කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වේලාවක් ආවා... බොහොම අමාරුවෙන් බ්ලොග් පෝස්ට් කියවන්න පොඩි වේලාවක් ආවට මගේ බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් හොයා ගන්න අමාරු උනා, ගොඩක් අයගේ බ්ලොග් පෝස්ට් කියෙවුවට පොඩි කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා. අම්මේ ගොඩක් දෙනෙක් අහනවා බ්ලොග් එක ලියන්නේ නෑද කියලා,,,සික් බොරුවට කිවුවේ නිකමට එකෙක් ඇහුවෙ නෑ බ්ලොග් එක කෝ කියලවත්...
මුලින්ම මම ලොකු ස්තූතියක් කරන්නත් මේ පෝස්ට් එක යොදා ගන්නවා. ඒ මගේ විනෝදාංශය වෙනුවෙන් මුදල් නෝට්ටු කීපයක් ලබා දුන් අසරණයට අසරණයා අප්‍රිකානු රටවල මුදල් නෝට්ටු කීපයක් මට ලබා දුන්නා,,අසරණයා ඔයාට ගොඩක් ස්තූතී ඒ කරපු උදවුවට.
හරි එහෙනම් මගේ පෝස්ට් එකට ආයේ, පහු ගිය අප්‍රියෙල් අවසානය,මැයි, ජුනි මුල වෙනකන් මම උන්නේ ලංකාවේ දිග නිවාඩුවක්, කරගෙන හිටි ජොබ් එක අපේ නෑදෑ මාමාකෙනෙක්ට දීලා ලංකාවට වෙලා උන්නේ ආයේ ඇවිත් ජොබ් එකක් හොයනවා කියලා හිතාගෙන, ආයේ ඇවිත් ජූනි ඉදන් ජොබ් හොයන්න ගත්තා,,ඉස්සර ජොබ් වලින් නවතිනවා අලුත් ඒවට යනවා ඒ පුරුද්දට ජොබ් හොයන්න ගත්තට අගෝස්තු වෙනකන් ස්තීර ජොබ් එකක් අහලකවත් නෑ පොඩි පොඩි පාට් ටයිම් කැලිවලින් පොඩි ගානක් හොයා ගත්තට,ස්තීර ජොබ් එකක උවමනාව තදින්ම දැනුනා,ඒ මගේ රැදී සිටීමේ බලපත්‍රයට රැකියා කොන්තරාත්තුවක් උවමනා කරපු නිසා, ඒ වෙද්දි රැකියා කොන්තරාත්තුවක් නැතුව කාලයක්,,මොකද ඉතාලියේ ඉදන් වෙන රටකට පනින්න හදපු වැඩෙත් හබක් වෙලා උන්නේ, ඔහොම ඉද්දි අතේ තියන සල්ලි ටිකත් ඉවර වේගෙන එනවා,,කොහොමත් ලංකාවට ගිහින් ආයේ මෙහෙට එන්නේ අතේ සතේ නැතුව නේ,,පාට් ටයිම් කැලි ටිකෙන් පොඩ්ඩක් ඔලුව උස්සන් උන්නා,,ඒකත් සමර් ඉවර වේගෙන එනකොට එකින් එක අඩු උනා.
ජොබ් හොයන අතරේ ආවා ජොබ් එකක් ගිහින් බලනකොට සීයා කෙනෙක් බලා ගන්න,,ගිහින් කතා කලා මොකටත්,අකමැත්තෙන් ගියේ ඒත් පඩිය එහෙම කතා කරන් එලියට එනකොට පර්ස් එකට අත යනකොට, ඕනා දෙයක් වෙච්චා දෙන් කියලා සීයව බලා ගන්න තීරනේ කලා, ඒත් මුල් මාසයක් ගියේ රෑට විතරයි, මෙච්චර කාලෙකට මම නාකි අයව බලා ගන්න ජොබ් කලේම නෑ,පිගන් හේදිලි,සුද්ද කරන වැඩ කලාට නාකි අයව බලා ගන්න ඒවට ගියේම නෑ,එකක් නාකි අය එක්ක වැඩ කරන එක ලේසි නෑ. ඔහොම මුල් මාසේ ගිහින් අතට පඩිය එනකොට මේකෙම ඉන්නවා කියලා තීරනේ කලා ඒ වෙනකොට රැකියා කොන්තරාත්තුවත් හරි. සීයා රැට කීප වරක්ම නැගිටිනවා තනියම දෙයක් කර ගන්න අමාරුයි මම පස්සෙන්ම ඉන්න ඕනා,තනියම කර ගන්නවා නම් මාව ගනීද වැඩට නෑ නේ, ජොබ් එක ලේසිම නෑ නාකි මිනිස්සු එක්ක වැඩ කරන එක තනිකරම මොළේ කචල් වෙන වැඩක්, කොහොමත් කැත කුණු අත ගන්නත් වෙනවා ගොඩක් දුරට,,බඩේ අවුලක් උනොත් සොරිම තමා,ගොඩක් උත්සහ කරලා ඒකට හිත හදා ගත්තේ දැන් නම් ගොඩක් දුරට හුරු වෙලා,,ග්ලවුස් දාගත්තට ඒක සෑහෙන්න අමාරු වැඩක්.
මොනා නැතත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා,,මේ වෙනකොට ප්‍රෙශර් බලන්න,උණ බලන්න, ඉන්ජෙක්ශන් විදින්න මෙහෙ විදින්නෙම පස්සට,බෙහෙත් දෙන විදිහ පවා ඉගෙන ගත්තා,,එතකොට නාකි අයට කෑම හදන්න,රෙස්ටුවරන්ට් රෑකියා ඒකට උදව් උනා මට,, සීයගේ දත් නෑ කීපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒක නිසා ආහාර හෑපීමට බෑ ආහාර ක්‍රීම් වෙන්න අබරලා දෙන්න වෙලා තියෙන්නේ,,,
මේ නාකි මිනිස්සුන්ගේ ජීවිතේ පුදුමාකාරයි, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් උනු සීයා අද අවලංගු කාසියක් වෙලා, මම විතරයි ප්‍රොෆෙශර් කියලා කතා කරන්න ඉතුරු වෙලා ඉන්නේ ඒ වෙලේට පොරගේ කට කනේ වදින්න හිනාවක් යනවා, සීයගේ ඔලුවේ නහරෙක ලේ කැටියක් හිර වෙලා දැනට හිටි ගමන් මොළේ අවුට් යනවා ඒ වෙලාවට හිනා කාලා මැරෙන වැඩ වෙනවා වගේම,,ජොබ් එක දාලා ගෙදර දුවන්න වෙන වැඩත් වෙනවා, ඒත් ඉතින් යූරෝ මතක් වෙනකොට ආයේ ජොබ් එකේ.
රැට විතරක් ගිය මාසෙ කොහොමහරි ඇදගෙන යනකොට සීයව පොඩ්ඩක් ශාරීරිකව දුර්වල උනා ඒ එක්කම මට පුල් ටයිම් එහෙ නතර වෙන්න උනා, ඒ කියන්නේ තනිකර හිරේ යැමක් වගේ, බදාදා සවස,ඉරිදා දවස විතරයි නිවාඩුව,එහෙම ඉන්නකොට වැඩිය වැඩ නම් නෑ ඒ උනාට දවස ගෙවන එක සෑහෙන අමාරුයි වැඩ අඩු නිසාම තවත් අමාරුයි,සීයගේ වැඩෙත් වැඩි පුර නිදන එන,,එයාගේ ජීවිතේ ගෙවන්නේ නිදියන ඇද ,කෑම මේසේ ,කොමඩ් එක විතරයි,කොටින්ම මේ සීයා ජීවත් වෙන්නේ බෙහෙත් වලින්,තමන්ට ලැබෙන පෙන්ශන් එක මෙයාගේ පුතා යොදවන්නේ මෙයාව ජීවත් කරවන්න,,ඇත්තටම ඉතාලි සමාජයේ අඩුයිමේ වගේ පුත්තු. තමන්ගේ දෙමව්පියන්ට මේ තරම් තදින් සලකන පුතෙක් මම දැක්කමයි එයාගේ අධික වැඩ රාජකාරි අස්සේ, සීයගේ පුතාගේ උත්සහය නිසාම මේ සීයා ජීවත් වෙනවා,,ඒකට මමත් සැහෙන සප් එකක් දෙනවා,,මොකද මගේ රැකියාව රැදිලා තියෙන්නේ සීයා ජීවත් වෙනකන් විතරයි,,මොන කට්ටක් කෑවත් මමත් ඉබේම මේ සීයව ජීවත් කරවන්න සප් එක දෙන්න පටන් ගත්තා ඉබේම,
වෙලාවකට මම සීයා කරන කියන ඒවට දරුණු වෙන්න හැදුවට මට කවදාවත් එහෙම වෙන්න බැරි උනා,මේ සීයගේ මොළේ හොදට තියන සුලු කාලෙදි එලියට එන මනුස්සකම ඒවා යට කලා,මහත්මා ගති වලින් පිරුණු සැබෑ මහත්මයෙක් ඇත්තම කිවුවොත්,ඒ වෙලාවට හරිම සුන්දර මිනිහෙක්.
මේ සීයා එක්ක ගෙවන කාලේ වෙලාවකට හරිම නීරස උනත් ලබා ගන්න අත්දැකීම් ගොඩයි, ඉතාලි ජීවිතේ මම ගෙවන අමුතුම කාලයක් වෙලා මේ කාලය,,ඒකට මේ වෙනකොට නම් හුරු වෙලා බලමු ඉදිරියට මොකෝ වෙන්නේ කියලා,,ඒ අතරේ සෑහෙන ගේමක් දෙනවා සීයව ජීවත් කරවන්න,මොකද සීයගේ ජීවිතේ මත මගේ මේ රැකියාව රැදිලා තියන නිසා,මම මේ තාක් කාලයකට කරපු කිසිම රැකියාවකට අසාධාරනයක් කලේ නෑ ලබපු වැටුපේ හැටියට උපරිම සේවයක් කලා.එහෙනම් බලමු ආයෙත් බ්ලොග් එක පැත්තේ නිවාඩුවක් ලැබුනු විගස එනවා, ඉන්ටර්නෙට් නැතිව ගෙවන ජීවිතෙත් හරිම නිදහස්.මුලදී සෑහෙන අමාරු උනා ජාලය මතක් වෙනකොට මේ වෙනකොට ඒකත් හරි.එහෙනම් මම ගියා නැවත් හමු වෙමු.
අගයක් නැත රුකක ඵලබර නැතිනම් කටු ගොඩක
4 days ago
සෑහෙන දවසකින් ඩිලාන්ව දැක්කේ.අලුත් වැඩත් එක්ක සාර්තක වේවා කියලා පතනවා !!
ReplyDeleteඔව්,,ඔව් කාලෙකින් කාර්යබහුල මිනිස්සු නේ දැන්
Deleteදිලාන් මමත් කරන්නේ Notte-georno යක් තමයි , මම බලන ලොක්ක තමන්ගේ වැඩටික ඒ කියන්නේ බාත්රුම් යන වේද ඇදුම් මාරුකරගන්න කනබොන වැඩටික කරගන්නවා මම කරන්නේ බෙහෙත් ටික ඉන්සුලීන් ටික වෙලාවට විදින ඒක වගේම උයල කන්න දෙන ඒක තමයි, දීල කීයක් හරි ඉතුරුකරන්න ඕනනම් ඔන්න ජොබ් ඒක, මමත් අවුරුදු ගානක් පාර්ට් ටයිම් ෆුල්ටයිම් ජොබ් ගානක් කරා එත් කිසි ඉතුරුවක්නෑ. මොකද අපිට සල්ලි *කේ ගහන්ඉදල පුරුදුනැති නිසා.
ReplyDeleteඔහොම ජොබක් සෙට් වෙච්ච ඒක හොදයි ඕක කරන පලයන්
අමිල
උබේ කතාව සහතික ඇත්ත,,මෙතනම ඉන්නවා දැන්
Deleteඅදමයි මේ පැත්තේ ආවේ.. නියමට ලියලා තියෙනවා. මොනවා උනත් අපි මෙහේ ගෙවන ජීවිතේ ගැන ඇත්තම කියලා තියෙනවා. මම නම් සම්පූර්ණ එකඟයි මේ පෝස්ටුවට.
ReplyDeleteඔය වගේම ආච්චි කෙනෙක් ලග මමත් මාස තුනක් වැඩ කලා ටෙම්පරියක් අම්මේ ඒකත් හිතන තරම් ලේසි නෑ.ඒ ආච්චිත් ඔය කිව්වා වගේම මහාචාර්ර්යවරියක්.හරි හොඳයි.පව් කියලා හිතෙනවා දකිද්දිත්.එයාලා ජීවත් වෙන්න අපි සප් එක දෙනවා වගේම එයලා නිසානේ අපිත් ජීවිත ගැට ගහ ගන්නේ..
ආයේ එන්නම්කෝ මේ පැත්තේ.. සුබ පැතුම්..
තැන්කෝ මේ පැත්තේ ආවට
Deleteමාරයි බං........... මාරයි!
ReplyDeleteමම නිතරම දුකෙත් පොඩි ආතල් එකක් දකිනවා(අත්දැකීම අයිති වෙන්නෙත් ආතල් ගොඩට). ඒකනේ අද හවස් වරුවේ පට්ට අවුල් සිද්ධියක් වෙලත් දැන් මේ හිනා වෙවී බ්ලොග් කියවන්නේ! :)
හැම දුකේම ආතල් එකක් එනවමයි බන්
Deleteඉතාලි ජීවිතේ මෙහෙ ඉන්න අපි හිතන තරම් සුන්දර නෑ කියලා හිතුනා බන්...
ReplyDeleteසුන්දර නැතුවම නෙමේ බන් සුන්දර දේත් තියනවා
Deleteඕක දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් නේද? සෑහෙන ලොකු වගකීමක්. ජාලෙ නැතුව ඉන්න පුලුවන් එකම ලොකු දෙයක්! :). මට දැන් බත් කෑවෙ නැතත් ජාලෙ නැති උනොත් අවුල්.
ReplyDeleteදැලි පිහියෙන් කිරි කෑමක් තමා මේ ජොබ් එක,,,,ජංජාලේ නැතුව ඉන්න බැරි වෙයි කියලා හිතුවට ඉන්න පුලුවන් උනා බන්
Deleteඩිලා .. ඔක්කොටම කලින් කාලෙකට පස්සේ පොස්ට් එක දැම්මට ස්තුතියි. අනිත් දේ ඇත්ත ඇති සැටියෙන් කියන එකටත් ස්තුතියි.
ReplyDeleteඉතාලියේ ඉන්න මමත් මගේ මේ ජොබ් එක ලැබෙන්න කලින් සීය කෙනෙක්ක්ව බලා ගත්තා, හැබැයි ජිවිතේ එපා වුණා, වැඩ නිසා නෙවෙයි , හොදම සල්ලි කාරයෙක් , ඉංජිනේරුවෙක් වෙච්ච ඒ මනුස්සය එයාගේ ජිවිතේ අන්තිම කාලේ ගෙවන හැටි දැක්කම, එයට අපි කියන දේ ඇහෙනවා එත් ප්‍රතිචාර දක්කවන්න බෑ. හිරු එලිය වැටුනොත් හමේ තුවාල එනවා. දියර ජාති විතරයි. මුළු ශරිරෙන්ම වැඩ කරන්නේ එකම එක ඇගිල්ලක් විතරයි.
දරුවෝ ඉන්නේ වෙනම , එයාල එයාලගේ තත්ත්ව බලන්න එන්නේ බෙදාගෙන , එක සතියකට එක දරුවෙක් ඉරිදට පැය දෙකක් විතර ඇවිත් යනවා, ඊලග සතියේ අනිත් දරුවා .
හැබයි ඩිලා කිව්වා වගේ මම මාස කීපයක් කරපු ඒ රස්සාව නිසා ගොඩක් දේ ඉගෙන ගත්තා.
මේ අත්දැකීම උබටත් තියනවා එහෙනම්,,මේ සීයව නම් ඒ පුතා පුදුම කැපවීමකින් බලන්නේ,,,මම එහෙම කෙනෙක්ව දැක්කමයි
DeleteMoka unath uba hariyata weda karala ganna salki walata uparimaya karana eka hondai...europe katta danne europe inna eka witharai... Ubata jaya wewaa.. Den winter maga ena nisa sorry.com :(
ReplyDeleteහික්ස් වින්ටරේට ලෑස්ති වෙලා ඉන්නේ මේ
Deleteකරගෙන යමං ඩිලා... සල්ලි හොයන එක ලේසි නැහැ..හැබැයි ඔය වගේ අත්දැකීම් හොයන එක එයිටත් ලේසි නැහැ...
ReplyDeleteසල්ලි හොයන එකේ අමාරු කම ගැන උබට මට වඩා ඕනා තරම් අත්දැකීම් තියනවා නේ මාරයියේ,,
Deleteහ්ම්ම්. ජිවිතේ අපි තවත් ඉදිරියට යන්නේ අත්දැකීම් නිසා..හ්ම්ම්..ඔබට ජයම වේවා!
ReplyDeleteස්තූතී මේ පැත්තේ ආවට
Deleteසීයා මැරෙන්ඩ එපා!!!!!!!!!
ReplyDeleteඒක තමා බන් මමත් පතන්නේ
Deleteසීයා කැම්පස් එකේ මොන සබ්ජෙක්ට් එක උගන්වපු කෙනෙක්ද ?
ReplyDeleteකාලෙකින් මම ආවේ. ස්තුතියියකුත් දැක්කා..
ReplyDeleteරැකියා හැම එකක්ම දුකයි. විඳින දුක වෙනස් විදියට හැමෝටම ලැබෙන්නේ. හැම දෙයක්ම හොඳින් සිද්ද වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.