ඔන්න ඉස්සල්ල එකේ 2ත් ලියනවා මොකද අද උන දේ අදම දෙන්න ඕනා නේ,ඉස්සල්ලා ඒක බලන්න
ක්ලික් කරන්න.
ඔන්න මම 4වෙනි දවසේ දොස්තරලා දැකලා තියනව පොඩි පොඩි චලනයන් මගේ ශරීරයේ, ඒ දැකපු ගමන් අපේ ගෙදරට කෝල් කරලා කියලා තියනවා,දැන් මන් ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්,සේරම සාර්තක උනා කියලා,එදාම මේ පුවත අපි ඉන්න නගරයේ පත්තර වල ටීවී වල ගිහින් තියනවා,මොකද ජීවිත අනතුරක් නෑ කියලා රෝහලෙන් දුන්න ගමන් තමා එහෙම පුවත් දාන්නේ නැත් නම් මැරුනම, ඒ වෙද්දී දොස්තරලා හිතලා තියෙන්නේ මම කෝමා තත්වයකට යයි කියලා,එහෙම උනොත් වැඩේ බරපතලයි නේ.ඒත් දොස්තරලවත් පුදුම කරලා මම 4නි දවසෙ ඇක්ටිව් වෙලා. එහෙම ඇච්ටිව් උනාම සිහිය ගන්න ක්‍රම තියනව ලු ඒත් එහෙම කලොත් යම්කිසි අතුරු පල ඉතුරු වෙනවලු,කොටින්ම කිවුවොත් සර්කිට් අප්සට් යන එක තමා,එහෙම උනොත් කියන්න දෙයක් නෑ නේ එහෙම ජීවත් වෙලත් වැඩක් නෑ නේ,ඔන්න ඉතින් දැන් තමා ගෙදර කට්ටිය සන්සුන් උනේ,මේ වෙද්දි පල්ලි පන්සල් බාර හාර ගනන් කරන්න බැරි තරම,හොද උනාට පස්සෙ එක එක්කෙන ඇවිල්ලා මාව එක්කගෙන යනවා ඒව ඔප්පු කරන්න,ලංකාවට ගිහමත් එහෙම උනේ.
ඔන්න දැන් දොස්තරල තීරනය කරලා තියනව මට සිහිය එන හැඩක් තියන නිසා එයාල බලෙන් සිහිය ගන්න ඕනා නෑ කියලා,ඔහොම ඇදුනා තවත් දවස් 3ක් ඒ කියන්නේ 7 දවසේ මම පියවි සිහියට ඇවිල්ල තියනවා, ඒ කියන්නේ මම ආයේ පීල්ඩ් එකට ආවා,උඩින් මාව රිජෙක්ට් කරලා මම හිතන්නේ ටක්කෙටම වීසා ප්‍රශ්නයක් වෙන්න ඇති , පල ආයේ පොලවට කියලා මාව හැරෙන යානයේම එවලා. අපරාදේ මට එහෙ වැඩ කිඩ මතක නෑ නේ,තිබුනනම් ලියනව තව පෝස්ට් එකක් එහෙ හැටි.
ඔන්න 8නි දවසේ මට පුන්චි මතකක් තියනවා මන් ලගට දොස්තර කෙනෙක් ඇවිල්ල මගෙන් ගොඩක් ප්‍රශ්න ඇහුවා ඒක මට මතකයි,,ඒත් මොනාද ඇහුවේ කියලා මතක නෑ. ඒ අහලා තියෙන්නේ මම ගැන විස්තර,මගේ මතකයේ තියනවද කියලා බලන්න,හොද වෙලාවට මගේ මතකයට කිසිම හානියක් වෙලා තිබුනේ නෑ. තව මතකයි ඩොකා පෝන් එකක් දුන්න අම්ම එකෙන් කතා කලා,මොනාද කියල මතක නෑ, ඔන්න එදා මාව වාට්‍ටුවට මාරු කලා සුපිරි කාමරයක්,වාට්‍ටුව ස්නායු සම්බන්ද වාටුවක් නිසා සුපිරි,, ඒත් එදා දේවලුත් මට මතක නෑ පොඩි පොඩි මතකයන් තියෙන්නේ, හැබැයි මට මා සම්බන්දව හිටිය ඩොකාවයි තව නර්ස්වයි නම් තාමත් හොදට මතකයි,ලස්සන තරුන කෙල්ලෙක් නේ එක වෙන්න ඇති,ගෙදරින් එනකන් මම ලගටම වෙලා හිටිය මතකයි. ඔන්න ගෙදරින් ඇවිල්ල කට්ටියම පුල් හැපි එකෙන්,මාත් එක්ක කෙනෙක් නවතින්න කිවුවා ලු රෝහලෙන්.
අම්මා කියන අකුරු තුනේ හරිම තේරුම මම ඉගෙන ගත්තේ මේ සිද්දියත් එක්ක,එද ඉදන් දවස් 20ක් යනකන් මගේ අම්මා ගෙදර ගියේ නෑ,,මාව දාලා,තවත් දවස් 5ක් විතර යනකන් මට ඇවිදින්න පුලුවන් කමක් තිබුනේ නෑ,අනික මට තිබුන වේදනාවට මම නිදා ගත්තම ගොඩක් දගලනව ලු, ඉතින් සේලයින් ,ලේ බෑග්,මුත්‍ර බෑග් ගැලවෙන හින්දා අම්මා රැ ඇහැරගෙන ඉදලා තියෙන්නේ, ඒ මදිවට මගේ මූන දැක්කහම බය වෙන පෙනුමක් මට ඒ වෙද්දී තිබුනේ මගේ එක ඇහක් වැහිලා, ඒ මදිවට ඔලුව කපපු පාර ප්ලාස්ටර් ගලෝලා තිබුනේ,අර ස්ටේප්ර් කටු පේලිය,ඒව දකිද්දී මටත් බය හිතුනා,මම හිතුවේ මට සොරි තමා කියලා, ඒ මදිවට මාව නර්ස් ලා පලවෙනියට ඇවිදින්න බස්සපු වෙලේ මට ඇවිදින්න පුලුවන් කමක් තිබුනේ නෑ,,මම ඇඩුවා එදා මම හිතුවේ මට ඇවිදින්න බැරි වෙයි කියලා, ඒත් කොහොමහරි ටිකෙන් ටික ආයේ ඇවිදින්න ගත්තා ඒත් සේරියාව කැඩුන සරුංගලේ වගේ තමා,මට කෙලින් ඇවිදින්න බැරි උනා රෝහලේ ඉන්නකන්ම,,,ගෙදර අය ආවහමත් මාව අල්ලගෙන ඇවිද්දන එක තමා කරන්නේ.ඒ දවස් වලා මම කතා කරන වේගයත් බොහොම වැඩීලු.ගෙදර අය බය වෙලා මේ මොකද මූට වෙලා තියෙන්නේ කියලා ඒ පාර. සාමාන්ය මිනිහෙක් කතා කරා වේගය මම ඉක්මවලා ගිහින්,ඩොකාලා කියලා එක හරි යයි කියලා මම ගෙදර එද්දී ඒක හරි ගිහින් තිබුනා,අනිත් එක මම අහන ඒවට නෙමේලු උත්තර දෙන්නේ, ගෙදර අය හිතලා තියෙන්නේ හරි මගේ ස්ර්කිට් ගිහින් තමා කියලා,මොලෙත් එක්ක නේ මේ සෙල්ලම උනේ,ඒත් ඩොකාලත් මුලදී හිතාල තියෙන්නේ මට පොඩි ස්ර්කිට් අප්සට් එකක් හිටී කියලා,මගේ වාසනාවට අනේ එහෙම කිසි දෙයක් හිටියේ නෑ,ඒකම දේ හිටියේ මගේ බ්‍රැන්ඩ්නිවු ඔලුව රීකන්ඩිශන් උන එක විතරයි.කොහොමහරි ඔහොම දවස් 20ට පස්සේ මම ගෙදර ආවා රෝහලෙන්
ඒ ඇවිල්ලත් මම අම්මට දුන්න වදයක්. ඒවෙද්දී මම අවුරුදු 3,4 මට්ටමට වැටිලා හිටියේ,වැසිකිලියට එක්කගෙන යන වැඩෙත් අම්මටම කරන්න උනා,කොහොමහරි මම මේ වගේ තවත් මාස 2ක් විතර අර සේරියාව කැඩුන සරුංගලේ වෙලා හිටියේ,කෙලින් ඇවිදින්න බෑ,ඒ එක්කම අර ඇහැක් වැහිලා ඒක හිමින් හිමින් හරි ගියා 3 මාසෙකට පස්සේ,ඒ වෙද්දී ඇවිදින එකත් හරි ගියා.ඔන ඕක තමා අදින් 2වසරක පෙර මගේ ජීවිතයේ අමතක නොවෙන සිදු වීම උනේ.