Pages

Friday, July 19, 2024

ඉතාලියේ විශ්ව විද්‍යාල අයදුම් කිරීම...

                                                 

                                                     



මෙම ලිපිය අධ්‍යාපනය සඳහා ඉතාලියට පැමිණීමට සිටින සහ ලංකාවේ අධ්‍යාපනය හදාරා දැනට ඉතාලියේ සිටින ඉතාලි විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනා සඳහා වැදගත් වන DOV (Declaration of Value) නැතිනම් Dichiarazione di valore ලබා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමකි. 
         ඔබ‍ට DOV එකක් ලබා ගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ඔබගේ අධ්‍යාපන සහතික වන අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L - Ordinary Level) සහ අ.පො.ස උසස් පෙළ (A/L - Advanced Level) සහතිකපත්‍ර Forsiter ආයතන මගින් Legalisation Process එක සඳහා යොමු කල යුතුවනවා. Legalisation ක්‍රියාවලිය පිලිබඳ මෙම සමුහය තුළ ලිපි පල වී තිබෙන බැවින් ඒ පිළිබදව සදහන් නොකරමි. ඉන්පසුව ඔබගේ legalised වී පැමිණෙන සහතික පත්‍ර රැගෙන නැවත Forsiter ආයතය සඳහා යා යුතුවනවා. එහිදී ඔවුන් Application එකක් පුරවා ඔබ වෙත ලබා දෙනවා. මෙහි ඔබගේ තොරතුරු සහ ඊට අමතරව ඔබ මෙය (DOV) ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාලයේ නම ද සදහන් කළ යුතුයි. මේ සඳහා යම් මුදලක් අය කරගනු ලබනවා. මෙහිදී කිව යුතු තවත් වැදගත් කරුණක් නම් ඔබට මේ ක්‍රියාවලිය සඳහා යාමට නොහැකි නම් ඒ සඳහා වෙන කෙනෙකුට ඉදිරිපත් විය හැකි. එම පුද්ගලයා සඳහා වලංගු ගමන්බලපත්‍රයක් තිබිය යුතු වන අතර ඔබගේ අනුමැතිය සහිත ලියුමක්ද අවශ්‍ය වේ. 
          Forsiter ආයතනයට ඔබගේ අනුමැතිය සහිත ලිපිය ඉදිරිපත් කිරීමට අවශ්‍යවේ. Application එක පුරවා ගත් පසුව Forsiter ආයතන මගින් කෙරෙන කාර්යන් අවසන් වේ. ඉන් පසුව ඔබ කළ යුතු වන්නේ prenot@mi (https://prenotami.esteri.it/) යන website එක හරහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි embassy එක සඳහා Appointment එකක් ලබා ගැනීමයි. මේ සඳහා ප්‍රථමයෙන් prenotami website එකේ ඔබගේ ගිණුමක් සාදා ගත යුතුයි. ඔබ වෙනුවෙන් වෙනත් අයෙකු යන්නේ නම් එම පුද්ගලයාගේ නමින් ගිණුමක් සාදා ගත යුතුයි. ගිණුමක් සාදා ගත් පසු Prenota Section එක click කර අවසාන වශයෙන් තිබෙන Consular (SERVIZI CONSOLARI) section එකේ Booking යන තැන click කර appointment එකක් ලබා ගත යුතුයි. 
         මෙහිදී සැලකිය යුතු කරුණ නම් appointment සෑම වෙලාවකම නොමැති බැවින් open වෙන වෙලාවක් බලා book කිරීමට සිදු වේ. අවසාන වශයෙන් ඔබ ලබා ගත් දිනයට එම්බසි එකට ඔබ‍ට ලැබුණු application එක රැගෙන යා යුතුයි. මෙහිදී රුපියල් 14,410.00ක මුදලක් අය කරගත් අතර මෙම මුදල ඔබගේ සහතික පත්‍ර අනුව අඩු හෝ වැඩි විය හැක. එහිදී ඔවුන් එය බාරගන්නා අතරම ඔබ‍ට එය ලබා ගැනීම සඳහා දිනයක් ඔබගේ විද්‍යුත් තැපෑලට (email) එවනු ලැබේ. බොහෝ විට මේ සඳහා ගතවනුයේ දින දෙකක වගේ කාලයකි.