skip to main |
skip to sidebar
කැලෑ පත්තර...

අපේ ගම්වල ඉස්සර තිබුනු ප්රබලතම පුවත් මාධය තමා කැලෑ පත්තර කියන්නේ,පුවත් කිවුවට ඒවගෙන් එන්නෙම අරූ අරකි එක්ක ගියා අරකි අරූ එක්ක අර කැලේ උන්නා,අන්න අරූගේ ගැණි අරූ එක්ක සෙට් වෙලා අන්න රෑ අරකිගේ මිනිහට දෙන්නවම අතටම අහු වෙලා වගේ බලද්දී කටත් ඇරගෙන බලන්න පුලුවන් ඒවා, අද කාලේ කැලෑ පත්තර බෝක්කු වල, ලයිට් කණු වල කඩ පිල් වල දකින්න ලැබෙන්නම නෑ,, ඉස්සර නම් මාසෙකට සැරයක් වගේ අලුත්ම හොට් හොට් නිවුස් එකක් එක්ක කැලෑ පත්තරයක අලුත් කලාපයක් එලියට එනවා.
කැලෑ පත්තරයක් සකසන්නත් ,ඒවා බෙදා හරින්නත් සෑහෙන මහන්සියක් ගන්න ඕනා. බෙදා හැරීම පොඩ්ඩ එහා මෙහා උනොත් බඩුම තමා මොකද අතුරේ යනවා වගේ වැඩක්,,පවුල් කැඩිලා , ලොකු වලි එහෙම ගිහින් නවතින්න ඉඩ වැඩී.
හරි මොකෝ මට මේ එක පාරටම කැලෑ පත්තර මතක් උනේ, කියන්න අප්රමාන සංතෝසයක් ආවා මේ ලගදී, විශ්වාස කරන්න ඉතාලියේ කැලෑ පත්තරයක් දකින්න ලැබුනා සුද්ධ සිංහලෙන්ම ලිය උනු, එතන තිබුනු ඒවා ලියන්න බෑ මෙතන,හීනියට කියන්නම් එතනත් තිබුනේ අර පදුරු කේස් එකක් ,,ආ නෑ නෑ ඉතාලියේ කොහෙද පදුරු,,හොද කාමරේක වෙන්න ඇති, ,ආරංචියේ හැටියට ලංකාවේ අය ගැවසෙන තැන් කීපයකම මේ කැලෑ පත්තරේ තිබුනලු,,ඒ කියන්නේ දුරකතන සේවා සපයන තැන්,කැම බඩු කඩ වගේ තැන්වල,,ඉතාලි කාරයන්ට සිංහල නොතේරෙන නිසා හොදා නැත්නම් උනුත් මේ කැලෑ පත්තර වලට ඇබ්බැහි වෙනවා, කොච්චර උනත් අපේ මිනිස්සු හරි හොදයි නැතී වේගෙන යන දෙයක් රැකගන්න දන්නවා හොදට,,අපේ ගම් වල නැත්තටම නැති උනු කැලෑ පත්තරේ ඉතාලියට ගෙනාවා ඒක මොන තරම් ලොකු දෙයක්ද?
ආයේ කැලැ පත්තර ගැන කතා කරමු,,ඇත්තටම මේක ගම්වලින් නැත්තටම නැති උනේ මොකෝ,,ගස් ගල්,බෝක්කු වල ඇලවුනු කැලෑ පත්තරේ අද කොහෙද? කස්ටියක් කියනවා ඒක ජාලයේ තියනවලු,,ඒකත් ඇත්ත, දැන් තියන තරමක් කැලෑ පත්තර සයිට් වැහි වැහැලා,,, කැලෑ පත්තර බ්ලොග් එහෙමත් තියනවද දන්නේ නෑ,මම නම් දන්නේ නැ ඕවා,මේ ලගදී පාර්ලිමේන්තුවෙත් අර අගවිනිසුරු නෝනට කැලැ පත්තරයක් ලිය උනාලු , ඒ කියන්නේ අද කැලෑ පත්තරේ තියෙන්නේ පොඩි මිනිස්සු ලග නෙමේ පාර්ලිමේන්තුවේ,,අන්තර්ජාලේ වගේ තැන් වල.
කැලෑ පත්තර නිර්මානාත්මකව නිර්මානය කරපු අයව හොයන්න ඕනා මේක ආයෙත් ඉස්සරහට ගන්න,,අපේ ගමේ උන්නු එකෙක් නම් ඒ කාලෙම මාට්ටු උනා,,මූ කතා කරනකොට නිතරම එක වචනයක් කියන්න පුරුදුව උන්නා,,මුගේ අවාසනාවට ඒ වචනේ කැලෑ පත්තර දෙක තුනකටම දැම්මා,,නිකන්ම බඩු මාට්ටු, පොර සැහෙන දක්ශව උන්නා,,රචනා විදිහට,,කවි විදිහට පවා කැලැ පත්තර එලියට දැම්මා,,,එක එක චරිත ආදේශ කරලා ලිවුවා,,,ඒ කාලේ ගිය ටෙලි නාටක වලින් අර ගත්තු චරිත ගමේ උන්නු චරිත වලට ආදේශ කලා,,,ලගදී ඉතාලියේ දැකපු කැලෑ පත්තරෙත් සෑහෙන්න ඒ ගානට තිබුනා.
කොහොම හරි මේ කැල පත්තර ආයෙත් ගස් ගල් බෝක්කු වලට ගන්න උත්සහ කරන්න ඕනා කැලැ පත්තර රචකයන්ව දිරිමත් කරන්න ඕනා,,උපහාර පුදන්න ඕනා,, ඉතාලිය වගේ රටකට කැල පත්තර ගෙනාපු පොරව හොයලා උපහාර පුදන්න ඕනා,,ඉතාලියෙන් බෙරලුස්කෝනි ගැන වත් ලියලා උගේ දක්ශතා ඉතාලි කාරයන්ට පෙන්නපන් කියන්න ඕනා,,මොකෝ බෙරා නාකියා පොඩි කෙල්ලෝ එක්කම නේ ඉන්නේ.. හොදට ලියන්න පුලුවන් වෙයි ඌ ගැන. හ එහෙනම් අර බ්ලොග් කැලෑ පත්තර කාරයෝ ආයෙත් පටන් ගනිල්ලකෝ ඒ කැලෑ පත්තර බ්ලොග්,,එහෙනම් මම ගියා,,ආයේ ලෝක විනාසෙට ඉස්සල්ලා පෝස්ට් එකක් ලියන්න එන්නම්.
අපේ දේ රැකගනියවූ!
ReplyDeleteසිංහල කම රැක ගනිවු!
පත්තර පිටු නැත්නම් බ්ලොග් පිටු පුරවපියවූ!
කියවන උන් ඉන්නවා බොලවූ. ලියන උන් තමයි අඩු.
ela ban adamai awe..
ReplyDeletedigatama liyanna...oya aluth kenek wage neda:D
උඹ ගැනද කැලෑපත්තරේ තිබ්බේ? :D
ReplyDeleteඋබට අර පරචිත්ත..අහවල් එක තියේද පූස්..මම අහන්න හිටියෙත් ඕකමයි...
Deleteකැලෑ පත්තර නැතිවෙලා ගිහින් නෙමෙයි, පරිසරය රැකගන්න හැකි විදියකින් අන්තර්ජාලෙට ඇවිත්!!!
ReplyDeleteඉස්සර කවි වලින් කැලෑ පත්තර ලියැවිලා තියෙනවා වගේ දැන් කෙටි පණිවුඩ වලිනුත් කැලෑ පත්තර යනවා.
අද කැලෑ පත්තරයක් ගහලා ලෝකෙටම විසුරුවා හරින්න පුළුවන් ක්ෂණයකින්.
බර්ලුස්කෝනි ආයෙත් දේශපාලනයට බහින්න ලෑස්තියක් නේද? කැලෑ පත්තර කාරයන්ට ලියන්න සෑහෙන දේවල් ලැබේවි!!!!!
ඇනෝ කමෙන්ට් වලිනුත් කලෑ පත්තර වැඩේ පුළුවන් නේද?
ReplyDeleteඅපේ කැම්පස් එකෙත් කැලෑ පත්තර තිබුනා.. ඒත් පලිගැනීමේ හෝ නින්දා කිරීමේ අදහසකින් ලියවුනු ඒවා නෙවෙයි විහිළුවට ලියවුනු ඒවා.. ඒවා තැනින් තැන තාප්ප වල කැන්ටින් වල ඇලවුණා.. කවුරුත් බලලා හිනා වුනා..
අනිත් ජාතිය තමයි කම්මැලි හෝ තේරෙන්නෙ නැති ලෙක්චර් එකක් වෙලාවට යවන චිට්.. හිනා කාලා මැරෙනවා.. හැබැයි වතාවක් දෙකක් ඇසුත් රතු උනා..
හිතාගන යනකොට බ්ලොග් කැළැපත්තර වාගේ තමා
ReplyDeleteඉතාලියේ එහෙම උනත් ලංකාවේ දැන් එහෙම නැහැ බං... ගම් ගොඩවල්වල උන්ට කැලෑ පත්තර ගගහා ඇවිදින්න කාලයක් නැහැ..දැන් ඒවා කරන්නේ නෙට් එකේ පදිංචි වෙලා ඉන්න උදවිය...
ReplyDeleteනිර්මාණාත්මකව කැලෑ පත්තර බලන්න එන්න මගේ බ්ලොග් එකට !...
ReplyDeleteමට ගැහුවොත් මාත් අතාරින්නෙ නෑ ඕන් !..
ලංකාවේ තිබුන කැලෑ පත්තර ඉතාලියට ගියේ කොහොමද. මේක නම් හොයා බලන්න වටිනවා....:D
ReplyDeleteකැලෑ පත්තරේ තිබුණු දෙයින් මොකක් හරි හුටපටයක් වුණේ නැද්ද ??
ReplyDelete