පහු ගිය දිනක ඉතාලියේ පුවත් වල අපූරු පුවතක් ගියා ඒකත් ඉතින් අර ගෑණු හින්දම විහින් නැහෙන හිටපු අගමැති බෙරලුස්කෝනියා ගැනම තමා,බෙරාට මේ සැරේ උනේ දෙවෙනි ගෑණිගේ දික්කසාද නඩත්තු කේස් එක. මේ බෙරාගේ නිවුස් එකත් එක්ක ලෝකේ සල්ලිකාරයෝ දික්කසාද කරපු ගැණුන්ට ගෙවන නඩත්තු ලිස්ට් එකකුත් දාලා තිබුනා ඒක දැකපු මට කලන්තයක් වගේ ආපු නිසා බ්ලොග් එකට දාලා උබලවත් කලන්තේ හදවන්න හිතුනා.එහෙනම් අපි යමු ලිස්ට් එක බලන්න
1.හිටපු ඉතාලි අගමැති සිලිවියෝ බෙරලුස්කෝනි සහ දෙවෙනි දික්කසාද බිරිය වෙරෝනිකා ලාරියෝ.
වෙරෝනිකාගේ නඩත්තුවට බෙරා දිනකට ගෙවන ගාන යූරෝ 100000 කි. (මෙච්චර ගානක් මොනා නඩත්තු කරන්න වැය වෙනවද මන්දා)
2 .ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකේ මුල් පෙලේ ඉන්නා රූබර්ට් මර්ඩොක් සහ දෙවනි දික්කසාද බිරිය වෙන්ඩි ඩෙන්ග්.
වෙන්ඩිගේ නඩත්තුවට රූබර්ට් නාකියට ගෙවන්න සිදු උනාලු ඩොලර් 1700000000
බර්නිට ගෙවන්න උනාලු ඩොලර් 1200000000 මුදලක්,,අපෝ මේ යකාට මේ ගැණිගේ උසටද කොහෙද මේ තරම් මුදලක් ගෙවලා තියෙන්නේ.
4. අංක 1 ගොල්ප් ක්රීඩක ටයිගර් වූඩ්ස් සහ එලින් නෝර්ඩග්රේන්, ගොල්ප් ගහලා ලෝක ධනවතුන්ගේ ලිස්ට් එකට ගිය ටයිගර්ට දික්කසාදයෙන් එලින්ට ගෙවන්න උනාලු ඩොලර් 750000000 මුදලක්, හයියෝ සල්ලි
6.සිනමා නලු හැරිසන් පෝර්ඩ් සහ අයියෝ පොරට ගැණු 2ක්ට ගෙවන්න වෙලා දැනට 3 ගැණි එක්ක නම් ඉන්නවලු.
පළමු බිරිය මේරි මාර්ක්වර්ඩ් ට ගෙවන්න උනාලු ඩොලර් 95000000
දෙවෙනි බිරිය මෙලිස්සා මැතිශන් ට ගෙවන්න උනාලු 85000000,ශා පොඩි ඉතුරුවක් හිටලා දෙවෙනි පාර
7. ලෝක ප්රසිද්ධ ඉතාලි ඔපෙරා ගායක ලුසියානෝ පවරොත්ති සහ පළමු බිරිය අදුවා වෙරෝනි
පොරත් විවාහ 2ක් ගිරිය පැලෙනකන් කෑ ගහලා පොරටත් සැහෙන්න ගෙවන්න වෙලා දික්කසාදෙට, පස්සේ ඉතින් තරුන කෙල්ලෙක් එක්ක විවාහ වෙලා ඒකට වෙන්න ඇති අච්චර ගෙවුවේ. පොර ගෙවලා පවුම් මිලියන 80ක්.
8.අපේ ගමේ ගඩොල් පෝරණු රැකියාව කරන උපාලි දික්කසාදෙන් එයාගේ පවුලට රුපියල් 2000 ගෙවනවා,,අනේ උන් දෙන්නා කාගෙද කීමකට රෑවටිලා දික්කසාදෙට ගිහින් දෙන්නා රෑට අඩියක් ගහලා ගහ මරා ගත්තට හොදට හිටි ජෝඩුව.
තව ලිස්ට් එකක් තිබුනා මේ හොදටම ඈති මෙන්න මෙහෙම තමා ලෝකේ ඉන්න සල්ලි කාරයන්ගේ ජීවිත ගෙවෙන්නේ,,සල්ලි නෑති අපේ ජීවිත මොන තරම් සුන්දරද?