේ, තව පොඩ්ඩෙන් අවුරුදු 24න්ම කොල්ලා උඩ,,අද මේ බ්ලොගත් නෑ ඩිලාත් නෑ,අර මගේ නමේ ඉතුරු කැලි දෙකේ උන් දෙන්නත් නෑ. මට නම් කැලි 3ක් හින්දා මම ඔය 3ම පාවිච්චියට ගන්නවා නිකන් තියන එකේ.ඉතින් මුන එකක් නම් 3ක් එක්ක,,,චරිත 3ක් නම් ගෙනියන්නේ නෑ හරිය.
අද මගේ උපන්දිනේ වගේම අනිද්දා මගේ ආදරණීය අම්මගෙ 48 වෙනි උපන්දිනේ මේ උපන්දිනේට අම්මා ගාව මම නෑ. පුතෙක් අම්මා කෙනෙක්ට ගොඩක් ලගයි කියනවා නේ,,මමත් ඒ වගේම තමා , මේ ගෙවපු අවුරුදු 26ට මම කොහොමත් අම්මට ලොකු දුකක් දීලා නැ ඒ ගැන මම සතු‍ටු වෙනවා පුතෙක් හැටියට,,හැබැයි හොදටම ඇඩෙවුවා අර උඩට යන්න ගිය සිද්ධිය වෙලේ නම්,, ඒක ඉතින් හදිසි අනතුරක් නේ මොනා කරන්නද?
වැඩිය උපන්දිනේ ගැන ලියන්න බෑ වගේ බ්ලොග් ලියන්න ඇවිත් අහක තිබුනු බස් කෙරුවාවක් හින්දයි රේඩියෝ කෙරුවාවක් හින්දයි බ්ලොගේ විසි උනා පැත්තකට. මාසෙකට සැරයක් මකුණු දැල් කඩලා යනවා,,ලබන සතිය දිහෑ ස්විඩන් විස්තරත් ලියන්න හිතන් ඉන්නේ, කොහොමත් මේ ජංජාලේ හින්දා,කොටින්ම මේ බ්ලොග්,බස් ,රේඩියෝ කෙරුවාව හින්දා ජීවිතේට හිතමිතුරන් ගොඩක් අදුන ගත්තා,,පොඩි දුකක් තියෙන්නේ මේ එකෙක්වත් මට මුනගැහෙන්න බැරි උනා තාමත්, මාව ක‍ටුනායකින්ම පැහැරගන්න බලන් ඉන්න අයත් ඉන්නවලු ,චොකලට් බව්සරයක් බලන් ඉන්න අයත් ඉන්නවලු,,තව මොන මොනාද ඉල්ලනවා සලකන්න ඕනා කියලත්,,අනේ අපෝයි මේවා හිතද්දි මට එන්න හිතෙන්නෙත් නෑ. හා හා කස්ටියටම කියන්නේ ඉක්මනින් එන්නම්කෝ උබලා සේරමන්වම බලන්න. එහෙනම් උබලා සේරමන්ටම ජය වේවා!!! මටත් ජය වේවා!!!

25 comments:

  1. සුබ උපන්දිනයක් අයියේ... පැහැරගන්නේ සුදු වෑන් එකකින්ද දන්නේ නෑ නේද?
    අලුත් ජිවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!ජයවේවා!

    ReplyDelete
  2. සුභම සුභ උපන්දිනයක් මචෝ!
    26ක් කියන්නේ හොඳටම නාකියිනේ බං :D

    ReplyDelete
  3. ෆට්ට... බ්ලොග් පරපුරට සෙට් වීම අගනේය.. ජය..

    ReplyDelete
  4. Wish you & your mum very happy birthdays and many happy returns.....!!!

    ReplyDelete
  5. 27 වෙද්දි උඹ කොහේ ඉදීද දන්නේ නෑ..
    මොනවා උනත් සුභම සුභ උපන් දිනයක්..

    ReplyDelete
  6. සුභ උපන්දිනක් හොඳේ..

    ReplyDelete
  7. මම ඉතිං පාන්දරම පැතුවනෙ . . ආයෙත් මොකට පතනවද . . . . .

    ReplyDelete
  8. සුබම සුබ උපන් දිනයක් වේවා ඩිලාන්.... ඩිලාන්ට අද මම මේල් එකක් එවනවා..ඒක බලන්නකෝ...ඔයාලගෙ ගෙවල් කිට්ටුවටම ලබන සතියේ විතර යනවා...බෝලවත්තට...දන්නවා නේද ඒ පැත්ත....?

    ReplyDelete
  9. සුබ උපන්දිනක් වේවා...
    ජීවිතයම් සරු වේවා...
    සුබ උපන්දිනක්....
    සුබ උපන්දිනක්.....
    සුබ උපන්දිනක් වේවා...

    ReplyDelete
  10. මචන් මම ඉපදුනේ 04/04/85 ඊට මාස 8කුත් දවස් 8කට පස්සෙ එ කියන්නෙ 12/12/85දා ඉදන් අපි නොදන්න ඩිලාන් නේද මේ. බොස් මාව මතකද? සුබ උපන්දිනයක් මචන්

    ReplyDelete
  11. ඩිලාටත් ජයවේවා. අපිටත් ජයවේවා

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් අයියේ... අළුත් ජීවිතේටත් සුභ පැතුම්....

    ReplyDelete
  13. දෙකටම සුභපැතුම් හොඳේ......... :D

    ReplyDelete
  14. උදේ බුකියෙන් පැතුවනේ පැතිල්ලක්..ආයේ මොටද..?
    කොහොම උනත් දැන්නං උඹත් හොඳ වයසට එනවා..ඒ කිව්වේ මේ අපේ වයසට..:D

    ReplyDelete
  15. සුභ උපන් දිනයක් & අනාගතයට සුභ පැතුම්.
    ජය!

    ReplyDelete
  16. සේරමන්ටම ගොඩක් ස්තූතී සුභ පැතුම් වලට,,දෙයියනේ මෙච්චර කාලයක් වහන් වෙලා හිටිය මාව වැලි කෙලියේ මිතුරා අපේ ගේ ඉස්සරහා එකාම අද මෙතෙන්ට කඩා පාත් වෙලා

    ReplyDelete
  17. අම්මටයි පුතාටයි දෙන්නටම සුබ උපන් දිනක් වේවා....!!

    ReplyDelete
  18. සුභ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  19. අම්මටයි පුතාටයි දෙන්නටම Happy Birthday.............

    ReplyDelete
  20. දැන් පුතේ කාලෙ හරි......

    ReplyDelete
  21. ජයවේවා මචෝ!ඉන්න තැනක පරිස්සමෙන් හිටපං!

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete