ශ්රී ලංකා තැපැල් සේවය ලෝකයේ ඉතා පැරණි තැපැල් සේවයක් ,ආරම්භක ඉතිහාසය 1882 දක්වා දිව යනවා,අද 2015 වෙද්දී ලෝකෙ තැපැල් සේවය ඉතා දියුනු අඩියක තිබෙන්නේ,මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ අපේ රටේ තැපැල් සේවය පෙනුමෙන් දියුනු වගේ පෙනුනට ඉතා මන්දගාමී තැපැල් සේවයක් බවට පත් වෙලා.
පහු ගිය දවසක මම ඉතාලියේ සිට ශ්රීලංකාවට රෙජිස්ටර් තැපෑල යටතේ ලියමනක් තැපැල් කලා,,ලියමනේ ලස්සන කතාවකුත් තියනවා ඒක ඊලග පෝස්ට් එකට ,,ලියමන මම සිටිනා නගරයේ සිට තැපැල් කලේ ඔක්තෝම්බර් 12 වෙනිදා කොටින්ම සවස 7 විතර සවස් යාමයේ වැඩ කරන තැපැල් ස්තානයකින්.මා සිටින්නේ දකුණු ඉතාලියේ නිසා දවස් 2ක් ගත වෙලා ලියමන මිලානෝ නගරයේ ප්රධාන අන්තර්ජාතික තැපැල් මධ්යස්ථානෙට ලගා වෙලා තියනවා.ඉන්පසු දවස 8ක් ගතවෙලා එය කොලබ ප්රධාන තැපැල් හුවමාරු මධ්යස්තානෙට පැමිනිලා තියනවා.
විහිලුම කතාව දැන් එදාම කොලබින් ලියමන ගමනාන්තය වෙන දංකොටුවටත් පිටත් වෙලා,,ඒත් කොලබ සිට දංකොටුවට මේ ලියමන එන්නෙ 30 සිකුරාදා ඔය කෙටි දුර එන්නත් දවස් 8 ගත වෙලා.
ඉතාලියේ තැපෑලක් අන්තර්ජාලයෙන් අපිට එය ලබන්න අතට පත් වෙනකන්ම පරික්ශා කර බලා ගන්න පුලුවන්කම තියනවා,,එය මට කොලබට ලගා වෙනකන්ම පෙන්නුවා,,ඒ වගේම අපේ රටේ තැපෑල් සේවයට අදාලව අන්තර්ජාල පරීක්ශාවත් බාගෙට පෙන්වනවා නමුත් ලබන්නාට අදාල කොටස නෑ,, ඔන්න පහල අපේ රටේ අන්තර්ජාල පරීක්ශාව මම ඉදිරිපත් කරලා තියනවා,
මෙය මාගේ පලමු අත්දැකීම නෙවේ,මා ඊබේ හරහා සෑහෙන ගණුදෙනු ප්රමානයක් කරලා තියනවා,,ඉතාලියට වගේම ලංකාවටත්,,මා ඉතාලිය වෙත ලබා ගන්නා භාන්ඩ උපරිම දවස් 20 ඇතුලත මා වෙතට පැමිනෙනවා.ඒත් ලංකාවට එන්න අඩුම මාසයක්වත් ගත වෙනවා,ඒ වගේම භාන්ඩ නැති වීම්,අතුරුදන්වීම් පවා සිදු වෙලා තියනවා,ඔය නිසාම ඊබේ වලින් අද අපේ රටට භාන්ඩ එවන්නෙ නැති විකුනුම්කරුවෝ බහුලයි.ඔන්න අපේ රටේ තැපෑලේ දියුනුව.
අද තාක්ශනය අනුව වේගවත් සේවයක් දෙන්න පුලුවන් කම තියනවා,,ඒත් ඉතින් අපේ රටේ තැපෑල ඉබි ගමනින් තමා තාමත් දුවන්නේ.