
කාලෙකට ඉස්සල්ල සුසන්තිකා,සුගත්,දමයන්ති,ශ්‍රියාණි,රොහාන් ,ප්‍රසන්න සෙට් එක උන්නු කාලේ ඔලිම්පික් වලට ගිහින් පලවෙනි වටෙන් විසි උනේ නෑ සුසන්තිකා පදක්කමක් හරි ගත්තා ඒ කෙල්ලගේ පදක්කමින් පස්සේ ආයේ නම් කවදා දකින්න වෙයිද අපේ රටේ කෙනෙක් පදක්කමක් ගන්නවා, සුගත් 96 ද කොහෙද ඇට්ලන්ටා ඔලිම්පික් එකේ ඇමරිකාවේ සුපිරි වැඩ කාරයෙක්ව පරද්දනවා 400 මීටර් දුවලා,ඒකෙන් පොර සෙමි ගියා,මයිකල් ජොන්සන්වද කොහෙද මුල් වටේකදි පැරද්දුවේ, ඒ කාලේ මොනා උනත් පිට්ටනියේ අපේ රටේ කොඩි තිබුනා මේ සැරේ වගේ නෑ,,සික් ක්‍රිකට්වත් දාපියව්,ඕවර් 20 හරි මේ ඔලිම්පික් වලදි අපිට පදක්කමක් වත් ගන්න.
මට මේ තරග බලනකොට හිතුනා එක එක දේවල්,ඔන්න වෙඩි තියන තරග වලදී හිතුනා ඇයි දෙයියනේ අවුරුදු 30ක් යුද්ධයක් තිබුනු රටක හමුදාවෙන් හරි, කොටින්ගෙන් හරි එකෙක් හොයන්න නෑද ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න පුලුවන්,,මම දැකලා තියනවා පොල් ගෙඩියට ගල් භාගෙන් ගහලා ගෙඩිය වට්ටන උන්,ගහේ යන ලේනට ගල් පටියකින් විදලා ලේනව මරන උන්,එහෙම පොරවල් ඉන්න රටේ අර වගේ ඉලක්කෙට වෙඩිල්ලක් තියන්න එකෙක් නෑද,ඔය පුනුරුත්තාපනය කරන උන්ගේ වැඩකාරයෝ ඇති ඉලක්කේ ගන්න උන්,දෙපැත්තෙම ස්නයිපර් කාරයෝ උන්නා උන්ගෙන් එකෙක් නෑද ඔලිම්පික් වලට අරින්න,ඔන්න දුන්නෙන් විදින තරගේ යනවා,අර මහියංගනේ ඉන්නවා ඇවිදින්න ගත්තු කාලේ ඉදලම දුනු කරේ තියන් ඉන්න උන්,,උන්ගෙන් එකෙක්ව හොයන්න නෑද ඉලක්කෙට දුන්නෙන් තියන තරගෙට,අපෝ ඔය වගේ එක එක විකාර මට මතක් උනේ මේ දවස් 16ම මේ ඔලිම්පික් හින්දා.
ඇමරිකන්කාරයෝ ඔන්න එක උනා, මම උන්නේ චීන්නු එක වෙයි කියලා,කොච්චර උනත් උන් අපේ යාලුවෝ නේ, පොඩි හැපි මෙවුවා එකක් උනා,ඉතාලි කාරයෝ 8 වෙලා පදක්කම් ලිස්ට් එකේ,,කොච්චර උනත් අපි මොනා හරි දෙයක් කර ගන්නේ මුන් හින්දා නේ,මම ඇත්තටම සතුටු උනා මුන් පදක්කමක් ගන්නකොට.ආයේ අවුරුදු 4න් ඔලිම්පික් යනවා බ්‍රසීලයට,දැන් ඉදලම ලැස්ති වෙන්න ඕනා,,බ්‍රසීලය කියන්නේ එංගලන්තේ වගේද,,මම හිතන්නේ ඔලිම්පික් ඉතිහාසේ සෙක්සිම ඔලිම්පික් උලෙළ කරයි උන්,කටත් ඇරගෙන තරග බලන්න වෙයි, අනේ ලබන සැරේවත් අපේ රටෙන් මීට වඩා දෙයක් ලැබේවා කියලා පතනවා,නිලධාරි ලෝඩ් එක ගියත් පදක්කමක් ගත්තොත් ඒක ශේප්,අර කොහෙන්ද අප්‍රිකානු රටකින් ක්‍රීඩකයෝ 2යි ,නිලධාරි 2යි ගියේ උන් දෙන්නම පදක්කම් 2ක් අරන් ගිහින්,අපේ උන්ට දුවන්න බෑ කියමු, කොහොම හරි ඔය හමුදාවෙන් හරි පුනුරුත්තාපන කොටින්ගෙන් හරි ඉලක්කෙට වෙඩි තියන්න පුලුවන් එකෙක් හොයලා හරි බ්‍රසීලයට යවන්න මහින්ද මාමට හිතේවා කියලා මම දැන් ඔලිම්පික් අවසන් උත්සවය බලනවා,,අප්පේ ඒකත් බලන්නම උත්සවයක්,ඒ තරමට ලස්සනයි.(ස්පයිස් කෙල්ලොත් සිංදු කියනවා උන් නාකි වෙන්නේ නෑද මන්දා)
ai ban lankawata mehama wenne..kalakanni ballo thaman gana witarak hitana.nilukage match eka baluwa pau ban u...break ekedi indian karayata uge couch advice denawa..ape eke ground eke idan dadiya pihidanawa..u upset eke inne kiyala teruna godak...koheda ban me rate ascharyak tiyenne,,, uda idalama pallahata horu tikak nam bihiwenawa..boruwata 1000 talks denawa parawal sanwardene kiyala..pau ban api ..ape chanda dunnata mun ohama karala madi apita..tuk nodakin kalakanni ballo
ReplyDeleteRio වලදි නම් කොන්ඩම් ලක්ෂෙන් බේරෙන්න බැරි වෙයි
ReplyDelete++++++++++
Deleteඊයේ තිබ්බ වොලිබෝල් ෆයිනල් මැච්චෙක නං පිස්සු ඈ........
ReplyDeleteමැරතන් දුවපු අනුරාධ ඉන්ද්‍රජිත් ලංකාවෙන් ගියේ එහෙට වෙලා රස්සාවක් කරගෙන ඉන්න කියලා.... ඇගේ ක්‍රීඩාව තියෙන හන්දා ආයි දුවන්න හිනෙන්න ඇති. කොඩි වැනිල්ල ගැන නං මම කතා කරන්න යන්නෙ නෑ. මොකෝ මා ගාවත් නෑ කොඩියක් වනන්න....:)
ලංකාවේ ක්‍රීඩාව යන්නේ ආපස්සට. ඒකට ඉතින් පසුගිය ලෝක කුසලාන ක්‍රිකට්, තව මේ පාර ඔලිම්පික්, තවත් ඕන්නම් උදාහරණ සොයා ගන්න බැරිවෙන එකක් නැහැ. අසුභවාදීව නෙමේ මේ කතාව කිව්වේ. හංගන්න දෙයක් නැහැනේ ඇත්ත...
ReplyDeleteසික් ක්‍රිකට්වත් දාපියව්,ඕවර් 20 හරි මේ ඔලිම්පික් වලදි අපිට පදක්කමක් වත් ගන්න.
ReplyDeleteහි හි මල්ලි ලඟදි ලංකාව සහභාගි වෙන ක්‍රිකට් මැච් එකක්වත් බැලුවේ නැත??? :)
This comment has been removed by the author.
ReplyDeleteමැරතන් දුවපු කෙනා ඉවර කරනවා මම දැක්කා... 55 වෙනියා වගේ මතක.. කෙන්යා එකෙක් ගෝල්ඩ් ගත්තේ ඌට විනාඩි 12කට පස්සේ තමයි අපේ කෙනා ඉවර කලේ...
Deleteබ්‍රසීල් එකට දැම්ම ලෑස්ති වෙමු නේද..? අර ලෑල්ලේ බම්ප් වෙලා වතුරට පනින තරඟේ මොකද්ද මචං..?
මට හිතුනු දේම බීට්ල්ට හිතිලාද මන්දා. ඇයි අපේ අයට බැරි ඒ වගේ ඉන්ඩිවිජුවල් තරඟයකට හොඳින් සුදානම් වෙන්න කියලා මට හිතුනා. තව කෙනෙක් පස්සෙන් හරි ඉස්සරහින් යනවා කියලා පණ කඩාගෙන දුවන්නත් නැහැ. පීනන්නත් නැහැ. තනිව උපරිම හැකියාව දක්වන්නයි තියෙන්නේ. ඒ වගේ තරඟ ඉසව්වකට කෙනෙක් යොමු වුනා නං, හොඳින් පුහුණු වුනා නං යම් තැනකට එන්න පුළුවන් වෙයි කියලා හිතුනා. ඒකේ දෙන්නා දෙන්නා ඉදිරිපත් කරන තරඟයකුත් තිබුනා නේද? ඒක නං ටිකක් වැඩියෙන් අමාරුයි කියලා හිතෙනවා. ඒත් තනිව කරන දේ නම් අපේ වගේ රටකට හොඳ අවස්ථාවක්. (මට මතකයි 96 දී ඇට්ලන්ටා හිදී ද කොහිද එක්කෙනෙක්ගේ ඔළුව ඔය බෝර්ඩ් එකේ වැදුනා. ලේ ගලාගෙන වැටුනා. පස්සේ බැලුවහම එයාට ඒඩ්ස් කියලා හොයාගෙන තිබුනා. ඊට පස්සේ තරඟ නීති අලුත් කලා කියලා අහන්න ලැබුනා.)
Deleteමට හිතුනු දේම බීට්ල්ට හිතිලාද මන්දා.//
Deleteඋඔලා දෙන්නට ම එකට හිතුන දේවල් කාලෙකට කලින් මටත් හිතුනා. ලංකාවේ ක්‍රීඩා ක්ෂෙත්රයේ කාලයක් හිටියට පස්සෙ ඒ උණ බැහැලා ගියා. දැන් එහෙම හිතෙන්නෙම නෑ. අනිත් උන්ට එහෙම හිතුනට පුදුම හිතෙන්නෙත් නෑ. අඩුම ගානේ කමෙන්ට් එකක්වත් දාන්නෑ ඒ ගැන කියලා. මේක දැම්මට:P
තව දෙයක්! හරි හමන් ක්‍රීඩකයෝ බිහිකරගන්න බැරුව හිටියට මොකද "මීටර් 200x4 තරගයේ බෝල්ට් ඇතුලු පිරිසගේ ජයග්‍රහණය හුදෙක් වේගය මත පමණක් සිදු වූ ජයග්‍රහණයක් ය තාක්ෂණයක් නෑහැය කියලා" තර්ක කරන මිනිස්සු ඉන්න රටකට හරියන්නෙ "රතු ඉර, වාද පිටිය" වගේ ඉවෙන්ට් එකක් කියලා මම යෝජනා කරනවා.
ඒ වගේ ඉවෙන්ට් එකක් තිබ්බොත් අපේ අය ගෝල්ඩ් මැඩල් සේරම අරගනී. ඉන්දියාවත් දෙකත් තුනක් හරි ගනියි. හැබැයි සිල්වර්, බ්‍රොන්ස් වගේ තමා.
මට හිතුනු දේම බීට්ල්ට හිතිලාද මන්දා.//
Deleteඋඔලා දෙන්නට ම එකට හිතුන දේවල් කාලෙකට කලින් මටත් හිතුනා. ලංකාවේ ක්‍රීඩා ක්ෂෙත්රයේ කාලයක් හිටියට පස්සෙ ඒ උණ බැහැලා ගියා. දැන් එහෙම හිතෙන්නෙම නෑ. අනිත් උන්ට එහෙම හිතුනට පුදුම හිතෙන්නෙත් නෑ. අඩුම ගානේ කමෙන්ට් එකක්වත් දාන්නෑ ඒ ගැන කියලා. මේක දැම්මට:P
තව දෙයක්! හරි හමන් ක්‍රීඩකයෝ බිහිකරගන්න බැරුව හිටියට මොකද "මීටර් 100x4 තරගයේ බෝල්ට් ඇතුලු පිරිසගේ ජයග්‍රහණය හුදෙක් වේගය මත පමණක් සිදු වූ ජයග්‍රහණයක් ය තාක්ෂණයක් නෑහැය කියලා" තර්ක කරන මිනිස්සු ඉන්න රටකට හරියන්නෙ "රතු ඉර, වාද පිටිය" වගේ ඉවෙන්ට් එකක් කියලා මම යෝජනා කරනවා.
ඒ වගේ ඉවෙන්ට් එකක් තිබ්බොත් අපේ අය ගෝල්ඩ් මැඩල් සේරම අරගනී. ඉන්දියාවත් දෙකත් තුනක් හරි ගනියි. හැබැයි සිල්වර්, බ්‍රොන්ස් වගේ තමා.
ඇනෝ ඇවිල්ලා හැංගෙන්නද හදන්නේ..? ලංකාවේ ක්‍රීඩා ක්ශේත්‍රයේ කාලයක් ඉඳලා උණ බැහැලා ගිය එවුන් සිංහල බ්ලොග් ලෝකේ ඉන්නේ එකෝම එකයි... හූ...
Deleteමෝඩ ප්‍රකාශයක්ද මන්දා........ බ්‍රසීලයට ඔලිම්පික් කරන්න තරම් සල්ලි තිය්නවද?
ReplyDeleteසල්ලි නැතිව උනත් මේ වගේ දෙයක් වෙනුවෙන් ඕනෙම රජයක් පැනලා එලියට පනිනවා. ආර්තික අවපාතය එක්ක මේ දවස් වල එන්ගලන්තයත් බොහොම පහල තත්වෙක ඉන්නේ. ඒත් ඔය අගේට කලේ.
Deleteමේ දවස් වල එන්ගලන්තයේ බොහෝ අය කතා කරන්නේ ඔය දවසින් දෙකෙන් හදපු ග්‍රවුන්ඩ්ස් අරවා මේවා සල්ලි ටික අර විරැකියාවෙන් පෙලෙන මිනිසුන් වෙනුවෙන් යොදන්න තිබුනා කියලා.
ඇත්තටම බ්‍රසීලය ඇනගැනීමේ සම්භාවිතාව වැඩිවෙයි කියලයි මම හිතන්නෙ. ඕය වැඩේ ලේසි පාසු වැඩක් නෙවේ. ඒ වගේම අතහරින්නෙත් නෑ. හරියට කලොත් ගොඩයන්නත් පුළුවන්.
Deleteමොකද නැත්තේ ,උන්ගේ සල්ලි සහ යුරෝවල වෙනස (යුරො 1-උන්ගේ සල්ලි 2) තව අවරුදු 4 කින් වෙනස සමානවේවි .
ReplyDeleteබ්‍රසිලේ ඔලිම්පික් එක නම් පිස්සු හැදෙන්න ඇති.. අම්මියාව්.. අපේ එවුන් එතැනදී නම් වනයි (කොඩි නෙවෙයි ඈ..)
ReplyDeleteමාත් දවස් දාසයෙම ටී වී එක අස්සේ කෝල්ලා බබා වගේ වෙලා හිටියේ.
ReplyDeleteලංකාවේ ප්ලේයර්ස්ලා ගැන නම් දැනගෙන හිටියේ නෑ. ඔය ඉස්සරම කාලෙක සුසන්තිකා දුවනවා බැලුවාට පස්සේ වෙන ක්‍රීඩකයෝ ඉන්නවද කියලාවත් දැනගෙන හිටියේ නෑ.
ඒ උනාට මේ පාර ඔලිම්පික් අසාධාරණ තීරණ ගත්ත අවස්තා තිබුනා. (ඊයේ ටයිකොන්ඩෝ වලදි ජොශුවා ට දීපු මෙඩල් එක එකක්. )
මගේ ප්‍රියතම ක්‍රීඩිකාව වෙන ෆෙඩරිකා පෙල්ලෙග්රීනි (ස්විමින්)කලින් පාර වගේ මේ පාරත් ගෝල්ඩ් මෙඩල් දෙකක් උස්සන් එයි කියලා හිටපු හින්දා දුක තවත් වැඩි වුනා. කැනෝවා වලත් යොසපා මෙඩල් එකක් ගෙනෙයි කියලා ලොකු විශ්වාසයක් තිබ්බා. (වයස හතලිස් අටක් වුනත් තවමත් ඉස්සර වගේම දක්ශයි ඔය මෙඩල් නැති වුනත්. ) ඒ වගේම ටානියා කඥ්ඥොත්තො ගේ මෙඩල් එකත් නැති වුනා. අලුත් මුහුනු ආවට අපේ හිටපු බොහෝ දක්ශයන් මාස් මීඩියා වල පිම්බිල්ල හන්දාම අවුල් වුනා කියලායි මට හිතෙන්නේ. ෆෙඩරීකා ගේ කේස් එක වගේ බැලුවම.
අර ලංකාවේ අය චියර් කලේ නෑ කියන එක නම් ඉතින් මීට අවුරුදු දෙකකට කලින් ලෝක කුසලාන මගෙ ගෙදර ඉඳන් පයින් යන දුරින් තිබිලාත් මාත් ගියේ නෑ. මේ රශ්නේ දවස් වල ඒ මදිවට සෙනග ගැවසේන තැන් වල ඉන්න මම නම් බොහෝ අකැමැතියි. ඒ ඔක්කොටම වඩා ටී වී එක ඉස්සරහා ඉඳගෙන චියර් කරන එක තමයි මගේ නම් හැමදාම සිස්ටම් එක. හික්ස්.
මම ලිව්ව පෝස්ට් එකෙනුත් කිව්වෙ ලංකාවට හොඳම ඉසව්ව තමයි ඉලක්කයට වෙඩි තැබීම. ජූලම්පිටියෙ අමරෙ වගේ එවුන් යැව්වනං ගොඩ. :)
ReplyDeleteඅපේ ඔලිම්පික් රන් පදක්කම් කෙසේ වෙතත්, පිත්තල පදක්කමක්වත් ගන්න එක හීනයක් විතරමයි ද මන්දා. දක්ෂතා තියෙන අයව එළියට ගන්නවා වෙනුවට අපේ අය කරන්නේ වෙන වෙන ඒවනෙ.
ReplyDeleteපහුගිය දවස්වල බීබීසී එකෙත් ලස්සනට ලියලා තිබ්බේ ලංකාව ගැන. හැබැයි එතැනදී නදීක කියලා තිබුන දේ දැන් නම් වෙනස් කරලා කියන්නේ..ඒකත් කාගේ හරි බලපෑමකටද මන්දා...
තවම ඔලිම්පික් පොඩ්ඩක්වත් බලන්නට බැරි විය.:( :(
ReplyDeleteඅම්මේ බ්රසීලෙනං තියෙයි නිකං...
ReplyDeleteපික්සු පීකුදු වෙන්න ඈ..
//ඇයි දෙයියනේ අවුරුදු 30ක් යුද්ධයක් තිබුනු රටක හමුදාවෙන් හරි, කොටින්ගෙන් හරි එකෙක් හොයන්න නෑද ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න //
ReplyDeleteමේක තමා මේ පොස්ට් එකේ මං දැක්ක නියම කොටස. කියලා වැඩක් නෑ ....:DDD
" ඇයි දෙයියනේ අවුරුදු 30ක් යුද්ධයක් තිබුනු රටක හමුදාවෙන් හරි, කොටින්ගෙන් හරි එකෙක් හොයන්න නෑද ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න"
ReplyDeleteඒකනම් සිරාම කතාව.. හැමදාම දුවන අයව අරන් යන එකේ එහෙමවත් දෙයක් කලානම්..
ඇත්තට ඇයි දන්නෑ ඔලිම්පික් වලට ක්‍රිකට් නැත්තෙ.. අනිත් හැම ක්‍රීඩාවම තියනව.. පුට් බෝල් තියනව නේද.. මමනං දැක්ක අපේ මාම ගෙ පොඩි පුතත් බදින්න ඉන්න කෙලී එක්ක ඔලිම්පික් බලන්න එයාපෝට්ටෙකෙන් එනව. එතනින් එහාටනං කොහාට ගියාද දන්නෑ...
ReplyDeleteකිසි ටාගට් එකක් නැතුව වැඩ කරාම ඔහොම තමයි.
ReplyDeleteඅපේ රටේ ක්‍රීඩාව ගැන නම් අනේ මන්දා බන්. කථා කරලා වැඩක් නෑ . කවද හරි දවසක හොඳ වේ කියල හිතමු
ReplyDeleteලඟ හිටියනම් සත 50ක් දාන්න තිබ්බා කටට! මතු කරපු අදහස් ටික නම් සෑහෙන්න වැදගත්! ඡේද ටිකක් වෙන් කරලා ලිව්වා නම් කියවන්න ලේසි!
ReplyDeleteවෙඩි තැබීමේ ඉසව්ව ගැන ඔයාට හිතුණු ඒවා මටත් හිතුණා. මෙච්චර හොඳට යුද්ධයක් කරපු රටේ ඉලක්කයට වෙඩි තියන්න ඔලිම්පික් යවන්න එකෙක් නැතිවුනේ ඇයි කියන එක නම් හොයලාම බලන්න වෙනවා
ReplyDeletehttp://sesatha.co.uk/Event_News/20120812_London_Olympic_Marathon/index.htm
ReplyDeleteලංකාවේ දක්ෂයෝ නැතුව නෙවෙයි... ඕන තරම් ඉන්නවා... ඒත් ඒ කාටවත් දිරිගැන්වීමක් කරන්න කෙනෙක් නෑ.... මොන ක්ෂේත්රයෙන් උනත් වෙලා තියෙන්නේ ඒ දේමයි...
ReplyDeleteකොහොම යාලු ඉතින්,,, ඔබේ බ්ලොග් එකට මම ආවේ පලවෙනි වතාවට..එත් ඔයාගේ පලවෙනි පොස්ට් එකේ ඉදල අන්තිම එක වෙනකන්ම අසාවෙන් කියෙව්වා..මටත් මේ දවස් වල පොඩි ඉතාලි උණක් ගහල ඉතාලි බාෂාව ඉගෙන ගන්නවා..තනියම පොතකින් සහ ඉන්ටෙර්නෙට් ඒකෙන්,,,
ReplyDeleteඉතාලි උණක් කිව්වට සල්ලි හොයන්න ඉතාලි එන්න නම් නෙවේ,මට ලොකු ආසාවක් තියනවා,ඉතාලියේ රෝමේ ඇවිදලා බලන්න..තවම නම් ඉගෙන ගන්නවා කැම්පස් එකේ...අපේ එස්.බී මාම අපිට නිවාඩු දීල නේ...එහින්ද ෆුල් ටයිම් වැඩේට බැහැල ඉන්නේ...මෙහෙම ඉතාලි බාෂාව ඉගෙන ගන්න එක ගැන ඔයාගේ අදහස දැනගන්න ආසයි...මොකද?වැඩේ හරියයි ද?..තනියම ඉගෙන ගෙන පොඩි සාර්ථකත්වයක් ගන්න පුළුවන් වෙයිද?....
ජය වේවා...දිගටම ලියන්න... අපි අනිවා කියවනවා...
ලියන්නැද්ද යකෝ... මම මාසෙකට කලින් එද්දිත් මේ පෝස්ට් එක තිබ්බෙ. ලියෆිය මොනා හරි...
ReplyDelete