skip to main |
skip to sidebar
වැඩිම දිවි නසා ගැනීමේ වාර්තාව තාමත් අපටද?

මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින් අපේ ලාංකිකයින්ගේ දිවිනසා ගැනීමේ ප්‍රමානය ඉතා වැඩි වෙලා තියනවා පහු ගිය වසරේ සිටම,අපි ජාතියක් වශයෙන් කොහොමත් පොඩ්ඩ බැරි වෙද්දී දිවිනසා ගන්නම බලන ජාතියක් නිසා මේ රටේදිත් අර පුරුද්දම ඉස්මතු වෙලා.
පහු ගිය වසරේ ඉදලා මා සිටින නගරයේ පමනක් ලාංකිකයින් 8ක්,9ක් ප්‍රමානයක් දිවි නසා ගත්තා,තමන්ගේ නිවස තුලම එල්ලිලා මැරුනු සිද්දි වාර්තා උනේ.ඒ අතරින් බහුතර ප්‍රමානය පිරිමින්,වයස 17ක විතර ගැණු ළමයෙකුත් ඒ අතර ඉන්නවා.
මේ සිදුවීම් වල පසුබිම බලනකොට ඇත්තටම හිනා යනවා,අනෙක් ජාතීන් දිවිනසා ගන්නෙ බහුතරය අධික ආර්ථික ප්‍රශ්න,රැකියා ප්‍රශ්න වලින් හට ගත් අරබුද වගේ ඒවට,ඒත් අපේ අය බහුතරය එල්ලිලා තියෙන්නේ ආදර ප්‍රශ්න සහ සැමියා බිරිද පවුල් ප්‍රශ්න වලට,
මේ අතරින් බහුතරය වයස 40-50 අය වැඩි පුර,ඒ අතරින් පහු ගිය වසරේ තරුනයෙක් එල්ලිලා මැරුනේ තමන්ගේ ලංකාවේ සිටින බිරිද වෙන පිරිමියෙක් සමග ගිහින් කියලා.ඒ තරුනයට වයස 30 ආසන්න කෙනෙක්,ඇත්තටම ගැණි වෙන මිනිහෙක් එක්ක ගියා කියලා දිවිනසා ගන්න ඕනද,වෙන ගැණියෙක් හොයා ගන්නවා මිසක්.
අර ගැණු ළමය දිවිනසා ගන්න හේතුව උනේ ආදර සම්බන්දතාවයකදී ගෙදරින් සිදු කරපු විකාර වැඩ වලට,එතනදී ඇත්තටම ඒ ළමයගේ දෙමව්පියන් තරුන දරුවෙක්ගේ ආදර ප්‍රශ්න වලදී බුද්ධිමත්ව හැසිරුනා නම් ඒ දරුවගේ ජීවිතය එසේ නිම නොවෙන්න ඉඩ තිබුනා.
මැදිවයසේ කීප දෙනෙක්ම දිවිනසා ගන්න හේතුව විදිහට උනේ තමන්ගේ බිරිදගේ අනියම් සබදතා,සමහර අවස්තාවලදී වෙන පිරිමින් සමග ඉද්දී අතටම අහු වෙලා ඒවා දරා ගන්න බැරිව දිවිනසා ගත්තු අවස්තා,කොහොමත් මෙහෙට එන බොහෝ මැදිවියේ ජෝඩු මුහුනදෙන ලොකුම ප්‍රශ්නෙ තමා,බිරින්දෑවරුන් ඉතා ඉක්මනින් හැඩ වැඩ වී තරුන වෙලා තරුන කොලුවෙක් සමග සෙට් වීම,,අර සැමියලා ලංකාවෙන් ආපු විදිහටම වැඩ කරගෙන,බයියලා වගේ ඉන්න එක,,ඉතා ඉක්මනින් බිරින්දෑවරුන්ට තමන්ගේ සැමියව එපා වීම,ඒත් ඉතින් මේ සැමියලත් මොකට එල්ලෙනවද මන්දා යන උන්ට යන්න දෙන්නෙ නැතුව.
මේ රටේදී දිවිනසා ගෙන සිරුරු ලංකාවට යවන්නත් යූරෝ 5000 වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින්,මොකද සිරුරු ලංකාවට යවන්න සල්ලි හොයන්න ආධාර එකතු කර ගන්නවා,යම් මුදලක් කරිටාස් ආයතනයෙන් දෙනව,ඒත් ලගක ඉදන් කරිටාස් ආයතනයෙන්ම කියලා තියනවා,උබලගේ රටේ මිනිස්සු දිවිනසා ගන්න හැටියට මුදල් දෙන්න විදිහක් නෑ ඒ දෙන මුදල් වලින් කරිටාස් ආයතනයට කන්න නැති මිනිස්සුන්ට සෑහෙන දවසක් කන්න දෙන්න පුලුවන් කියලා.
මේ එල්ලුනු කෙනෙක් එක වතාවක්,එල්ලෙන්න ලියුපු ලියුමත් එක්ක සිරුර යවන්න කියලා යූරෝ 5000 මුදලක් තබලම දිවිනසාගෙන තිබුනා. එක අතකින් මෙහෙම සල්ලි වියදම් කරලා සිරුරු යවන එක මොන මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා,එක්කෝ සිරුරු ආදාහනය කරලා අළු යවන්න ඕනා,
අවසන් වතාවට දිවිනසා ගත්තු පුද්ගලයගේ කතාවත් ගොඩක් අවාසනාවන්තයි,,ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදුනු කෙනෙක්,යම් තත්වෙකින් ජීවත් වෙලා තියනවා,ඒත් ණය වෙලා ඉතාලියට ඇවිත් තියනවා,මෙහෙට ආවට පස්සේ හරි හමන් රැකියාවක් සෙට් වෙලත් නෑ,කරපු සුළු රැකියාවෙත් වැටුප් හරියට ලැබිලා නෑ ,අර ණය ඩබල් වෙලා තියනවා,රැකියා ප්‍රශ්නයි,ආර්ථික ප්‍රශ්නයි එක්ක මේ කෙනා ඒ වෙලාව දැඩි පීඩනේකින් ඉදලා තියෙන්නේ,අර රැකියා කරපු ස්ථානෙදිම දිවිනසාගෙන තිබුනා,අවසානෙදී සල්ලි හම්බු කරන්න ඇවිත් සියලුම සේසතම නැති කරගෙන,තමන්ගේ බිරිද දරුවන්වත් අනාථ කරලා ජීවිතයෙනුත් සමු ගත්ත එකයි උනේ.බොහොම අවාසනාවන්ත සිදුවීමක් මේ සිද්ධියත්.
ඇත්තටම කෙනෙක් දිවිනසා ගෙන ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතුවට එයාලා ප්‍රශ්න රාශියක් ඉතුරු කරලයි ජීවිතයෙන් පැනලා යන්නේ.මිනිස්සු තම්න්ගේ ජීව්තේ වටිනාකම තේරුම් අරගෙන මේ වගේ මෝඩ තීරන ගන්න ඉක්මන් වෙන එක කවදා නවතීද,මේ අපේ මිනිස්සුන්ගේ දිවි නසා ගැනීමේ රෙකෝඩ් එක අඩු වේවා කියලා ප්‍රර්ථනයක් එක් කරනවා.
ඉතාලි ඩිලා ඉතාලියෙ පොලව උඩ ජීවත්වෙනවා කියල මට හිතෙනවා..ඉතාලිය ඉදගෙන තමුන් මුහුනදෙන ප්‍රශ්ණ තමංගේ මට්ටමෙ ්මිනිස්සුන්ගේ ගැටලු කතා කරන්න නැතුව ලංකාව ගැනත් ලංකාවෙ සුන්දරත්වය ගැනත් තව සදාචාරය කාන්තාව වගේ බරසාර පන්ඩිත ටෝක්ස් වලට වඩා ඩිලාගේ ලිපිය අව්‍යාජයි.
ReplyDeleteඅනික් එක තමයි ඩිලා ලංකාවෙ මිනිස්සු මොන රටට ගියත් අර නැට්ට ඉතුරු කරගන්න එක. ඔය රටවල මිනිස්සු ජීවත්වෙන අල්පේච්ච (සැහැල්ලු) ජීවිතයට හුරුවෙන්න අපේ අයට අමාරුයි. අපේ අය හදන්නෙ ලෝකෙට පේන්න ජීවත්වෙන්න. එහෙදි බැරිනං මෙහෙදි හරි පුරාජේරුවට බොරු සෝබනෙට ඉන්න අපේ අය ආසයි.
ස්තූතී අමිල අදහස් දැක්වීමට,උබ ඉතින් මම ගැන දන්නවා නේ
Deleteමොනවා කියන්නද බං .. කියන්න තියන සේරම උඹ කියලා ..
ReplyDeleteඅනිවා මල්ලි, ලිපිය තුල ප්රශ්නය සහ විසඳුම් තියෙනවා,, ඒකෙ ආදින තියෙනවා,, වටිනා ලිපියක්,,
Deleteස්තූතී දෙන්නටම අදහස් දැක්වීමට
DeleteDilan, රටකින් රටකට සංක්‍රමණය වීම ජිවිතයේ විශාල වෙනස් කමක්. මේ වෙනස්කම සිදුවන්නේ ක්ෂණිකව. එය විනාඩි ගණනක් තුල හැලෙන ධාරානිපාත වර්ෂාවක් වගේ. පොලවට සියලු වතුර උරා ගන්න හැකියාවක් නැහැ. ක්ෂණික ගං වතුර ඇතිවී, ගංගා ඉවුරු කඩාගෙන යන්නේ ඒ නිසා. ජිවිතයේ වැඩි හරියක් සමාජ-සංස්කෘතික පවුරු පදනම් තුල සිරවී ආර්ථික හා සමාජමය ලිබරල් භාවයක් ලැබීම අප සියලු දෙනා එක ලෙස බාර ගන්නෙත් නැහැ, සියලු දෙනාටම එය එක ලෙස දරා ගන්නත් බැහැ. මේ ගැන අද වෙනදාට වඩා විවුර්තව කතා වීමම, හොඳ ආරම්භයක් නොවේද? එමෙන්ම මෙවැනි ප්‍රශ්න පිළිබඳව කතා කිරීමට මේ රටවල් වල තියන වෘත්තීය සේවා (ගොඩක් වෙලාවට නොමිලයේ සපයන) ගැනද දැනුවත් කිරීම/වීම පමණක් නොවේ, එවැනි ගැටළු ගැන ගැටලුවේ පාර්ශව කරුවෙකු නොවන කෙනෙක් සමග කතා කිරීමට උනන්දු කිරීමත් ඛේදවාචක මග හැරීමට හේතු වන්න පුළුවන්.ලංකාවේ අප කුඩා කල සිටම හැදෙන්නේ සංවෘතව. මෙයත් මේ ඛේදවාචක වලට එක හේතුවක් කියා මා හිතනවා.
ReplyDeleteමෙහෙ මේ ගැන කතා කරන්න ඕනා තරම් ආයතන තියනවා,ඒ එක්කම අපේ කතෝලික පූජකවරුන්,අපේ හාමුදුරුවරු ඉන්නවා ඕනා තරම්,ඒත් මොනා කරන්නද රයිගම්,මේක අපිට ලෙඩක් වෙලාද කොහෙද
Deleteදුප්පත් කමට කීයක් හරි හොයන්න ගියත් අසහනය හෝ මානසිකත්වය වෙනස් කරන්න බැරි අය කුඩා ප්‍රමාණයක් ඉන්නවා නං තමා...
ReplyDeleteමේක කුඩා ප්‍රමානෙකුත් නෙමේ දේශක
Deleteඩිලා,
ReplyDeleteඅපේ රටේ උන් රට ඇවිත් ගිහින් කියන්නෙ මාර සුරංගනා කතා. උන් ලංකාවට ගියාම ඉන්නෙ හරියට ඒ රටවල කෝටිපතියො වගේ. හදන්නෙ මාර මාළිගාවල්. ඒත් ලංකාවෙ කී දෙනාද දන්නෙ ඔයඔක්කොම වැඩ පෙන්නන්නනෙ ඉන්න රටේ කොහෙ හරි තැනකට ණය වෙලා ගේන සල්ලි වලින් කියල! ඉතාම සුළුතරයක ඇර බොහොමයකගෙම තත්වෙ ඕකයි.
ඉතින් මේක දකින අනිත් ගෙම්බොත් පණිනනව. අළුත් වලේ වතුර හොයා ගන්න එක හිතපු තරම් ලේසි නෑ කියල තේරුනාම ආයි එනව. එහෙම එන්න බැරි, ඇවිත් ගොඩ යන්න බැරි සමහරු පණ නහ ගන්නව.
පට්ට චාටර් වෙලා යුරෝපෙට ඇවිත්, අමාරුවෙන් සල්ලි හොයාගෙන, හීන ගොඩක් මවාගෙන බඳින ගෑණිව හෙන කට්ටක් කාල ගෙනාවට පස්සෙ වෙන එකෙක් එක්ක යනව දකින එක එක අතකට මාර දුක් සීන් එකක් තමයි. ඉතින් "හරි හමන්" හිතවතෙක් නැති අසරණයො ඔය වගේ සීන් වලදි පණ නහගන්න එක උන්ගෙ පැත්තෙන් බැලුවම නිවැරදි නැහැයි කියන්නෙ කොහොමද?
ඇත්තටම ඕක හරි සංකීර්ණ සීන් එකක්.
මේක තමයි ඉන්දික ඇත්ත.
Deleteමෙහේ මිනිස්සු ණය වෙලා ගිහින් මිනිසුන්ට හීන පෙන්වනවා. හීන දකින්න ආස එකා කොයි තරම් ඇත්ත පහදලා දෙන්න හැදුවත් පිළිගන්නේ නෑ.
එතකොට ඕනේ මඟුලක් කරගනින් කියලා ඉන්නවා මිසක් වෙන කරන්න දෙයක් නෑ.
ඉන්දික අයියා කියන දේට එකගයි,මිනිස්සුන්ගේ හීන මාළිගා ඇස් පනා පිටම කඩන් වැටෙද්දි ඒක දරා ගන්න අමාරු අය ගන්න අවසන් තීරනේ
Deleteදැනට ඉතාලියේ ඉන්න මා දන්නා කිහිපදෙනෙක්ම රැකියා නැතිකම නිසා බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න බව දැන ගන්නට ලැබුණා. ඒ අය ලංකාවෙ ගෙවල් හදන්න, ඉඩම් ගන්න ණය වෙලා...
ReplyDeleteලෝකෙ කොහේ කොතැනක ගියත් ජීවිතේට මුහුණ දෙන්න හයියක් තියෙන්න ඕන... එහෙම නැති වුණාම පහසුම විසඳුම විදියට සිය දිවි නසා ගැනීම... මං හිතන්නෙ සියදිවි නසා ගැනීමත් අපේ ලාංකීය සංස්කෘතියේ අංගයක් තරමට ලේ වලට එකතු වෙලා ද මන්ද...
තරු අපි කොහොමත් ලද දෙයින් සතුටු නොවෙන ජාතියක්
Deleteප්‍රශ්ණ වලින් පැනල යන එක නෙවෙයි වටින්නේ ඒවට මුහුණදෙන එකයි...
ReplyDeleteඅදයි මේ පැත්තට ගොඩවුනේ...
ප්‍රශ්න වලින් පැනලා යන්නම නේ අපි පුරුදු වෙලා තියෙන්නෙ,,ස්තූතී මේ පැත්තේ ආවට
Deleteප්‍රශ්න වලින් පැනලා යන්න දිවි නසාගන්නෙ ආත්ම ශක්තියක් නැති මිනිස්සු....ප්‍රශ්න හමුවේ වුවත් ජීවිතය ජීවත් කරවීම තමයි තමන්ගේ ආත්ම ශක්තිය අනෙක් අයට පෙන්වන්න පුලුවන් කැඩපත.
ReplyDeleteසිරා අපේ මිනිස්සු ප්‍රශ්න වලට මූණ දෙන්න බයයි,ඉතින් ගන්නේ මෝඩ තීරන
Deleteඔය සියදිවි හානි කරගැනීම ඔය තරම් ඔඩු දුවලාද දැන්. කීවත් වගේ කරීතාස් එකට ඒ සල්ලි වියදම් කරන්න කොයි තරම් වැදගත් ක්‍රම තියෙනවද? කොයිතරම් ජීවත් වෙන අසරණ මිනිස්සු ඉන්නවද?
ReplyDeleteමේ විතරක් නෙමෙයි උවමනාවෙන්ම නොවුනත් උවමනාවෙන් වගේ ජීවිතය නැතිකරගන්න ලාංකිකයණුත් බහුලයි ඒ කෑම හා බීම හින්දා.
අක්කා පොඩ්ඩක් හොයලා බලන්න මම මේ එක නගරයක් ඇසුරෙන් කිවුවේ,,තත්වේ බරපතලයි මුලු ඉතාලිය පුරාම බැලුවොත්,,
Delete