පහුගිය ටිකේම මම ඉතාලි පත්තර වල රූපවාහිණී පුවත් වල මරු පුවතක් දැක්කා,මේවා දකිනකොට ඉහ මොළ රත් වෙන ප්‍රශ්න ගොඩක් එනවා,අම්මේ ඒවා ගැන කල්පනා කරනකොට මාව ස්ටක් වෙලා ගියා,කකුල් පන නැති වෙලා වගේ යන්න ගත්තා,හරි එහෙනම් බලමු මොනාද ඒ ප්‍රශ්න කියලා එහෙනම්.
මේ ටිකේ යුරෝපේ ඉන්න ගේ සමණල්ලු ගේ සමණලීලට හෙන ප්‍රශ්නයක් ගහලා,කොහොමත් කාලෙක ඉදන් යුරෝපේ රටවල් කීපයක ගේ විවාහ නීති ගත කලාට ඉතාලිය,ප්‍රංශය වගේ රටවල තාම ගේ විවාහ නීති සම්මත කර ගන්න මුන්ට බැරි වෙලා,,මේ ටිකේ මුන් පාරවල් ගානේ දගලන්න අරගෙන නීති සම්මත කර ගන්න,,ඒ මදිවට මුන්ට දැන් ළමයි හදන්නත් ඕනා වෙලා,ආ මොකක් ගේ සමනල්ලු සමනලීලා ළමයි හදන්න,අන්න ඔතනදී තමා මාව හිර උනේ. ළගක අපේ සිංහල බ්ලොග් අවකාශයේ තිබුනු ගේ බ්ලොග් එකකින් දැක්කා මුන්ට මේ සමලිංගික තත්වය ලෙඩක් නෙමේ කියලා,ඔය මානසික ඩොකාලත් කියනව නේ ඒක ලෙඩක් නෙමේ කියලා,හා ඒක එහෙමයි කියමු අපේ මොකෝ ඕකුන් කොහොම හැසිරුනත් මොනා කලත්,ඒත් දැන් ළමයි හදන්නත් ඕනා වෙලා.
දැන් මට ආව ප්‍රශ්නේ ගේ සමණල්ලු දෙන්නෙක් කොහොමද ළමයි හදන්නේ,අර පිචැර් එකක ආනෝල්ඩ් නම් ළමයෙක් හැදුවා ඒත් ඒ පිචෑර් එකක,දැන් මුන් සැබෑවට ළමයි හදන්නේ කොහොමද?ඕක හොයන් යනකොට දැක්කේ, හුටා පටස් මුන් ගර්භාශයක් කුළියට ගන්නවලු නළ මාර්ගයෙන්ලු ළමයා හදන්නේ,,පස්සේ අර කුළියට ගත්තු ගර්භාශේ අර ළමයා වැඩෙනවා.කොහොමද වැඩේ අර කුළියට වාහන ගන්නවා වගේ කුළියට ගර්භාශ.
ඔහොම ඔය වැඩේ කරලා අර සිංදු කියන රිකී මාටියා එහෙම ළමයි දෙන්නෙක් හදාගෙන ඔන්න ඉන්නවා පවුල පිටින්ම
හා දැන් ඊලගට ආව ප්‍රශ්නේ මේ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද කාටද,උප්පැන්නේ අම්මගේ තාත්තගේ නම ලිය වෙන්නේ කොහොමද? ඕකට පිළිතුරක් මට හොයා ගන්න බැරි උනා,දන්න එකෙක් කියපල්ලෝ.චාමර වීරසිංහට අර සිංදුවේ දෙවෙනි වර්ශන් එක කියන්න පුලුවන් වෙයි,මවගේ නම ඉරක් උනේ කොහොමද කියලා.
ඔන්න දැන් යමු ගේ සමනලීලා ගැන, ඔන්න ගේ සමනළීලා සමිතියකින් ආපු ගේ සමනලීලා ජෝඩු දෙකක් වතිකානුව ඉස්සරහා උඩුකය නිරුවත් උනා පහු ගිය සතියක මෙන්න ඒකේ පොටෝ ,මේක කරන්න ඇවිත් තියෙන්නේ යූක්රේන් ජෝඩුවකුයි ප්‍රංශ ජෝඩුවකුයි.
(මේ පොටෝ එකේ පිටි පස්සේ ඉන්න කාන්තාවක් මේ නිරුවත් ගේ කෙල්ලට කුඩ ප්‍රහාරයක් දෙනවා?
දැන් එතකොට ගේ සමනලීලා කොහොමද ළමයි හදන්නෙ ඔන්න උන්ට ගර්භාශ ප්‍රශ්නේ නෑ, හුටස් එතකොට ඩිම්බ ඩිම්බ සංසේචනය වෙන්නේ නෑ නේ,ශිශ්නයක් කුළියට නෑ නෑ එහෙම වෙන එකක් නෑ මොකද මුන් ගේ කෙල්ලෝ නේ,එහෙනම්, ශුක්‍රාණු සල්ලි වලට ගන්නවලු,ඔව් ශුක්‍රානු බැංකු තියනවලු ඒකකින් සල්ලි වලට අරගෙන අර නළ ක්‍රමේට දරුවෙක් හදනවලු. හා එහෙම හැදුවා කියමු එතකොට ඒ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද?
ගේ කුරුල්ලෝ දෙන්නෙක්ගේ දරුවන්ට එතන තාත්තෙක් ඉන්නවා අම්මෙක් නෑ,අමතර තාත්තෙක්ද මොකෙද්ද ඌ එතකොට.ගේ සමනලීලා දෙන්නගේ දරුවන්ට අම්මෙක් ඉන්නවා අනික් එකීට මොනාද කියන්නේ මේ ළමයි.
කාන්තාවක් පිරිමියෙක් විවාහ වෙලා දරුවන් හදලා අම්මෙක් තාත්තෙක් වෙලා පවුල් ඒකකයක් ගොඩ නැගීම මොන තරම් ලස්සන දෙයක්ද?සමාජයේ පැවැත්මට ඒක ඕනම දෙයක්,ඒත් මේ මිනිස්සු මේ කරන විකාරේ මොන තරම් කැතද? ලෝකය ගමන් කරන්නේ මේ කොහෙටද කියන එක ලොකු ප්‍රශ්නයක්, සමලිංගිකත්වය පුරාතයේ ඉදන් තිබුනා කියමුකෝ ඒත් මේ ළමයි හැදිල්ල.හ්ම්ම්ම් ප්‍රශ්න ගොඩක් බලමු මොකෝ වෙන්නේ කියලා ඉදිරියෙදී ඉතාලියේ , ප්‍රංශේ කතෝලික පල්ලිය නම් මේ දේවල් වලට එරෙහිව ලොකු ව්‍යාපාරයක් ගෙනියනවා,බලමු මේ ගේ මිනිස්සුන්ගේ උත්සහය මොනා වේද කියලා.
අගයක් නැත රුකක ඵලබර නැතිනම් කටු ගොඩක
5 days ago
අනේ ශාන්ත මරිය මෑණියනේ උබට තියෙන ප්‍රශ්න තමයි ප්‍රශ්න.. හා හා ....හා....
ReplyDeleteමෙහෙත් ඔය කට්ටිය දගලන්නේ.මුන්ට පිස්සු බං
ReplyDeletepissu ubaTa tamayi... balla
Deleteදැන් මේවට කමෙන්ට් දාන්නත් බයයි බං. අපේ බ්ලොග් ලියන උන්ගෙන් කී දෙනෙක් ගේද දන්නෙ නෑනෙ. :D :D
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හැක්..හැක්.. පට්ට කතාව..
Deleteපිස්සුනේ බන්... මහ ලොකු සම ලිංගික අයිතීන්... රෙද්ද තමා.
ReplyDeleteඒ කාලේ ඉඳලා මෙහෙම නීති ගත කරලා තිබ්බානම් මිනිස්සු බාගෙට බාගයක් නැතිවෙයි ලෝකේ
උං කැමති එහෙමනං උන්ට එහෙම ඉන්න දුන්නාම වැඩේ අහවරයිනේ!
ReplyDeleteකලියුගේ...
ReplyDeleteඋන්ගේ කැමත්ත ඒකනම් ඒකට ඉඩ දෙන්න ඕනි බන්... උන්ට අනුව ඒක හරි ඇති...
ReplyDeleteමන් නම් හිතුවෙ උඹ ඔය යුරෝපයේ රටක ඉන්න නිසා උඹට මෙව්වා ගැන මේ කොදෙව්වෙ ඉන්න අපිට වඩා පුළුල් දැක්මක් ඇතියි කියලයි..උන්ගෙ පාන් උන්ට පාන්..මට මොකෝ ? කියලයි මට නම් හිතෙන්නෙ..ඔන්න ඔව්වා උන්ටම විසඳා ගන්න ඇරලා නිකන් හිටින් බන් උඹ...
ReplyDeleteඔයාට අයිතියක් නෑ ඔහොම කතා කරන්න සහෝදරයා. Gay හෝ Lesbian හෝ වේවා සමලිංගිකත්වය කියන්නෙ ඔයාල හිතන විදියට SEX නෙවෙයි. (උදාහරණයක් ගන්න, පොඩි කාලෙ සිංහල වලට ලිංග භේදය උගන්වනවා. ඒ කියන්නෙ සෙක්ස් ගැනද ?)
ReplyDeleteඔයා ඔයාගෙ ගෑණු ළමයට තියන ආදරේ වගේම (හෝ ඊටත් වැඩි) ආදරයක් සමලිංගික අය අතර තියනව කියල ඔයාට හිතන්න බැරි ඇයි ?
වෙන කෙනෙක් හිතන හෝ ක්‍රියා කරන විදිය විවේචනය කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ සහෝදරයා. ඒක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නෙවෙයි.
අවසානයේ...
Gay or Lesbian කියන්නෙ වෙනස් විදියකට "සෙක්ස්" කරන අය නෙවෙයි, වෙනස් විදියකට "ආදරේ" කරන අය.
එකගයි විවේචනය සුදුසු නොවේ
Deleteමෙයත් සමලිංගික වගේ
DeleteGay or Lesbian කියන්නෙ වෙනස් විදියකට "සෙක්ස්" කරන අය නෙවෙයි, වෙනස් විදියකට "ආදරේ" කරන අය. 100% ක් ඇත්ත,මේකේ තියන මානුෂික පැත්ත තේරුම් ගන්න උත්සහ කරන්න.
Deleteඕව මොනාද බන්.. මේ රටේ මම දන්න ලංකාවෙ එකෙකුත් ඉන්නව සමලිංගික කසාදයක් කරගෙන
ReplyDeleteඔය වල් පල් ලියන්න එපා හලෝ
ReplyDeleteඋඹ මොකාට ද එන්නේ පුතෝ......
ReplyDeleteගොඩක් දේවල් කියන්න අවශ්‍ය නෑ.
ReplyDeleteමා නම් ඒ අය ළමයි හදනවට කැමතියි.
මා දන්නා තරමින් ඉතාලිය මේ සම්බන්දව (ලොකුම බලපෑම)විරුද්ධ වතිකානුව හින්දා. ඒත් පල්ලියටවත් (පන්සලටවත්) ඕනේ දේවල් කරන්න සාමාන්‍ය මිනිස්සු තවදුරටත් බැඳී නෑ. එකිනෙකාගේ අවශ්‍යතාවයන් වලට කැමැත්තට ආගමක් ඇඟිලි ගහලා ඒ මිනිස්සු අපේ ප්‍රශ්න විසදන්න එනවද? එතකොට ඔය පල්ලියේ පන්සල් වල ඉන්න ඈයෝ කරන වංචා ගැන කවුද කතා කරන්නේ? සාමාන්‍ය මනුස්සෙක් මේ හැමදෙයක්ම කරන්නේ තමාගේ මුදලින්. ඒත් ආගමික ආයතන මහජනයගේ සල්ලි විතරයි නෙමෙයි අනවශ්‍ය විදියට මහජනයාගේ ජීවිත වලට එබෙන එක නතර වෙන්න ඕනේ.
ඩිලාන්ගේ කතාවට අනුව මේ අය ළමයි හදලා අසරණ කරන එක කෙසේ වෙතත් තමන්ගේම ලෙයින් උපදින දරුවෝ අනාථ කරන අම්මලා තාත්තලා කීදෙනෙක් ගැන මේ වෙද්දි ඇහෙනවද? මේ හැමදේටම බලපාන්නේ ආදරය හා තේරුම් ගැනීම.
ඔයා පොඩි ක්‍රෝධයකින් නේද මේ ලිපිය ලියලා තියෙන්නේ සිංඤෝර් ඩිලාන්?
ReplyDeleteනෑ කියන්නෙම නෑ කකා,,මම ආසයි අම්මා,තාත්තා කියන චරිත දෙකට,,
Delete