Pages

Tuesday, September 6, 2011

මෙහෙමත් හොරු



මොන වෙඩිමක්ද මේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා ඇයි දෙයියනේ මේ හොරු මේ ටිකේම මගේ පස්සෙන් පන්නනවා නේ, තව පොඩ්ඩෙන් අද මගේ දුප්පත් බයිසිකලේ උස්සන්නේ. ඔන්න මම අද සවස වැඩට ගිහින් වැඩ ඉවර වෙලා ඔන්න ලග බාර් එකට ගියා,,හෝව් හෝව් බොලාලා හිතන්නේ මම වැඩ ඉවර වෙලා ශොට් එකක් දාන්න කියලද පිස්සු හැදෙයි මම හොද කොල්ලෙක්,මම ගියේ ටී එකක් බීලා සීනි බනිසක් කන්න වගේ කැෆේ එකක් බීලා මෙහෙ තියනවා ඔය බනිස් වගේ එක එක ජාති තියනවා ඒවා එකක් කන්න ගියේ.මොනා කරන්නද බාර් වල තමා ඕවා සේරම තියෙන්නේ උඩ රාක්කවල බැබලෙනවා අරවත් පේලියට මම නම් ඕවා දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. එක එක ජාතියේ ඒවා කැෆේ එක බොන ගමන් වම් ඇහැ යනවා ඒත් අහක බලා ගන්නවා.
ඔන්න මම කාලා බීලා එලියට ආවා මෙන්න බොලේ එකෙක් මගේ බයිසිකලේට දාලා තියන ඉබ්බට යතුරු වගයක් දානවා එකක් දානවා කරකෝනවා හොල්ලනවා ආයේ දානවා,හරියට උගේ වගේ,,මම බයිසිකලේට දාලා තියෙන්නේ ඉබෙක් එක්ක දං වැලක් ,නැතුව බයිසිකලේ පරිස්සම් කර ගන්න බැ,,මේ ලගදි සීට් එකත් ගලෝගෙන ගිහින් තිබුනා, ඔන්න මම අරූගේ වැඩේ දිහා බලන් ඉන්නවා මූ මොකද කරන්නේ කියලා ,බැරිම තැන මම ගියා බයිසිකලේ ලගට ගිහින් මගේ යතුර ගත්තා එලියට මු ම දිහා බලල හිනා වෙලා අහනවා උබේද බයිසිකලේ කියලා,මම ඔව් කිවුවහම කියනවා ආ මට සමාවෙයන් කියලා මෙන්න මූ යන්න යනවා, විනීත හොරුත් ඉන්නවා බලන් යද්දී,ඌ නම් ඉතාලි ජාතිකයෙක් නෙමේ නැගෙනහිර යුරෝපා රටකින් ආපු අනාත පොරක් වගේ...
මේ ටිකේම මගේ පස්සෙන් හොරු එනවා වැඩීනේ කොහොමත් පහු ගිය අගෝස්තු 15 ගෙදරට හොරු පැනලා ගේ සේරම අනිත් පැත්ත හරෝලා ගෙනියලා තිබුනේ මගේ ලැප විතරයි නේ, අනේ පොලිසියකට ගියා උන් නෙමේ තාම අපේ ගේ පලාතෙවත් ආවේ, පැමිනිල්ල ලියන්න ගිය වෙලේ නම් අනේ පු‍ටු පෙන්නලා වාඩි වෙන්න කියලා,නිලධාරියා ආව ගමන් කියන්නම් කියලා,,ඔන්න ඌ ආවා කියලා උගේ කාමරේ පෙන්නලා,,,අපි එතෙන්ට යද්දී පොර ඉන්නවා පොරගේ කාමරේ එලියට වෙලාම අපි එනකන්,අම්මෝ බලන්න එපැයි අපිට තිබුනු සැලකිලි , ඒක විතරයි ලැබුනේ , ඉක්මනින් ලැප ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා මූ මාව ආයේ දොර ගාවට ගෙනත් ඇරලා ගියේ. ඒ අතින් ඒක තමා මෙහෙ පොලිසියේ වෙනස,,හොරු පැන්න එකට නම් පලාතේ ආවේ නැ අපේ ගෙදරට ඒත් ඉතින් හිතලා බලද්දී උන් මොනාට එන්නද හොරු පැන්නට පස්සේ.
කොහොමහරි මේ ලගදී නියම වැඩක් ආරන්චි උනාමගේ යාලුවෙක් ඉන්නවා තට්‍ටු 5ක් විතර උස ප්ලැට් එකක් ඕකේ ඉන්නේ ඉතාලි අයට වඩා විදේශිකයෝ ,කොහොම හරී එක පාරටම මේ ප්ලැට් එකම මාර කුණු ගදක් ගහන්න අරගෙන එක ගෙයක් වහලා ඒ ගෙදරින් ලු එන්නේ ඒ ගෙදර ඉදලා තියෙන්නේ මොරොක්කෝ මිනිහෙක් විතරලු ඌත් හෙන ජල්තර පොරක් ලු, මේ අනිත් ගෙවල් වල ඉන්න උන් හිතලා තියෙන්නේ මූ මැරිලා කියලා මුන් පොලිසියට එනවලු, ටිකකින් පොලිසිය ආවලු පොලිස් කාර් 20ක් විතර,අර ගැස් වෙස් මුහුනු දාගෙන නිකන් හෙන මෙහෙයුමකට යනවා වගේ,,අර ඉංග්‍රීසි පිචැර් වල එන්නේ තුවක්කු මානගෙන ඒ වගේ,,,ආ තව ගිනිනිවන වාහනයක්,,ඇම්බියුලන්ස් එකක්, පොලිසි දෙක තුනකින්ම වාහන,,ඇවිල්ලා කැඩුවලු දොර බලද්දී අරූ මොකක් හරි කේස් එකකට ගෙදරින් පැනලා ගිහින් මු කන්න ගෙනාපු මස් වගයක් මේසේ උඩ දාලා ගිහින්ලු ඒක කුණු වෙලා ගද ඇවිල්ලා තියෙන්නේ,,අනේ කට්ටිය ආපහු හැරිලා ගියාලු මූණු පපඩම් වගේ කරගෙන. හොරු ගැන කියලා පොලිසිය ගැනත් කියලා දැම්මා. බලමු ආයේ මාව හොයන් මොන හොරෙක් එයිද දන්නේ නෑ.

16 comments:

  1. සික්.... මේක හොරෙකුටවත් පාඩුවේ හොරකමක් කරගන්න දෙන්නේ නැති කාලයක්නේ... :D

    ReplyDelete
  2. හයියෝ ඩිලා.. හොරු පස්සෙන්ම පන්නනවා නේද? මහා මොලකරු ඇවිත් වගේ මේ පැත්තේ.... ;)

    ReplyDelete
  3. ලංකාවට වඩා වැඩි වෙනසක් නෑ නේ බලාගෙන යද්දි.

    ReplyDelete
  4. අපරාදෙ, බයිසිකලේ හොරා ගෙනිහින් තිබ්බ නම් උඹට එලියට බැහැල හෙන සද්දයක් දාන්න තිබ්බා " අඩෝ, අගෝස්තු 15 උනා වගේ වැඩක් ආපහු මෙතන වෙන්න ඉඩ තියන්න එපා, ගත්ත එකෙක් වහාම බයිසිකලේ දීපන් " කියල......

    ReplyDelete
  5. ඉතාලියෙනම් ඉතින් බයිසිකල් පරිසම් කරන්න හෙනම ගේමක් දෙන්න ඕනනේ.. අපේ අයියගේ බයික් එකත් ඉස්සුවා.. පොලීසි ගියාම අපිට ලැබුනෙත් අර කියපු වගේම සැලකිළි තමා.. ඒත් බයිසිකලේට වෙච්ච දෙයක් නෑ..

    ReplyDelete
  6. ඉතින් ඕවා වැඩිය ප්‍රසිද්ධ කරන්න එපල්ලා ... අපේ ඉන්න හොරු ටික එහේ පදිංචියට යාවි.
    ඊට පස්සෙ අපිට හුළං තමයි ... බේතකටවත් මෙහෙ හොරෙක් හොයා ගන්න නැති වෙයි.

    ReplyDelete
  7. හොරුන්ට දන්සැලක් දෙන්න...:D

    ReplyDelete
  8. මම නාපෝලි ඉදිදි දැක්කා මහ දවාලේ පාරේ මෝටර් බයිසිකලය නවත්තලා එක මනුස්සයෙක් කඩේ ඇතුලට ගිය පමාවෙන් කොල්ලො දෙන්නෙක් ඇවිත් ඒක් අරන් ගියා...කොහොමත් ඉතාලියේ හරියට හොරු ඉන්නවනෙ...විශේෂයෙන්ම නාපෝලි..නේද ඩිලාන්

    ReplyDelete
  9. ඉතාලි කාරයෝ එක්ක හැප්පෙන්න එපා මචං උන් මොනා හරි උස්සන්න ආවොත් නොදැක්ක වගේ ඉඳපන් මම අහලා තියනවා ඉතාලියේ මාෆියා කාරයෝ හරි වසයි කියලා ..

    ඔන්න උඹ එහෙම උං එක්ක පැටලෙන්න යනවා නෙවෙයි ඕං ..

    ReplyDelete
  10. මාෆියාවල ආරම්භය ඉතින් ඉතාලියේනේ. ඉතින් එහෙම පතාල ඉතිහාසයක් තියෙන රටක මෙහෙම නොව්නොත් ලොවෙත් නෑ

    ReplyDelete
  11. අපිට ක්ලාස් එකේ උගන්නන ම්ස් ඉතලියන්..
    හෙට ගිහින් දාන්න ඕන පොඩි බයිටක් :D

    ReplyDelete
  12. අපරාදෙනේ ඩිලාන් අයියේ.පවු අර අහිංසකයට බයිසිකලය දෙන්නනේ තිබ්බේ .........:D

    ReplyDelete
  13. අඩේ ඌ හරි වැදගත් හොරෙක්නෙ බන්.:D

    ReplyDelete
  14. ඔයා ඉතින් ඔහාට වෙලා හොරු දිහා බල, බලා , සීනි බනිස් කකා, ඉන්නවා නේ. අපි මෙහේ බඩගින්නේ.

    එහෙම කීවේ විහිලුවට. ඔහේ ජීවිතේ කරදරයිද?

    ReplyDelete
  15. කට්ටියටම ස්තූතී මගේ බ්ලොග් එක පැත්තට ඇවිත් කමෙන්ට් කලාට

    ReplyDelete