මේ දිනවල නිරන්තරයෙන් ඇසෙන නමක් තමා සිස්ටයින් දෙව් මැදුර. ඉදිරි දිනවල ලෝකෙන් හුදකලා වෙන ස්ථානයක් තමා මේ දෙව්මැදුර..ඒ කාදිනල්වරු රැස්වී දොරගුළුලාගෙන නව පාප්තුමෙක් තෝරන ජන්දය පැවැත්වෙන ස්ථානය වන නිසා..
සිස්ටයින් දෙව්මැදුර ඇත්තටම ලෝකෙ අග්‍රගණ්‍ය කලා ගාරයක් ඒ මයිකල් ඈන්ජලෝ,රපායෙල්,බොතිචෙල්ලි වැනි ලොව පහලවුනු අග්‍රගණ්‍ය චිත්‍ර ශීල්පීන් විසින් සිතුවම් කල ලොව අග්‍රගණ්‍ය මිළ කරන්න බැරි චිත්‍ර වලින් පිරී තිබෙනවා..
ක්‍රි.ව.1477 දී වතිකානයේ තිබූ පැරණි දේවස්තානයක් වන කපෙල්ලා මැග්නා නම් දේවස්තාන පාදම මත මේ සිස්ටයින් දෙව්මැදුර ගොඩනැගීම ආරම්භ කර තිබෙනවා.ඒ 4 සික්ස්ටස් පාප්තුමා විසින් ඒ නිසා තමා මෙයට සිස්ටයින් නම ඇවිත් තිබෙන්නෙ.
දේවස්ථානයේ පැති බිත්තිවල බිතු සිතුවම් වසර 1481 සිට 1483 කාලය අතරතුර දී පින්තාරු කර තිබෙනවා. උතුරු බිත්තියේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් නිරූපණය කරන බිතු සිතුවම් හයක් පේරුග්රීනෝ, පින්තුරිචියෝ, සැන්ඩ්‍රෝ බොතිචෙල්ලි, දොමිනිකෝ ග්රිලාන්ඩියො සහ කොසිමෝ රොසෙල්ලි විසින් පින්තාරු කර තිබෙනවා. දකුණු බිත්තියේ පෙරුග්රීනෝ, පින්තුරිචියෝ, බොතිචෙල්ලි, දොමේනිකෝ සහ බෙනදෙත්තො ග්රිලාන්ඩියෝ, රොසෙල්ලි, ලූකා සිග්නෝරෙලි සහ බාර්තලමෙයෝ ඩෙලා ගත්තා විසින් මෝසෙස්ගේ ජීවිතයේ සිදුවීම් නිරූපණය කරන තවත් බිතු සිතුවම් හයකින් යුක්ත වෙනවා. මෙම කලා කෘතිවලට ඉහළින්, ජනේල අතර කුඩා බිතු සිතුවම් විවිධ පාප්වරුන් නිරූපණය කෙරෙනවා. විශාල චාරිත්‍රානුකූල අවස්ථාවන් සඳහා පැති බිත්තිවල පහළම කොටස් සුවිශේෂ සිදුවීම්වලින් හා අපෝස්තුළුවරුන්ගේ ක්‍රියාවලින් නිරූපණය වන පටි මාලාවකින් ආවරණය වී තිබෙනවා. මේවා රෆායෙල් විසින් 1515-1519 කාලයේ දී නිර්මාණය කර තිබෙනවා. 1512 2 ජූලියස් පාප්තුමාගේ කාලෙ තමා මෙහි වැඩ ඉවර වෙන්නෙ එම වසරෙ නොවැම්බර් 1 සියළු සාන්තුවරුන්ගේ දිනයෙ දේවස්තානය විවෘත කරනවා..
මෙම දේවස්ථානය ඉදිකරන්න ක්‍රි.ව 70 ජෙරුසෙලමේ විනාශ වුනු සලමොන් රජතුමාගෙ දේව මාළිගාවෙ අමු ද්‍රව්‍ය යොදගෙන තිබෙන බව සදහන් කර තිබෙනවා.
1503 දී 2 ජුලියස්, සිස්ටයින් දේවස්ථානයේ සැරසිලි කිහිපයක් වෙනස් කිරීමට තීරණය කරනවා. ඔහු ඒ සඳහා සුප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝට ආරාධනා කරනවා. නමුත් ඔහු මූර්ති ශිල්පියෙකු මිස චිත්‍ර ශිල්පියෙකු ලෙස නොසැලකූ නිසාත්, රජුගේ සොහොන කැටයම් කිරීමට ඔහු වෙහෙස මහන්සි වූ නිසාත්, මයිකල් ඇන්ජලෝ හට විවිධ බාධා එල්ල වෙන්නට ගන්නවා. කෙසේ නමුත්, ජුලියස් පාප්තුමාගේ දැඩි ඉල්ලීම මත මයිකල් ඇන්ජලෝ 1508 දී ඔහුගේ මෙම සුප්‍රසිද්ධ බිතු සිතුවම් සිවිලිමෙහි වැඩ ආරම්භ කරනවා. ඔහු වසර හතරක් චිත්‍ර ඇඳීමෙහි නියැලෙන අතර, එකී සිතුවම්කරණය අවසානයේ දී ඔහුගේ ඇස් පෙනීම ද දුර්වල වූ බව සඳහන් වෙනවා.
අවුරුදු 20කට පසුව නැවත 8 ක්ලෙමන්ට් පාප් වහන්සේ පූජාසනය පිටුපස යෝධ බිතු සිතුවම වූ “අන්තිම විනිශ්චය” පින්තාරු කිරීමට මයිකල් ඇන්ජලෝ හට ඇරයුම් කෙරෙනවා. ඒ වන විට මයිකල් ඇන්ජලෝ 60 වන වියෙහි පසු වූ අතර, “අන්තිම විනිශ්චය” සිතුවම 1536 සිට 1541 දක්වා පින්තාරු කරනු ලබනවා.
මයිකල් ඇන්ජලෝගේ සිතුවම්සිවිලිම
මයිකල් ඇන්ජලෝ විසින් සිවිලිමේ ඉහළම කොටසේ, පූජාසනයේ කෙළවරේ “අන්ධකාරයෙන් ආලෝකය වෙන් කිරීම” හා අනෙක් අන්තයේ “නෝවාගේ බේබදුකම” ඇතුළු උත්පත්ති පොතේ දර්ශන 9ක් සිතුවම් මඟින් නිරූපණය කරනවා. වඩාත් ප්‍රසිද්ධ බිතු සිතුවම වන්නේ “ආදම්ගේ මැවීම” සහ “මිනිසාගේ වැටීම සහ පාරාදීසයෙන් නෙරපා හැරීම” යන්න යි. අනාගත වක්තෘවරුන්ගේ සහ මිථ්‍යා දෘෂ්ටික සිබිල්වරුන්ගේ රූප පුවරු ඒ වටා ඇති අතර, සතරකොන් අලංකාර කිරීම සඳහා සුර දූතයින්ගේ රූප යි යොදාගෙන ඇත්තේ.
අවසාන විනිශ්චය
මෙම බිතු සිතුවම මුළු මිනිස් සංහතියම විනිශ්චය කරන ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නිරූපණය කරන්නක්. එහි දී ආශීර්වාද ලත් අය දකුණු පසින් ස්වර්ගයට යන අතර, නපුරු අය වම් පසින් නිරයට යවනු ලැබෙනවා. මේ තුළ “ඒව“ සහ සාන්තුවරයන් කිහිපදෙනෙකු ඇතුළුව ප්‍රධාන බයිබලානුකුල හා කතෝලික චරිත දර්ශනය වෙනවා.
සිස්ටයින් දෙව්මැදුරේ කළු දුම සහ සුදු දුම
දේවස්ථානය කලාත්මක කෘතියකට වඩා වැඩි තීරණාත්මක ආගමික කටයුතුවලට භාවිත කෙරුණු ස්ථානයක්. 1492 සිට දේවස්ථානය නව පාප්වරයෙකු තෝරාගැනීම සඳහා කාර්දිනල් සභාව රැස් වූ ස්ථානය යි. මෙම දේවස්ථානයේ විශේෂ චිමිනියක් ඇති අතර, එය කාර්දිනල්වරුන්ගේ ඡන්ද තත්ත්වය විකාශනය කිරීමට යොදා ගත්තක්. සුදු දුමාරයෙන් පෙන්නුම් කරන්නේ නව පාප්වරයෙකු තෝරා පත් කර ඇති බව වන අතර, කළු දුමාරයෙන් පෙන්නුම් කරන්නේ කිසිදු අපේක්ෂකයෙකුට තුනෙන් දෙකක බහුතරයක් ලැබී නොමැති බව යි. ලබන 7 වෙනිදා සිට මේ චිමිනියවෙත ඊළග පාප්තුමා පත්වෙනකන් ලොව ඇස් යොමාගෙන ඉදීවි..
නව පාප වහන්සේ වශයෙන් පත්වීමට නියමිත කොළඹ රථගුරු අති උතුම් ශ්‍රීමත් චන්ද්‍රජෝති මැල්කම් රංජිත් හාමුදුරුවන් වහන්සේට පුංචි අපේ ආචාරය
ReplyDeleteනව පාප්තුමෙක් තෝරාගෙන ඉවරද දැන් දිසාන් මල්ලි
ReplyDelete