Pages

Monday, June 27, 2011

වරද කාගෙද?

දින 2ට ඉස්සල්ලා මගේ ලගම යහලුවෙක්ගෙන් දුරකතන ඇමතුමක් ආවා,ඒත් අහන්න ලැබුනේ දුක්බර ආරංචියක්,යාලුවගේ මවගේ පාර්ශවයේ නෑයෙක්ගේ අභාවයක්. මාර්කෝ ප්‍රනාන්දු කියලා වයස 18ක තරුනයෙක් මිය යාමට හේතුව දිවිනසා ගැනීම. දින 10ට ඉස්සල්ලා ගෙදරින් රන්ඩු කරගෙන ගෙදරින් පැනලා ගිහින්, මේ දින 10 ම දෙමවුපියන් මාර්කෝව හොයලා,පත්තර වල දැන්වීම්,පොලිසියෙනුත් සැහෙන්න හොයලා තියනවා,,ඒත් ඉතාලියේ පොලිසිවලින් තරුණ අය ගෙවල් වලින් පැනලා ගිහාම හොයනවා අඩුයි. මොකද ඒ තරමට පැනලා යන නිසාම. අවසානෙදී මළ සිරුර හම්බවෙලා තියනවා දවස් 10ට පස්සේ නගරේ හරහා ගලා යන ගං ඉවුරක තිබිලා සිරුර හදුනා ගන්න බැරි තරමටම නරක් වෙලා,පවුලේ අය හදුනා ගෙන තියෙන්නෙත්,දත් ඉදිරියට ඒම සදහා දත්වලට දාපු කම්බියකින්.
මේ වෙද්දී නොයෙක් නොයෙක් හේතු කියනවා මේ තරුනයා සියදිවි හානිකරගත්ත එක ගැන, මේ තරුනයා ඉතාලියෙම ඉපදිලා සම්පූරන යුරෝප් ක්‍රමේටම හැඩගැසී ජීවත් වෙච්ච කෙනෙක්,පහු ගිය දවස් වල ඉතාලි ජාතික තරුනියක් වෙච්ච තමාගේ ප්‍රේමවන්තියත් මෙයාව අතැරලා ගිහින් තියනවා,ගෙදරින් කියන්නේ එදා රන්ඩුවට හේතුව විභාගය අසමත්වීම කියල.
ඒත් මට හිතෙන විදිහට ඉතාලියේ ජීවත් වෙන ලාංකික පවුල් වල සිදුවෙන පොදු දෙයක් බවට පත් වෙච්ච ප්‍රශ්නයක්,මොකද දෙමවුපියන් සහ දරුවන් අතර සබදතාවය ඉතාමත් නරක පැත්තට හැරිලා තියනවා,,මොකද උදෙන්ම ගෙදරින් පිටත් වෙන දෙමවුපියන් සහ දරුවන් මුන නොගැසෙන තරමට ඇත් වෙලා, ඒ එක්කම යුරෝප් ක්‍රමේටම හැඩගහෙන දරුවන් උනත් ගෙවල් වලට එන්නේ ‍රැ නිදියන්න ඕනා උනාම බවට පත් වෙලා, දරුවන්ට දක්වන ආදරය ගොඩක් දුරට අඩු වීම මම මේ දිවිනසාගැනීමට හේතුව විදිහට දකිනවා,
ආරංචි විදිහට මේ තරුනයා ලග කාලෙක ඉදන් කිසිම කෙනෙක් එක්ක ආශ්‍රයක් නැතුව තනියම ඉන්න පුරුදු වෙලා තියනවා,තමන්ගේ හිටිය ලගම යාලුවන්ගෙන් පවා ඇත් වෙලා තියනවා, මට පේන්නේ ලොකු මානසික පීඩනයක ඉදලා වගේ.මගේ යාලුවා කියපු විදිහට එයාලත් මේ දිවිනසා ගැනීමට පැහැදිලි හේතුවක් දන්නේ නැ, එද ගෙදරින් රන්ඩුකරන් එලියට බැහැලා ගිය වෙලේ පාරෙදී මෙයාට එයාගේ මාමා කෙනෙක් හම්බවෙල කතා කරලා ගිහින් තියනවා,ඒත් ඒ කෙනත් වැඩිය ගනන් අරගෙන නැ මොකද මේ තරුනයා ‍රැ 9,10ට පාරෙදී දකින්න ලැබෙන හින්දා. කොහොමහරි අවසානෙදී තවත් තරුන ජීවිතයක් අකාලේ විනාශ වෙලා ගිහින්, පැහැදිලි හේතුවක් නැති දිවි නසා ගැනීමක්. දෙමවුපියන් උනත් සල්ලි හොයන එකටම වඩා දරුවන් ගැන අවධානයක් යොමු කරන්න ඕනා,අනික විදේශ රටක ඉද්දී ඒක ගොඩක් තදටම කරන්න ඕනා දෙයක් මම හිතන්නේ,සංස්කෘතික 2ක ජීවත් වීමේදී දෙමවුපියන් දැනගන්න ඕනා දරුවන්ව යහමග ගෙනියන්න. අන්තිමේදී සල්ලි හොයන්න ආපු දෙමවුපියන්ට තමාගේ දරුවගේ නරක්වී විරූප වී ගිය මල ශිරුර ලැබුනේ. ප්‍රශ්න තිබුනත් නැතත් දරුවෝ විදිහට අපෙත් යුතුකම් ගොඩක් තියනවා,අපිත් ඒවා ගැන හිතන්න ඕනා.

11 comments:

  1. ඇත්තටම ඔය තත්වේ හරිම දුක්ඛිත තත්වයක් කිව්වොත් නිවැරදියි.... කිසි ආගමක් හැදියාවක් නැතුව හැදෙන ඔය හැදිල්ල නතර වෙන්නේ ඔහොම දෙකින් තමයි..අන්තිමේදි ඉතාලියේ වගේ අවුරුදු 18 ක් හදපු දුක් විදපු අම්මලාටත් දුක් දිලා ලමයි කුඩුකාරයෝ,රස්තාකාරයෝ, මහා ජරාම වෙනවා...අනික මම දැකපු දෙයක් තමයි ඉතාලි වල බෝයිස් ලා ගර්ල්ස් ලාට වැඩිය එහේ හැදෙන වෙනත් රටක අය පුදුම විදියට නරක මාර්ගයේ යනවා..ඉතාලි අය එහෙම නැ නෙමේ..එත් එයාට ට මොලේ තියෙනවා ඔය හැමදේම ගාණට කරන්න ..එත් අපේ බහුතරයක්ම මේ තත්වේට නැ එරෙනවා... අනික අපේ අම්මලා තාත්තලා පුහු කමට ''අපේ ලමයා නම් කිසි හැදියාවක් නැ හැදෙන්නේ මෙහේ විදිය නේ'' කියලා අනන්ත බොරු තරහකුයි ආඩම්බර කමකුයි එක්ක කියන්නේ මහා විරකමක් හැටියට..පස්සේ දව්සක අඩන්න වෙන්නෙත් එහෙව් අයටමයි.. රට වල ගිහිනුත් හැදෙන විදියක් තියෙනවා.එත් එ සත්තු විදියට නම් නෙමේ...

    ReplyDelete
  2. ලමයා නැතිවුනාට පස්සෙ ඔය හම්බ කරපු දේවලින් වැඩක් තියනවද?

    ReplyDelete
  3. කරන්න දෙයක් නෑ ඩිලා. ළමයා පොඩි කාලේ ඉඳන් ඔහේ හිටියාම හැදෙන්නේ ඔය රටේ සංස්කෘතියට අනූව. ඒත් දෙමව්පියන් ලංකාවේ හැදුන අය නිසා එයාලට ඒ ළමයි කරන දේවල් අල්ලන්නේ නෑ.
    බලාගෙන ගියාම සල්ලි නැතුව ළමයි හදන්නත් බෑ ළමයි නැතුව සල්ලි වැඩකුත් නෑ. සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශනයක්!

    ReplyDelete
  4. ඉතාලිය කියන්නෙ නිදහස ඉහටත් උඩුන් තියෙන රටක්. ඉතින් මේ වගෙ නිදහස තියෙන රටකත් දිවි නසා ගන්නවා කියන්නෙ අමුතු දෙයක්.මොකද තියෙන නිදහසත් එක්ක නිදහස් තීරන ගන්න අයිතියක් මේ රටේ දරුවන්ට තියෙනවා.

    මෙයා සියදිවි නහගෙනද නැත්තම මරා දාලද ?

    මොකද පුංචි දේටත් මිනී මරන්න හරිම දක්ෂ රටක් නෙ ඉතාලිය...

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දෙමාපියො දරුවන් එක්ක තිබෙන සම්බන්ධය අඩුනම්...ප්‍රශ්ණයක් ආවම පිළිසරණක් නැති තැන දිවි නසා ගන්න ළමයින් පෙළඹෙනවා වගේම.....දරුවන් ගැන නිතර සොයා බලන්න දෙමාපියොත් බැඳිල ඉන්නවා

    වරද කාගේ උනත් නැතිවෙන්නෙ තවත් එක මිනිස් ජීවිතයක්....

    ReplyDelete
  5. ඇත්ත යාළුවා.. මමත් ඉතාලියේ ඉන්න නිසා ඔය දේවල් ගැන හොදට දන්නවා.. 18න් පස්සෙ කියන්නේ ඉතින් මේ රටවල් වල තරුණ කට්ටියට ඕන තරම් නිදහස තියෙන රටවල්.. ඒ නිසාම තමයි පොලිසිය උනත් ඒච්චර හොයන්න උනන්දු වෙන්න නැත්තේ.. අම්මලා තාත්තලා සල්ලි හොයන්න ඕන.. ඒ ළමයි වෙනුවෙන්.. ඒ නිසාම ලමයි ගැනත් හොද අවදානයෙන් ආදරයෙන් ඉන්න ඕන.. නැත්නම් අන්තිමට ළමයි නැති උනාම හරි අයාලේ ගියාම හරි අර සල්ලි වලින් වැඩක් තියෙනවද?

    ReplyDelete
  6. ඩිලාන් උඹට කියන්න මචෝ අපේ ගමේ මම දන්න කියන විදිහට සිය දිවි හානි කරගෙන තියෙන්නේ අතේ ඇඟිලිගානටත් අඩුවෙන් තමයි..

    මෙහෙම දේකුත් තියනවා පොඩිකාලේ ඉඳලාම ළමයෙක්ව හදන්න ඕන ටිකක් දැඩිව දුක සැප මේ හැම දෙයක්ම සමව ලබා දෙන්න ඕන . බලා පොරොත්තුවක් ඉටු නොවුනාම හිත් රිදීමක් උනාම හිත හදාගන්න හැටි කියා දුන්නා නම් ගොඩක් හොඳයි

    ReplyDelete
  7. @නිම්ශා- නිම්ශා අර ඔයා කියපු විදිහට දෙමවුපියන්ගේ බොරු ආටෝපය මේකට බලපාලා තියනවා කියලා තමා ආරන්චිය

    @නදී- අන්න ඒක තමා නදී හම්බකරපු ඒවා...

    @පූසා- හා හා පූස් උබ එහෙම ඔය ජහ ජරාවල් කටේ තියනවා නෙමේ ඕන්

    ReplyDelete
  8. @දිල- දිල් ඇත්තටම මේක සියදිවි නසා ගැනීමක්, මේ තරුනයා මගේ හොදම යාලුවගේ නෑ කෙනෙක් වෙනවා. මම මේ ලිපිය ගොඩක් අඩුවෙන් ලිවුවේ.මට අහන්න ලැබුනා මීට වඩා දේවල්. මම හිතන්නේ නිදහස උපරිම හින්දත් මෙහෙම දේවල් වෙන්න පුලුවන් නේ,,ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ කියන්නේ..

    @හසී- අනේ මන්දා තමා හසී

    ReplyDelete
  9. @සදරු- ඇත්තටම හරියට පොලවේ පය ගහන්න පුලුවන් එකෙක් මම හිතන්නේ නෑ දිවි නසාගනී කියලා මොන ප්‍රශ්නයක් ආවත්. උබ කියන එක ඇත්ත දෙමවුපියන්ගේ හා වැඩිහිටියන්ගේ යුතුකමක් ඒක

    ReplyDelete
  10. ගිය නුවණ ඇතුන් ලවා අදින්න බෑ. කිසියම ආශාවක් පසුපස යන කෙනෙක්ට එයින් පිට ලොවක් නෑ. ඔහු දකින එකම ලෝකය එයයි. මුදල් වෙන්නත් පුළුවන්. ඒ මොනවා උනත් සිදුවූදේ ආයේ වෙනස් කරන්න බෑ. වෙන්ට ඇති දේ වලක්වනවා මිස. මේ පෝස්ට් එක එයට හොඳ ආරම්භයක් කරගනිමු.

    ReplyDelete