Pages

Monday, August 1, 2011

අවදි වු යෝධයා....

මේ මාස දෙක තුනේම විටින් විට මේ යෝධයා ඇහැරෙනවා, ලොකු හානියක් නොකලත් මේ යෝධයවත් විශ්වාස කරන්න බෑ...ආ යෝධයා කවුද කියලා කියන්න අමතක උනා නේ... ධර්මයගේ තවත් එක් නිර්මානයක්,,,යුරෝපයේ තිබෙනා එක් සක්‍රීය ගිණි කදු රාජයෙක්,,,යෝධයාගේ නම එට්නා ගිනිකන්ද, මෙයා තමා යුරෝපේ ඉන්නා උසම සක්‍රීය ගිනිකදු යෝධයා... මේක පිහිටලා තියෙන්නේ දකුණු ඉතාලියේ සිසිලි දිවයිනේ,,,මධ්යදරනි මුහුදේ තිබෙනා ගිණි කදු දෙකෙන් එකක්.. අනෙකා ස්ට්‍රොම්බෝලි නමින් හදුන්වන කුඩා ප්‍රමානයේ ගිනි කන්දක්,,ඒකත් අයිතිවෙන්නේ සිසිලි දිවයිනටම අයත් තවත් පුංචි දිවයිනක. ඉතාලියට ගිණි කදු 3ක් තියනවා අනෙකා නම් නාපෝලි නම් නගරයේ පිහිටා තිබෙනා විසූවියස් ගිණිකන්ද මේක නම් මම තාම දැකලා නැ,මේකත් ක්‍රි.ව. 79 දී විශාල හානියක් සිදුකරමින් ගම් පිටින් යට කරගෙන පුපුරා ගිය ගිනි කන්දක්,,දැන් නම් නිදාගෙන හිටියට.
අපි එමු ආයේ එට්නා වෙතට අවසන් වතාවට පහුගිය 30 වෙනිදා තමා මෙයා ආයෙත් නැගිට්ටේ. ඒකේ වීඩියෝවක් පහල ඇති. එට්නා ගිනි කන්දේ උස මීටර් 3330 විතර කියලා කියන්නේ, මේ කන්ද සීත කාලෙට පුදුම ලස්සනක්,,,හිම වලින් පුරෝගෙන සුදෝ සුදට ඉන්නේ,,, ඒත් රශ්නේ කාලේ එද්දී මෙයා ඇහැරෙනවා,,මේ වසරේ නම් ලොකු සද්දයක් දැම්මේ නැ, ඒත් මට මතකයි පහු ගිය වසරක මෙයා ඇහැරුන පාරට මා සිටිනා නගරයට පවා අලු ආවා, මා සිටින්නේ මේකට 150 කිලෝමීටර පමන දුරකින්. කොහොමත් මේ වසරේ නම් විශාල පිපුරුම් වාර්තා වෙලා නැ,,,ඒත් මේ වසරට මේ වෙද්දී අට වතාවක් පමන අවදි වෙලා තියනවා , ඒත් මේ වසරේ ලොකු පිපිරුම් නොමැති ඌවත් එට්නා ගිනි කන්දට අසලම විශාල නගරය වන කතානියා නම් නගරයේ ගුවන් තො‍ටුපල නම් වසා දැමුවා 3 වතාවක් පමන. ගිණි කදු පිපිරුම් ඇති උනාම එයින් පිට වන අලු ගුවන් යානා වලට අහිතකරව බලපැම මීට හෙතුව,ඔයාලට මතක ඇති මේ වසරේ මුල අයිස්ලන්තේ ගිනිකදු පිපිරුමක් නිසා යුරෝපයේ ගුවන් තො‍ටුපලවල් විශාල ප්‍රමානයක් වසා දැමුවා.
එට්නා ගිනිකන්ද පාමුල වට පොඩි පොඩි නගර විශාල ප්‍රමානයක් තියනවා,,,ඒ නගර වල මිනිස්සුන්ගේ ප්‍රාදාන ආදායම් මාර්ගය තමා මේ ගිනිකන්ද, ප්‍රදානවම සංචාරක වියාපාරය සහ ගොවිතැන,,සංචාර්කයින් විශාල ප්‍රමානයක් නිරන්තරයෙන් මෙහි ගැවසෙනවා,,අනික ලෝකයේ රසම දොඩම් වර්ගයක් වන රතු දොඩම් වැවෙන්නේ මේ බිමේ ,දොඩම් ගෙඩියේ මැද රතුම රතු පාටයි,,ඇත්තටම පුදුම රසයක් තියෙන්නේ,,මේ දොඩම් මිලෙන් වැඩී අනික් ඒවට වඩා , මෙහි තිබෙන අනික් වගාවන්ද තරමක් මිල අදිකයි,,,ඒකට හේතුව මේ බිමේ වැවෙන සියලුම දේවල් වල ගුනදායක බව වැඩී කියලා,,,ඊට හේතුව මේ ගිනිකන්දමලු.
කෙසේ උනත් මේ ගිනිකන්ද සක්‍රීය නිසාම සිසිලි බිමේ නිරන්තරයෙන්ම පොඩි පොඩි භූ චලන ඇති වෙනවා ඒ වගේම පොලව අභ්යන්තරයෙන් එට්නා ගිනි කන්ද සහ ස්ට්‍රොම්බෝලි ගිනි කන්දේ සම්බන්දයක් තියනවා ලු මේ දෙකම සක්‍රීය ගිනිකදු නිසා, ස්වභාව ධර්මයේ යම් විශාල බලපැමක් උනොත් මේ සබදතාවයෙන් සිසිලි දූපත චක බ්ලාස්ට් වෙන්න බැරි කමකුත් නෑ කියලා තමා කියන්නේ,,,අනේ මම මේ බිමේ ඉන්න තුරු ඒසේ දෙයක් නොවේවා,,, හොදට මතක තියා ගන්න සමහරවිට ලග කාලෙක ධර්මයා එහෙම කලොත් මමත් මේ බිමේ හිටියාය,,,මේ ගැන බ්ලොග් ලිපියක් ලිවුව බවත් මතක තියා ගන්න හොදද.... ධර්මයා කියන්නෙත් විශ්වාස කරන්නම බැරි පොරක් නේ. පොරට හිතුනද කෙරුවා ආයේ ලොවෙත් නැති වෙන්නම.


මේ ජායාරූප මේ වසරේ මෑයි මස ඈති ඌ පිපිරුමේදීය


මෙය පහුගිය 30 වෙනිදා පිපිරුමේ වීඩියෝ දෙකකි


24 comments:

  1. හපොයි දෙයියනේ.... මට එක පාරටම මතක් උනේ පොම්පෙ නගරය. මම හිතනවා ඩිලාන් පොම්පෙයි බලන්න ගිහින් ඇති කියලා. උණු උණු ලාවා වලට යටවුන නගරය සහ ලාවා වලට යටවුන නගර වැසියො....

    අනිත් එක ඔය බහු බූත කියෝ කියෝ ඉන්නෙ නැතුව අනතුරුදායකනම් ටික කාලයට හරි වෙන ඉසව්වකට යන්න බැරිද ?

    ReplyDelete
  2. කොහොමවත් එහෙම දෙයක් වෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ!

    ReplyDelete
  3. මුල්ම වතාවට මේ පැත්තේ ගොඩ වැදුනේ.. වීඩියෝවෙන් දකිනවට වඩා සියැසින් දැක ගන්න තිබ්බ නම් වටිනවා..හොහොඳ විස්තරයක්

    ප.ලි පිපිරුනොත් එන්නම්කෝ කෑල්ලක් දෙකක් අහුලගෙන යන්න..

    ReplyDelete
  4. යකෝ ඔය වගේ කතා කියන්න එපා බොල..
    අර දිල් අක්කා කිව්වා වගේ ටිකක් ඔය කලබල ගතිය අඩු වෙනකම් පොඩ්ඩක් දුරකට යාගන්න බැරිද?

    ReplyDelete
  5. එකක් පුපුරද්දි මොකෙක්ද එකෙක් මොකක්දෝ එකක් ගැහුවළු.
    දැන් මට කියපන් ඕක පුපුරද්දි උඹ ගැහුවෙ මොකක්ද කියලා..

    වටින ලිපියක්.. නොදැන සිටි තොරතුරක්.. ස්තූතියි..

    ReplyDelete
  6. ධර්මයා නෙමේ පරිස්සම් වෙන්න.. මෙයා අපිව බය කරවනවා.. ඇත්තට කොහේ හරි යන්න බැරිද? නැත්නම් නිවාඩු දාලා ලංකාවට එන්න.. ධර්මේ කියන දේ නාහන එකෙක්... :)

    ReplyDelete
  7. මේකට නියමයි කියන්නත් බෑ... එහෙම නොකියත් බෑ බං. මාත් හෙන ආසයි මේ ඇස් දෙකෙන් ගිනි කන්දක් දැක ගන්න....

    අපි ඉතිං අහලා තිබ්බේ විසූවියස් ගැන විතරනේ... තෑන්ක්ස් මචං අනිත් එව්වා ගැන කියලා දුන්නට.

    ReplyDelete
  8. නියම විස්තරයක් මචං . අපි ඉතින් ගිනි කඳු ගැන අහලා දැකල තිබුනට හැබැ අත්දැකීමක් විඳලා නෑ ඒවා ගැන .. බොහොම ස්තූතියි මේ ලිපිය සහ වීඩියෝව දැම්මට

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ !! ඒක අහලා ඇති නේද .. එහෙනම් පරිස්සමෙන් ආයේ ලංකාවට එනතුරු ..

    තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    ReplyDelete
  9. @දිල්
    දිල් පොම්පෙ යන්න බැරි උනා තාමත්,,යන්න ඕනා ලගදිම ගිහින් ඇවිත් ඒ පෝස්ට් එකත් දෙන්නම්,,,කොච්චර උනත් එහෙම ලොකු අවදානමක් නෑ මේවා කතාවට තමා කියන්නේ,,,මොකද මේක කොහොමත් සක්‍රීය කම වැඩි හින්දම නිකන් මොට වෙලා වගේලු,,

    ReplyDelete
  10. @තාරක...
    මමත් හිතනවා එහෙම දෙයක් වෙන එකක් නෑ කියලා,,,මොනා උනත් මේ නගර වල මොන තරම් මිනිස්සු ඉන්නවද...

    ReplyDelete
  11. @චතුර ගොඩක් ස්තූති මෙහෙට ආවට...ගෙනියමු කෑල්ලක් ලොකු කෑල්ලක්ම

    ReplyDelete
  12. @පූසා බය වෙන්න එපා බන් මම දෙපාරක් කඩුලු පැනලා ඉන්නේ,, එහෙම දෙයක් වෙන එකක් නෑ බන්,,

    ReplyDelete
  13. @නාකියා ,,හික් මොනවත් නෑ බන්,,,මේක උඩටම මම නැගලා තියනවා,, අවුරුදු 2ට ඉස්සල්ලා,,,මේ පැත්තේ ආවට ස්තූති

    ReplyDelete
  14. @හසී...හික්ස් බය වෙන්න එපා හසී ධර්මයට මම හානියක් කරලා නෑ හීනෙකින්වත් ඒක හින්දා පොර මට මොනවත් කරන්නේ නෑ,,,

    ReplyDelete
  15. @ප්‍රසන්න --ඇත්තටම බන් නියමයි,,ධර්මයගේ අපූරුතම නිර්මානයක්,,,රකුසෙක් උනාට

    ReplyDelete
  16. @සදරු .. මචෝ ඇත්තටම පොම්පේ විසූවියස් ගිනි කන්ද හා බැදුනු කතාව නම් ගොඩක් දුක් කතාවක්...ගොඩක් ස්තූතී උබේ ප්‍රාර්තනයට

    ReplyDelete
  17. කරදරයක් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා සහෝ. අපි ආසාවෙන් කියෙව්වට ඇත්තටම ඒ අත්දැකීම විඳින එක නම් හිතාගන්නත් බැරි තරමට භයානකයි. පරිස්සමින්.

    ReplyDelete
  18. හුටා.... පරිස්සමෙන් හිටහන් සුදු..
    ගේ නෙමේ....කොල්ලො ෆිට් එකට

    ReplyDelete
  19. මම මුලින් ඉතාලි ගියපු වෙලාවෙ, ප්ලේන් එකේදී ඔරේන්ජ් ජුස් ඉල්ලුවම මෙන්න බොලේ රතුම රතු පාට බීම එකක් දුන්න. අපි දන්න දොඩන් කහ පාටනේ. මම හිතුව වැරදි බීම එකක් දුන්නෙ කියල. පස්සේ තමයි මේ රතු දොඩන් වල සීන් එක දැනගත්තෙ. කන්ද සද්දෙ දැම්මට ලොකු ලෙඩක් දාන එකක් නෑ කියල හිතනව.

    ReplyDelete
  20. @පිණිබිදු ..මමත් හිතනවා මේ බිමේ එහෙම ලොකු විපතක් වෙන එකක් නෑ කියලා

    ReplyDelete
  21. @රත්ගමයා... හා ,,හා රත්ගමයෝ මම පරිස්සමින්,,යකෝ මූ එආ පාර මොකාටද මේ එන්නේ

    ReplyDelete
  22. @මුහුදු කොල්ලකාරයා...ඔය රතු දොඩම් වල ගුනදායක බව අධිකයි බන්,,ඇත්තටම රස බීමක් ඕක..

    ReplyDelete
  23. ඬිලන් අයියේ...ඔයා ඉන්නකල් එහෙම දෙයක් වෙන එකක් නෑ...ඔඋආ අහස පොලව නුහුලන අපරාධ එහෙම කරලා නැති නිසා බය නොවී ඉන්නකෝ... :D

    අපිට සුන්දරව පෙනෙන දේවල් යට කොච්චර භයානක කමක් හැංගිලා තියෙනවද නේද..??

    ReplyDelete
  24. ලස්සන ලිපියක්... කියවෙන දේ ලස්සන නොවුනට...

    පරිස්සම නම් කෝකටත් හොඳයි කියල තියනවනේ... ඒක හන්ද පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න...

    ධර්මය නම් සත පහකට විස්වාස නෑ තමයි... 2004 දෙසැම්බර් වලදි මතකනේ ධර්මය ලංකාවේ අපිවත් බලන්න ආපු හැටි...

    ReplyDelete