ඔන්න මම ට්‍රිලියනපතියෙක් උනා, සිරසට යන අය ලක්ශපති නේ වෙන්නේ,,මේ මම ලේසියෙන්ම ට්‍රිලියනපතියෙක් උනා, මගේ ලෝක මුදල් නෝට්ටු එකතුවට ආපු අලුත්ම සාමාජිකයා,මේකෙ තියන විශේශත්වය නෝට්ටුවේ තියන අසීමිත වටිනාමක,ඒ කියන්නේ 100000000000000 මෙන්න මේ වගේ මම මුදල් නෝට්ටුවක මේච්චර බිංදු ගානක දැක්කම තමා,මේ නෝට්ටුවේ තියෙන්නෙ ONE HUNDRED TRILLION DOLLARS. මම අන්තර්ජාලේ සිම්බාබ්වේ මුදල් ගැන පොඩ්ඩක් හොයල බැලුව,,,මේකෙ වටිනාකම 2.70$ වගේ පුන්චි ගානක්,,ඒ උනාට බිංදු ගොඩ,දැන් සිම්බාබ්වේ බිත්තර ගෙඩියක් ගන්න යන්න,,මේ වගේ නෝට්ටු ම්ටියක් ඕන කියල තම අන්තර්ජාලේ තියෙන්නේ,කොටින්ම මුදල් පර්ස් එකක දාගෙන යන්න බෑ,විල්බැරෝවක් අරගෙන මිනිස්සු පොලට යන්නේ.
ඔන්න පහුගිය 7 දා අපේ රටෙත් නව මුදල් නෝට්ටු කාණ්ඩයක් ආවා,මම වගේ නෝට්ටු එකතු කරන්නෙකුට සුභ ආරන්චියක්,දුකක් තියෙන්නේ අපේ මුදල් නෝට්ටු කාණ්ඩෙට වසර 2ක් වගේ සුලු කාලෙකදී අලුත් මුදල් නෝට්ටු 2ක් ඇවිල්ලා,2000 සහ 5000 මම ආර්තික විද්‍යාව දන්නේ නෑ මෙලෝ දෙයක් ඒත් මගේ පුන්චි මොලේට වැටහෙන්නේ මේක නම් හොද දෙයක් නෙමේ කියලා,පේනවා නේ මේ සිම්බාබ්වෙට වෙලා තියන දේ,
අනිත් කාරනය තමා මගේ නෝට්ටු සන්චිතයේ තියන ලස්සනම මුදල් නෝට්ටුවත් අපේ රටෙන් කැතම මුදල් නෝටුවත් අපේ රටෙන්,1980 ගනන් වල අපේ රටෙන් ඇවිල්ල තියනවා හරිම ලස්සන මුදල් නෝට්ටු කාණ්ඩයක්,500 තම ලොකුම කොලේ,,මම ගාව 3ක් තියනව 5,10,20 අනිත් ඒව හොයා ගන්න බැරි උනා,කැතම ඒව තමා පහු ගිය 1000 හා 2000 ,අනිත් රටවල් මිය ගිය රාජ්‍ය නායකයන්ගේ මූන දාද්දි අපේ රටෙන් ජීවත් වෙන නායකයගේ මූන දැම්මා,අනිත් එක මහ ජරාම කොලයක්,ඕවා තමා මගේ මුදල් නෝට්ටු සංචිතයේ තියන මුදල් නෝට්ටු එක්ක සංසන්දනය කරද්දී දැක්ක දේවල්.
මේක මම පොඩි කාලෙ ඉදලම කරන විනෝදාන්සයක්,නරකමත් නෑ ,මේ අලුත් නෝට්ටුව මම අරගත්තේ ඊ බොක්කෙන්,වැඩි වියදමක් උනේ නෑ 3.50$ ගියේ,මුදල් නෝට්ටු එකතු කරන්නෝ ඉන්නවා නම් මම කැමති වටිනාකම අනුව මුදල් නෝට්ටු හුවමාරු කර ගන්න,කැමති අය ඉන්නවනම් මට පනිවිඩයක් දෙන්න.
Tuesday, February 8, 2011
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteඑලනේ,,,,, මචෝ..... ඔය ට්රිලියනයම රුපියල් උනානම් මරු..... ඔය වගේම තමයි ඉන්දුනිසීයාවෙත් අපිත් එක්ක වැඩ කරන උන් මිලීයන ගනන් තමයි ගෙදරට යවන්නෙ සව්දි රියාල්1ක් උන්ගෙ රුපියල් වලින් 3500ක් වෙනවලු.............
ReplyDeleteතව අවුරුද්දක් දෙකක් යන්ට ඉස්සෙල්ලා ලංකාවටත් ඔය සෙතේම තමා වෙන්නේ. අපිට නම් ඔය බිංදු ටිකත් මදි වෙයි. ඉතුරු බිංදු ටික දාන්න නෝට්ටුවේ ඉඩ මදි නිසා අර ගනිතයේදි අපි ඝන විදිහට පෙන්වන්නේ අන්න ඒ විදිහට තමා බිංදු ටික පෙන්වන්ට වෙන්නේ. හරියට 10 යි බිංදුවට උඩින් 20 වගේ අගයක් . :D තේරුනාද මන්ද
ReplyDeleteතේරුනා මචෝ එහෙම වෙයිද?
ReplyDeleteලංකාවේ 5000 නොට්ටුවක් ඇවිත්ද :O ... අපි ටත් වෙන්නේ සිම්බාබ්වේ ට ගිය කලද මන්දා...
ReplyDeleteඇත්තටම මේ වගේ පොස්ට් එකක් දැම්මට ස්තුතියි මිත්‍රයා. අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සු මෝඩයි කියලයි මම තාම හිතන්නෙ. නැත්තනම් මෙච්චර සංගෙඩියක් වෙලත්, මුන් කියන දේවල් පිලිගනීවියැ!
ReplyDeleteපාලකයෝ කියන මිනිස්සු, සාමාන්‍ය ජනතාවගේ කටවල් වහලා,ඒකයි හේතුව!
ReplyDelete