Pages

Sunday, October 23, 2011

ශූරයෙක්ගේ නික්මයාම


මාර්කෝ සිමොන්චෙල්ලි කියන නම මෝටර් බයිසිකල් ධාවන තරග රසිකයන්ට නුහුරු නෙමේ,,ඉතාමත් දක්ශ ධාවකයෙක් මෝට ජී.පී අංශයෙන්,ඒත් අද දහස් ගනන් ප්‍රේක්ශකයන් සහ මිලියන ගනන් රූපවාහිනි ප්‍රේක්ශකයන් ඉදිරියේ මැලේසියාවේ සෙපෑන්ග් ධාවන පථයේ සිදු වූ බරපතල අනතුරක් හේතුවෙන් ධාවන පථය මතම මිය ගියා.
ඉතාලි ජාතිකයන් ලෝක මෝටර් බයිසිකල් ධාවන තරගවල පෙරමුන ගන්නවා නිරන්තරයෙන්ම, ඒ අතරින් මේ මෝටර් ජී.පී අංශයෙන් ගොඩක්ම දක්ශතා පෙන්වපු ඉතාලි ජාතිකයන් අතරින් මාර්කෝ ගොඩක් ඉදිරියෙන් හිටියා..මෙයා මෝටර් ජී.පී අංශයට ඇවිල්ලා තියෙන්නේ 125 අංශයෙන් 2002දි අප්‍රීලියා කණ්ඩායමෙන්,එතකොට මෙයාගේ වයස 16 විතර කියලා තමා කියන්නේ. මේ අංශයෙන් දක්ශතා දක්වපු මාර්කෝ 2006 දී 250 අංශයෙන් ධාවනයට එකතු වෙනවා ජිලේරා මෝටර් බයිසිකල් කන්ඩායමෙන්. මේ අංශයෙන්ම 2007 දී නැවතත් අප්‍රීලියා කන්ඩායමට එකතු වෙන මාර්කෝ,2008 දී 250 අංශයෙන් ලෝක ශූරතාව හිමිකර ගන්නවා ජිලේරා කණ්ඩායමෙන්ම. 2009 දිත් තුන්වන ස්තානයට පත්වෙලා, 2010 සුපර් මෝට ජී.පී අංශයෙන් තරග වලට එකතු වෙනවා, මේ අංශයෙන් තමා තරගකරුවෙක් තමාගේ දක්ශතා උපරිමයට ආවහම තරගවලට ඉදිරිපත් වෙන්නේ. ඒ හොන්ඩා කණ්ඩායමෙන්,ඒ වසරේ 8 වෙනි ස්ථානයට පත් වෙනවා..මේ වසරෙත් හොන්ඩා කණ්ඩායම නියෝජනය කරන මාර්කෝ කේසි ස්ටෝනර්,ජෝජ් ලොරෙන්සෝ ,අන්ද්‍රයා ඩොවී , වැලෙන්තීනෝ රොස්සී වගේ ප්‍රභල තරගකරුවන් අතරින් මේ වෙද්දි 6 වෙනි ස්ථානයට පත් වෙලා,මේ වසරේ අවසන් තරගයට පෙර තමා මේ මැලේසියා සේපෑන්ග් තරගය පැවතුනේ. මම හිතන්නේ මාර්කෝ අනිවාර්යෙන්ම පලමු තරග කරුවන් 5 අතරට එන්න බොහෝ ඉඩ තිබුනා,,,ප්‍රබල තරග කරු වැලෙන්තීනෝ රොස්සීවත් අභිබවාගෙන.
ඉතාමත් අඩු වයසකින් ලෝක ප්‍රසිද්ද වෙලා අවුරුදු 24 දීම තම ජීවිත ගමන නිමා කෙරුවා,තමා දක්ශතා පෙන්නපු , ආසා කරපු මෝටර් බයික් ධාවන තරගයක් අතරදිම... මෝට බයිසිකල් ධාවන තරග අනතුරුදයක තරග අංශයක් උනත් ලොකු ක්‍රීඩා ලෝලීන් ප්‍රමානයක් රදවා ගන්න ක්‍රීඩාවක්,, ඔයාලා දකිනවා ඇති අපි කියන්නේ කනේ වැලි ගෑවෙන්න වංගු ගන්නවා කියන්නේ ඒ වගේ ත්‍රාසජනක සිදුවීම නිසා තමා මම උනත් මේ තරග වලට ආසා කරන්නේ. අද උදේ අපි වැඩකරන ගමන් ටීවී එකේ මේ තරගය නරබමින් හිටියේ ඇත්තටම අපේ ඇහැට කදුලුක් එක් කලා මේ අනතුර,,
ඉතින් සුභ ගමන් මාර්කෝ සිමොන්චෙල්ලී!!!




14 comments:

  1. Dan Wheldon මියගියපු එකේ උණුසුම යන්නත් කලින් තවත් මරණයක්. මට මේ අනතුරු දකින හැම වෙලාවකම මතක් වෙන්නෙ සෙන්න ගෙ මාරක අනතුරේ රූප රාමු.

    මාර්කෝ ගෙ හෙල්මට් එක ගැලවෙන්නෙ කොහොමද? මෝටර් රේස් රසිකයන්ට තවත් කණගාටු දායක දවසක්.

    ReplyDelete
  2. @මුහුදු කොල්ලකාරයා
    මේ අනතුර සිදු උනේ දෙවන වටේදිමයි,,,මේ හෙල්මට් එක ගැලවුනේ මාර්කෝගේ අතපසුවීමකින්ද? ඒ කියන්නේ හෙල්මටයේ ලොක් දාලා නෑ වගේ නේද? ඒත් පුවත් වලට කියනව මේ තරගවලදී මීට වඩා නීති සහ පරීක්ශාවන් වැඩි කලොත් හොදයි කියලා...

    ReplyDelete
  3. @ඔබ නොදුටු ලොවක්
    ස්තූතී මේ පැත්තේ ආවට

    ReplyDelete
  4. බයික් රේස් එකකදී හෙල්මට් එක ගැලවෙන්න ඇක්සිඩන්ට් වෙනවා කියන්නේ ඉතින් බොහෝදුරට අවසානය තමයි... :(

    බෑඩ් ලක්...

    ReplyDelete
  5. දැන් මචන් කනගාටු වෙලා පලක් නෑ නේ..
    ඔය හිස් ටුන තැනට උඹ සෙට් වෙයන්...
    මට නම් කමක් නෑ... :D

    ReplyDelete
  6. තමන් ආසම...තමන්ට හොඳටම පුරුදු තැන නමුත් ජීවිතය එක ඇසිල්ලක....

    ඇත්තෙන්ම ඔබට සුබ ගමන් මාර්කෝ......

    ReplyDelete
  7. its a dark week for motor racing!

    good bye Dan, good bye Marco!

    ReplyDelete
  8. සුබ ගමන් මාර්කෝ......

    ReplyDelete
  9. හ්ම්ම්... මමත් බයික් රේස් බලන්න ආසයි... ඉක්මනින්ම සමුගත්තත් එයා වීරයෙක් වෙලා ඉවරයි දැනටමත්... සුබ ගමන් මාර්කෝ.....

    ReplyDelete
  10. වේගය මරුවා කැඳවනවා කියන්නේ නිකම්ද?
    ඕවා ඉතිං කොහොමත් අවධානම් සහගත ක්‍රීඩානේ...

    ReplyDelete
  11. ඇත්තටම ඒ වෙලේ මාර්කෝගේ හෙල්මට් එක ගැලවීම හිතාගන්න අමාරුයි.. ගිය අවුරුද්දෙත් මේ වගේම ජපන් ධාවකයෙක් මිය ගියා.. හොද දක්ෂ කොල්ලෙක්... හැමදාම වගේ හොදම කාලය සටහන් කලේ මාර්කෝ...

    ReplyDelete
  12. මළත් බයික් එකක් පදින එකෙන් ලබන වින්දනය නම් වෙනත් වාහනයකින් ලබන්න බෑ. ඒක වෙන්න ඇති මේ ශුරයින් බයික් වලට මෙතරම් ලැදි...
    සුබ ගමන් මාර්කෝ......

    ReplyDelete
  13. ඔව් කණගාටුදායක සිද්ධියක්. මට පුදුම අර එක්කෙනෙක් මේ දෙන්නාගේ හැප්පිලාත් බැලන්ස් කරගෙන බේරිලා ගිය හැටියි. මිය ගිය කෙනාගේ හෙල්මට් එක නොගැලවුනා නං බේරෙන්න තිබුනා වගේ තමයි නේද පේන්නේ. ලොක් එකින්ම ගැලවිලා වගේ තමයි මට පෙනුනේ. සමහරවිට හරියට වැටිලා තියෙන්න නැතුව ඇති. අපරාදේ. තත්ත්පර කිහිපයක අතපසුවීමක් නිසා ජීවිතයෙන්ම වන්දි ගෙවන්න වෙලා.

    ReplyDelete