Friday, December 31, 2010
වසරක අවසානය
සියලුම දෙනාට සුභම සුබ නව වසරක් පතනවා,මට නම් දැන් වසර 3 විතර ඉදන් සුභ වසරවල් නෙමෙ තිබුනේ වෙන්න තිබුන සේරම දේවල් උනා,,,මට දරා ගන්න අමාරු මාගේ ලගම නෑදෑයන් 3 ක් අප අතරින් වෙන්ව යාම එක්කෙනෙක් මගේ ආදරනීය ආච්චි, අනිත් දෙදෙනාම ජීවිතය පටන් ගන්න තැනදිම ජීවිතයට සමුදුන්නා, මාගේ ලගම හිතවතෙක් අවුරුදු 26 වගේ ජීවිතය පටන් ගැනීමේදිම,එයා අපෙන් වෙන් වුනේ මේ වසර මුලදී,අනිත් එක්කෙනා මාගේ හොදම යාලුවද උන මාගේ සොහොයුරා,වසර 23 වගේ පොඩි වයසකදිම මීට මාස 3 ඉස්සල්ලා, දැන් වසර 3 ඉදන් මම ලංකාවට ගියේ විනෝදවෙන්න නෙමේ, ඉහත හේතු හින්ද..
බලමු ලබන නව වසර මේ කරදර වලින් මිදෙන නව වසරක් වේවි කියල මට හිතෙනවා..
එහෙනම් සියලු දෙනාටම සියලුසිතුම් පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා කියල පතනවා!!!.
Subscribe to:
Post Comments (Atom)
සුබම සුබ නව වසරක් ප්‍රර්ථනා කරනවා අයියේ... බලන්නකෝ මේ අලුත් අවුරුද්ද එහෙම කිසිම දෙයක් නොවි හැමදේම සතුටින්ම තියෙවි.
ReplyDeleteඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!
ReplyDeleteගොඩක් ස්තුති සුභ පැතුම් දුන්නට,නිම්ශා,තරිදු
ReplyDelete