පහු ගිය දවසක පත්තරේ අපූරු පුවතක් දැක්කා,ලෝකෙ වාසනාවන්තම පුද්ගලයෙක් ගැන තිබුනේ,නම ප්රේන් සෙලැක් ක්රෝඒශියානු සංගීත ගුරුවරයෙක්,මේ දක්වා දරුනු මරණාසන්න අනතුරු 7ක් සිදු වෙලා ජීවිතේ ගැලවිලා තියනවා,ඒ එක්කම ඩොලර් මිලියනයක ලොතරැයියක් දිනලා තියනවා.මිනිස්සුන්ගේ ජීවිතේ පුදුමාකාරයි,මම විශ්වාස කරන්නෙත් මරණය වෙන වෙලාව අපි උපතින් ගේන දෙයක් විදිහට එතකන්ම අපිව මොනා කලත් උඩට වීසා එක වදින්නේ නෑ එහෙන් රිජෙක්ට් කරනවා.වීඩියෝ එකක් හම්බුනා යූ බටේ තිබිලා ප්රේන්ගේ කතාව කාටුන් අනුසාරයෙන්,මට මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා හිතුනා පුවත දැකපු වෙලේම.අයියෝ ඩේටා වෙන්නෙ නැ පොඩ්ඩක් බලන්න වීඩියෝව.
අගයක් නැත රුකක ඵලබර නැතිනම් කටු ගොඩක
4 days ago
බලන්න විදියක් නෑ... මොකද මේ අන්තර්ජාල සබදතාව පට්ට ස්පීඩ් නේ ඒකයි... කොච්චරද කියනව නං ඉබ්බ ඊට හයියෙං යනව... ඔව්...
ReplyDeleteඅප්පා හත් පාරක් හැප්පිල ඒත් බේරිල... පූසෙක් වගේනෙ... හැබැයි තව දෙපාරයි නේද.. මොකද පූසටත් පණ නමයනෙ තියෙන්නෙ
අපරාදේ මූ ගම්පහ ඉන්න තිබුනු කොල්ලෙක්... එහෙම වුනානම් මේ සිද්ධි ටික මාකට් කරලා මූට ෆෙංෂුයි වගේ බිස්නස් එකක් කරගන්න තිවුනා ගේමක් නැතුව... :D
ReplyDelete+++++++
Deleteකවුද කවුද ඩෝ...ගම්පහ කොල්ලන්ට කින්ඩිය දාන්නෙ...අපිත් ගම්පහ තමා අරිද....
ReplyDeleteවීඩියෝ එක බැලුවා...පැරචුට් එකක් නැතුව උඩ ඉදන් බිම වැටිලත් මලේ නෑ කියන්නෙ කවර කථාද...කවදා හරි මැරුන දවසක හොදට සැකහැරලා දැනගන්න වෙයි...ඇත්තටම මලාද නැද්ද කියලා..මගේ සිත් ගත්තෙ අවුරුදු 40 කට පස්සෙ ගත්ත ටිකට් පතට...ජයග්රහණයක් හිමිවීම....
හරි පුදුමයි.. ස්තුති අපි එක්ක බෙදගත්තට
ReplyDeleteඉල්ලන දේ ඉල්ලන එකාට නොලැබෙන, නමුත් ඒක නොඉල්ලන අහක ඉන්න එකෙකුට ලැබෙන එක ජීවිතේ හැටියක්.
ReplyDeleteවාසනාව කියන එක හැමෝටම ලැබෙන්නේ නෑ නේ..
ReplyDeleteමේ නම් හොඳම වාසනාවන්ත මනුස්සයෙක්.
ReplyDeleteකියලා වැඩක් නෑ ස්ටොරි එක.. ෆිල්ම් එකක් ගහන්න පුළුවන්.. වැඩේ කියන්නෙ අච්චර කේස් වෙලත් මේකා විතරක්ම බේරෙන එකනෙ.
ReplyDelete