Pages

Thursday, November 10, 2011

අපේ අත්කම් නිර්මාණ වලට ගිය කල



වැඩි කතා නැතුව ආපු ගමන් කතාව පටන් ගන්නම්,මේක මේ මට ලගදී උනු වැඩක් ඔන්න මම වැඩ කරන අවන්හලේ ගබඩාව සුද්ද කරන්න ගත්තා, සුද්ද බුද්ද කරන් යද්දි පෙට්ටියක් ඇතුලේ ඉදන් එකපාරටම එලියට ආවා දෙයක් ,හුටස් බැලින්නම් ලංකාවේ තියන අලියා පෝච්චියක්, ඕකේම තිබිලා ආයේ එලියට ආවේ බිත්තිවල එල්ලන ලී වලින් හදපු සීගිරි අප්සරාවෝ දෙන්නෙක්, කවුරු හරි කෙනෙක් මෙතෙන්ට තෑගි දීපු දෙයක්,,ඒ කොලවලින්ම ඔතලා එහෙම්ම මෙතෙන්ට වැටිලා ප්‍රයෝජනයට අරගෙන නම් නෑ, ඒ ගමන් අයිතිකාරයත් ඕවා අතට අරගෙන බලල එකපාරටම මූ කිවුවේ කැත මේකත් විසිකරපන්,,,මේවා මොන රටේ ඒවද? කියන ප්‍රශ්නේ අනිත් පැත්තට ආවේ, මූ කැත කිවුව හින්දා මට ශ්‍රී ලංකාව කියන්න පුලුවන්ද ඇදුමක් ඇදගෙන, මම අපේ රට ගැන ගහන බයිලා වල හැටියට,මම කියලා දැම්මා ආ මේවා ඉන්දියාවේ තමා තියෙන්නේ කියලා, මම දන්නවා නේ ඕකා හෝවා හොයන්නේ නෑ කියලා,සල්ලි හම්බ කරන්න දන්නවා උනාට ලෝකේ ගැන කිසි දැනීමක් නැති එකෙක්, මේ සිසිලියේ ඉන්න ගොඩක් උන් ඔහොමයි, උබ ලංකාවට යන්නේ නැවේද කියලා අහන උන් තාම ඉන්නවා,,,ලංකාව කොහෙද තියෙන්නේ කියලා අහන උන් ඉන්නවා ඉන්දියාව ලග කිවුවම ඉන්දියාවයි,මහත්මා ගාන්ධිවයි දන්නවා උනාට ඉන්දියාව කොහෙද තියෙන්නේ කියලා ගොඩක් උන් දන්නෙත් නැ.
අනේ මට මේවා අපේ රටෙ කියන්න බැරි උනු හේතුව තමා, අලියා පෝච්චිය අනේ අලි 3නා කේඩැරී වෙච්ච හරිම කැත අලි 3ක්,,උන් අලිද කියලත් හිතා ගන්න බෑ උන්ගේ කන්වල කැත,,, හොඩ වැලත් නිකන් ඉර‍ටු කැල්ලක් ගහලා වගේ,අලියගේ ශරීරය නම් බලන්න දුකේ බැ ,ඉතින් කොහොමද මේක අපේ රටේ කියන්නේ, අපේ අම්මගේ මහ ගෙදර පරන අලියා පෝච්චියක් තියනවා ඒ කාලේ හදපු ඒව බලන්න ලස්සනේ බැ, ඔන්න ඊලගට සීගිරි අප්සරාවෝ අනිවා කාශ්යප රජතුමා දැක්කා නම් මේවා හදපු උන්වයි විකුනපු උන්වයි අරගෙන සීගිරිය කන්ද උඩට ගෙනියලා තල්ලු කරනවා බිමට,රජතුමා කියයි යකෝ මම අන්තංපුරේ තියාගේන හිටියේ මේ වගේ කෙල්ලෝ නෙමේ සුපිරි කෙල්ලෝ කියලා, තොපි ලස්සන කෙල්ලෙක්වත් ඇහැට දැකලා නෑද කියලා අහයි, සීගිරි ළලනාවෝ දෙන්නගේ මූන ඇදිලා ගිහින්,පිරුනු පියයුරු නෙමේ තියෙන්නේ එල්ලුනු පියයුරු යුගලක්, හරියට මන්ධපෝශනය හැදිලා වගේ අප්සරාවන්ට. කොහොමහරි අලියා පෝච්චිය නම් මම ගෙදර ගෙනාවා සීගිරි අප්සරාවෝ නම් බිම වැටිලා දෙකට කැඩුනා එහෙම්ම විසි කලා ඒකත්.
ඇත්තටම මේක කවුරුහරි ගෙනත් දීපු එකාට ඇස් දෙකක් තිබුනේ නෑද මන්දා,,,අනික තමා,මමත් මීගමු සංචාරක ප්‍රදේශයේ මේ වගේ දේවල් විකුනන කඩවලට ගිහින් තියනවා 10ක් ගත්තොත් 8කම තියෙන්නේ මේ වගේ කැත නිර්මාන,අපේ රටේ මේ නිර්මානකරුවෝ හිගවෙලාද,නැත්නම් සල්ලි හොයන්න නිකන් එහෙන් මෙහෙන් ගහලා දානවද මන්දා, අනික අපේ නිර්මානකරුවන්ට නුවර යුගයේ කැටයම් ටික නැතුව ගියා නම් නිර්මානවලට යොදන්න කැටයම් නැතුව යනවා මට හිතෙන විදිහට, තාමත් ඒ කැටයම් විතරයි පාවිච්චි කරන්නේ, ඒත් අද ඉන්දියානුවන්ගේ මේ අත්කම් නිර්මාන ලෝකය අල්ලල ඉවරයි,අඩ්ද ඉන්දියානුවෝ,පකිස්තානුවෝ ,බංගලිදේශ් තුන් ගොල්ලෝම එකතු වෙලා මේඩ් ඉන් ඉන්දියා කියන මේ අත්කම් නිර්මාන වලට මාකට් එක හදලා ඉවරයි, ඒ වගේම ඒ අත්කම් අලුත් නිර්මාන හරිම ලස්සනයි, අලියව උනත් දැන් ලස්සන කරලා නිකන්ම නිකන් අලියෙක් නෙමේ, මම මේ ලගදි ඉන්දියන් අත්කම් විකුනන කඩේකට ගියා ඒක කරන්නේ පකිස්තානුවෙක්, විකුනන්න තිබුන ලී වලින් කපපු ලස්සන බුදු පිලිමයක්,,බලන්න ලස්සනේ බැ, අපේ රටේ මිනිස්සු දැන් බුදුපිලිමෙවත් හරියට හදන්නේ නෑද මන්ද,මෙතන බැරිකමක් නෙමේ මට හිතෙන්නේ ලස්සන නිර්මානෙකට වඩා ඒක එහෙන් මෙහෙන් ගහලා කොහොමහරි විකුනගන්න.
කොහොමත් මේ යන විදිහට අපේ අත්කම් නිර්මාන වලට ලෝකේ තැනක් නැතුව යයි වගේ,බතික් උනත් අලුත් දේවල් නෑ ඒකත් පරන දේමයි,ලංකාවේ හොටෙල් ඇතුලේ තියන මේ වගේ අත්කම් විකුනන කඩවල නම් ලස්සනට කරපු නිර්මාන තියනවා මිලදී ගන්න ඒ හොටෙල් වලින් ඒ වගේ කොලිටිය බලන හින්දා වෙන්න ඇති, තව ටික කාලෙකින් ඉන්දියවෙන් ආයෙත් අපිට මේ කලා නිර්මාන ඉගෙන ගන්න වෙයි වගේ.

23 comments:

  1. සල්ලි පස්සේ දුවද්දී ගොඩාක් වෙලාවට නිර්මානේ ෆිනිෂින් ඒක යකාට ගියාවේ කියලා තමා හිතනවා ඇත්තේ..
    හෆොයි අලියාට වෙච්චි දෙයක්.. ඒක විස්තර කරලා තියන හැටි හිනා යනවා.. හිකි හිකි ;)

    ReplyDelete
  2. හිතන්න දෙයක් මේකෙ තියෙනවා. ඇත්තටම ක්‍රමේ වැරැද්ද කියලා ලේසියෙන් අත පිහදාගන්න පුළුවන් තමයි. ඒත් ඒකෙන් ප්‍රශ්නෙ විසඳෙන එකක් යැ? මේක විවේක බුද්ධියත් ජීවිත අරගලයත් අතර කතාවක්.

    ReplyDelete
  3. ඇත්ත තමයි මචං.. මමත් ලංකාවෙන් එද්දි තෑගි ගන්න හෙනම් කට්ටක් කෑවා.. ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය වගේ දේවල්.. යාළුවා සිසිලියේ කිවුවා නේද?? කොහේද ඉන්නේ??

    ReplyDelete
  4. ඇත්තටම මම හිතන්නේ මේ නිර්මාණ කරපු ඒ කාලේ පරම්පරාව අභාවයට ගියාට පස්සේ ඒවත් අභාවයට ගිහින් වගේ... හොද නිර්මාණ වලට වැයවන කාලේ වැඩි නිසා ඒ අය ඉක්මනින් කරන්න පුලුවන් තත්වයෙන් බාල නිර්මාණ වෙත යොමුවෙලා.....
    ජිවත් වෙන සටනත් කරන්න ඕනනේ...
    ඒකෙන් වෙන්නේ ඇත්තටම ලංකාවේ තියන තත්වේ නැතිවෙන එකම තමයි

    ReplyDelete
  5. ඒක ඇත්ත. ලන්ඩන් වල ඉන්න පොරක් ගිය සතියෙ සිගිරිය, ශ්‍රී පාදේ බලන්න ආවා. පොරගෙ කතාවත් ඕකම තමා. ඌ මට බනිනවා අපි කැපවීමෙන් මේක හදන්නැලු.

    මම යැයි කැටයම් කපන්නෙ... මමත් ඇරියේ නෑ...යටගිය දවස බරනැස් නුවර තියලා පටන් අරං කොනක ඉදං කියලා දුන්නා. මොනා කරන්නද පොරත් ඕනේ රටත් ඕනේ...උඔ වගේ තමා.

    ReplyDelete
  6. ඒක නෙමේ මම අදයි උඔගේ බ්ලොග් එක දැක්කෙ. මම හිතුවෙ උඔ ඉන්නෙ බස් එකේ විතරයි කියලා.

    ReplyDelete
  7. ඔන්න හිතුමතේ ඉතාලියටත් ආවා.. කොහෙද ඉතින් හිතුමතේ උඩරට ඇරෙන්න වෙන රටකට ගිහින් තියන එකක්යැ.. ඇත්තටම ලංකාවේ මිනිස්සු එහෙම තමන්ගේ ආදායම වැඩි කරගන්න තාවකාලික වැඩ කලහම වෙන්නේ දවසක් බිස්නස් ටිකයි රටේ නමයි කැත වෙන එකම තමා....

    ReplyDelete
  8. ලිපියනං මල් මසුරං ඩිලා...

    ඇත්ත කියහං අර අප්සරාවෝ බිම වැටුන කතාව බොරු නේද..? උඹ ඒක ගෙදර ගෙනිච්චයි කියලා කිව්වනං අපි උඹට මොනවා හරි කියයි කියලා හිතුනා නේද.. කපටි ඩිලා..හික්...

    ReplyDelete
  9. අපේ උං කරන්නෙ අඩු වෙලාවකිං වැඩිම නිර්මාන ප්‍රමානයක් කරන එකනෙ බං . . . එතකොට කොන්ටිටිය වැඩිවෙනව . . කොලිටිය බල්ලට යනව . . . සංචාරක ආකර්ශක ස්තාන අවට තියන 99%ක්ම වගේ සමරු අලෙවි කරන කඩවල තත්වෙ ඕක තමයි බං . . .

    ප.ලි.
    අඩේ මම අදනෙව දන්නෙ උඹට බ්ලොගක් තියනව කියල . . මම හිතුවෙ උඹ බස් පදිනව විතරයි කියල

    ReplyDelete
  10. අපොයි විස්තරේට මටයි නංගිටයි දෙන්නාටම හිනා..කොහොම උනත් ඇත්ත ඕකයි...

    ReplyDelete
  11. @හසී- මමත් හිතන්නේ දැන් අපේ රටේ හැමදෙයකම නිමාව නැතුව යාගෙන එන්නේ

    ReplyDelete
  12. @ලකී -ඇත්තටම මෙහෙම ගියාම ඒ නිර්මානකරුවන්ටම නේද පහර වදින්නේ මාකට් එක නැතුව ගියාම

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. @දිනේශ් -එහෙනම් උබත් ඒ කට්ට කාලා තියනවා,මචෝ ඉතාලි කාරයෝ හරි ආසාවෙන් තෑග්ග ගත්තට උන්ට හිතට හරි නැත්නම් ඒක අහකට දානවා

    ReplyDelete
  15. @දේවා -ඔයා කියන දේ 100% හරි

    ReplyDelete
  16. @බුද්දී - ඕනයා -මේක මම කාලෙක ඉදන් ලියනවා බන් ඔහේ ලියන එකක් සැලකිල්ලෙන් නෙමේ ස්තූතී උබලත් මේ පැත්තේ ආවට

    ReplyDelete
  17. @මාරයා - යකෝ ඒකත් ගෙදර ගේන්න තමා හැදුවේ අප්සරාවන්ගේ කරුමෙට ඒක වැටුනා

    ReplyDelete
  18. @නිම්ශා - අම්මෝ කාලෙකින් අපේ බ්ලොග් එකට ආවෙත්,,කවුද ඒ නංගි අපි නොදන්න කෙනෙක්ද

    ReplyDelete
  19. අපේ උංගෙ කැටයම් ගොඩක් එහෙම තමයි. ඒත් උඹ දන්නවද මොරටුවෙ චන්ද කියන බාස් තමයි බක්ංහැම් පැලස් එකේ තීන British Emblem එක තනි කොටෙන් 3D කපල දුන්නෙ. මිනිහට චාර්ල්ස් නුවර ක්වීන්ස් එකේ ඩිනර් එකකට ඉන්වයිට් කරා ඒ වැඩේ අගයන්න. අදටත් මිනිහ ඉන්නව. මට කවිච්චියක් හදල දුන්න එක ඇනයක් ඉස්කුරුප්පුවක් නෑ. සිංහ කකුල් එක්ක ෆුල් කැටයම්, පොලිෂ් එක නැච්‍රල්, පොටි මුකුත් නෑ. අන්න පොරවල්.

    වෙලාවට ඌ වගේ උන් සල්ලිවලට වැඩ කරන්නෙ නෑ.

    මිනිහගෙන් එකපාරක් ජර්මන් කාරයෙක්ට ගණදෙවි රූපයක් අඹල දෙන්න කීයක් යයිද ඇහුවම රුපියල් 2000 විතර කිව්ව. සුද්දට පුදුම හිතුනලු. ඒ මොකද එච්චර අඩු ඇහුවම චන්දර කිව්වලු "ඒ මට සිගරට් පැකට් දහයට යන ගාන" කියල. පස්සෙ සුද්දත් මූට 2000 දීල වැඩේ කරන් ගියා. පස්සෙ මේකගෙ එකම පුතා පාප මිත්‍රසේවනෙන් හොරකමකට මාට්ටුවෙලා හිරේ ගියාම සුද්ද දැනගෙන, පෝල් රත්නාය ඇසෝසියෙට් එක දම්මල නඩු කතාකරවල කොල්ල ගොඩ දාල දුන්න. තනිකරම වියදම් සුද්දගෙන්. අද ඒ පොඩි එකත් නියම කැටායම් බාස් කෙනෙක්.

    එහෙම උන් හදන නම මේ සමහර පරයො කනවනෙ.

    ReplyDelete
  20. අලියා ගැන දුක සිතී කමෙන්ට් එකක් දමමි...:DDD.
    ඇත්තටම හැම දේම දැන් මුදලට යට වෙලා කලාවත් විකිණිලා ඉවරයි. නිර්මාණ බිහි වෙන්නේ නෑ. අඩුම තරමින් බලාගෙන ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් අයටත් අතලොස්සකට සීමා වෙලා..

    ReplyDelete
  21. එහෙම තමයි. දැන් විකුණන බුදු පිළිම හරියට පොඩි ළමයි පුරුදු වෙන්න හදලා වගෙ. කොයි වැඩෙත් එහෙන් මෙහෙන් ගහලා දාලා ගාන කපාගන්න එවුන් තමයි ඉන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  22. අන්තිම කාලේ මම ලක්සලෙත් මේ දේවල් මේ විදියටම දැක්කා. හොඳයි කියලා තෝරලා ගන්න යමක් ඇත්තේම නෑ. නිමාවක් නැති ඇත්කම් භාන්ඩ මෙහේ උස්සගෙන එනවටත් පාඩුයි.
    ඔය පැලවත්තේ තැනක් හමු වුනා මේ පාර ජන කලා එක ළඟ. ඒත් ගනන් එක්ක බලද්දි ඒ ගනන් වලට මෙහෙත් ඒ හා සමානම දේවල් ගන්න පුළුවන්.
    මම නම් අන්තිම කාලේ ගොඩාක්ම ගන්නේ තේ තමයි. අඩු ගානේ කාට හරි දෙන්න බෑ වගේ නම් මට හරි බොන්න පුළුවන්නේ.

    ReplyDelete
  23. ඇෆ්රිකන් අලියෙක් දිහෑ බලාගෙන අලිය අඹන්න ඇත්තෙ.
    සීගිරි අප්සරාවො නම් 'ස්ලිම් ඇන්ඩ් සෙක්සි' විදියට හදන්න ඇති.

    {සොරි, අදයි දැක්කෙ ඩිලාන් බ්ලොගක් ලියනව කියල}

    ReplyDelete